රනිල් යලි ජනාධිපති වුනොත් මිට වඩා දරුණු වෙනවා..

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහල යාම හමුවේ වතුකරයේ ජනතාව දැඩි ලෙස පිඩාවට පත් වි සිටින බව කදුරට ජනතා පෙරමුණේ නායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම වි.රාධාක්‍රිෂ්ණන් මහතා පැවසිය.

    වි.රාධාක්‍රිෂ්ණන් මහතා ඒ බැව් කියා සිටියේ (05) දින හැටන් නගරයේ පිහිටි පක්ෂ කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමිණි.

    මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් අදහස් දැක් වු වි.රාධාක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ හින්දු ජනතාවගේ ප්‍රධාන වාර්ෂික උත්සවයක් වන දිපවාලි උත්සවය (12) දිනට යෙදි ඇති බවත්, එම උත්සවය සැමරිමට තරම් වතුකරයේ ජනතාවට ආර්ථික තත්ත්වයක් නොමැති බවත්, මෙවර වතුකරයේ ජනතාව දිපවාලි උත්සවය සමරන්නේ නොමැති තත්ත්වයකට පත් වි ඇති බවයි.

    වත්මන් ජනාධිපතිවරයා රට ඒකාධිපති පාලනයක් කරා රැගෙන යමින් පවතින බවත්, ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ සහ වත්මන් ජනාධිපතිවරයාට ජනතා බලයක් ‍නොමැති නිසා කොමිසන් සභා පත් කර මැතිවරණ කල් දැමිමට ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බවයි.

    ජනතාවගේ වරමක් නොමැතිව ජනාධිපතිවරයා වශයෙන් පත් වු රනිල් වික්‍රමසිංහ මහතා ජන්ද බලයෙන් යලිත් මේ රට තුල ජනාධිපතිවරයා ලෙස පත් වුවහොත් රට පාලනය කරනු ලබන්නේ මිට වඩා දරුණු විදිහට බවයි වි.රාධාක්‍රිෂ්ණන් මහතා වැඩිදුරටත් කියා සිටියේ.

    @2osama menna monawada kiyanawa
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    He should president again
    Oh My God Wow GIF
     
    • Haha
    Reactions: Draco Malfoy

    Similar threads