රනිල්_මදුෂ්

541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Ranil-with-Rizwan-2019.03.02-5.jpeg




    වත්තල ප්‍රදේශයේ ව්‍යාපාරයක් ආරම්භ කළ රිස්ඛාන් නැමැත්නා මාකඳුරේ මධුෂ් නැමති පාතාල අපරාධකරුගේ කළු සල්ලි සුදු කිරීමේ ව්‍යාපාර පවත්වාගෙන යන්නෙකු බවට තමන්ට පැමිණිලි ලැබී ඇති බවත් ඔහු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මුජබර් රහුමාන්, ඒ.එච්.එම් ෆවුසි වැනි මන්ත්‍රී මන්ත්‍රීවරුන් සමග සමීප සම්බන්ධතා පවත්වන්නෙකු බවත් වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.
    රිස්ඛාන් නැමැත්තා විසින් පසුගියදා වත්තල ප්‍රදේශයේ ආරම්භ කළ ටැක්සි කම්පැනිය විවෘත කළේද රනිල් වික්‍රමසිංහ මහතා බවත් මෙහිදී වසන්ත සමරසිංහ මහතා අනාවරණය කරයි.
    මාකඳුරේ මධුෂ්ගේ ගොලයෙකු යැයි පැවසෙන මෙම රිස්ඛාන් නැමැත්තා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් වන මුජබර් රහුමාන්, ඒ.එච්.එම් ෆවුසි වැනි මන්ත්‍රී මන්ත්‍රීවරුන් සමග එකට සිටින ඡායාරූපද තමන් වෙත ලැබී ඇති බවත් මේ සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු දැන ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමටද තමන් බලාපොරොත්තුවන බවත් ඒ මහතා පවසයි.