රසම් පානය සකසා ගන්නා ක්‍රමය (How To Prepare A Rasam Drink)

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රසම් පානය සකසා ගන්නා ක්‍රමය (How To Prepare A Rasam Drink) - Your Choice Way
    දිවට රස දැනෙන උණුසුම් ගතියක් මනසට හැඟෙන ඉතා ප්‍රනීත ඖෂධයක් ලෙස අපට තැම්බුම් හොද්ද හඳුන්වා දිය හැකිය. මින් දිරවීම පහසු කරන බඩේ අමාරු සුව කරන්නට කදිම ඖෂධ ගුණයක් ඇති බව අප කවුරුත් දනී. කටට දැනෙන අමිහිරි රසය උගුරට එන විට ඔබට හැඟෙන්නේ වමනය යන්නට එන්නාක් මෙනි. එවිට මේ තැම්බුම් හොද්ද ඉතා අගනා බෙහෙතක් ලෙස අපට දැනෙන්නේ එය පානය කර පසු ලැබෙන සහනය නිසාය.තැම්බුං හොදි පානය කළ පසු පිබිදෙන කුස නැවත අලුත් බවක් හට ගනී. එවිට ගන්නා ආහාර නව ප්‍රබෝධයකින් කුසතුළ ජීර්ණය වීමට පටන් ගන්නවා.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    • කොත්තමල්ලි
    • සූදුරු
    • මහදුරු
    • සුදුලූණු
    • ගොරකා හෝ සියඹලා
    • ගම්මිරිස්
    • කරපිංචා
    • මුරුංගා පොතු
    • අමු ඉඟුරු කැබැල්ලක්
    • කුරුඳු පොතු කැබැල්ලක්
    • උළුහාල් ස්වල්පයක්
    • අවශ්‍ය ප්‍රමාණයට ජලය

    සාදන ක්‍රමය:
    1. කොත්තමල්ලි, සූදුරු, මහදුරු, සුදුලූනු, ගම්මිරිස්, කරපිංචා, මුරුංගා පොතු, කුරුඳු පොතු අවශ්‍ය ප්‍රමාණයට ගෙන අඹරා පිරිසුදු කළ මුට්ටියකට දමා දියකර ගන්න. එයටම උළුහාල් ටිකද දමන්න.
    2. ගොරකා හෝ සියඹලා අවශ්‍ය ප්‍රමාණයට ගෙන දමා පසුව අවශ්‍ය ප්‍රමාණයට වතුර එක්කර ගන්න.
    3. මීට ලුණු ස්වල්පයක් ද අවශ්‍ය තරමට එක් කරගන්න.
    4. අවශ්‍ය පරිදි ජලය දමා මිශ්‍රණය සමග මුට්ටිය ලිප තබා හොඳීන් රත්කරගන්න.
    5. මද වේලාවකට පසුව එය අවශ්‍ය පදමට ආ පසු ලිපෙන් බා ආහාරයට ගන්න.
    ගුණ:
    1. ප්‍රතිශක්තිය ඇතිකරයි.
    2. ආහාර අරුචිය නැති කරයි.
    3. බඩේ අජීරණයට ද ගුණයි.
    4. ආහාර විසවීම්වලදී මෙය භාවිතයට ගැනීම සුදුසුයි. මෙහි ඇති මුරුංගා පොතුවල ඇති ඖෂධීය ගුණය මෙම විස නැතිකිරීමට උදව් වේ.
    5. කොලෙස්ටරෝල් හා දියවැඩියාව ඇති අයට ද ඉතාමත් සුදුසුයි. එය සුදුලූනු, උළුහාල් හා කරපිංචාවලින් ලැබෙනවා.
    6. හොඳීන් මළ පහ වීමද වේ.
    7. මුත්‍රා පිටවීමද නිසි පරිදි සිදුවේ.
    8. එසේම වාත රෝගවලටත් සුදුසුයි.
    • සමස්තයක් වශයෙන් ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කිරීම මින් සිදු වෙනවා.
    **ගැස්ට්‍රයිටීස් හා ලේ අර්ශස් ඇති අයට තැම්බුම් හොදි ගැනීම එතරම් සුදුසු නැත.

    මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න

    original Article Click Here
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    තැම්බුම් හොදි කියන්නේ සුප්පා පානයක්.
    ඔව්... මෙවැනි ලිපි දිනපතා ලබා ගැනීමට අපගේ Kaama Lanthaya app එක අදම google play එකෙන් install කරගන්න