රනිල් සජියා සමග එකතුවෙයි ?

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    පළිගන්නව කියයිද මන්ද....?? :unsure::unsure:

    බන්දුලට ලොකු නඩුවක්.. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝගයක්…

    මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වූ මඟ නැගුම ඉදිකිරීම් සමාගම මගින් 2K නමැති ඉදිකිරීම් සමාගම වෙත ගෙවීමට නියමිතව පැවති මුදල් ගෙවා අවසන් කර තිබියදී එකී සමාගමට තවත් රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස විෂය භාර හිටපු අමාත්‍යවරයා සහ එවකට අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් මඟ නැගුම අධ්‍යක්ෂ මණ්ඩලය වෙත දිගින් දිගටම බලපෑම් සිදු කර ඇතැයි චෝදනා එල්ල වෙයි.

    මෙම තත්ත්වය පිළිබඳ මඟ නැගුම අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුවත් කර, නීතියට අනුකූල නොවන මෙම ගෙවීම අනුමත නොකරන ලෙස කරුණු ඉදිරිපත් කර ඇත.
    ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයද මෙම ගෙවීම සිදු නොකිරීමට තීරණයක් ගෙන ඇත.

    මෙකී සිදුවීම් ද පාදක කරගනිමින් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා අදාල ධූරයෙන් ඉවත් කර පසුව වැඩ බලන සභාපති ධුරයට පත් හිටපු ලේකම්වරයා විසින් මග නැගුම අධ්‍යක්ෂක මණ්ඩලයද විසුරුවා හරින ලදී.


    මෙලෙස මුදල් ගෙවීමට විරුද්ධ වීම පදනම් කරගනිමින් අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට විරුද්ධව මග නැගුම විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබේ.

    යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ (09/24) දිනයේ එම නඩුව විභාගයට ගැනීමෙන් අනතුරුව මීළඟ නඩු දිනය දක්වා (2025/03/22)එකී ගෙවීම් සිදු කිරීම අත්හිටුවන ලෙස සහ පෙර පැවති තත්ත්වයන් වෙනස් නොකර අදාළ තනතුරු ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට කටයුතු කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් වගඋත්තරකාර පාර්ශවයන්ට නියෝග කරන ලදි.

    මෙහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මහතා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වන ලදී.
     
    • Like
    Reactions: Ozone4

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    kpuJjdQ.png


    @kukku baba උබල දෙන්න එකටද බිව්වෙ ?
     
    • Haha
    Reactions: hirashgeff