රනිල් සහ සජිත්ගේ ප්‍රාර්ථනාව මෙවර ඡන්දයෙ
රනිල් සහ සජිත්ගේ ප්‍රාර්ථනාව මෙවර ඡන්දයෙන් සන්ධානය දිනවීමයි අමාත්‍ය විමල් වීරවංශ
රනිල් වික්‍රමසිංහ හා සජිත් ප්‍රේමදාස මහත්වරුන්ගේ එකම ප්‍රාර්ථනය මෙවර ඡන්දයෙන් සන්ධානය දිනවීම බව ඉංජිනේරු සේවා ,, නිවාස හා පොදු පහසුකම් ඇමැති විමල් වීරවංශ මහතා කීවේය.
මේ දවස්වල වික්‍රමසිංහ මහත්තයා භාරහාර ඔප්පුකරමින් දෙවියන්ට කන්නලව් කරමින් පවසන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු පළාත් පාලන ආයතන සන්ධානය දිනවන ලෙසටයි. එවිට සජිත් උන්නැහෙගෙන් අහන්න පුළුවන් වික්‍රමසිංහ මහත්තයාට ඔහෙට හම්බන්තොට එක පළාත් පාලන ආයතනයක්වත් බේරගන්න බැරිවුණා එනවා මෙතන රටේ නායකත්වය ඉල්ලන්න කියලා.
සජිත් ප්‍රේමදාස මහත්තයා මේ දවස්වල දේවාලයට. ගිහිල්ලා පඬුරක් තියලා කරන ප්‍රාර්ථනාව වන්නේ හම්බන්තොට ඉතිරි කරලා මුළු රටේම පළාත් පාලන ආයතන ටික සන්ධානයට ජය අත්වියයුතු බවයි. එවිට සජිත් මහත්තයාට කියන්න පුළුවන් ඔයා ආයේමත් පැරදුණා. ඔයාට දැන් බැ දැන් ඉතිං යන්නයි කියල වීරවංශ මහතා කීවේය.
ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (19) දින කොළොන්නාව ශ්‍රී විවේකාරාම ගම්මානයේ “ජනසෙවණ” සසුනෙන් සෙවණ ජාතික වැඩසටහන යටතේ ආරම්භ කළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි. මෙම නිවාස ව්‍යාපෘතියේදී ඉදිකෙරෙන නිවාස සංඛ්‍යාව 80කි. මේ සඳහා වැය වන මුදල මිලියන 13කි. මෙහි විශේෂත්වය වන්නේ මාස 8ක් ඇතුළත ඉදිකිරීම් අවසන්කර ජනතා අයිතියට පත් කිරීමයි. මෙය ජනසහභාගිත්ව නිවාස සංවර්ධන වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි මුල්‍ය දායකත්වය ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් දරයි.
මෙහිදී වැඩිදුරටත් ඇමැතිවරයා මෙසේද කීවේය. “මහින්ද” චින්තන ඉදිරි දැක්මෙන් ජනාධිපතිතුමන් ජාතියට දීපු ප්‍රධානතම පොරොන්දුවක් තමයි සැමට නිවසක් සහිත ජන සමාජයක් ගොඩනගන්න කටයුතු කරනවා කියන එක. ඒ සැමට නිවසක් සහිත ජන සමාජයක් නිර්මාණය කිරීමේ ක්‍රියාන්විතයේ ප්‍රධානතම වැඩකොටස ඉටු කරන්නේ අද අපේ අමාත්‍යාංශයයි. ඊට අදාළ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය වගේම නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය හරහා මේ වැඩපිළිවෙළ අද දීප ව්‍යාප්තව සිදු කරනවා.
ජන සෙවණ නිවාස වැඩපිළිවෙළ 16 වෙනිදා ආරම්භකරලා අද වෙනකොට අපිට පුළුවන් වුණා කොළොන්නාවේ තමුන්නාන්සේලා වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන් , දුවා දරුවා වෙනුවෙන් දෙවැනි නිවාස යෝජනා ක්‍රමය මෙතන ආරම්භ කරන්න. තමුන්නාන්සේලා දැනට ජීවත්වෙලා ඉන්න භූ®මියේම අර්ධ වශයෙන් ඉදිකරලා තියෙන නිවාස, ලෑලිවලින් ඉදිකර නිවාස යන මේවා පරිපූර්ණ නිවෙස් බවට පත් කිරීම සඳහා නිවාස 80කට පමණ අපි මුල්‍ය ආධාර සපයලා මේ ලෑලි නිවාසය වෙනුවට විදිමත් නිවාසයක් ඒ දරු පවුලට උරුමකර දීමේ වැඩපිළිවෙළ තමයි අද මෙතනින් ආරම්භ කරන්නේ.
තමුන්නාන්සේලා දන්නවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආණ්ඩුව සුබසාධන කපන ආණ්ඩුවක් නෙමෙයි. සේවාවල් වළකන ආණ්ඩුවක් නෙමෙයි. 2005 එතුමා ජනාධිපති ධූරයට පත් වුණායින් පස්සේ ත්‍රස්තවාදය සමග බලවත් සටනක නියැළුණේ සුබසාධන කපන ගමන් නෙවෙයි. තමුන්නාන්සේලාට දුන්න සමෘද්ධි සහනාධාරය කැපුවේ නෑ.
එහෙම නැත්නම් දරුවන්ට දුන්න නිල ඇඳුම් ටික කැපුවේ නෑ. පොත් පත් ටික කැපුවේ නෑ. මේ රටේ ගොවි ජනතාවට දුන්න පොහොර සහනාධාරය නොමිලේ දෙන එක නතර කළේ නෑ. මහා දැවැන්ත සතුරකු සමඟ සටනක් කළා. ඒ සියලු සුබසාධන ආරක්ෂාකරන ගමන් රාජ්‍ය සේවය ලක්ෂ 8 සිට ලක්ෂ 12 දක්වා ඉහළ නැංවූවා.
එයින්ම මැනවින් සනාථ වෙනවා මේ ආණ්ඩුව පොදු ජනතාව වෙනුවෙන් වැඩ කරන ආණ්ඩුවක්. පොදු ජනතාව වෙනුවෙන් කැප වුණ ආණ්ඩුවක්. පොදුජනතාව එක්ක ඉදිරියට යන ආණ්ඩුවක් බව. ඒ නිසා තමයි මේ ජනසෙවණ නිවාස දස ලක්ෂයේ ජාතික ජනාවාස සංවර්ධන මෙහෙයුමක් අද අපිට මේ විදියට ඉදිරියට ගෙනියන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ.”
මෙම අවස්ථාව සඳහා කොළොන්නාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.දුමින්ද සිල්වා මහතා, ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ජයන්ත සමරවීර මහතා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීනි අශෝක ලංකාතිලක මහත්මිය, ජාතික නිදහස් පෙරමුණේ කොළොන්නාව සංවිධායක හේමසිරි අමරසිංහ මහතා ඇතුළු කොලොන්නාව ප්‍රදේශවාසීහු විශාල පිරිසක් සහභාගි වූහ.

mewa danatama hadala karala thiyena ewa. dan colombo wala watayak giyath wenasa therenawa.