රම්බරිගේ නොම්බරය!

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
රම්බරිගේ නොම්බරය!

Rambari.jpg


අපි පොඩි කාලෙ දුන්නා රචනාවක් ඉස්කෝලවල: මාතෘකාව ''තරුණ අසහනය''. ඔය කාලෙ තරුණ කටයුතු ඇමති එවකට තරුණයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ. දැං නම් හිනාත් යනවා මතක් වෙද්දි- මොකද ඒ කාලෙ වගේ දැං කාලෙ අසහනයක් නෑ. ෆාමසියෙන් අරගෙන කොරා දැමිල්ලෙ ඉඳලා තරුවක් වෙලා අජටාකාශගත වීම දක්වා දහමනක් සහන පැකේජ තියෙද්දි අහවල් තරුණ අසහනයක් ද? අසහනය සමනය කරන්න ඕන තරං බඩු තියනවා. මං නිකං කවුරුත් කැමති නැති විදිහේ එකක් කියන්නම්.

තව කියවන්න/Read more....
 
Jan 5, 2010
879
22
0
Rambari.jpg


අපි පොඩි කාලෙ දුන්නා රචනාවක් ඉස්කෝලවල: මාතෘකාව ''තරුණ අසහනය''. ඔය කාලෙ තරුණ කටයුතු ඇමති එවකට තරුණයෙක් වෙච්ච රනිල් වික්‍රමසිංහ. දැං නම් හිනාත් යනවා මතක් වෙද්දි- මොකද ඒ කාලෙ වගේ දැං කාලෙ අසහනයක් නෑ. ෆාමසියෙන් අරගෙන කොරා දැමිල්ලෙ ඉඳලා තරුවක් වෙලා අජටාකාශගත වීම දක්වා දහමනක් සහන පැකේජ තියෙද්දි අහවල් තරුණ අසහනයක් ද? අසහනය සමනය කරන්න ඕන තරං බඩු තියනවා. මං නිකං කවුරුත් කැමති නැති විදිහේ එකක් කියන්නම්.

දැං ඔය ඩයලොග් එකෙන් දෙනවා සිරා සර්විස් එකක්. විනාඩි දෙකක විතර දහම් සිතුවිල්ලක්. 556 ඔබලා 2 දැම්මහම මේක වැඩ කරනවා. මට මුලින් හිනා ගියා. ඇයි යකෝ රුපියල් දෙකක් දීලා බණ අහනවා වගේ පන්කි වැඩ අපිට පුරුදු නෑනෙ. පස්සෙ පස්සෙ මං නිකං ඔය අවුල් මූඩ් එකක් ආවහම මේක දාගෙන අහන්න ගත්තා. ඕං දවසක්, මේක ඔන් කරද්දි කියනවා ''ඔබේ ගිණුමේ මුදල් මදි නිසා මේ දහම් සේවය ඔබට ලබා දිය නොහැක.'' කියලා. ඇයි යකෝ පිනට දහම් සිතිවිලි අහපු කාලෙ ඉවරයි. (හිනා) ඔයාගෙ ක්‍රෙඩිට් නැත්තං ඔයාගෙන් කාටවත් සත පහක වැඩක් නෑ. ඒක හින්දා පුළුවන්තරම් රීලෝඩ් කරගෙන- කාඩ් වල ක්‍රෙඩිට් ලිමිට් ඉන්ක්‍රීස් කරගෙන පුළුවන් තරම් හර ශේෂයක් ඇතුව ජීවිතේ ගත කරන්ඩෝනෙ. ඒක තමා යූත් ට්‍රෙන්ඩ් එක. (රට වටේට ණය වෙනවා- සුදිය මිසක් වෙන වැඩ නෑ!)

ඔයා දන්නවනෙ ''රම්බරි කියපන් උඹෙ නම්බරේ'' සිංදුව.

මේක හිටේ හිට් සිංදුවක්. අහපුවාම සිල් බිඳෙන සයිස්. ටිකක් අවධානයකින් මේ සිංදුව අහන උකුණු හිසක තරමෙ මොළයක් තියන ඕනම ගං මැට්ටෙකුට තේරෙනවා මේ සිංදුවෙ මෙලෝ තේරුමක් නෑ කියලා. තේරුමක් නෑ. රිද්මයක් විතරයි. ඇතුළක් නෑ. පිටක් විතරයි. මදයක් නෑ. පොත්තක් විතරයි. බොක්කක් නෑ. සොමියක් විතරයි. මේක තමා යූත් ට්‍රෙන්ඩ් එක.

මේ ට්‍රෙන්ඩ් එක, ඒලියන් ඇටෑක් එකක් නෙමේ. මේක මාකටිං වැඩක්. කොල්ලො කෙල්ලො වියදම් කරන්න ඕනෙ මොන මොන දේවල් ගන්නද කියන එක තව දුරටත් තම තමන්ගේ තීරණයක් නෙමේ. ඒක තමන්ගෙ වටේ වෙන දේවල් අනුව, තමන් මත පැටවෙන බලහත්කාරයක්.

සිල්ලර උදාහරණයක් ගනිමු. කොණ්ඩෙට පොල්තෙල් ගගා හිටපු එකෙක් හෙයාජෙල් වලට මාරු වෙනවා. දෙකෙන්ම වෙන්නෙ එක වැඩේ. ඒත්, හෙයාජෙල් එක්ක- පොල්තෙල් එක්ක නැති වෙනම අධිනිශ්චය කිරීමක් එනවා. එතකොට, මෙයා අර අතිරික්ත මිල ගෙවන්නේ මේ භාණ්ඩය මත නිර්මාණය කරන ලද අගය ලබා ගන්න.

ඔයා දන්නෙ නෑ. ඔයාගෙ ඇඟ- ඔයාගේ බඩ- ඔයාගෙ නියපොතු කෙස් ඉඳලා ලිංගේන්ද්‍රිය දක්වා වෙළෙන්ඳන්ගේ ගොදුරු බිමක් වෙලා ඉවරයි. ඔයාගෙ හිත වැඩකරන විදිහ ගැන සිතියමක් ඇඩ් ඒජන්සිවල කොපි රයිටර්ස්ලා ගාව තියනවා. ඔයාට හෙට උදේට පහළ වෙන්න ඕනෙ දොළදුක මොකද්ද කියල එයාල කලින් දවසෙ හැන්දෑවෙ ප්ලෑන් කරල ඇඩ් එක හදලා මීඩියා එකට එවනවා. ඔයා මේ ඇඩ් එක දැක්ක ගමන් දොළදුක හදා ගෙන කඩේට ගිහිං බඩුව ගන්නවා.

දැන්... මේ අතිරික්තය ගෙවන්නෙ තමන්ගෙ ගොංකම හින්දා බව කිසියම් මොහොතක මූට තේරුණොත් මූ ආයෙ පොල්තෙල් වලට පහුබහිනවා. භාණ්ඩයේ අධිනිශ්චිත මාකට් වැලියු එක පවත්වගෙන යන්න නම්, වෙළෙන්ඳන්ට සිද්ධ වෙනවා මුගෙ මේ ගොංකම සර්ව කාලීන කරන්න. මේකට තමා, මේ බොක්කක් නැති සොමියක් විතරක් තියන අවකාශය නිර්මාණය කරල තියෙන්නෙ.

ඒකට දීලා තියනව නමක්. යව්වනයේ රිද්මය. යව්වනයේ පොපියන චමත්කාරය. මේකෙ කල්චරල් පෙරමුණක් තියනවා. කල්චරල් ඒජන්ට්ලා ඉන්නවා. ඒජන්ට්ලාගෙ වෙළඳපොළ අගය බහිද්දි, අළුත් ඒජන්ට්ලා හොයාගන්න තමා තරු තරඟ තියන්නෙ. ප්‍රමෝට් කරන්න තියන බ්‍රෑන්ඩ්ස් ගණන වැඩි වෙන්න වෙන්න, ඒජන්ට්ලා වැඩි වැඩියෙන් ඕනෙ. මේක තේරෙන්නෙ නෑ හුඟක් අයට.

අන්තිමට අපි ගෙවන්නේ (භාණ්ඩයේ ඇත්ත අගය + භාණ්ඩය මත එකතු කරන ලද අගය) කියන එක. මේකට සේල්ස් ඒජන්ට්ගේ සංකේත වටිනාකම සඳහා ගෙවුව මුදල, ප්‍රචාරණ පිරිවැය සහ තවත් එකතු කිරීම් එකතු වෙලා තමා අපිට එන්නෙ. ඒ කියන්නෙ වෙළඳ සමාගම් අපිව ගොනාට ඇන්ඳවීම වෙනුවෙන් උන් දරපු පිරිවැයත් අන්තිමට ගෙවන්නෙ අපිමයි. ඒක දනුවත් කුමන්ත්‍රණයක්. මේවා මේ අර විමලෙට අධිරාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ හීනෙන් පේනවා වගේ මනස්ගාත නෙමේ. ඇත්ත ලෝකයේ අතට අහුවෙන දේවල්.

ලංකාවෙ යූත් එකට අද තියන පළවෙනි ප්‍රශ්නය චින්තනමය දරීද්‍රතාවය. සිංහලෙන් කිවුවොත් කඳට ගැලපෙන ඔළුවක් නැතිකම. ඔළුව තිබ්බනම් මේ වෙන දේවල් මෙහෙම වෙන්නෙ නෑ. එක එකාට ලේසියෙන් අන්ඳන්න බෑ. ඔළුව ලියලද්දි බොක්ක මෝරනවා. බොක්ක එද්දි සොමිය අතුරුදහන් වෙනවා. මේ කවන්ධයට ඔළුවක් හයි කරන්න ඕනේ වහාම. යූත් එක දැනට නැගගෙන ඉන්න වෙළෙන්ඳන්ගෙ පකිස් පෙට්ටිවලින් බිමට බස්සන්න ඕනෙ. ඒක තමා අද දවසේ අභියෝගය.

http://www.boond

කෙළින්ම මෙහෙම දැම්ම නම් හරි නෙ අය්යෙ:P
 
Last edited:

kulasingha

Member
Jun 9, 2009
149
3
0
Sri lanka
:yes: :yes:

බූන්දිය ප්‍රොමෝට් කරන්න ඕනේ නැනෙ
ඒකට ඉන්න ක්‍රවුඩ් එකක් හැමදාම ඉන්නවානේ

ප්‍රමෝට් කරන්න නෙමෙයි බං, දැක්කෙ නැතිවුන්ට කියවන්නයි දැම්මෙ,හොද ආටිතල් එකක් නිසා, මම දන්නෙත් නෑ බූන්දිය කරන්නෙ කවුද කියල..............
 

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මැක්සා ආටිකල් එක!!
    හැබැයි මේවිදියට බූන්දියට ට්‍රැෆික් අදින් එක සදාචාරාත්මකද??

    එක නම් වැරද්යි තමයි...
    දැකපු නැති අයට කියවන්න දැම්මනම් " උපුටා ගැනීම " කියල දාන්න තිබුනා...

    ලින්ක් එක අයින් කරා නම් හොඳයි....නැත්නම් මේක ස්පැම් එකක්.... ඔය සයිට් එකේ එලකිරි ලින්ක් එකක් දැම්ම නම් ඉතින් වෙන දේ දන්නවනේ...??