ජාටික ආරක්ෂාව සහතිකයි බුද්ධි අංශෙ සක්තිමත් නේද රවී සර් ව හොයා ගන්න බෑ
Ranil sir ge kaale wage nemeyi Dan buddhi ansha shakthimath thamayi.
ප්‍රභූ ඝාතනයකට අලුත් බෝම්බ හදයි.. අධිතාක්‍ෂණික උපකරණ අල්ලයි.. උතුරේ ආරක්‍ෂාව තීව‍්‍ර කෙරේ..
ඉන්දියාව සහ යුරෝපා රටවල සිට උතුරේ දෙමළ දේශපාලන නායකයකු ඇතුළු ප්‍රභූ ඝාතනයක් සඳහා සැලසුම් කළ අලුත්ම එල්ටීටීඊ ජාලය ගැන අනාවරණය කරගැනීමට විදෙස් රටවල සහායෙන් ජාත්‍යන්තර බුද්ධි මෙහෙයුමක් ඇරඹීමට ශ්‍රී ලංකා රජය තීරණය කර ඇත.
ජර්මනියේ පුරවැසි භාවය ලබා ප්‍රහාරයකට පැමිණි හිටපු කොටි ප්‍රබලයකු ඇතුළු හිටපු කොටි හයදෙනකු පුපුරන ද්‍රව්‍ය එක්රැස් කළ පුනරීන්හි ආරක්ෂිත නිවස්නයක්ද සොයාගත්තේ මාර්තු 03දාය. යුද හමුදා බුද්ධි අංශය හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මෙම ජාලය ගැන සොයා ගත්තේය. එහිදී මෙතෙක් හමු නොවූ නව තාක්ෂණික උපකරණද සොයාගෙන තිබිණි.
සිව්වැනි ඊළාම් යුද්ධයෙන් පසුව එල්ටීටීඊය හිස ඔසවන්නට ගිය දසවැනි වතාව මෙය ලෙස විමර්ශනවලදී හඳුනාගෙන ඇත. වහාම උතුරු නැගෙනහිර ආරක්ෂාව තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය බ්‍රහස්පතින්දා (5දා) සිට නියෝග කර ඇත.
ඉන්දියානු, මැලේසියානු රටවල සිටින කොටි ජාත්‍යන්තර නායකයන් හා කොටි හිතවාදීන් අරමුදල් සපයමින් අලුතින් හිස ඔසවන්නට සූදානම් කළ ප්‍රහාරක කණ්ඩායමට බෝම්බ වර්ග අලුතින් සැකසීමේ පුහුණුව ලබාදී ඇත. ජර්මනියේ සිට පැමිණි ත්‍රස්තයා මඩකළපුවෙන් කොටු කරගෙන ඇති අතර, සෙසු කණ්ඩායම් උතුරෙන් අල්ලාගෙන ඇත.
අධි බලැති පුපුරන ද්‍රව්‍ය ඉන්දියාවෙන් හා උතුරෙන් එක්රැස් කිරීමට යුරෝපා රටවලින් මුදල් එවා ඇති බව බුද්ධි අංශ දැනට සිදු කළ මෙහෙයුම්වලදී හෙළිවී ඇත.
ජාත්‍යන්තර සහාය ඇතිව හිස ඔසවන්නට ගිය එල්ටීටීඊ අලුත්ම ජාලය පසුපස සිටින මොළකරුවන් හඳුනාගැනීමට හා අරමුදල් ලද ආකාරයන් ගැන සෙවීමට ජාත්‍යන්තර රටවල බුද්ධි අංශ සහාය ලබා ගැනීමටත් රජය තීරණය කර ඇත.