ඇත්ත රනිල් ජනාධිපතිවරණයට ඉල්ලුවොත් මහින්දව පරද්දන්න අමාරු වෙන්න පුලුවන්. මොකද මිනිස්සුන්ට රනිල්ගේ අගය තේරෙන්නේ නැති හින්දා. ගමේ මිනිස්සු හිතන්නේ රනිල් කියන්නේ දේශද්‍රෝහියෙක් කියලා. ITN. රුපවාහිනී එකතුවෙලා රනිල්ට ගහපු නැති මඩක් නෑ. අනිත් පැත්තේ සිරසෙන් පවා රනිල්ව එලවන්න තමයි ක්‍රියාකළේ. එහෙම බලද්දී මිනිස්සු එහෙම හිතන එකේ වරදකුත් නෑ. එත් ඇත්තටම හිතලා බලලා කියපන් රනිල්ට රට ගැන හිතන්නේ නැතුව ඉන්න තියෙන උවමානව මොකද්ද කියලා?. ලංකවේ මිනිස්සු ඡන්දේ දෙන්නේ ජනප්‍රිය නායකයෙක්ට මිසක් හොඳ නායකයෙක්ට නෙමෙයි. ඒකයි රනිල් අවදානමක් අරගෙන මෛත්‍රිපලාට පොදු අපේක්ෂකම දෙන්නේ.
මටනම් කියන්න තියෙන්නේ රනිල් රටේ විධායක අගමැති වෙනවට මං කැමතියි. දැනට පොදු විපක්ෂය කියන පරිදි විධායක අගමැතිකම කියන්නේ විධායක ජනාධිපතිකම වගේ ඒකාධිපති බලතල නැති තනතුරක්. රනිල්ගේ අඩුපාඩු නැතුව නෙමෙයි එත් රනිල් මහින්දට වැඩිය අවංක සහ රට දියුණු කරන්න පුළුවන් කෙනෙක්. රනිල් UNP එකේ නායකකම වෙන කෙනෙක්ට දුනන්නම් UNP එක මිට වැඩිය පරදින්නත් තිබ්බා. යුද්දය දිනලා ජනප්‍රිය වෙච්ච මහින්දත් සහ ඔහුහේ ජරා ඡන්ද ව්‍යාපාරය එක්ක ඡන්ද කරන එක ලේසි නෑ. එත් අපි දැක්කා හරින්ගේ කැපකිරීමත් සමග ඌව පළාතේන් UNP එක ලබපු සීග්‍ර වර්ධනය. රනිල්ට කැමති නෑ කියලා මහින්දව විධායක ජනපතිදුරයේ තවත් තියාගන්නවා කියන්නේ මෙ රට කාලා ඉවරකරන්න මහින්දට අවසරය දෙනවා වගේ වැඩක්.