රවියව මඩවල

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    භාණ්ඩාගාර බැඳුම්කර නිකුත්කිරීම පිළිබඳ පරීක්ෂා කිරීමේ සහ විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටි රවී කරුණානායක ඇමතිවරයාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව දැඩි ලෙස ප්‍රශ්න කළේය.

    විදේශ අමාත්‍ය රවී කරුණානායක ජනාධිපති කොමිෂන් සභාව වෙත පැමිණියේ අද (අගෝස්තු 02) පෙරවරු 9.45ට පමණය. පෙරවරු 10.20ට පමණ නීතිපති දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කිරීම ආරම්භ කරන ලදී.

    හිටපු මුදල් ඇමතිවරයාගෙන් මුලින්ම විමසන ලද්දේ පර්පෙචුවල් සමාගමේ අධ්‍යක්ෂ අර්ජුන ඇලෝසියස් සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳව ය.

    විසිපස් වසරක් පමණ තිස්සේ ඇලෝසියස් පවුල, තම පවුලේ මිතුරන් වන බවත් වසර 10ක් හෝ 12ක් තිස්සේ අර්ජුන් ඇලෝසියස් හඳුනන බවත් රවී කරුණානායක ඇමතිවරයා ප්‍රකාශ කළේය.

    දියණියන් අතර

    එමෙන්ම තම දියණියන් සහ අර්ජුන් ඇලෝසියස් ගේ දියණියන් අතර ද මිතු දම් පවතින බව ඔහු පැවසීය.

    ඒ හැරෙන්නට තමා සහ අර්ජුන් ඇලෝසියස් අතර කිසිදු ව්‍යාපාරික සබඳතාවක් නොමැති බව වත්මන් විදේශ අමාත්‍ය රවී කරුණානායක අවධාරණය කළේය.

    වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව තමන්ගේ පෞද්ගලික ව්‍යාපාරවලින් ද ඉවත් වූ බව අමාත්‍යවරයා කියා සිටියේය.

    කෙසේ නමුත් අර්ජුන් ඇලෝසියස් දෙතුන් වතාවක් මුදල් අමාත්‍යංශයට පැමිණි බව නීතිපති දෙපාර්තමේන්තුවේ ප්‍රශ්න කිරීම් හමුවේ හිටපු මුදල් ඇමතිවරයා පිළිගත්තේය.

    ඇලෝසියස් ගේ දුරකතනය

    නමුත් එහිදී කිසිදු අවස්ථාවක ව්‍යාපාරික ගනුදෙනු පිළිබඳව සාකච්ඡා නොකළ බව රවී කරුණානායක ඇමතිවරයා පැවසීය.

    ඉන් අනතුරුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අර්ජුන් ඇලෝසියස් ගේ දුරකතනයෙන් ලබාගත් දත්ත ඇතුළත්, පිටු 8600ක වාර්තාවක් ජනාධිපති කොමිෂන් සභාව ඉදිරියේ තබන ලදී.

    ඔහුගේ ජංගම දුරකතනයෙන් මකා දමා ඇති දත්තයන් ද විශේෂඥයන් ලවා නැවත ප්‍රකෘති කොට මෙම වාර්තාවට ඇතුළත් කර ඇති බවත් ඒ අතර ඉතා සංවේදී සහ වැදගත් වූ තොරතුරු පවතින බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේය.

    අර්ජුන් ඇලෝසියස් ගේ ජංගම දුරකතනයට පැමිණි කෙටි පණිවිඩ කිහිපයක සඳහන් තොරතුරු පිළිබඳව රවී කරුණානායක ඇමතිවරයාගෙන් ප්‍රශ්න කිරීම ඉන් අනතුරුව ආරම්භ විය.

    මෙහි ඇතැම් කෙටි පණිවිඩ තුළ තමන්ගේ නම සඳහන් වී තිබීම පිළිබඳව විමසු අවස්ථාවේ රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ ඒ පිළිබඳව තමන් කිසිවක් නොදන්නා බවය.

    “Hon. PM”

    ඇතැම් කෙටි පණිවිඩ තුළ “Hon. PM” වශයෙන් සඳහන් වී ඇති බවත් එක් කෙටි පණිවිඩයක “…. Get a copy from PM” වශයෙන් සඳහන් වී ඇති බවත් නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

    එමෙන්ම සන්ඩේ ලීඩර් පුවත් පතේ කාර්ය මණ්ඩලයට වැටුප් ගෙවා නැති බව දැක්වෙන සටහනක් සහිත කෙටි පණිවිඩයක් පිළිබඳව ද නීතිපති දෙපාර්තමේන්තුව මෙහිදී විමසීමක් කළේය.

    අර්ජුන් ඇලෝසියස් එම පුවත්පතට මුදල් සපයා ඇති බවක් පෙනෙන්නට ඇතැයි, මෙම ප්‍රශ්න කිරීම් අතරතුර විනිසුරුවරයා ප්‍රකාශ කළේය.

    කෙසේ නමුත් ඒ සියල්ල ප්‍රතික්ෂේප කරමින් රවී කරුණානායක ඇමතිවරයා කියා සිටියේ තමා ඒ පිළිබඳව කිසිවක් නොදන්නා බවත් ඒ කිසිවකට තමන්ගේ සම්බන්ධතාවක් නොමැති බවත් ය.

    13 වතාවක් සිංගප්පුරුවේ දී

    නීති පති දෙපාර්තමේන්තුව විසින් මීළඟට ඉදිරිපත් කරන ලද්දේ රවි කරුණානායක ඇමතිවරයා සිංගප්පුරුවේ කළ සංචාරයන් පිළිබඳ වාර්තාවකි. ඔහු සිංගප්පුරුවට ගිය අවස්ථා 13කදී අර්ජුන් ඇලෝසියස් ද සිංගප්පුරුවේ සිට ඇති බව එම වාර්තාවේ සඳහන් වෙයි.

    අවස්ථා කිහිපයක දී අර්ජුන් ඇලෝසියස් තමන්ට සිංගප්පුරුවේ දී මුණ ගැසී ඇති නමුත් ඒවා කලින් සැලසුම් කළ හමුවීම් නොවන බව ඇමතිවරයා පැවසීය.

    තමා බලය ලබා ගත්තේ යහපාලනය ගෙන ඒමට දැයි, එක් අවස්ථාවක දී නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නීතිවේදියෙක් ප්‍රශ්න කළවිට ඇමතිවරයා පිළිතුරු දෙමින් කියා සිටියේ තමා වැනි බලවත් ඇමතිවරයෙකු ගෙන්වා මෙසේ ප්‍රශ්න කිරීමට හැකියාවක් ලැබී ඇත්තේ යහපාලනය හේතුවෙන් බවය.

    අනතුරුව දිවා ආහාරය වෙනුවෙන් සභාවේ කටයුතු නතර කරන ලදී.

    උපුටා ගැනීම BBC සිංහල
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මට පේන්නේ හොරෙකුට කියලා ඉස්සේස්සල්ලාම අල්ලගන්න යන්නේ රවියව වගේ.. මාද්ය සන්දර්ශන. ඔය හදන්නේ ගුඩ් ගවර්නස්, අපි ආන්ඩුවේ ඇමතිලාටත් නඩු දානවා කියලා පෙන්නන්නනේ. ඊට එහා දෙයක් නම් වෙන්නේ නැ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ළඟදීම ආණ්ඩුවේ ලොකු වෙනසක් වේවි,Hon PM කියලා තියෙන්නේ එතකොට රනිල්වත්ද:confused:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ළඟදීම ආණ්ඩුවේ ලොකු වෙනසක් වේවි,Hon PM කියලා තියෙන්නේ එතකොට රනිල්වත්ද:confused:
    මම දන්න හැටියට නම් ලිකිත සාක්ශි නැතුව ඔවා ඔප්පු කරන්න බැරි වෙයි. ලොයර් එකෙක් මේ ගැන දන්නවනම් විස්තර කිව්වොත් වටිනවා. මම හිතන හැටියට කොට් එකේදි ඇඩ්මිසබල් නැ සාක්ශි හැටියට ඩිජිටල් මීඩියා, sms, calls වගේ එව්වා. මේවා පරීක්ශනවලට ගත්තට උසාවියෙදි සාක්කි හැටියට ඔප්පු කරන්නබැරුව ඇති. මීට කලිනුත් ඔහොම කොල් කේස් එකක් රිජෙක්ට් උනා නේද? කොල් එක රන් තිබ්බේ ස්කයිප් එකෙන් නම්බර් එක දාලා. අදාල මනුස්සයා ෆොන් එකෙන් ගත්ත කොල් එකක් නෙමෙයි කියලා ඔප්පු කරලා තිබ්බා මට මතක හැටියට.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    ළඟදීම ආණ්ඩුවේ ලොකු වෙනසක් වේවි,Hon PM කියලා තියෙන්නේ එතකොට රනිල්වත්ද:confused:

    My 3 hadanne Ranil pita patawala 2020 1ka ithek kapala danna ..my3 hin nulen wada ..habai mae dae hoda deyak podi wagavimak mulu system evi nathan ara Greek treasure bonds aran CB padu labuwahama Ajith kabral ehema padu wenawa kiyala aga beraganna isarahata bari wei..

    Man nam kitanne mulu cabinet as wela interim government path karala independent inquiry yanna oni
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම දන්න හැටියට නම් ලිකිත සාක්ශි නැතුව ඔවා ඔප්පු කරන්න බැරි වෙයි. ලොයර් එකෙක් මේ ගැන දන්නවනම් විස්තර කිව්වොත් වටිනවා. මම හිතන හැටියට කොට් එකේදි ඇඩ්මිසබල් නැ සාක්ශි හැටියට ඩිජිටල් මීඩියා, sms, calls වගේ එව්වා. මේවා පරීක්ශනවලට ගත්තට උසාවියෙදි සාක්කි හැටියට ඔප්පු කරන්නබැරුව ඇති. මීට කලිනුත් ඔහොම කොල් කේස් එකක් රිජෙක්ට් උනා නේද? කොල් එක රන් තිබ්බේ ස්කයිප් එකෙන් නම්බර් එක දාලා. අදාල මනුස්සයා ෆොන් එකෙන් ගත්ත කොල් එකක් නෙමෙයි කියලා ඔප්පු කරලා තිබ්බා මට මතක හැටියට.

    ඒකත් එහෙමද,නමුත් උසාවියට අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන් නේද?මොකද අද ලෝකයේ ගොඩක් දේවල් විද්යුත් නේ​
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    My 3 hadanne Ranil pita patawala 2020 1ka ithek kapala danna ..my3 hin nulen wada ..habai mae dae hoda deyak podi wagavimak mulu system evi nathan ara Greek treasure bonds aran CB padu labuwahama Ajith kabral ehema padu wenawa kiyala aga beraganna isarahata bari wei..

    Man nam kitanne mulu cabinet as wela interim government path karala independent inquiry yanna oni
    උබ හරි බන්. මේ ආන්ඩුව කලෙත් පහුගිය උන්ගේ වැරදි ශේප් කරලා මුන් හොරාකාපු එක. අර්ජුන් ඇලොගේ ගේමට වඩා ගේම් කබ්‍රාල් කාරය ගැහුවා. හෙජින් ගනුදෙනු ග්‍රීක බොන්ඩ් මෙවල පාඩු පිට පාඩු කවදාවත් අහු කරන්නේ නැ ඊලගට මොන ආන්ඩුවක් ආවත්. මොකද යුඇන්පී එකේ උන් පර්පචුවල් ගේම තියනවා වගේම, ශ්‍රි ලන්කා එකේ උන් කබ්‍රාල් ගේම ග්‍රීක බොන්ඩ් වගේ එව්වට මාට්ටු. ඒ නිස දෙගොල්ලොම සයිලන්ස්. තුන්වෙනි පාර්ශවයකට කවදාවත් ආන්ඩු බලේ යන්නේ නැහි නිසා මෙවා කවදාවත් මාට්ටු වෙන්නේ නැ.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    මම දන්න හැටියට නම් ලිකිත සාක්ශි නැතුව ඔවා ඔප්පු කරන්න බැරි වෙයි. ලොයර් එකෙක් මේ ගැන දන්නවනම් විස්තර කිව්වොත් වටිනවා. මම හිතන හැටියට කොට් එකේදි ඇඩ්මිසබල් නැ සාක්ශි හැටියට ඩිජිටල් මීඩියා, sms, calls වගේ එව්වා. මේවා පරීක්ශනවලට ගත්තට උසාවියෙදි සාක්කි හැටියට ඔප්පු කරන්නබැරුව ඇති. මීට කලිනුත් ඔහොම කොල් කේස් එකක් රිජෙක්ට් උනා නේද? කොල් එක රන් තිබ්බේ ස්කයිප් එකෙන් නම්බර් එක දාලා. අදාල මනුස්සයා ෆොන් එකෙන් ගත්ත කොල් එකක් නෙමෙයි කියලා ඔප්පු කරලා තිබ්බා මට මතක හැටියට.
    One nam voice unath ganna puluwan. Within 2yrs wage. Api unath phn gena meeta wada selakilimath wenna one serious case walata sambanda wenawanam.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඒකත් එහෙමද,නමුත් උසාවියට අවශ්‍ය නම් වෙනස් කරන්න පුළුවන් නේද?මොකද අද ලෝකයේ ගොඩක් දේවල් විද්යුත් නේ​
    අපේ නීති වෙනස් වෙන්නේ නැ බන්. ලගදි මන්ත්‍රි කෙනෙකුට රුපියල් 2000ක් දඩ ගැහුවේ.. ඌ උදේට කනව ඇති 2000ට වඩා. දුප්පත් උන් 1500 ගෙවා ගන්න බැරුව හිරේ. ලොකු එකා 2000ක් ගෙවලා වැරදි කරනවා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    මට පේන්නේ හොරෙකුට කියලා ඉස්සේස්සල්ලාම අල්ලගන්න යන්නේ රවියව වගේ.. මාද්ය සන්දර්ශන. ඔය හදන්නේ ගුඩ් ගවර්නස්, අපි ආන්ඩුවේ ඇමතිලාටත් නඩු දානවා කියලා පෙන්නන්නනේ. ඊට එහා දෙයක් නම් වෙන්නේ නැ.

    හ්ම්... හ්ම්....
    මේ පාරනම් ඡන්දෙ තියන්නවගේ මේ පටපිට ගහන්නෙ..
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    My 3 hadanne Ranil pita patawala 2020 1ka ithek kapala danna ..my3 hin nulen wada ..habai mae dae hoda deyak podi wagavimak mulu system evi nathan ara Greek treasure bonds aran CB padu labuwahama Ajith kabral ehema padu wenawa kiyala aga beraganna isarahata bari wei..

    Man nam kitanne mulu cabinet as wela interim government path karala independent inquiry yanna oni
    කිව්ව වගේ මෛත්‍රීපාලග‍ෙ උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන් හැබැයි එහෙම කියලා මෛත්‍රීපාලට නම් ආපහු රටේ බලය ගන්න බෑ,මොකද මෛත්‍රීපාල කියන්නේ වැලක් ශක්තිමත් ගහක් නැතිව මිනිහට ඉහළට යන්න අමාරුයි.එක්කෝ මහින්දට හරි රනිල්ට හරි set වෙන්න වෙනවා.හැබැයි මම හොඳටම දන්නවා ඔය දෙගොල්ලම 2020න් පස්සෙ my3ව හලනවා.මට නම් හිතන්නේ ආණ්ඩුව පෙන්නන සංදර්ශනයක් වෙන්නත් පුළුවන්,ආණ්ඩුව ඉවර වෙනකම් මේක අඳින්න.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කිව්ව වගේ මෛත්‍රීපාලග‍ෙ උප්පරවැට්ටියක් වෙන්නත් පුළුවන් හැබැයි එහෙම කියලා මෛත්‍රීපාලට නම් ආපහු රටේ බලය ගන්න බෑ,මොකද මෛත්‍රීපාල කියන්නේ වැලක් ශක්තිමත් ගහක් නැතිව මිනිහට ඉහළට යන්න අමාරුයි.එක්කෝ මහින්දට හරි රනිල්ට හරි set වෙන්න වෙනවා.හැබැයි මම හොඳටම දන්නවා ඔය දෙගොල්ලම 2020න් පස්සෙ my3ව හලනවා.මට නම් හිතන්නේ ආණ්ඩුව පෙන්නන සංදර්ශනයක් වෙන්නත් පුළුවන්,ආණ්ඩුව ඉවර වෙනකම් මේක අඳින්න.
    මම හිතන්නේ මයිත්‍රී රනිල්ව හලලා නෙමෙයි, රනිල් මයිත්‍රී හලන පාටක් තියෙන්නේ.. 2020ට අලුත් ජොකියෙක් ඔනැ වැඩේට. මේ සිරා හරි යන්නේ නැ. ලගදි ගමකට ගිහින් නිකන් සාමාන්ය ගොවියන්ගෙන් අහගත්තා නියම අහගැනීමක්. මම හිතන්නේ නැ 2020ට කොයි පක්ශෙන්වත් සිරාව මාකට් කරන්න පුලුවන් වෙයි කියලා. බොහොදුරට පර්පචුවල් සල්ලිවලින් 2020ට එකෙක් බායි. හොද චන්දයක් කරන්න සල්ලි තියෙන එකේ පරන ජොකියො නම් දුවවන එකක් නැ.
     
    kingkusa

    Well-known member
  • Nov 20, 2008
    2,554
    862
    113
    wadak na ban..
    apiwa ayeth gonata andanwa
    api kamthi horakamata.
    eka ape le wala thiyena deyak
    api horakam nokalath horakam karana ekawa araksha karanwa
    unge horakam dakala eken athal gannawa
    ayeth untama denawa
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මම හිතන්නේ මයිත්‍රී රනිල්ව හලලා නෙමෙයි, රනිල් මයිත්‍රී හලන පාටක් තියෙන්නේ.. 2020ට අලුත් ජොකියෙක් ඔනැ වැඩේට. මේ සිරා හරි යන්නේ නැ. ලගදි ගමකට ගිහින් නිකන් සාමාන්ය ගොවියන්ගෙන් අහගත්තා නියම අහගැනීමක්. මම හිතන්නේ නැ 2020ට කොයි පක්ශෙන්වත් සිරාව මාකට් කරන්න පුලුවන් වෙයි කියලා. බොහොදුරට පර්පචුවල් සල්ලිවලින් 2020ට එකෙක් බායි. හොද චන්දයක් කරන්න සල්ලි තියෙන එකේ පරන ජොකියො නම් දුවවන එකක් නැ.

    බලමු 2020 සංදර්ශන මොකක්ද කියලා.රනිලුත් හරියට පරපෝෂිය‍ෙක් වගේ,
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    බලමු 2020 සංදර්ශන මොකක්ද කියලා.රනිලුත් හරියට පරපෝෂිය‍ෙක් වගේ,
    මිනිහා නම් අගමැතිකමෙන් උඩට යන්න පුලුවන් එකෙක් නෙමෙයි. ඔය උපරිම තමා. මිනිහා ගේන්නෙත් මිනිහට කන්ට්‍රොල් කරගන්න පුලුවන් එකෙක්. බොහොදුරට මේ පාරත් නිල්පාට එකෙක් ගෙනෙයි. සිරා දැන් අවලන්ගුකාසියක්. ඌ කියන කරනදේවල එච්ච දේශපාලන වලන්ගුබාවයක් නැ. 2020 ලන් වෙනකොට මිනිහා වටේ ඉන්න උනුත් හැලෙනවා. වැඩක් නැනේ. ඌ රිටයර් උන ගමන් ආයේ පන ගහලා එන්නේ මහින්දගේ සෙට් එක. දැන් සිරා වටේ ඉන්න උන් එදාට දෙන ටොක් ඇට්ටි හැලෙයි.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    මිනිහා නම් අගමැතිකමෙන් උඩට යන්න පුලුවන් එකෙක් නෙමෙයි. ඔය උපරිම තමා. මිනිහා ගේන්නෙත් මිනිහට කන්ට්‍රොල් කරගන්න පුලුවන් එකෙක්. බොහොදුරට මේ පාරත් නිල්පාට එකෙක් ගෙනෙයි. සිරා දැන් අවලන්ගුකාසියක්. ඌ කියන කරනදේවල එච්ච දේශපාලන වලන්ගුබාවයක් නැ. 2020 ලන් වෙනකොට මිනිහා වටේ ඉන්න උනුත් හැලෙනවා. වැඩක් නැනේ. ඌ රිටයර් උන ගමන් ආයේ පන ගහලා එන්නේ මහින්දගේ සෙට් එක. දැන් සිරා වටේ ඉන්න උන් එදාට දෙන ටොක් ඇට්ටි හැලෙයි.

    විවස්තාව වෙනස් කරලා සෘජු ඡන්දයෙන් රටේ නායකයා තොරන වෙනුවට අගමැති කෙනෙක් ගේන්නේ ඉන්නේ,එහෙම වුනොත් මිනිහට අවස්ථාවක් තියෙනවා
     
    Similar threads