රවීගේ ඇමතුමෙන් ජනපතිගේ නියෝගය කුණු කූඩෙට

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    රවීගේ ඇමතුමෙන් ජනපතිගේ නියෝගය කුණු කූඩෙට

    ලොතරැයි මිල වහාම රුපියල් 20ක් කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් නියෝග කර ඇති බව විශේෂ පුවත් පත් සාකච්ඡාවක් පවත්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පෙරේදා පැවසිය.

    ඒ අනුව ලොතරයි අලෙවි නියෝජිතයින් ගේ මෙන්ම ලොතරයි මිලදීගන්නන්ගේ ප්‍රශ්නයට විසඳුමක් ලැබුණ බව බොහෝ පාර්ශවයන් විශ්වාස කලත් එම ජනාධිපති තීන්දුවෙන් පසුව විදේශ රටක සිට ලැබුණ හදිසි දුරකතන ඇමතුමකින් පසු සියල්ලම වෙනස් විය.

    මුදල් අමාත්‍යාංශයේ සමහර උසස් නිලධාරින් ද මෙම නියෝග දෙකෙන් කුමක් ක්‍රියාත්මක කරන්නේදයි මහත් අපහසුතාවයට පත්වෙමින් සිටින අවස්ථාවක ලොතරයි මණ්ඩල දෙකේ සභාපතිවරුන් දෙදෙනාටම එම උපදේශය විදේශ රටක සිට නැවත පැමිණ ඇත.

    ඉන් පසු එම සභාපතිවරුන් දෙදෙනා තීරණය කොට ඇත්තේ තමන් කටයුතු කරන්නේ මුදල් කැබිනට් අමාත්‍යවරයාගේ නියෝගවලට පමණක් බැවින් අනිකුත් නියෝග ගනන් නොගෙන සුපුරුදු පරිදි මැතකදි වැඩිකල මිලටම එනම් රුපියල් 30 ට ලොතරයි ටිකට් පත් අලෙවි කිරීමටයි.

    අද ජාතික පුවපත් බොහෝමයක් ලොතරැයි මණ්ඩල බලධාරීන් උපුටා දක්වමින් වාර්තා කර ඇත්තේද රුපියල් 20 මිලට ලොතරැයිපත් මුද්‍රණය කිරීම සදහා සතියක දෙකක කාලයක් ගතවනු ඇති බවයි.

    අගමැති රනිල් වික‍්‍රමසිංහ හා මුදල් ඇමති රවි කරුණානායක ඇතුළු පිරිසක් මේ දිනවල ස්විස්ටරලන්ත චාරිකාවක නිරත වෙමින් සිටී.

    http://www.abrighterfuture.lk/ravi-k-call-190117/
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,790
    28,158
    113
    මෛත්‍රී ගානට වැඩේ දීලා ගොඩ යයි පක්ෂෙ එක්කම,මේ ගොන් රවී යා හිඳා එ.ජා.පෙ නිකන් ගූ වෙනවා,කනට දෙකක් දීලා පැත්තකින් තියන්නෙ නැතුව
     

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,971
    6,368
    113
    මෛත්‍රී ගානට වැඩේ දීලා ගොඩ යයි පක්ෂෙ එක්කම,මේ ගොන් රවී යා හිඳා එ.ජා.පෙ නිකන් ගූ වෙනවා,කනට දෙකක් දීලා පැත්තකින් තියන්නෙ නැතුව

    Guuu wenna mokatada ravi wage pal horekta mudal amathi kama dunne.:lol:
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,475
    8,665
    113
    රූකඩ රාජ්ජේ
    ටිකට් විකුණන මිනිස්සු අදටත් පාරේ නෑ හැබැයි...දැන් ගහපු ටිකට් විකුණගන්න බැරුව ඉන්නේ..tv එකේ නම් දානවා "මීලගට ලොතරැයි දිනුම් ඇදීම් " කියලා.....