රනිල් හිටියනම් ඊලාම බිහි වෙනවා
රනිල්ගේ සටන් විරාම ගිවිසුම අද වෙනතුරු තිබුණානම් ප්‍රභාකරන් ඊළාම් රාජ්‍යයේ ජනාධිපති වෙනවා
ඇමැති විමල් වීරවංශ
පිරිබාහරන් ජීවත් වූ ස්‌ථානය නිරීක්‍ෂණයට ගොස් වත්මන් ආණ්‌ඩුව උතුරේ සංවර්ධනයට කිසිවක් නොකළායි රනිල් වික්‍රමසිංහ මහතා කියතත් ඒ මහතා එදා අත්සන් කළ සටන් විරාම ගිවිසුම අද තිබුණානම් ඔහුටද ප්‍රභාකරන් දකින්නට යන්න ලැබෙන්නේ වීසා රැගෙන බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවැසීය. එපමණක් නොව එදා ඒ අත්සන් කළ සටන් විරාම ගිවිසුම අද දක්‌වා තිබුණා නම් අද වන විට පිරිබාහරන් ඉන්නේ දෙමළ ඊළාම් රාජ්‍යයේ ජනාධිපති පුටුවේ යෑයිද මහනුවර, ගඟඉහළ, මහවිලවත්ත, ශ්‍රීධරන්පුර "ජන සෙවන" විරු ගම්මානය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවයේදී පෙරේදා (27 වැනිදා) සඳහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්‌වූ ඇමැතිවරයා,
ජනාධිපතිවරයා, ආරක්‍ෂක ලේකම්වරයා ප්‍රමුඛ ආරක්‍ෂක ප්‍රධානීන් හා ත්‍රිවිධ හමුදාව එදා ව්‍යසනයෙන් රට බේරා ගත්තා. ඔවුන් ඒ සඳහා විශාල අවදානමක් අරගෙනයි ඒ වැඩේ කළේ. ඔවුන් එකතුවෙලා රට බේරගත්තා. දැන් මේ තියෙන්නේ කළ හොඳ පස්‌සෙන් එළවනව වගේ වැඩක්. මීට පෙර සිටි ගොඩක් නායකයෝ නොකරපු දේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කළා. ඒ නායකයන්ගේ කාලේ යුද්දෙ කළේ හමුදාව නොවෙයි. යුද්දෙ කරනවද නැද්ද කියලා තීරණය කළේ වෙන කට්‌ටියක්. ඒ කියන්නේ ලංකාවේ තිබුණු තානාපති කාර්යාල කිහිපයක් තමයි ඒක තීරණය කළේ. හමුදාව ගහගෙන ගහගෙන ඉස්‌සරහට යනවා. තානාපති කෙනෙක් යුද්දෙ නවත්තන්න කියලා රාජ්‍ය නායකයාට කියනවා. එතකොට රටේ නායකයා කියනවා, ආපසු හැරෙන් කියලා. ඉතිං හමුදාව ආපසු හැරෙනවා. එහෙම තමයි යුද්ධ කළේ. මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා කවදාහරි රටට හතුරු තීරණයක් ගන්නවා නම් ඒ ගන්නේ යුද්ධය පැවැති අවධියේ. ඒ කාලේ යුද්ධය නතර කරන්න විවිධ අභියෝග තිබුණා. විදේශීය වශයෙන් රාජ්‍යතාන්ත්‍රික බලකිරීම් අනන්තවත් එතුමාට තිබුණා. බලවත් රටවල ප්‍රබල දේශපාලන නායකයන් නිරන්තරයෙන් එතුමා හමුවීමට ඇවිත් යුද්ධය නවත්තන්න කටයුතු කළා. එහෙත් එතුමා ඒ හැමදේටම නොබියව මුහුණ දුන්නා. ඒ කියන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා රටට හතුරු නායකයෙක් නොවෙයි කියන එකයි.
අපේ රටේ මාධ්‍ය හරි කැමතියි ඕනෑම කෙනෙකුගේ තියෙන අඩුපාඩු, දුර්වලකම්, වැරැදි උලුප්පා දක්‌වල ඒ තුළින් මාධ්‍යයේ විශේෂ ප්‍රසිද්ධියක් ලබාදෙන්න. සමාජයේ තියෙන නරක එහෙම මාධ්‍ය තුළින් හෙළි කළාට කමක් නෑ. ඒක වැරදි වැඩක් නෙමෙයි. එහෙම අඩුපාඩුම හොය හොයා යන මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට යුතුකමක් තියෙනවා. සමාජයේ අගය කළ යුතු දේත් අගය කරන්න. එහෙම දේටත් මාධ්‍යයේ අවශ්‍ය ප්‍රචාරය ලබාදෙන්න. මේ නිවාස ව්‍යාපෘතියේ නිවාස 111 ක් අපි ඉදිකළේ මාස 8 කින්. එයිනුත් මාස 2 ක්‌ම ගියේ නිවාස 5 ක් හදන්න. අනෙක් නිවාස 106 අපි මාස 6 ක් ඇතුළත වැඩ නිම කළා. මේ නිවාස ව්‍යාපෘතියේ වැඩ එහෙම සාර්ථකව නිමකරන්න ජාතික නිවාස සංවර්ධන අධිකාරිය, මේ නිවාසවල ජීවත්වන ජනතාව, එපමණක් නොවේ මේ ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය කියන සියලු පාර්ශ්වයන් ඉතා කාර්යක්‍ෂමව, අෙන්‍යාන්‍ය වශයෙන් අවබෝධයෙන් වැඩ කළා. මේ සියලු පාර්ශ්වයන්ගේ එකමුතුව පිළිබඳ මේ නිවාස ව්‍යාපෘතිය කදිම උදාහරණයක්. ඒ නිසා මාධ්‍ය හරහා එබඳු තොරතුරුත් හෙළිවිය යුතුයි" යනුවෙන්ද ඇමැතිවරයා පැවසීය.