රවී කියන බිලියන අටේ ගිණුම

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
රවී කියන බිලියන අටේ ගිණුම

රවී කියන බිලියන අටේ ගිණුම ගැන ගෝඨා කතා කරයි

මා නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ තිබූ ගිණුමක රුපියල් බිලියන 08 ක මුදලක් තිබී එය මහා භාණ්ඩාගාරය යටතට ගත්තායැයි පළවූ පුවත නොමග යවන සුළු එකක් බවත් එය තමාගේ කීර්ති නාමය පළුදු කිරීමට ගොතා ඇති එකක් බවත් හිටපු ආරක්ෂක ලේකම්, ගෝඨාභය රාජපක්ෂ මහතා කියයි.
මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ පැලවත්තේ යුධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් කටයුතු කිරීමට මුදල් වියදම් කිරීම සඳහා ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ ක්‍රියාකාරී ගිණුමක් තිබූ බවයි.
මෙම ගිණුම ආරම්භ කළේ කැබිනට් මණ්ඩල අනුමැතිය සහිතව බවත් ඒ සඳහා කොළඹ ගාලු මුවදොර පිහිටි යුධ හමුදා මූලස්ථානය පිහිටි ඉඩම කල්බදු ක්‍රමයට ලබාදීමෙන් ලබාගත් මුදල් තැන්පත් කර තිබුණු බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර ඇත. පැලවත්ත යුධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් ආරම්භ කළ පසුව ඉදිකිරීම් කරගෙන ගිය ආකාරයට අනුව කොන්ත්‍රාත් කරුවන්ට සහ සැපයුම්කරුවන්ට මුදල් ගෙවීම සඳහා මෙම ගිණුමෙන් මුදල් ආපසු ලබාගත් බව සඳහන්ය.
මෙම ගිණුම ආරක්ෂක ලේකම්වරයා වූ තමාගේ අධීක්ෂණයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන ගණකාධිකාරීවරයා සහ අනිකුත් බලයලත් නිළධාරීන් විසින් පවත්වාගෙන ගියායැයි රාජපක්ෂ මහතා කියා තිබේ.
සියළුම චෙක්පත් නිකුත් කරනු ලැබුවේ සහතික කළ ගෙවීමේ වවුචර සඳහා දෙදෙනෙකුගේ අත්සන් සහිතව බවත් 2011 වසරේදී ගිණුම ආරම්භ කරන විට එහි රුපියල් බිලියන 20 ක පමණ මුදල් තිබූ බවත් සෑම වසරකටම යුධ හමුදා මූලස්ථානයේ ඉදිකිරීම් සඳහා අවස්ථානුකූලව මුදල් ආපසු ලබාගත් බවත් සඳහන්ය.
බලයලත් පුද්ගලයින්ගේ නම් සහ අත්සන් බැංකුවෙන් සහ ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රධාන ගිණුම් නිළධාරියාගෙන් ලබාගත හැකියැයි ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ. තමා ආරක්ෂක ලේකම් ධූරයෙන් ඉවත් වනවිට මෙම ගිණුමේ රුපියල් බිලියන 08 කට වැඩි තැන්පතු තිබුණායැයි හෙතෙම කියා තිබෙන අතර එය මහා භාණ්ඩාගාරයෙන් පරීක්ෂාකර ගත හැකියැයි පවසා තිබේ.
තමා ආරක්ෂක ලේකම් ධූරයෙන් සමුගත් පසුව මෙම ගිණුමේ භාරකරුවා බවට නව ආරක්ෂක ලේකම්වරයා පත්වන බවත් ඔහුට මේ සියල්ල පරීක්ෂාකිරීමට හැකි බවත් හිටපු ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර තිබේ. මෙම ගිණුම තමාගේ පුද්ගලික ගිණුමක් නොවන බවත් ආරක්ෂක ලේකම්වරයා ලෙස එම ධූරය ප්‍රකාරව අනිකුත් බලයලත් නිළධාරීන් සමග තම නම අත්සන්වල ඇතුළත්වී තිබෙන බව පමණක් හෙතෙම මාධ්‍ය වෙත කළ පැහැදිලි කිරීමේදී අවධාරණය කර තිබේ.
මේ නිසා, තමාගේ නමින් ලංකා බැංකුවේ තැප්‍රොබේන් ශාඛාවේ රුපියල් බිලියන 08 ක පුද්ගලික ගිණුමක් තිබුණා යැයි පැවසීම සාවද්‍ය බවත් මෙම චෝදනාව තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත් මේ පිළිබඳව බැංකුව සහ මහා භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර මෙම ගිණුම පිළිබඳව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන ලෙස නව ආරක්ෂක ලේකම්වරයාගෙන් ඉල්ලා සිටින බවත් රාජපක්ෂ මහතා කියා තිබේ.
කෙසේවෙතත්, මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා චෝදනා කර තිබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් පුද්ගලික ගිණුමක රුපියල් මිලියන 7500 ක පමණ මුදලක් තිබූ බවත් එය මහා භාණ්ඩාගාරය යටතට පත්කර ගත් බවයි.SRS:http://www.adaderana.lk/biz/රවී-කියන-බිලියන-අටේ-ගිණුම/
.

.
.
.
.
.
.
.
.
.
.
.
.
බොරු කියකිය මඩ ගහන උඹලට හෙන ගහනවා...කටට ආපු පලියට හොරා කියකිය නටන හැත්තට හෙන ගහනවා...:angry:
 
Last edited:

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    138.jpg
     
    • Like
    Reactions: kingkong619

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඵදා සතොස ගිල්ලේ දත් නොමැද ඵ්ක නිසා රටටම ගද ගැහුවා..
    දැන් සීන් ඵක දන්නවා...
    දත් මැදලම සීන් ඵකට ඵන්ටර් වෙලා..සේප්පු පිටින් ගිලින්නට හැක..
    යහපාලනේට මෛත්‍රියක්ම වේවා..
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මේ සතොසෙ පාඩුව පියෙව්වෙ ගබඩා 99 අවුරුදු බදු දීලා කැබිනට් පත්‍රිකාවක් මගින්
    දන්න නෑ නේද?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මැලිබන් සමාගමේ ණය පියෙව්වෙ මහින්ද රජය.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඇමසින් ගොයියාගෙ ෆෙක් ටිකෙන් දාන බොරු ටිකයි අර මැබොයිගෙ බොරු ටිකයි මෙකෙ ඉන්න උන් ගිලල තියෙන්නෙ
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    වැඩේ කිඋංනෙ යහාපාලන හුජ්ජ කොල්ලෝ රවිලට රනිල්ලාට රවටෙනවනේ...
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    ඇමසින් ගොයියාගෙ ෆෙක් ටිකෙන් දාන බොරු ටිකයි අර මැබොයිගෙ බොරු ටිකයි මෙකෙ ඉන්න උන් ගිලල තියෙන්නෙ
    ඒවුනත් අර අවජාතක ජෙප්පෙක් ඉන්නවා... ඉකට ජෙප්පෙක් කියන්නත් ලැජ්ජයි .. ඕක කියනවා අනිත් එවුන්ගේ බොරු අහලා බල්ලෙක් වගේ පාරේ මරන්න ඕනේ කියලා...
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒවුනත් අර අවජාතක ජෙප්පෙක් ඉන්නවා... ඉකට ජෙප්පෙක් කියන්නත් ලැජ්ජයි .. ඕක කියනවා අනිත් එවුන්ගේ බොරු අහලා බල්ලෙක් වගේ පාරේ මරන්න ඕනේ කියලා...

    උ දැක්කා වගෙ හැමදෙම කියනවා පට්ට බොරු ගොතන්න දන්නවා ඇමසින්ද මන්ද එත් :lol::lol::lol::lol:

    නොදන්න පැත්තක් නැහැ පුද්ගලිකවම දන්න්වා ඔක්කොම කොතන හරි මොකක් හරි වෙලා තිබුනොත් මු ඔක්කොම දන්න්වා වගෙ ලස්සනට ගොතලා කියනවා :lol::lol::lol: අමුනන්න දන්නවා යකඩ පාස්සන එකා බොරු ගොතනව දිව නැවෙන නැවෙන පැත්තට :lol: රිදෙයි
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මචන් අමතක නිසා අහන්නෙ.. රවී කියන්නෙ අර සතොස කාපු එකාද බන්??:lol:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    කරුපයියලාට
    කරුපයියෙන් ඇවිත් සිංහලයාට කෙලින්නට බැරිය...
    ඉතිං කරුපයියා....
    රවි කරගෙන දැන් සිංහලයාට කෙලවන්න...
    ඇවිත්...දැන් දාගත්තානම් කෙලෝගනිල්ලා...හොදට
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    යකෝ හරියට සජිත් අරලිය ගහ මන්දිරේ අඩු මොනද බලන්න ගියා වගේනේ :lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    ඇමසින් ගොයියාගෙ ෆෙක් ටිකෙන් දාන බොරු ටිකයි අර මැබොයිගෙ බොරු ටිකයි මෙකෙ ඉන්න උන් ගිලල තියෙන්නෙ
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    උ දැක්කා වගෙ හැමදෙම කියනවා පට්ට බොරු ගොතන්න දන්නවා ඇමසින්ද මන්ද එත් :lol::lol::lol::lol:

    නොදන්න පැත්තක් නැහැ පුද්ගලිකවම දන්න්වා ඔක්කොම කොතන හරි මොකක් හරි වෙලා තිබුනොත් මු ඔක්කොම දන්න්වා වගෙ ලස්සනට ගොතලා කියනවා :lol::lol::lol: අමුනන්න දන්නවා යකඩ පාස්සන එකා බොරු ගොතනව දිව නැවෙන නැවෙන පැත්තට :lol: රිදෙයි

    යකෝ හරියට සජිත් අරලිය ගහ මන්දිරේ අඩු මොනද බලන්න ගියා වගේනේ :lol:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වැරදි හරිවිදියට එලියට දාන්න ඕනේ,එහෙම නැතිව බොරු පච දාල නිකන් කින්ඩි වෙන්නේ නැතුව. මේ වෙනකන් අල්ලපු,කරපු ගොඩක් බොරුනේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    යකෝ හරියට සජිත් අරලිය ගහ මන්දිරේ අඩු මොනද බලන්න ගියා වගේනේ :lol:

    ඇමසින් ගොයියාගෙ ෆෙක් ටිකෙන් දාන බොරු ටිකයි අර මැබොයිගෙ බොරු ටිකයි මෙකෙ ඉන්න උන් ගිලල තියෙන්නෙ

    උ දැක්කා වගෙ හැමදෙම කියනවා පට්ට බොරු ගොතන්න දන්නවා ඇමසින්ද මන්ද එත් :lol::lol::lol::lol:

    නොදන්න පැත්තක් නැහැ පුද්ගලිකවම දන්න්වා ඔක්කොම කොතන හරි මොකක් හරි වෙලා තිබුනොත් මු ඔක්කොම දන්න්වා වගෙ ලස්සනට ගොතලා කියනවා :lol::lol::lol: අමුනන්න දන්නවා යකඩ පාස්සන එකා බොරු ගොතනව දිව නැවෙන නැවෙන පැත්තට :lol: රිදෙයි

    යකෝ හරියට සජිත් අරලිය ගහ මන්දිරේ අඩු මොනද බලන්න ගියා වගේනේ :lol:

    වැරදි හරිවිදියට එලියට දාන්න ඕනේ,එහෙම නැතිව බොරු පච දාල නිකන් කින්ඩි වෙන්නේ නැතුව. මේ වෙනකන් අල්ලපු,කරපු ගොඩක් බොරුනේ

    :lol::lol:
     
    Similar threads