"රනූ මොන්ඩාල් "ගේ ඔළුව ඉදිමීම 🙆

nirogoodboy

Well-known member
  • Feb 17, 2008
    204
    809
    93
    36
    U.K
    "රනූ මොන්ඩාල් "ගේ ඔළුව ඉදිමීම 🙆

    1960 ඉපදිලා , අඩු වයසෙන් කසාද දෙක තුනක්ම බැඳලා සැමියාගෙන් අනන්තවත් ගුටි කකා දරුවොත් හදලා තනිවෙලා පාරට වැටෙන රනූ මොන්ඩාල් කියන දුගී ගැහැණිය අන්තිමට බෙන්ගාල් වල රනාගට් දුම්රිය වේදිකාවේ හිඟන්නියක් වෙලා තමයි නැවතුනේ .

    කුණු පිරුණු සාරි කබලක් ඇඳගෙන , ඇවිස්සුනු කෙස් වැටියක් සහිත මේ සිඟන්නිය උපන්දා සිට මේ දක්වාම ඇය ව අත් නොහැර ලඟින් හිටියේ කටහඬ විතරයි.

    හේතුවක් ,ඇතුවත් , නැතුවත් දුකට සතුටට , බඩගින්නට මේ හැමදේකටම ඔහේ සිංදු මුමුණන රනූ ගිය අවුරුද්දේ මැද දවසක හවසක දුම්රිය මැදිරියේ රේඩියෝවක වාදනය උන මොහමඩ් රාෆි ගේ ගීතයක් රේඩියෝවේ සද්දෙටත් වඩා හයියෙන් ගායනා කරමින් මැදිරියේ බිමක ඉඳගෙන හිටියා .

    නිතරම ඒ හරියේ ඉන්න අයට මේ ගායනය විශේෂ දෙයක් නොවුනට , එතනින් යමින් සිටි චක්‍රබෝර්ති කියන තරුණයට මේ සුමිහිරි කටහඬක් හිමි යාචිකාව ගැන මොකක්දෝ අමුතු දෙයක් දැනුනා .ඔහු ඇයගේ ගායනය වීඩියෝ කරලා එවලේම ෆේස් බූක් දැම්මා .

    විනාඩි ගානකින් ඉන්දියාවේ විතරක් නෙමෙයි ආසියාවේ අස්සක් මුල්ලක් නෑර රනූ මොන්ඩාල් ගේ මේ වීඩියෝව බැලුවා.

    ඒකෙන් පස්සේ ,

    පාරේ නිදාගෙන හිටපු මොන්ඩාල් අන්තිමට නැවතුනේ හිමේෂ් රෙශ්මියා කියන දැවැන්ත නිර්මාණකරුවා ළඟ .එක රැයකින් රනූ මොන්ඩාල් නම් වූ හිඟන්නිය , රනූ මොන්ඩාල් නම් වූ තාරකාව බවට පත් වුනා , සල්මන් ඛාන් ගෙන් ලක්ෂ ගානක ගෙයක් හම්බුනා , ජනප්‍රිය වුනා , ධනවත් වුනා ,ප්‍රසිද්ධ උනා .කොහොම කොහොම හරි ඇගේ දෛවය උඩු යටිකුරු උනා .

    ඔන්න දැන් ඉතින් රනූ මොන්ඩාල් සුප්‍රසිද්ධ ගායිකාවක් බවට පත් උනා .

    මාස දෙක තුනකට පස්සේ දවසක මොන්ඩාල් එයාගේ ආරක්ෂකයෝ එක්ක සුපර් මාකට් එකකට යනවා , එතනදී අහම්බෙන් මොන්ඩාල් ව දැකපු කාන්තාවක් එයාගේ පුංචි දුවත් එක්ක හරිම ආසාවෙන් සෙල්ෆියක් ගහන්න මොන්ඩාල් ලඟට එනවා , පිටිපස්සෙන් ආපු ඇය ඉස්සරහ හැරිලා හිටපු මොන්ඩාල්ගේ අතට හිමීට තට්ටුවක් දාලා ෆෝන් එකත් අරන් සෙල්ෆියක් ගහන්න පුලුවන්ද අහනවා..

    මොනවා වෙන්න ඇති කියලද හිතෙන්නේ , ( හැබැයි හීනෙකින් වත් හිතපු දෙයක් නම් නෙමෙයි වෙන්නේ .)

    මොකද මේ මාව අල්ලන්නේ , මේ මේ මාව අල්ලන්න එන්න එපා , මම දැන් celebrity කෙනෙක් 😡,කියලා තරහෙන් පුපුර පුපුර මොන්ඩාල් කියන කොට අර කාන්තාවට කට උත්තරත් නැති වෙනවා ,ඒ විතරක් නෙමෙයි ඒ පොඩි ළමයත් බය වෙනවා .

    ඔලුව ඉදිමිච්ච මෝඩ ගෑණියෙක් ,හිඟන්නන්ට රත්තරන් හම්බුනහම ඔහොම තමයි, මොන්ඩාල්ව තරුවක් කරපු මාද්‍යට පවා මේ සිද්ධිය නිසා ඇය ගැන කළකිරෙනවා , ඒ වගේම බොහෝ තැන්වලින් මොන්ඩාල් ව ප්‍රතික්ෂේප වෙන්න පටන් ගන්නවා .

    කතාව ඇහුවම මොන්ඩාල් ට මොංගල් ද කියල හිතුනට මේක , "අනුගත වීම "කියන න්‍යාය මත පදනම් වෙච්ච, අපි කාටත් සිද්ධ වෙන්න පුළුවන් පොදුම පොදු තියරියක් .

    .........................................

    සිංහල වෙලා ඉපදිලා සිංහලෙන් ම ඉගෙනගෙන ඉංග්‍රීසි වචන දෙක තුනක් ඉගන ගත්තට පස්සේ , සිංහලෙන් කතා කරන අයට ඔරව ඔරවා'' බලෙන් පොෂ් '' වෙන්න හදන කට්ටිය , සතේ අතේ නැතුව ඉඳලා පනම් දෙකක් අතට ආවට පස්සේ අඟහරු ලෝකෙන් බැස්සා වගේ හැසිරෙන කට්ටිය , විනාඩි පහක ටීවී ඇඩ් එකක සෙනග අස්සෙන් යන්තන් මූණ පෙනුනහම ඔස්කාර් ලා වගේ හැසිරෙන කට්ටිය , ජීවිතේට ඉස්කෝලෙක පන්ති නායකයෙක්වත් වෙලා නැති කෙනෙක්ට සමිතියක කාරක සභික තනතුරක් ලැබුනහම තියන පවර් එක දැක්කම අපිට හිතෙන්නේ , අම්මෝ මුගේ ඔලුව ඉදිමිච්ච හැටි , යකෝ මැස්සෙක් ගිය උඩ ,මූට ගිය කලක් , කියල නේද ?🤔

    හැබැයි ඔතන වෙන්නෙ වෙන දෙයක් ,

    දැන් මෙහෙම හිතන්නකො , කහටගස්දිගිඩිය හොරොව්පතාන වගේ හද්දා පිටිසර පැත්තක ඉපදිලා කොළඹ මොනපාටද කියලවත් නොදැකපු අහිංසක ගැහැණු ළමයෙක් ලස්සන බෝරිච්චි අත් දාපු චීත්ත ගවුමක් ඇඳන් කොළොම්තොටට ගොඩ බහිනවා .
    කොන්ඩ පාට කරලා , ටැටූ ගහලා මිනි ගවුම් , ඉරිච්ච ඩෙනිම් ඇඳගෙන බෝයි ෆ්‍රෙන්ඩ්ස් ලා එක්ක ෆන් එකේ ඉන්න ගෑණු ළමයි හැමතැනම ඉන්නවා දකිනවා .
    තමන් මෙච්චර කල් ජීවත් වෙච්ච ලෝකෙයි මේ සරුවපිත්තල ලෝකෙයි අතර තියන'' ලයිෆ්ස්ටයිල් ගැප්'' එක තදින්ම දැනෙන්න පටන් ගන්නවා .ඉතින් අමාරුවෙන් මහන්සියෙන් තමනුත් මේ සමාජෙට අනුව අනුගත වෙන්න ඕනේ නේද කියල හිතාගෙන එහෙම අනුගත වෙන්න හෙන ගේමක් දෙනවා .

    ඉතින් ගැලපෙන දේ නොගැලපෙන දේ හරි දේ වැරදි දේ මොකක්ද කියල අවබෝධයක් නැහැ ,කොළඹ ඉන්නවනම් මේන්ටේන් වෙන්න ඕනේ කියල හිතාගෙන දකින දකින හැමදේම කරන්න පටන් ගන්නවා .

    ඒකෙ ප්‍රථිපලයක් විදිහට කොළඹ තියන නයිට් ක්ලබ් වල 99% ම ඉන්නෙ බලෙන් මොඩ් වෙච්ච ගම් වල කෙල්ලෝ , ස්පා වල ඉන්නෙත් දිස්ත්‍රික්කේ කිව්වොත් මිසක ගමේ නම කිව්වට අහලවත් නැති ඈත ගම් වලින් කොළඹ ට ගොඩබැහැපු කොල්ලො .
    මහ තද අව්වේ ටයි කෝට් දාගෙන චීන බඩු ගෙවල් ගානෙ ගිහින් විකුණන පිරිමි ළමයෙක්ගෙන් නිකමට අහල බලන්න ගම කොහෙද කියලා කොළඹ , ගම්පහ , කළුතර කොල්ලෙක් බෙහෙතකටවත් නැහැ ,ඔක්කොම ගොඩක් පිටිසර ගම වල ළමයි .
    කොළඹ ලොකු රස්සාවල් කරන අය ටයි දානවා, ඔයාලා මේ රස්සාව කරන්නෙත් ටයි දාලා ,ඒ කියන්නේ ඔයාලත් පොරවල් කියලා ඒ ළමයි ටික අන්දනවා.කොළඹ ජීවිතේ හරියට නොදන්න කොල්ලෝ ටික කොළඹට සෙට් වෙන්න කියලා හිතාගෙන ටයි පොල්ලක් දාගෙන ගිනි අව්වේ ගෙවල් ගානේ සෙල්ලම් බඩු විකුණනවා , නගරේ මිනිස්සුන්ට ඒ ළමයි දැකලා අනේ පව් කියලා අනුකම්පා හිතුනට ඒ ළමයි ඉන්නේ හෙන මොරාල් එකේ පොර මානසිකත්වය උඩටම ගහලා .
    ස්පා එකක වැඩ කරන එක මෙහෙ හරිම සාමාන්‍යයි , ක්ලබ් නොගියපු කෙල්ලෙක් කොලඹ නැහැ කියලා හිතාගෙන කෙල්ලෝ ටිකත් නරකාදී අපායටම වැවිලා අන්තිමට තාත්තා කවුද කියලවත් නොදන්නා ළමයි ටොයිලට් වල පවා උපද්දන තත්වෙට වැටෙනවා .

    ඒකම තමයි මොන්ඩාල් ටත් උනේ , ජීවිතේට ප්‍රසිද්ධ පුද්ගලයෙක් නළුවෙක් ගායකයෙක් ඇහැට නොදැකපු , දන්නා කාලෙක මේසෙක ඉඳගෙන හොඳ කෑම වේලක් නොකාපු ,ග්‍රැනයිට් පොළවක පය නොගහපු මොන්ඩාල් ට එක පාරටම ලැබිච්ච සල්ලි වස්තුව ජනප්‍රියත්වය කියන දේවල් වලට මූණ දෙන්න ඕනේ කොහොමද කියලා හිතාගන්න බැරි උනා ,ඉස්සර හිඟා කන කාලේ කාගෙහරි අතින් අල්ලලා සල්ලි ඉල්ලුවහම බැනුම් අහපු විදිහ විතරයි එයාට මතක , ජනප්‍රිය කෙනෙක්ගේ චරිතෙට ආරූඩ වෙලා ඒක හරියටම ප්ලේ කරන්න පුරුදු වෙන්න එයා ට්‍රයි කළා , ඉන්දියාවේ දේවත්වයෙන් සලකන අමිතාබ් භච්චන් උනත් ඕන තරම් මිනිස්සු එක්ක සෙල්ෆි ගන්න බව එයා දැකලා තිබ්බේ නැහැ ,

    මුකුත්ම නැතුව ඉඳලා මොනවහරි ලැබිච්ච මිනිස්සු ඒ තත්වෙට අනුගත වෙන්න සහ ඒ ලැබිච්ච පවර් එක ලෝකෙට පෙන්නන්න මාර ම උත්සාහයක් ගන්නවා .

    හිටපු තැනයි ඉන්න තැනයි අතර ගැප් එක වැඩිවෙන්න වැඩිවෙන්න තත්වය තව තවත් භයානක වෙනවා. (උගත්කම සහ බුද්ධිමත් කමත් යම් තාක් දුරට බලපානවා )

    ජීවිතේට බ්‍රෑන්ඩඩ් බෑග් එකක් පාවිච්චි නොකරපු කෙනෙක් ලුවී විටෝන් බෑග් එකක් ගත්තම , එයා තේ බොන්නත් යන්නෙ හිල්ටන් එකට , මොකද බෑග් එකට අනුගත වෙන්න ඕනේ නිසා .

    මොන්ඩාල් ට බැන්නට එයාගේ උත්සාහය සාදාරණයි . කූඩෑල්ලන්ට මෙට්ටේ සෙට් වෙන්න ටිකක් කල් යනවා , සල්ලි නැති අයට සල්ලි ලැබුනත් , බලය නැති අයට බලය ලැබුනත් වෙන්නේ එච්චරයි . 😌

    රනූ මොන්ඩාල් ගෙ ඔලුව ඉදිමිලා කියලා බැන්නට, අපි කාටත්, අද අපි ළඟ නැති වටිනා දෙයක් හෙට ලැබුනොත් ඒකට අනුගත වෙන්න ටිකක් කල් යනවා .ඒ සංක්‍රාන්ති කාලේ වටේ ඉන්න ඒ දේවල් දැකපු විඳපු මිනිස්සුන්ට අපිව විහිළුවක් විදිහට පේනවා තමයි ඉතින් , ඒත් ඒකට කරන්න දෙයක් නැහැ .

    අපි ඕකට ඔලුව ඉදිමිලා , ලොකු කම ඉහට ගහලා කියලා කිව්වට ඇත්තටම වෙන්නෙ තනතුරට අනුගත වීමට උත්සාහ කරන එක මිසක් වෙන දෙයක් නෙමයි .

    බුකියේ උඩ පහල යනකොට රෑටත් සංග්ලාස් දාගෙන එහෙම අනුගත වෙන්න ට්‍රයි කරන ජීවියෝ ඕනතරම් ඔයාලට හම්බෙනවා ඇති , යකෝ මුගේ ලොකුකම , මැස්සෙක් ගිය උඩ ,ඔලුව ඉදිමිලා , අරවා මෙව්වා කියලා ඒ අහිංසකයින්ට කෝචෝක් කරන්න යන්න එපා , ඒක සාමාන්‍යයි , ටික කාලෙකින් ඔය තත්වය යථාතත්වෙට පත්වෙනවා.☹

    අනිශා ජයකොඩි ✍
    5AC40EE2-3D2E-4E6C-A8E5-FE861429D088.jpeg
    6D1959F8-CF4A-4549-9598-49EE7D0B7E39.jpeg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,819
    113
    හාමුගේ ෆේක් එක නන් නෙමෙයි.අඩු කුලේ එකෙක් තැනකට ආවම හොදට බලාගන්න පුලුවන් ඔලුව ඉදිමෙන එක...ඉගෙන ගත්තත් වුන් එහෙම තමා.

    මහදුරු සේනක බිබිලේ මහත්තයා කිව්වේ, "මට වෙදෙක් වෙලා වලව් ඇරියස් කවර් කරන්න දෙයක් නෑ කියලා" ..... අනෙක් වෙදාලා කන්න බොන්න නැති පවුල් වලින් ඇවිත් සල්ලි හොයන්න දඟලන හැටි දැකලා.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    මහදුරු සේනක බිබිලේ මහත්තයා කිව්වේ, "මට වෙදෙක් වෙලා වලව් ඇරියස් කවර් කරන්න දෙයක් නෑ කියලා" ..... අනෙක් වෙදාලා කන්න බොන්න නැති පවුල් වලින් ඇවිත් සල්ලි හොයන්න දඟලන හැටි දැකලා.
    ඉදිමීම හැමෝටම එන්නෙ නෑ බන්.එක පිරිසකට එන්නේ.ඔක අනුගත වීමේ ගැටලුවක් නැති කම නෙමෙයි නැතුව
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    හාමුගේ ෆේක් එක නන් නෙමෙයි.අඩු කුලේ එකෙක් තැනකට ආවම හොදට බලාගන්න පුලුවන් ඔලුව ඉදිමෙන එක...ඉගෙන ගත්තත් වුන් එහෙම තමා.
    පීඩිතයො තැනකට ආවම උන් පීඩකයො වෙන්නෙ තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩියි, සරල කතන්දරේ ඕකයි.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    serama education eka mtha depends wenawa ban

    එඩියුකෙෂන් එක කියන්නෙ මොකක්ද ?
    එඩියුකෙෂන්ස් වර්ග කිහිපයක් තියෙනවා.

    1 . අපි හැමොම දන්න ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් ගන්න එඩියුකෙෂන් එක
    2. පොත් පත් ,පත්තර කියවලා ගන්න එඩියුකෙෂන් එක
    3. සමාජ ආශ්‍රයෙන් ගන්න එඩියුකෙෂන් එක.

    ඔන්න ඔය තුන්වෙනි එක තමා වැදගත්ම එක .

    මොකද පළවෙනි ක්‍රමෙ සහ දෙවෙනි ක්‍රමෙන් තමන් එඩියුකෙටඩ් ද නැද්ද කියන එක තීරනය වෙන්නෙ ඔය තුන්වෙනි එකෙන් .

    නිකන් හිතන්න ඔබ ගමෙ ඉස්කොලෙට යනවා යනවා ,පන්තියෙ පළවෙනියා වෙනවා.
    ලකුණු වලින් පලවෙනියා උනත් උඹෙ මනස නිර්මානය වෙන්නෙ ,උඹ කියවන පොත පත, පත්තර ,වගෙම බලන ටීවි චැනල් එක පවා තීරනය වෙන්නෙ උබ ඇසුරු කරන කට්ටිය මත .
    ගමෙ ඉස්කොලෙ ගමෙ උන් ටික.

    නගරෙ ඉස්කොලෙ මුඩුක්කු වල එවුන් එනවා පොෂ් එවුන් එනවා වෙන්ඩ හදන උනුත් එනවා ගම් වල උනුත් එනවා.

    එතකොට කැම්පස් වලත් ඔය දෙම තමා .
    සමාජ ආශ්‍රය වැදගත් කොතනදි උනත්.

    කොච්චර සෙටිෆිකෙට්ස් තිබ්බත් Educated උනත් සමහරක් උන් හරක් වගෙ හැසිරෙන්නෙ .
    හරිම බොලඳ විදියට .

    ඇයි ලොකු සමාජ ආශ්‍රයක් පොඩි කාලෙ ඉඳන් ලැබිලා නැහැ .

    උදාහරණයක් කියන්නම් ( මන් මෙක තැන් කිහිපයක කොටලා තියෙනවා .එත් ආයෙත් කියනව මේ ත්‍රෙඩ් එකටම මැච් වෙන නිසා )

    මන් භෞතික විද්‍යාවට (Physics) ටියුෂන් ගියා රටෙ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක් ගාවට (නම අහන්න එපා )
    මිනිහා ටියුශන් වලින්ම තමා දියුණු වෙලා තියෙන්නෙ.
    පාරම්පරික වැඩිය දෙයක් නැහැ .
    පවුලෙ මහ ලොකු සල්ලි කාරයොත් නැහැ .
    මිනිහා තම එකම සල්ලි කාරයා .

    නුගෙගොඩ ලොකු ගෙයක් තිබ්බා.
    මිනිහාට වාහන තිබ්බා තුනක් හෝ හතරක් .
    හැබැයි සෙරම ජපන් වාහන (Toyota, Mazda) .
    මිනිහා පැද්දෙ Toyota ඇලියොන් එකක් ( 2009-2011 වකවානුවෙ මෙ ) .
    මන් A/L Revision යන කාලෙ (2012) දි මිනිහා ගත්තා බෙන්ස් කාර් එකක් .
    Benz C180 එකක්.
    ඉතිං මිනිහාට අළුත් අත්දැකීමක් උනා.

    මිනිහගෙ පුතා මගෙ යාළුවා.
    මායි එයාගෙ පුතයි එක්ක වාහනෙ අරන් පළවෙනි දවසෙම වාහනෙන් පොඩි විසිට් එකක් දැම්ම.
    මිනිහා තමා එලවන් ගියෙ .
    යන ගමන් මිනිහා කියනවා " හැමොම කාර් එක දිහා බලනවා නේද ? "
    ඒ වගෙම යන ගමන් ජපන් වාහන් වලට පළු යන්න බැන බැන ගියෙ .
    තමන් මෙච්චර කල් පැද්දේ ජපන් වාහන බව අමතක වෙලා වගෙ කතාව .

    ඉතිං මෙ ටියුෂන් ගුරා කොයි වගෙ කෙනෙක්ද ?

    මොරටුව විශ්වවිද්‍යාලයෙ යාන්ත්‍රික ඉංජිනෙරු ගෞරව සාමාර්ථ සහිත උපාධි දාරියෙක් .

    මට ඒ වෙලාවෙ හිතුනෙ යකො මේ යක ප්‍රසිද්ධ ටියුෂන් ගුරෙක්. සල්ලි වලිනුත් අඩුවක් නැහැ, ඉංජිනේරුවෙක් .
    ඒත් මෙහෙම ආකල්පයක් ඇයි ??

    ඉතිං පෙනවනෙ ? ගමෙන් ඇවිත් ටියුෂන් කරලා කොටිපතියෙක් උනාට ලොකු සමාජ ආශ්‍රයක් ලැබිලා නැහැ .
     
    Last edited:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,154
    20,755
    113
    හස්තිශෛලපුර
    පීඩිතයො තැනකට ආවම උන් පීඩකයො වෙන්නෙ තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩියි, සරල කතන්දරේ ඕකයි.

    එරෝසන් හොද උදාහරනයක්.. හාමුලා ඌව පීඩාවට පත් කනනවා (උගේ පශ්චාත් භාගය).. ඌ කිරියට ඇවිත් ස්ට්‍රෙස් එක පිට කරනවා..
    ස්කෲවියා නම් අනාතයා හින්දා වෙනම ස්ට්‍රෙස් එකක් රිලීස් කරන්නේ කිරියේ
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    පීඩිතයො තැනකට ආවම උන් පීඩකයො වෙන්නෙ තියෙන සම්භාවිතාව සෑහෙන්න වැඩියි, සරල කතන්දරේ ඕකයි.
    හොඳම උදාහරණය .
    රජයෙ සෙවකයො .

    අපහසයක් නම් නෙමෙ එත් ඇත්ත කියන්න ඔනි .
    රජයෙ ජොබ් කරන උන් බලපන් ? ඔය පොෂ් ටයිප් එකට හැදිච්ච උන්ද ඉන්නෙ ?මහ ලොකු සල්ලි කාර පවුල් වල අයද ?
    එක්කො ඇමති ලිස්ට් එකෙන් එක්කො ඉගෙන ගෙන විභාග පාස් කරලා ගම් වලින් එන අය .සාමාන්‍ය පවුල් වල අය .
    ඉතිං තමන්ගෙන් වැඩක් ගන්න එන තමන්වගෙම බැක්ග්‍රවුන්ඩ් එකක් තියෙන මිනිහාටම පු* පෙන්වනවා .

    ඒ වගෙම හොස්පිටල්ස් වල ඉන්න ඩොකාල නර්ස් ලා බලපන් .
    ඔය වගෙම තමා .
    කැම්පස් වල රැග් දෙන උන් එහෙම ?

    ඒ වගෙම එකපාරටම සල්ලි එද්දි හැන්ඩ්ල් කරගන්න බැහැ .ඇරියස් කවර් කරන්න තමා ජීවත් වෙන්නෙ .
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,644
    8,374
    113
    එඩියුකෙෂන් එක කියන්නෙ මොකක්ද ?
    එඩියුකෙෂන්ස් වර්ග කිහිපයක් තියෙනවා.

    1 . අපි හැමොම දන්න ඉස්කොලෙ ගිහින් කැම්පස් ගිහින් ගන්න එඩියුකෙෂන් එක
    2. පොත් පත් ,පත්තර කියවලා ගන්න එඩියුකෙෂන් එක
    3. සමාජ ආශ්‍රයෙන් ගන්න එඩියුකෙෂන් එක.

    ඔන්න ඔය තුන්වෙනි එක තමා වැදගත්ම එක .

    මොකද පළවෙනි ක්‍රමෙ සහ දෙවෙනි ක්‍රමෙන් තමන් එඩියුකෙටඩ් ද නැද්ද කියන එක තීරනය වෙන්නෙ ඔය තුන්වෙනි එකෙන් .

    නිකන් හිතන්න ඔබ ගමෙ ඉස්කොලෙට යනවා යනවා ,පන්තියෙ පළවෙනියා වෙනවා.
    ලකුණු වලින් පලවෙනියා උනත් උඹෙ මනස නිර්මානය වෙන්නෙ ,උඹ කියවන පොත පත, පත්තර ,වගෙම බලන ටීවි චැනල් එක පවා තීරනය වෙන්නෙ උබ ඇසුරු කරන කට්ටිය මත .
    ගමෙ ඉස්කොලෙ ගමෙ උන් ටික.

    නගරෙ ඉස්කොලෙ මුඩුක්කු වල එවුන් එනවා පොෂ් එවුන් එනවා වෙන්ඩ හදන උනුත් එනවා ගම් වල උනුත් එනවා.

    එතකොට කැම්පස් වලත් ඔය දෙම තමා .
    සමාජ ආශ්‍රය වැදගත් කොතනදි උනත්.

    කොච්චර සෙටිෆිකෙට්ස් තිබ්බත් Educated උනත් සමහරක් උන් හරක් වගෙ හැසිරෙන්නෙ .
    හරිම බොලඳ විදියට .

    ඇයි ලොකු සමාජ ආශ්‍රයක් පොඩි කාලෙ ඉඳන් ලැබිලා නැහැ .

    උදාහරණයක් කියන්නම් ( මන් මෙක තැන් කිහිපයක කොටලා තියෙනවා .එත් ආයෙත් කියනව මේ ත්‍රෙඩ් එකටම මැච් වෙන නිසා )

    මන් භෞතික විද්‍යාවට (Physics) ටියුෂන් ගියා රටෙ ටිකක් ප්‍රසිද්ධ කෙනෙක් ගාවට (නම අහන්න එපා )
    මිනිහා ටියුශන් වලින්ම තමා දියුණු වෙලා තියෙන්නෙ.
    පාරම්පරික වැඩිය දෙයක් නැහැ .
    පවුලෙ මහ ලොකු සල්ලි කාරයොත් නැහැ .
    මිනිහා තම එකම සල්ලි කාරයා .

    නුගෙගොඩ ලොකු ගෙයක් තිබ්බා.
    මිනිහාට වාහන තිබ්බා තුනක් හෝ හතරක් .
    හැබැයි සෙරම ජපන් වාහන (Toyota, Mazda) .
    මිනිහා පැද්දෙ Toyota ඇලියොන් එකක් ( 2009-2011 වකවානුවෙ මෙ ) .
    මන් A/L Revision යන කාලෙ (2012) දි මිනිහා ගත්තා බෙන්ස් කාර් එකක් .
    Benz C180 එකක්.
    ඉතිං මිනිහාට අළුත් අත්දැකීමක් උනා.

    මිනිහගෙ පුතා මගෙ යාළුවා.
    මායි එයාගෙ පුතයි එක්ක වාහනෙ අරන් පළවෙනි දවසෙම වාහනෙන් පොඩි විසිට් එකක් දැම්ම.
    මිනිහා තමා එලවන් ගියෙ .
    යන ගමන් මිනිහා කියනවා " හැමොම කාර් එක දිහා බලනවා නේද ? "
    ඒ වගෙම යන ගමන් ජපන් වාහන් වලට පළු යන්න බැන බැන ගියෙ .
    තමන් මෙච්චර කල් පැද්දේ ජපන් වාහන බව අමතක වෙලා වගෙ කතාව .

    ඉතිං මෙ ටියුෂන් ගුරා කොයි වගෙ කෙනෙක්ද ?

    මොරටුව විශ්වවිද්‍යාලයෙ යාන්ත්‍රික ඉංජිනෙරු ගෞරව සාමාර්ථ සහිත උපාධි දාරියෙක් .

    මට ඒ වෙලාවෙ හිතුනෙ යකො මේ යක ප්‍රසිද්ධ ටියුෂන් ගුරෙක්. සල්ලි වලිනුත් අඩුවක් නැහැ, ඉංජිනේරුවෙක් .
    ඒත් මෙහෙම ආකල්පයක් ඇයි ??

    ඉතිං පෙනවනෙ ? ගමෙන් ඇවිත් ටියුෂන් කරලා කොටිපතියෙක් උනාට ලොකු සමාජ ආශ්‍රයක් ලැබිලා නැහැ .
    උබ කියන කතාව හරි. මද්යම ප්‍රතිපදාව මාර්ගයෙන්
    දර්මයත් එක්ක තමන්ගේ සිත පාලනයත් වැදගත් වෙනව.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,489
    1
    32,193
    113
    - උඩරට -
    " උන පුරුකේ බලු වලිගේ දාලත් නෑ උගේ ඇදේ ඇරෙන්නේ " වගේ සීන් එකක් තමා ඔය මොන්ඩලේගේ සීන් එකත් බන්.. :lol:
     
    • Haha
    Reactions: nirogoodboy

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    serama education eka mtha depends wenawa ban
    නිහතමානී වෙන්න, හැමෝටම කරුණාවෙන් සලකන්න කතා කරන්න, ඔලුව ඉදිමෙන්නේ නැතුව ඉන්න ඉගන ගන්නේ කොහෙන්ද?
    කොහෙන් කොහොම ඉගන ගත්තත් ළමයෙකුට ඒක මුලින් උගන්නන්නේ දෙමවුපියෝ.
     
    • Like
    Reactions: nirogoodboy

    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Dan awrudu 4kata witara kalin mama office eke manager and software team lead.
    Bus eke bata deka dala giye... ai yako mage office ekane... shorta gahala yanne...

    Ape amma gen gamey anty kenek ahala tibuna me dawaswala putha ath weda denna yanawada kiala..

    Kella set unata passe nam hadenna una... nattam kanak ahila inna bane... habai thaniyen yanawanam Buckingham giyath bata deka dala shorta gahala tama yanne =D
     
    • Like
    Reactions: nirogoodboy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    Dan awrudu 4kata witara kalin mama office eke manager and software team lead.
    Bus eke bata deka dala giye... ai yako mage office ekane... shorta gahala yanne...

    Ape amma gen gamey anty kenek ahala tibuna me dawaswala putha ath weda denna yanawada kiala..

    Kella set unata passe nam hadenna una... nattam kanak ahila inna bane... habai thaniyen yanawanam Buckingham giyath bata deka dala shorta gahala tama yanne =D
    e manussaye gedara wadak tibunada danna karaganna.