හන්දියෙ තියෙන ෆාමසිය දාලා දැං අවුරුදු දහයක්වත් වෙනවා. පස්සෙ කාලෙක ඕක දියුණු වෙලා ඔය මෙඩිකල් ටෙස්ට් එහෙමත් කරන්න ගත්තා. ඔය ෆාමසියෙ සිද්ධ වෙච්ච දෙයක් තමයි මං අද කියන්න යන්නේ. චූටි කතාවක්.
ඔන්න එක දවසක් වයසක මහත්තයෙක් එනවලු ෆාමසියට. ඇවිල්ලා කිසි කතාවක් බහක් නැතුව පොඩි කුප්පයක් තිබ්බා ලු කවුන්ටරෙන්. තේ හැන්දකුත් එලියට අරගෙන, අර කුප්පියෙන් පොඩ්ඩක් දාල ෆාමසියෙ හිටපු කෙල්ලට කිවුවලු, “දුවේ, පොඩ්ඩක් මේකෙ රහ බලනවද?“ කියල.
කෙල්ලත් අරගෙන රහ බැලුවලු. අර මනුස්සයා ඇහුවලු, “දුවේ, ඕක පැණි රහයිද?“ කියලා. “නෑ අංකල්, මේකෙන් පැණි රහක් නං එන්නෙ නෑ“ කියල කෙල්ල කිවුවලු.
“හපොයි දෙයියංගෙ පිහිටයි එහෙනං“, වයසක පොර කියනවලු. “දොස්තර මහත්තයා කිවුවා මට මෙතනට ඇවිත් මුත්‍රා වල සීනි තියෙද කියල බලාගන්න කියල.“
Code:
http://www.thelastrow.net





