රනිල් නම් වූ නිහතමානී නායකයා

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    රජයේ 'ප්‍රබලයන් පහක්' එජාපයට

    8d14ee98a9f35077c929a80581b8a292_L.jpg


    රජයේ ප්‍රබලයින් පස්දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට මේවන විට සාකච්ඡා කරමින් සිටින බව වාර්තා වෙයි.

    ඒ අනුව ජ්‍යෙෂ්ඨ අමාත්‍ය පියසේන ගමගේ මහතා, අධ්‍යාපන සේවා අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රජිව් විජේසිංහ මහතා, එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී, මීරිගම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වසන්ත සේනානායක මහතා, රාජ්‍ය කළමනාකරන අමාත්‍ය නවීන් දිසානායක මහතා එජාපය සමඟ සාකච්ඡා කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

    මෙම පිරිසෙන් සිව්දෙනෙකු ළඟදීම රජයෙන් ඉවත් වී එජාපයට එක්වීමට සූදානම් බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

    මේ අතර එළඹෙන ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීමේ දේශපාලන මෙහෙයුම් සඳහා එක්සත් ජාතික පක්ෂයේ 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර තිබේ.

    මෙම කණ්ඩායම 'G-20' (Group-20) ලෙසින් නම් කර ඇති අතර ඊට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සහ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස යන දෙදෙනාට අමතරව, නායකත්ව මණ්ඩලයේ සියලු දෙනාම එහි සාමාජිකත්වය දරති.

    එසේම මේ සඳහා ජෝන් අමරතුංග, ජෝෂප් මයිකල් පෙරේරා, පාලිත රංගේ බණ්ඩාර, තලතා අතුකෝරාල යන එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුද ඌව පළාත් සභා විපක්ෂ නායක හරින් ප්‍රනාන්දු මහතාද ඇතුළත් කර ඇත.

    මෙකී කණ්ඩායම මැතිවරණයට අදාළ මෙහෙයුම් සිදුකරන අතර, මේ වනවිටත් ඔවුන් දෙවරක් රැස්ව තිබේ. G-20 කණ්ඩායමේ මීළඟ රැස්වීම හෙට (17) පෙරවරුවේ පැවැත්වීමටද නියමිත බව වාර්තා වෙයි.



    Code:
    http://sinhala.asianmirror.lk/politics/item/6157-2014-10-16-03-50-47
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රනිල් නම් වූ බටලන්ද වදකයා /පාවාදෙන්නා /දොන් ජුවන් දර්මපාල /බැංකු හොරා /ප්‍රභාකරන් ii
     

    07sanjeewakaru

    Well-known member
  • Feb 9, 2013
    5,533
    1,814
    113
    ලංකාවෙ අඩා...!
    රනිල් කියන ගොං පාට් ඩයල් එක ගැන හරියට දන්න එවුං හිටියනනං එකෙක්වත් මෛත්‍රීට ඡන්දෙ දෙන්නෙ නෑ "යහපාලනය" කියන එකක් වෙනුවෙන්.....
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    26.gif

    හික්... හිකිස්...
    යුද්දෙ කාලෙ අවවාද කලා කියල ගංගාරාමෙ පොඩි හාමුදුරුවොත් එක්කත් ගේම ඉල්ලල දායක සභාවෙනුත් අයින්වෙලා හිටියෙ, ඒ තරම්ම නිහතමානී චරිතයක්... අම්මප....
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    වොක්සාවගන් කර්මාන්තශාලා, ටයර් ෆැක්ටරි, ෆ්‍රී වයිපයි, උකස් කල රන්බඩු, ආයෝජන කලාප, මොනෝ රේල්, රැකියා දසලක්ෂය, ලිච්චවී පාලනය, පංචවිධ ක්‍රියාවලිය, පරාක්‍රමබාහු යුගය.... හේ රනිල් නම් විය :yes:
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,434
    20,898
    113
    Panadura
    වොක්සාවගන් කර්මාන්තශාලා, ටයර් ෆැක්ටරි, ෆ්‍රී වයිපයි, උකස් කල රන්බඩු, ආයෝජන කලාප, මොනෝ රේල්, රැකියා දසලක්ෂය, ලිච්චවී පාලනය, පංචවිධ ක්‍රියාවලිය, පරාක්‍රමබාහු යුගය.... හේ රනිල් නම් විය :yes:

    26.gif
    26.gif
    26.gif

    හික්... හිකිස්...