එම්බසි ටිකට කියල නිවේදන ටිකක් නිකුත් කර ගමු.. ගෝඨා අත තියන්න බයවුන තැනට රනිල් බය නැතුව ඇයි අත කියන්නෙ? දැන් IMF නැති වෙයිද? නෑ එහෙම වෙන්නෙ නෑ. ගේම ගැහුවෙම ඇමරිකාවයි ඉන්දියාවයි එකතු වෙලානෙ රනිල් ගේන්න. රනිල්ව ගෙනල්ලා? ඔවු බලපොරොත්තු උන එකදෙයක් දැනටමත් හරි. චීනය ලෙෆ්ට්. ඒක තනිකරම කලාපය පිලිබද ප්රශ්නයක්. සීතල යුද්ධයක් කියන්නෙ හිම වලින් ගහගන්නවට නෙවෙයි. ඒක විතරමද? නැහැ රනිල් ඉදිරියේදි කරන දේවල් වලින් තේරෙයි අනික් ඒව මොනවද කියල.. කොවිඩ් එකෙන් ගොඩ ගියාට ඒ වෙද්දි ආර්ථිකේ තිබුන තැනත් එක්ක ඒක තමයි ගහනවනං ගහන්න හොදම වෙලාව. යුද්ධෙ කාලෙවත් නැති විදිහට ඩොලර්, තෙල්, ගෑස් අපිත් එක්ක තරහ වුනා. මිනිස්සු පාරට බස්සන්න හොදම වෙලාව. මේ ගේම් එකත් එක්කම තව වැඩ දෙකක් වෙන්න ඕන.. සිංහල බෞද්ධ වාදය සහ රණවිරු ගායත් ඉවර වෙන්න ඕන.. හැම දේම ගානට වුනා.. මේක යන අතර ජ.වි.පෙ, පෙරටුගාමී බැලුවෙ මේක හයිජැක් කරන්න. සජිත්ටනං මොනවද කරන්නෙ කියල හිතාගන්න බැරුව හිටියෙ.. පක්ෂ නෙවෙයි මිනිස්සු අවංකවම බහුතරයක් හිටිය මේක වෙනස් වෙන්න ඕන හොද දෙයක් වෙන්න ඕන කියල හිතල මේකට බැහැපු. උන් අවංකවම ගුටි කෑවා. දුකයි. හැබැයි උනුත් දැනන් හිටියෙ නැහැ මේකෙ අවසානෙ මොකද වෙන්නෙ කියල. දැන් ඉතින් ඉදිරියට මොකද වෙන්නෙ? ඒක බලන් ඉමු.. රනිල්ට මොනවද කරන්න තියෙන්නෙ රට වෙනුවෙන්? ඉවර කරන්න යුද්ධයක් කියනවද? අවුරුදු දෙකෙන් රට සිංගප්පූරුවක් කරල පෙන්නන්න අභියෝගයක්? අපෝ නැහැ 2019 තරමට රට ගෙනාවොත් ඇති. බලන්න අපේ බලාපොරොත්තු කොයිතරම් නං පුංචි වෙලාද?