රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    රනිල් පොදු අපේක්ෂකයකු ලෙස

    ranil.jpg

    copyright: w3lanka website by Ajith Parakum

    පොදු අපේක්ෂකයා ගැන සරත් ෆොන්සේකා ඊයේ පළ කළ අදහසක් අද දිවයින පුවත්පතේ පළ වී තිබිණි.

    පොදු අපේක්ෂකයා පිළිබඳ සරත් ෆොන්සේකාගේ මෙම අදහස ලංකාවේ සමාජයේ පවතින අදහසක් පරාවර්තනය කරන්නකි. මෙය කියන්නට බොහෝ දෙනෙක් මැලි වෙති. එයට හේතුව ආණ්ඩුව විසින් ප්‍රවර්ධනය කරන මතවාදයන් හා ජාතිවාදයයි.

    රනිල් වික්‍රමසිංහ ධනේශ්වර ලිබරල් දැක්මක් සහිත නායකයෙකි. 2001-2004 සමයේ ඔහු ලංකාවේ නිල නොලත් රාජ්‍ය නායකයා විය. එසමයේ ඔහු ඉතා දැඩි නව ලිබරල්වාදී ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ වැඩසටහනක් දියත් කරන්නට උත්සාහ දැරුවේ ය.

    ඔහු ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි අනුගමනය කළ ප්‍රතිපත්තිය වඩා උපායශීලී එකක් විය. මර්දිනය වෙනුවට බලය බෙදා ගැනීමේ සම්මුතියකට දෙමළ හා සිංහල ජාතිවාදයන් සිර කිරීමේ ප්‍රබල උත්සාහයක ඔහු නිරත වුණේ ය. ඒ සඳහා බටහිර සහයෝගය ලැබිණි. එහෙත්, සිංහල හා දෙමළ ජාතිවාදයන් ඔහුට වඩා ප්‍රබල විය. ඒවා එකිනෙකා සමග අනියම් සම්මුතියකින් කටයුතු කරමින් ඔහු පරාජය කළ ආකාරය 2005 ජනාධිපතිවරණයේදී කැපී පෙනිණි.

    ඔහුගේ දැඩි නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට ජන සහාය දිනා ගැනීමට ඔහු අසමත් විය. ආසියානු සංවර්ධන බැංකුවේ උපදෙස් මත විදුලි බල මණ්ඩලය කොටස් කීපයකට කඩා ප්‍රතිව්‍යූහගත කිරීම වැනි ඔහුගේ යෝජනා දැඩි විරෝධයට හේතු විය.

    ඔහුගේ නව ලිබරල්වාදී ප්‍රතිපත්තිවලට එරෙහිව මුලින් ම නැගී සිටියේ මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරයයි. එදා රනිල්ගේ ආර්ථික ප්‍රතිපත්තිවලට එරෙහිව පෙරට ආ මහමාන්කඩවල පියරතන හිමියන් නායකත්වය දුන් දේශීය සම්පත් හා මානව හිමිකම් සුරැකීමේ සංවිධානය සැදුම් ලැබුවේ වෘත්තීය සමිති, රාජ්‍ය නොවන සංවිධාන හා දේශපාලන කණ්ඩායම් ආදී සිවිල් සමාජ සංවිධානවලිනි.

    පසු කලෙක ජවිපෙ නායකත්වය දුන් ජාතිවාදී රැල්ල විසින් රනිල් පරදවන ලදී. ඔහු වෙනුවෙන් පෙනී සිටීමට මේ රටේ ප්‍රගතිශීලී ව්‍යාපාරය ඉදිරිපත් නො වුණේ ඔහුගේ දැඩි නව ලිබරල්වාදී ආස්ථාන හේතුවෙනි.

    එහෙත්, රනිල්ගේ නව ලිබරල්වාදය වෙනුවට මේ රටේ ජනතාවට ලැබුණේ අන්ත ජාතිවාදී, ආගම්වාදී, පවුල්වාදී, දූෂිත, ප්‍රජාතන්ත්‍ර විරෝධී, ඒකාධිපති, ලුම්පන් පාලනයකි.

    එයට සාපේක්ෂව නව ලිබරල්වාදයේ පවා හික්මවා ගත හැකිකමක් හෙවත් චෙක්ස් ඇන් බැලන්සස් තිබිණි.

    කෙසේ වෙතත්, මේ වන විට නව ලිබරල්වාදයේ පැරණි මාදිලිය ලෝකයෙන් ම ප්‍රතික්ෂේප වී තිබේ. ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව, ලෝක වෙළඳ සංවිධානය ආදී සංවිධාන හරහා දැඩි ආක්‍රමණකාරී ස්වරූපයකින් ලෝකය මත පටවන ලද ආර්ථිකයන් හැඩගැස්වීමේ ක්‍රියාවලිය දැන් පසුබැස තිබේ. ඒ වෙනුවට මේ වන විට එම වැඩසටහන් ම ජාතිකවාදයන් සමග මුසු වෙමින් වෙනත් ස්වරූපයකින් සිදු වෙමින් තිබේ.

    රනිල්ගේ පරාජය සිදු වුණේ ඔහුට වෙනස් වන තත්වයන් සමග හැඩගැසෙන්නට අපහසු වූ හෙයිනි. ඒ සඳහා ඔහුට කාලයක් ලැබුණේ ද නැත. එසේම නැගී ආ ජාතිවාදී රැල්ල හමුවේ දරාගෙන සිටීමේ ශක්තියක් ද ඔහුට නො තිබිණි. එහෙයින් ඔහුගේ පරාජය අනිවාර්ය එකක් විය.

    2014 වන විට සිටින්නේ 2005 සිටි රනිල් නො වේ. හේතුව 2005 වන විට තිබුණු නවලිබරල්වාදී වැඩසටහන දැන් ඒ අන්දමින් ම ක්‍රියාත්මක නො වීමයි. එසේම, 2014 වන විට ලංකාව සම්බන්ධයෙන් චීනයේ බලපෑම අතිශය වැදගත් සාධකයක් වී තිබේ.

    රනිල් වික්‍රමසිංහගේ ධනේශ්වර ලිබරල් හරයන් වෙනස් වී නැතත් ඔහුට වැඩ කිරීමට සිදු වනු ඇත්තේ වෙනස් වී තිබෙන සංදර්භයන් තුළයි. නිදසුනක් ලෙස රාජ්‍ය අංශය හකුළා පෞද්ගලික අංශය සංවර්ධනයේ එන්ජිම බවට පත් කිරීමේ ඔහුගේ පැරණි උපායමාර්ගය මහින්ද රාජපක්ෂ විසින් දැවැන්ත ලෙස ප්‍රසාරණය කරන ලද රාජ්‍ය අංශය විෂයෙහි ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. ඔහුට කරන්නට සිදු වනු ඇත්තේ රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීමේ ක්‍රමවේදයක් සොයන්නටයි. රාජ්‍ය අංශය දිය කර හැරීම හා පෞද්ගලික අංශය වර්ධනයේ එන්ජිම බවට පත් කිරීම තව දුරටත් ප්‍රායෝගික නැත.

    එසේම, පෞද්ගලීකරණය වෙනුවට රාජ්‍ය ව්‍යවසාය රජයට හිමි සමාගම් ලෙස ම තබා ගනිමින් මහජන මුදලින් නො යැපෙන අන්දමින්, වඩා නිදහස් හා තරගකාරී වෙළඳපොළක පවත්වාගෙන යාමට ක්‍රම සෙවීමට සිදු වනු ඇත.

    ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධන ව්‍යාපෘතිවල දූෂණ අවම කිරීම, ඍජු විදේශ ආයෝජන ගෙන්වා ගැනීමේ හැකියාව වැඩිදියුණු කිරීම, සංචාරක ව්‍යාපාරය සඳහා වඩා හිතකර තත්වයක් ඇති කිරීම, විදේශ ශ්‍රමිකයන් සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීම, ජාත්‍යන්තර වශයෙන් සාමය තහවුරු කර ගැනීම, සුළු ජාතීන් සමග සම්මුතියකට එළඹීම, ජාතිවාදයට වැට බැඳීම හා සංස්කෘතික තුලනය පවත්වා ගෙන යාම ඔහු හමුවේ ඇති අභියෝගයි.

    රනිල්ගේ කලින් ප්‍රතිපත්තිවලින් සිදු වුණේ ඇති නැති පරතරය තව වැඩි වීමයි. මහින්ද එය තුලනය කළේ රජ්‍ය අංශය ප්‍රසාරණය කරමින් මධ්‍යම පංතිය ශක්තිමත් කිරීමෙනි.

    සරත් ෆොන්සේකා සේ ම මා ද සිටින ස්ථාවරය වන්නේ ලංකාවේ මේ මොහොතේ රාජ්‍ය නායකත්වයට සුදුසු ම පුද්ගලයා රනිල් බවයි. මෙය සාපේක්ෂ කරුණක් මිස පරම දෙයක් නො වේ.

    රනිල් බලයට ගෙන ඒම සමාජවාදයට ඉවහල් වන්නේ කෙසේදැයි ඔබ අසනු ඇත. මම මෙසේ කියමි. මේ සමාජය අන්ත දූෂිත ඒකාධිපතිවාදයකට, පවුල්වාදයකට මුළුමනින් ම නතු වී විනාශ වී යාම වළක්වා ගැනීම අනිවාර්යයෙන් ම සමාජවාදී පියවරකි.

    පොදු අපේක්ෂක කුමන්ත්‍රණයට සම්බන්ධ පිරිස් මෙම කාරණා කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.

    රනිල් ගැන මම මෙසේ ද කියමි. ඔහු සිය පළමු ධුර කාලය තුළ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කරනු ඇතැයි මම විශ්වාස නො කරමි. එහෙත්, වඩා ප්‍රශස්ථ ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවක් සඳහා පියවර ගැනීමට ඔහු පෙළඹවිය යුතු ය. ජනාධිපතිවරයා සතු මුක්තිය අහෝසි කිරීම, කැබිනට් මණ්ඩලය සීමා කිරීම, ජනාධිපති පදවියට පත් විය හැකි වාර ගණන සීමා කිරීම, අධිකරණය, රාජ්‍ය සේවය හා පොලිසිය වැනි වැදගත් ආයතනවල ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සඳහා පියවර ගැනීම, විධායකය තුළ සුළු ජාතීන්ට අවස්ථා ලබා දීම සඳහා පියවර ගැනීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම වැනි ක්‍රියාමාර්ග රනිල්ගෙන් අපේක්ෂා කළ හැකි ය.

    ඒ සඳහා ඔහුට බලපෑම් කිරීම සඳහා මහජන ව්‍යාපාර ශක්තිමත් කළ යුතු ය.
     
    • Like
    Reactions: roma3547

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada

    ඉදිරි ජනාධිපතිවරණයේ විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා සඳහා යෝජනා වී ඇති නම් කිහිපය අතුරින් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊට සුදුසුකම් ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා ඊයේ (18 දා) එම පක්‍ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසීය.

    දැනට ඇති දේශපාලන පක්‍ෂ නායකයින්ගෙන් ජ්‍යෙෂ්ඨයකු වන ඒ මහතා ප්‍රබල චරිතයක්‌ බවත් පළපුරුද්ද දක්‍ෂතා මත හැකියාව ඇති බවත් රනිල් නුසුදුස්‌සෙකු බවට සමහරු කීවත් තමන්ට ඔහු සමග ප්‍රශ්නයක්‌ නැති බවත් කියා සිටියේය.

    ......................

    පොදු අපේක්‍ෂකයා අනිවාර්යයෙන්ම පිළිගත හැකි විශ්වාස කළ හැකි අතීතයේ හොඳ හැසිරීමක්‌ ඇති පළපුරුද්ද ඇති දුන් පොරොන්දු ඉෂ්ට කළ ජනතාවට එපා නොවුණු චරිතයක්‌ විය යුතු බවද එසේ නොවුණොත් පක්‍ෂය වෙනත් විකල්ප තීරණයකට යන බවද ඒ මහතා කියා සිටියේය.

    ඒ වගේම පොදු අපේක්‍ෂකයා දේශපාලන පක්‍ෂයක ප්‍රබල චරිතයක්‌ විය යුතු බවද ජනතා නියෝජිතයෙකු නොවන චරිත පොදු අපේක්‍ෂකත්වයට සුදුසු නොවන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
     
    doonga

    Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    පොදු අපේක්ෂකයා එන්නේ විධායක ජනපතිදුරය අහෝසි කරන්නනම් රනිල් පොදු අපේක්ෂකයා වෙන එකක් නෑ මට හිතන්නේ. හැබැයි සහයෝගය දක්වයි මහින්දව පරද්දන්න. එහෙම පරද්දලා ව්‍යවස්ථාව සංශෝධනය කලොත් විධායක අගමැතිධුරයට රනිල්ට මහා මැතිවරණයකින් පත්වෙන්න පුළුවන් එජාපයේ නායකයා නිසා.

    හැබැයි පොදු අපේක්ෂකයා එන්නේ විධායකයේ අනිසි බලතල අයින් කරලා විධායක ජනාධිපති දුරය තවදුරටත් පවත්වාගෙන යන්නම් රනිල් පොදු අපේක්ෂකයා වෙයි.

    කොහොමත් රනිල් කියන්නේ රටට වැඩක් කරන්න පුළුවන් මිනිහෙක් සහ මහින්දට වැඩිය අවංක මිනිසෙක්.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔහු ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි අනුගමනය කළ ප්‍රතිපත්තිය වඩා උපායශීලී එකක් විය. මර්දිනය වෙනුවට බලය බෙදා ගැනීමේ සම්මුතියකට දෙමළ හා සිංහල ජාතිවාදයන් සිර කිරීමේ ප්‍රබල උත්සාහයක ඔහු නිරත වුණේ ය. ඒ සඳහා බටහිර සහයෝගය ලැබිණි. එහෙත්, සිංහල හා දෙමළ ජාතිවාදයන් ඔහුට වඩා ප්‍රබල විය. ඒවා එකිනෙකා සමග අනියම් සම්මුතියකින් කටයුතු කරමින් ඔහු පරාජය කළ ආකාරය 2005 ජනාධිපතිවරණයේදී කැපී පෙනිණි.

    රනිල් ගේ සාම ගිවිසුමේ අවසාන තීරණය. දෙමල නිජබිම් සංකල්පය හා බදුන ස්වයං පාලන අයිතිය. ඒ කියන්නේ ඊලාම් රාජ්ජයට යන්න පළමු පියවර. අද ගොඩක් රටේ ඉන්න දැනුම් තේරුම් තියන අය මහින්දට කොච්චර විරුද්ද උනත් රනිල්ට අකමැති එකයි. අනික රවී මංගල වගේ බුරුවො යුද ජයග්‍රහණ අවතක්සේරු කිරීම. ඒවා නිසා රනිල් කොටියෙක් කියන ඩේ මිනිසුන්ගේ ඔළුවල තියනව

    හැබැයි රනිල් මහින්දට වඩා අවංක කෙලින් මිනිහෙක්, උගතෙක්, හොරක් නෙමයි
    රනිල් ඇවිත් මුස්ලිම් පරිපාලනය දෙන්න පුළුවන්. මහින්දත් අන්ගත්යේදී දෙනවා අනිවාර්යෙන්
     
    රනිල් ගැන මටත් ඔය විවේචනය තියෙනවා. එත් කවුරුහරි පිටිපස්සේ ඉදන් රනිල් ව ඔය අංශයෙන් පාලනය කරන්න ඕන. මහින්ද ගොටා වගේ
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    රනිල් දිනන්න බැරි නිසා තමයි ෆොන්සේකාට දුන්නේ.1993 රනිල් ශ්‍රීම දිසානයකට දුන්නේ ඒකත් පරදින එකක්.ඒ වගේම 1999 සහ 2005 රනිල්ට දිනන්න පුලුවන්කම තිබුන නිසා ඉල්ලුවා.නමුත් කොටි ඒක කෑවා දෙපාරක්ම.චන්ද්‍රිකාට බෝම්බ ගහන්න ඕන නම් පැරදුනාට පස්සේ තිබුනා.රනිල් පරද්දන්න තමයි මුන් බෝම්බ ගැහුවේ.කොටි රනිල්ට බයයි.ඒකනේ 2002 දිනපු ගමන් කොටි අවි බිම තිබ්බේ.රනිල් යනකම්ම කොටි තුවක්කු පුකේ ගහගෙන හිටියේ.නමුත් මේ පාර රනිල්ට දිනන්න පුලුවන්.ඒකනේ රනිල් බය නැතිව ඉදිරිපත් වෙන්න යන්නේ.ජේවිපි හෙල උරුමය ෆොන්සේක චන්ද්‍රිකා ඔක්කොම රනිල්ට සහාය දුන්නොත් රනිල් චන්ද ලක්ෂ අසූවක්වත් ගන්නවා.නමුත් වෙන එකෙක් දැම්මොත් දිනුවත් යන්තම් දිනන්නේ.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මොනවා උනත් unp ඉදල ආණ්ඩුවට ගිය හොරු ටික aith unp එකට ගන්න කියල රනිල් කිඋවොත් මාත් චන්දෙ දෙනවා. නැත්තම් අපි තමා හැමදාම පරදෙන්නේ. හොරු ටික දෙපැත්තට මරු වේවි ඉදිවී..
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    රනිල් ගැන මටත් ඔය විවේචනය තියෙනවා. එත් කවුරුහරි පිටිපස්සේ ඉදන් රනිල් ව ඔය අංශයෙන් පාලනය කරන්න ඕන. මහින්ද ගොටා වගේ

    මහින්ද ගොටලාගේ ඇති දෙෂ්ප්රෙයක් නැහැ බන්. උන් මේ අවස්ථාවදී හොර යක්ක්කු. ඔතනින හොදම එක මහින්ද නරකම එකා ගොටබය
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    මහින්ද ගොටලාගේ ඇති දෙෂ්ප්රෙයක් නැහැ බන්. උන් මේ අවස්ථාවදී හොර යක්ක්කු. ඔතනින හොදම එක මහින්ද නරකම එකා ගොටබය

    හොද නරක නෙවි මම කතා කලේ. මහින්ද රටේ ආරක්ෂාව සම්බන්දයෙන් කටයුතු කරන කොට ගෝට, මැදිහත් වෙනවා කියන එක මම අදහස් කලේ. ඒ වගේ රනිල්ටත් UNP එකේ කවුරු හරි ඉන්න ඕන. ජානක පෙරේරා එහෙම එක්කෙනෙක්. අවාසනාවට එය දැන් නැහැ.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හොද නරක නෙවි මම කතා කලේ. මහින්ද රටේ ආරක්ෂාව සම්බන්දයෙන් කටයුතු කරන කොට ගෝට, මැදිහත් වෙනවා කියන එක මම අදහස් කලේ. ඒ වගේ රනිල්ටත් UNP එකේ කවුරු හරි ඉන්න ඕන. ජානක පෙරේරා එහෙම එක්කෙනෙක්. අවාසනාවට එය දැන් නැහැ.

    රටේ ඒකීයබවය ගැන රනිල් හිතුවේ නැහැ. ගෝටා කරන මගුලක් නැහැ බන්. මහින්ද යුද්දේ කරන්න හැමදපතිට පුර්ණ නිදහස දුන්න. එකන් පොන්සේකා යුද්දේ කළා. ගෝටා කලේ එඅස්සේ තමාගේ බටලියන් දාලා. කිත් නිරොෂාන්. නාමල් පෙරේරා, එක්බාල් අතාස් ලව බය කරපු එකයි. ලසන්ත් විල්රම්තුංග වගේ මිනිස්සු මරපු එකයි. මිග් ගනුදෙනු වැලි සල්ලි හොරකම් කරන ඒවා, අයුද ගන්නකොට කොමිස් ගහගත්තුවා ගැන ලියපු උන් එකෙක්වත් ලංකාවේ නැහැ අද.

    මහින්ද තමයි යුද්දෙට අවශ්‍ය සියලුම ඩේ දුන්නේ
    යුද්දේ කලේ පොන්සේකා

    දැන් නම් ගොට වැඩ කරනවා. නාගරික සංවර්දන එක අරන්
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    රටේ ඒකීයබවය ගැන රනිල් හිතුවේ නැහැ. ගෝටා කරන මගුලක් නැහැ බන්. මහින්ද යුද්දේ කරන්න හැමදපතිට පුර්ණ නිදහස දුන්න. එකන් පොන්සේකා යුද්දේ කළා. ගෝටා කලේ එඅස්සේ තමාගේ බටලියන් දාලා. කිත් නිරොෂාන්. නාමල් පෙරේරා, එක්බාල් අතාස් ලව බය කරපු එකයි. ලසන්ත් විල්රම්තුංග වගේ මිනිස්සු මරපු එකයි. මිග් ගනුදෙනු වැලි සල්ලි හොරකම් කරන ඒවා, අයුද ගන්නකොට කොමිස් ගහගත්තුවා ගැන ලියපු උන් එකෙක්වත් ලංකාවේ නැහැ අද.

    මහින්ද තමයි යුද්දෙට අවශ්‍ය සියලුම ඩේ දුන්නේ
    යුද්දේ කලේ පොන්සේකා

    දැන් නම් ගොට වැඩ කරනවා. නාගරික සංවර්දන එක අරන්

    JVP එක ඒ දවස්වල කිව්වේ ෆොන්සේකා තමයි රටට යුද ජයග්‍රහණය අරන් දුන්නේ කියල. UNP එක කිව්වේ රනිල් නිසා තමයි යුද්දේ දින්නේ කියල. මේ ලගදි හමුදුරුනමක් කිව්වා කරුට තමයි එකේ අයිතිය හිමිවෙන්න ඕන කියල.

    අපි නම් නැහැ ඕවට
    :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආපො මට නම් දැම් ඇති වෙලා බන් තියෙන්නෙ,පොදු අපේක්ශකය හරියටම මොකාද කියල දැන ගත්තට පස්සෙ කතා කරමු.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    JVP එක ඒ දවස්වල කිව්වේ ෆොන්සේකා තමයි රටට යුද ජයග්‍රහණය අරන් දුන්නේ කියල. UNP එක කිව්වේ රනිල් නිසා තමයි යුද්දේ දින්නේ කියල. මේ ලගදි හමුදුරුනමක් කිව්වා කරුට තමයි එකේ අයිතිය හිමිවෙන්න ඕන කියල.

    අපි නම් නැහැ ඕවට
    :P

    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ආපො මට නම් දැම් ඇති වෙලා බන් තියෙන්නෙ,පොදු අපේක්ශකය හරියටම මොකාද කියල දැන ගත්තට පස්සෙ කතා කරමු.

    :lol::lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    ආපො මට නම් දැම් ඇති වෙලා බන් තියෙන්නෙ,පොදු අපේක්ශකය හරියටම මොකාද කියල දැන ගත්තට පස්සෙ කතා කරමු.

    :rofl::rofl:මටත් එපා වෙලා තියෙන්නේ. එත් අජිත් පැරකුම්ගේ හොද ලිපියක් දැක්කහම....අපරාදේ කියල හිතුන නොදා ඉන්න

    Similar threads