රමිත් රම්බුක්වැල්ලට අපගෙ ප්‍රනාමය

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    රමිත් රම්බුක්වැල්ලට අපගෙ ප්‍රනාමය

    2efmb29.jpg

    "එක්ස් ෆයිල්ස්" ෂෝ එකේ එක කොටසක ප්ලේන් එකක දොරක් ගැලවිලා ලොකු එළියක් ඇවිත්, ඒකෙ ඉන්න පොරක්ව ඒ එළිය දිගේ අහසෙ පාවෙලා පිට සක්වළ ජීවී යානාවකට ඇදිලා යනවා... එහෙම දේවල් වෙන්න පුලුවන් කියලා ඇමරිකන් කාරයො දැනගෙන හිටියට අපේ බයියො ඒවා දන්නෙ නෑනේ... ඉත්තීන් අර අහිංසකයට හිටු කියලා දොස් කියනවා...
    යකුනේ ඔය වෙන්න ගියේ මේකයි....දැන් මේ මහා ආසියාවේ අච්චාරුව... සමාවෙන්න... ආසියාවේ ආශ්චර්යය ගැන පිට මන්දාකිණි වලටත් දැනිලා, එහේ පිටසක්වළ ජීවීන් පවා විශ්මයට පත්වෙලා ඉන්නෙ... උන්ට ඕන දැන් කොහොම හරි මේ ආශ්චර්යයේ වාසය කරන එකෙක්ව අල්ලගෙන ඌව පරීක්ෂා කරලා බලන්න කොහොමද මේ තරම් ආශ්චර්යයක් උදා කරගත්තේ කියලා...දැන් මේ පහුගිය දවස් වල රටේ තැන, තැන පිටසක්වළ යානා පෙනුනෙත් එහෙම ආපු උන්...
    රටේ ගමක්, ගමක් ගානෙම පියාඹන පීරිසි වල ගිහින් බැලුවට පරීක්ෂණයක් කරන්න තරම් මස් කළඳක් තියෙන, මූණේ ලේ පොදක් තියෙන එකෙක් උන්ට හම්බ උනේ නෑ... පස්සෙ මුන් හිතලා තියෙනවා ඇමති පුතෙක් අල්ල ගත්තොත් මේ පරීක්ෂණේ ලෙසටම කරන්න පුලුවන් කියලා... මොකද ඇමතිවරුනේ මේ අමා මහ ආශ්චර්යය උදා කරන්නෙ එකසිය ගාණට... ඉතින් අප්පගෙම ජාන පුතාටත් නැතෑ....
    ඉතින් උන් මේ කොල්ලව තෝර ගත්තා... ඔය කොල්ලට පිට සක්වළ ජීවීන් කථා කරනවා... උන් කථා කරන්නෙ හැමෝටම ඇහෙන්න නෙමෙයි... මහ පොළවෙන් තෝර ගත්තු අදාළ කෙනාට විතරක් ඇහෙන්න... ඉතින් එදා ඌව අහසෙදි පැහැර ගන්න පිට සක්වළ යානාවක් ඇවිත් තියෙනවා ළඟටම.... මූව අහසේ පා කරලා ගන්න ආලෝක ධාරාව එවන්න කළින්, කොල්ලට කථා කරලා "දොර අරිනු..!" කියලා තියෙනවා... ඉතින් ඌ මෝහණයෙන් වගේ නැගිටලා ඇවිදගෙන ගිහින් දොර ඇරියාම පිට සක්වළ ජීවීන් ඌව උන්ගේ යානය තුළට අරගෙන තියෙනවා... ඊට පස්සෙ උන් මූව පරීක්ෂණ වලට භාජනය කරලා, ආපහු යානයට දාන්න කළින් මේ සිද්ද වෙච්ච දේවල් අමතක වෙලා ඌට වෙනත් මතකයක් ඇතුළු කරන්න, මෙහෙම කියලා මෝහනය කරලා තියෙනවා...
    "නුඹට කිසිවක් මතක නැහැ... නුඹ සිහිනෙන් ඇවිදිනවා... නුඹේ තාත්තාත් සිහිනෙන් ඇවිදිනවා... නුඹේ තාත්තා ඉන්නා කැබිනට් මණ්ඩලයත්, ඒ මණ්ඩලය අයිති මුළු ආණ්ඩුවත් සිහිනෙන් ඇවිදිනවා... ඒ සියල්ලටම වඩා නුඹලාගේ ජනතාව සිහිනෙන් ඇවිදිනවා.. මේ මොහොතේ පටන් නුඹට ඒ හැර වෙන කිසිවක් මතක නැහැ...
     
    Last edited:

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    සංසුන් පොඩ්ඩා;15244157 said:
    ... ඒ සියල්ලටම වඩා නුඹලාගේ ජනතාව සිහිනෙන් ඇවිදිනවා..:rofl::rofl::rofl::rofl:niyamai machan .. rep++

    :yes::yes:
     
    • Like
    Reactions: nOoB_SL

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    අම්මට හු*න චන්දෙ දීපු බුද්දිමත් ජනතාව
    ඒ සියල්ලටම වඩා නුඹලාගේ ජනතාව සිහිනෙන් ඇවිදිනවා.

     

    amila62725

    Member
    Jan 23, 2012
    57
    2
    0
    මොකක් ද බන් ඔය ප්ලේන් සිද්දිය මට මුකුත් මතක නැනේ :cool::cool::cool: