same here............ඕකම තමා බං මටත් වෙලා තියෙන්නේ......එළියට බහින කොටත් රෑ 9-10 වෙලා....ඉතින් මොන කෑම හැදිලිද???????![]()




same here............ඕකම තමා බං මටත් වෙලා තියෙන්නේ......එළියට බහින කොටත් රෑ 9-10 වෙලා....ඉතින් මොන කෑම හැදිලිද???????![]()




thankx machan.
puluwan nam tomato sauce hadana hati kiyala thread ekak danna.
![]()
මේ වගේ කෑමක් කන්න අනිවාර්යයෙන් සෝස් ටිකක් ඕනෙමනේ!! සමහරුන්ට නම් බත් කන්නත් සෝස් ඕනේ!
වෙළදපොලේ තියන සෝස් වර්ග වල විනාකිරි වැඩි වශයෙන් තියන නිසා සමහරුන්ට ඒවා කෑවහම එක්කො කටේ ගෙඩි! නැත්නම් ගැස්ට්‍රයිටිස්!!
ඒ මදිවට Colouring & Preservatives.
ඒ නිසා ඔය කිසිම ප්‍රශ්ණයක් නැතිව පොඩි එවුන්ට උනත් ඇති තරම් කන්න පුලුවන් සෝස් එකක් අද හදමු!! මේක හදන්නෙ සියඹලා වලින්! සියඹලා කියන්නෙ ආයුර්වේදයේ සදහන් වන විදියට ජීර්ණ පද්ධතියට දිව ඔසුවක්!! මළබද්ධය, අජීර්ණ වලට කියාපු බෙහෙතක්!! ඉන්දියාව, තායිලන්තය වගේ රට වල බහුලව සියඹලා භාවිතා වෙනවා!!
![]()
ලංකාවෙ වෙළදපලේ සොයා ගැනීම අපහසු වුවත් සමහර රට වල Tamarind Sauce තියනවා!!
කොළඹ නුවර පාරේ ගළිගමුව නගරය පහුවුනාම අඹන්පිටියෙ හම්බවෙන 45th Milestone Restaurant දන්නවා ඇතිනේ. අන්න ඒකේ Traditional Sauce එකක් විදියට මේ සෝස් එක හදලා දෙනවා!!
![]()
සියඹලා ග්‍රෑම් 200ක් ගන්න.
![]()
ඇලුමිනියම් නොවන භාජනයකට දමා පැසෙන උණු වතුර සියඹලා වැසෙන පරිදි වත්කර පැයක් පමණ වසා තබන්න.
![]()
අතින් හො හැන්දකින් පොඩිකර උකු ද්‍රාවනයක් සාදා ගන්න.
![]()
කිරි ගොට්ටකින් පෙරා ගන්න. තේ පෙරන වලින් පෙරන්න එපා!!
![]()
මෙන්න මේ වගේ!
![]()
රතු මිරිස් කුඩු තේ හැදි 2
ගම්මිරිස් කුඩු තේ හැදි 1
සිහින්ව කපාගත් ඉගුරු හා සුදුලූනු තේ හැන්ද බැගින්
ලුණු කුඩු තේ හැදි 1/2ක්
කුරුදු, එනසාල්, කරාඹුනැටි, බේ ලීෆ් කුඩුකරගත් තේ හැදි 1/2ක්
සීනි ග්‍රෑම් 100ක් පමණ ( සියඹලා වල ඇඹුල් තත්වය මත මෙය වෙනස්වේ)
![]()
ඉගුරු සුදුලූනු කබලේ බැද ගන්න (තෙල් නැතිව)
![]()
ලුණු හා සීනි හැර ඉතිරි කුලුබඩු එක්කර විනාඩියක් බැද ගන්න.
![]()
සියඹලා ද්‍රාවනය එක්කරන්න. ලුණුද එක්කරන්න.
![]()
රස බලමින් ටික ටික සීනි එක්කර උතුරන තෙක් හොදින් හැදි ගාන්න.
![]()
ගින්දර අඩුකර සොස් මෙන් ඝණ වන තුරු හැදි ගාන්න. රස බලා අඩු පාඩු එක්කර ගන්න.
![]()
ලිප නිවා මදක් නිවෙන්න තබන්න.
![]()
ගෙදර තියෙන හිස් බොතල් සොදින් උණු වතුරෙන් සෝදා වේලාගෙන ඇතුලත ටිෂූ පේපර් එකකින් හොදින් පිස ගන්න.
![]()
බොතල් වලට වත්කර පියන ඇර නිවෙන්න තබන්න.
![]()
හොදටම නිවුන පසු මූඩිය තදකර ශීත කරනයේ තබා ප්‍රයෝජනයට ගන්න.





me ban lokka oken ohoma bothal 3 k pirenda hada ganda puluwan da????mama haduwa eka bothalayai ne awe![]()
![]()
4tos heta danawa okkoma hadapuwa