රස්පුටින්

criss_angel

Active member
  • Nov 23, 2013
    181
    156
    43
    d0b3d180d0b8d0b3d0bed180d0b8d0b9_d180d0b0d181d0bfd183d182d0b8d0bd_1914-1916b-3.jpg


    රස්පුටින්, නොඑසේ නම් ග්‍රිගෝරි යෙෆිමොවිච් රස්පුටින් යනු ලොව සුප්‍රකට පුද්ගල චරිත අතරට එක්වන තවත් සුවිශේෂී නාමයකි. 1869 ජනවාරි 22 වැනිදා ඉපදුණු ඔහු 1916 දෙසැම්බර් 30 වැනිදා මෙලොව හැර ගියේ ලොව දස අත සිය නම පතුරවමිනි. ඔහු එතරම් සුප්‍රකට චරිතයක් බවට පත්වූයේ අන්කිසිවක් නිසා නොව රුසියානු විප්ලවයට පෙර සිටි අවසන් රජු වූ 2 වැනි නිකොලස් සාර් රජු, ඔහුගේ බිසව වූ ඇලෙක්සන්ඩ්‍රා හා පුත්‍රයා වූ ඇලෙක්සිස් සිය වසඟයට ගෙන මුළු රුසියාව පුරාම බලය පැතිරවීමට තරම් හැකියාවක් ලබාගත් හෙයිනි. ඔහු රාජ්‍ය බලය සියතට ගෙන කළ කී දෑ අපමණය. පූජකයකු වූ ඔහු සිය වසඟයට ගත් කාන්තාවන්ගේ ගණන අපමණය. එසේ හෙයින් ‛හොර පුජකයා’ යනුවෙන් ද ඇතැමෙක් ඔහුව හඳුන්වන්නට විය.

    1917 දී සාර් අධිරාජ්‍යය බිඳවැටී රුසියානු විප්ලවයට ජයගන්නට හැකිවූයේ ද රස්පුටින්ගේ නොමනා ක්‍රියාවන් හේතුවෙන් ජනතාව සාර් පාලනය කෙරෙහි කළකිරීම නිසා බව ද ඇතැමෙක් පවසති. රසපුටින් පිළිබඳ ලියැවී ඇති පොත් පත් ගණන ද අතිවිශාලය. සුප්‍රකට බොනියම් ගායක කණ්ඩායම මොහු පිළිබඳ ගායනා කරනා Rasputin ගීතය අදටත් ලොව පුරා එකසේ ප්‍රචලිතය.

    ඔහුගේ ජීවිතය මෙන්ම ඔහුගේ මරණය ද අදටත් අභිරහසකි. ඔහු පහසුවෙන් මරණයට පත් කළ හැකි පුද්ගලයෙක් නොවේ යැයි ද රාවයක් පැතිර තිබිණි. ඔහුගේ ජීවිතය පිළිබඳව කතා කරනවා සේම මරණය පිළිබඳ කතා කිරීම බොහෝ දෙනෙකුගේ උනන්දුව වඩවාලීමට හේතුවක් වනු ඇත. එසේ හෙයින් අපි ඔහුගේ ජීවිතයත් මරණයත් පිළිබඳව මෙසේ කතා කරමු.


    hello_html_m4917b556.png

    රස්පුටින්ගේ පදයට නටන සාර්

    කාන්තාවන් ලිංගික අපයෝජනයන්ට ලක්කරන්නකු වශයෙන් පෙනී සිටි රුසියානු පූජකයකු වූ රස්පුටින් ප්‍රබල සාර් රාජවංශය බිඳ වැටීමට හේතුවූ ප්‍රධාන සාධකය බව බොහෝ දෙනා පොදුවේ පිළිගනිති. රුසියානු විප්ලවයට වසර ගණනාවකට පෙර සිටම සාර් රාජකීයයන්ට ඉමහත් බලපෑමක් කරමින්, ඔවුන්ගේ විශ්වාසය දිනා ගනිමින් පූජක චරිතයකට පණදුන් මේ පුද්ගලයා රුසියානු රාජ්‍යය පුරා ද මුළු ලොව මුළුල්ලේ ද සුප්‍රකට චරිතයක් බවට පත්වෙමින් සිටියේය. රස්පුටින් සාර් රජ පවුලට කළ බලපෑමේ අනිටු පලය වූයේ රජ පවුලත් ජනතාවත් අතර විරසකයකට මග පෑදීමයි. ඔහු බොහෝ කාන්තාවන් සංඛ්‍යාවක් සමග නොමනා ලිංගික සම්බන්ධකම් පැවැත්වූවා පමණක් නොව සාර් රජුගේ බිසව ද තම වසඟයට ගෙන තිබූ බැව් පැවසේ. සාර් මාළිගයේ සිටි ඇතැමෙක් රස්පුටින්ගේ මෙම හැසිරීම් අනුමත නොකළ අතර ඔවුනගේ අදහස් වූයේ ඔහු රජ මාලිගයෙන් පිටමන් කළ යුතු බවයි. නමුත් ඔහු රජ පවුලත් සමඟ තිබූ අතිශය සමීප සබඳතාවය නිසා එය කළ නොහැක්කක් විය.

    5727893106_93fcc4feb6_z.jpg

    දෙවැනි සාර් නිකොලොස් හා ඇලෙක්සැන්ඩ්‍රියා

    රස්පුටින් යනු සැබැවින්ම ගුප්ත බලයක් සහිත පුද්ගලයෙක්ව සිටි බව ප්‍රකටය. රජ පවුලට අයත් දඩයම් සුනඛයකු සුව කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ඔහු දෙවැනි සාර් නිකොලොස්ගේ හා ඇලෙක්සැන්ඩ්‍රියාගේ අවධානයට ලක්විය. ඔවුන් රෝග සුවකරන්නකු වශයෙන් රස්පුටින් කෙරෙහි මෙතරම් අවධානයක් යොමු කළේ අන්කිසිවක් නිසා නොව සිය පුතු වූ ඇලෙක්සිස්ගේ තිබූ රෝගී තත්වය නිසාය.

    2EB36AA700000578-0-image-m-3_1448211322879.jpg

    දෙවැනි සාර් නිකොලොස් හා ඇලෙක්සිස්

    සාර් පවුලේ රජ කිරුළට හිමිකම් කියන්නට පුතකු උපන්නේ දියණියන් පස් දෙනෙකුගේ අනතුරුවය. එබැවින් සාර් රජු හා බිසව ඔහුට ඉතා දැඩි ස්නේහයක් දැක්වූහ. එහෙත් අවාසනාවට මේ ඔටුන්න හිමි සාර් කුමරු හීමෝපීලියාව වැළඳීමෙන් රෝගී තත්වයට පත්ව සිටියේය. වේදනාකාරී වූ මෙම රෝගය වැළඳුණු සියලු දෙනා අඩු වයසින්ම ජීවිතයෙන්ම සමුගන්නේය. රස්පුටින් පිළිබඳ දැනගත් මොහොතේම සාර් බිසව සිය පුතු සුවපත් කරගැනීම සඳහා ඔහුගේ පිහිට පැතුවේය. රස්පුටින් සිය දෑත් ඇලෙක්සිස්ගේ සිරුරට තැබුවා පමණි, නොබෝ දිනකින්ම ඔහුගේ සෞඛ්‍ය තත්වය යහපත් වී ඔහු සම්පූර්ණයෙන්ම සුවය ලැබුවේය. මෙයින් පසුව රාජකීය පවුල සමග වූ රස්පුටින්ගේ බැඳීම තවතවත් ශක්තිමකත් විය. ඔහු සිය බලය තව තවත් පතුරුවන්නට ද පටන් ගත්තේය. අවසානයේ එයම ඔහුගේ මරණයට ද දොරටු විවර කළේය.

    The-Last-letter-of-Rasputin-500x663.jpg

    රස්පුටින්ගේ අත් අකුරු

    රස්පුටින් සිය මරණය පිළිබඳ කළින් දැන සිටියාද යන්න පිළිබඳව සැක සිතෙන අවස්ථාවන් ද හමු වේ. සාර් රජු යුද පෙරමුණට යන සෑම අවස්ථාවකදීම රස්පුටින්ගේ ආශීර්වාද පතන්නට පුරුදුව සිටියේය. දිනක් පුරුදු පරිදි මෙසේ ආශීර්වාද පැතූ අවස්ථාවක රස්පුටින්,

    “අද නම් ඔබ මටයි ආශීර්වාද කළ යුත්තේ”

    යනුවෙන් පැවසූවේය. රුසියාවේ හා තමාගේ විනාශය හා ඉරණම පිළිබඳ අනාවැකියක් සහිතව රස්පුටින් විසින් ලියන ලද ලිපියක් ද හමුවී තිබේ. එහි මෙසේ තිබේ.

    “මාගේ හෝරාව ඉක්මණින් උදාවනු ඇත. මට ඒ පිලිබඳ බියක් නොමැත. නමුත් ඒ හෝරාව අමිහිරි බැව් ඔබ දත යුතුය. මට මරණයේ වේදනාව දැනෙනු ඇත. මම මාගේ වධකයින්ට සමාව භජනය කරමි. මාගේ රාජධානිය උරුමකර ගනිමි. ”

    ඔහුගේ මරණය සිදු වූ දිනයේ ඔහු මෙවැනි දෙයක් පැවසූ බැව් ද වාර්තා වී තිබේ.

    “පුංචි අම්මේ, මගේ අවසානය ආසන්න වී ඇතැයි මට සිතෙනවා. ඔවුන් මා මරා දමාවි. සිහසුන මාස තුනක්වත් පවතින එකක් නැහැ.”

    ඔහුගේ ජීවිතයට තර්ජනයක්ව ඇති සැළැස්මක් ක්‍රියාත්මක වෙමින් පවතින බවත්, ඒ නිසාම රාත්‍රි කාලයේ ගමන් බිමන්වලින් වැළකී සිටීම ප්‍රවේශම් සහිත බවත් රස්පුටින්ගේ මිතුරකු අනතුරු හඟවා තිබිණි. නමුත් මේ සියල්ල නොසළකාමින් ඔහු සිය මාරයා වූ යුසොපොව් කුමරුගේ නිවසට ගියේය.


    yB50OYnmyU9I_feliks-iusupov.jpg

    යුසොපොව් කුමරු

    යුසොපොව් සහ ඔහුගේ කුමන්ත්‍රණකරුවන් ක්‍රීම් කේක්වලට සයිනයිඩ් යහමින් මිශ්‍රකොට රස්පුටින්ව මරා දමන්නට කිහිප වරක්ම උත්සාහ ගත් බැව් යුසොපොව් විසින්ම පසු කාලයේදී හෙළිකර තිබිණි. රස්පුටින් පැණි රස කැවිලිවලට අකමැති බැවින් කේක් අනුභවය ඔහු දිගින් දිගටම ප්‍රතික්ෂේප කළේය. නමුත් අවසානයේ රස්පුටින් කේක් කන්නට කැමැත්ත පළ කළේය. ඔහු සයිනයිඩ් අධිකව මිශ්‍ර කළ කේක් අනුභව කළත් ඔහුගෙන් කිසිදු වෙනිසක් දක්නට හැකි වූයේ නැත. පසුව යුසොපොව් වස මිශ්‍ර කළ වයින් රස්පුටින්ට පානය කරන්නට ලබා දුන්නේය. වයින් බොන්නට ද රස්පුටින් මුළින් අකමැති වුවත් පසුව කැමැත්ත පළ කළේය. නමුත් වස මිශ්‍ර වයින් පානය කළ ද කිසිදු වෙනසක් දක්නට නොලැබුණෙන් යුසොපොව් අපේක්ෂාභංගත්වයට පත්විය. පැය දෙකක් පමණ ගතවූ විට රස්පුටින්ගේ වෙහෙස බවක් දිස්වූ මුත් ඔහු ඉතා ප්‍රාණවත්ව සිටියේය. පසුව සිය රිවෝල්වරය ගත් යුසොපොව් රස්පුටින්ගේ හදවතටම එල්ළකොට වෙඩි තැබුවේය. රස්පුටින් ප්‍රාණය නිරුද්ධ වූවාසේ පෙනුණි. යුසොපොව් නාඩි පිරික්සා බැලූ මුත් නාඩි ගැහෙන බවක් දැනී ද නැත. තමා රස්පුටින්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර දෙස බලා සිටි බවත්, එකවරම එක් ඇසක් ද, මදකින් අනෙක් ඇසත් විවර වුණු බව යුසොපොව් පසුව පවසා තිබිණි. රස්පුටින් සිය පාදය දිගහැර යුසොපොව්ට පහරක් එල්ළ කළේය. එහිදී රස්පුටින්ගේ මුවින් සෙම ගළා යන්නට විය. එම නිවසින් පිට වූ රස්පුටින්, සිදුවූ සියල්ල සාර් රජුගේ බිසවට පවසන බව පවසමින් අංගනය හරහා ගමන් කරන්නට පටන් ගත්තේය. පසුව යුසොපොව්ගේ උදව්කරුවකු වූ පුරිෂ්කෙවික් රස්පුටින්ගේ කොන්ද දෙසට වෙඩි තැබුවේය. රසුපුටින් ඇවිදීම නතර කළ අතර, පුරිෂ්කෙවික් නැවත වෙඩි තැබුවේය. එහිදී රස්පුටින් බිම ඇද වැටුණි. එතැනට දිව ගිය පුරිෂ්කෙවික් රස්පුටින්ගේ මළ සිරුරට වැරෙන් පා පහරක් එල්ළ කළේය. එයින් මළසිරුරේ දැඩි තුවාළයක් ඇතිවිය.

    img_mmeseguer_20161229-121746_imagenes_lv_otras_fuentes_cadavre_de_raspoutine_1916-kWbH--656x279@LaVanguardia-Web.jpg

    රස්පුටින්ගේ මළ සිරුර

    මළ සිරුර නිවෙසට රැගෙන ආ අතර සිය කෝපය පාලනය කරගත නොහැකි වූ යුසොපොව් රස්පුටින්ගේ හිසට හා පසුපසට එක දිගට පහර දෙන්නට පටන් ගත්තේය. ඇතැම් වාර්තාවලින් පැවසෙන්නේ යුසොපොව් රස්පුටින්ගේ මළ සිරුර සමග යම්කිසි ලිංගික ක්‍රියාවක ද නිරත වූ බවය. පසුව රස්පිටුන්ගේ සිරුර අසළ තිබූ පාළම මතට ගෙන ගිය ඔවුහු, එය ගඟට විසි කළහ. පසුව සිරුර සොයා ගත්තේ මීටර් 226ක් ඈතිනි. එය ඇදී ගොස් තිබුණේ ගඟේ අයිස් තරමට සීතල ජලයට යටිනි. මරණ පරීක්ෂණයේදී හෙළිවූයේ ඔහුගේ පෙනහලු ජලයෙන් පිරී තිබූ බවයි. එයින් අදහස් වන්නේ ඔහුව ගඟට විසි කරනා අවස්ථාව වන විටත් ඔහු ජීවතුන් අතර සිටි බවයි. ඔහුගේ මරණය සිදුවූ දිනය ලෙස පැවසෙන්නේ 1916 දෙසැම්බර් 30 වැනිදාය.

    dead-rasputin.jpg

    මරණ පරීක්ෂණය අවස්ථාවේ ගනු ලැබූවකි

    වස දුන්න ද, වෙඩි තැබුව ද, දියේ ගිල්වූව ද රස්පුටින් යනු මරාදැමිය හැකි මිනිසකු වූයේ නැත. රස්පුටින් යනු සුරදූතයන්නේ හෝ දුෂ්ට ආත්මයන්ගෙන් ආරක්ෂාව ලබා ගන්නා සුපිරි මිනිසෙක් වීද? මරණ පරීක්ෂණයේ ඡායාරූප ද සමගින් රුසියාවෙන් මෙතෙක් සොයා ගැනීමට දුෂ්කරව තිබූ තොරතුරු ද ඇතුළත් කොට එඩ්වාර්ඩ් රැඩ්සිනස්කි විසින් ලියන ලද කෘතියකින් පැවසෙන්නේ රස්පුටන් යනු මරන්නට දුෂ්කර වූ මිනිසකු නොවුනු බවය. එහිදී පෙන්නුම් කෙරුණේ ඝාතකයන්ගේ නොහැකියාව බව ඔහු පවසයි.

    ලිව්වේ Niranjan Karunathilake
     
    Last edited:

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    ලෝකේ ලොකුම ලිංගය තිබුනේ රස්පුටින්ට කියන්නේ ඇත්තද බන්:confused:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    "Rasputin"

    There lived a certain man in Russia long ago
    He was big and strong, in his eyes a flaming glow
    Most people looked at him with terror and with fear
    But to Moscow chicks he was such a lovely dear
    He could preach the bible like a preacher
    Full of ecstacy and fire
    But he also was the kind of teacher
    Women would desire

    RA RA RASPUTIN
    Lover of the Russian queen
    There was a cat that really was gone
    RA RA RASPUTIN
    Russia's greatest love machine
    It was a shame how he carried on

    He ruled the Russian land and never mind the Czar
    But the kasachok he danced really wunderbar
    In all affairs of state he was the man to please
    But he was real great when he had a girl to squeeze
    For the queen he was no wheeler dealer
    Though she'd heard the things he'd done
    She believed he was a holy healer
    Who would heal her son

    RA RA RASPUTIN
    Lover of the Russian queen
    There was a cat that really was gone
    RA RA RASPUTIN
    Russia's greatest love machine
    It was a shame how he carried on

    [Spoken:]
    But when his drinking and lusting and his hunger
    for power became known to more and more people,
    the demands to do something about this outrageous
    man became louder and louder.

    "This man's just got to go!" declared his enemies
    But the ladies begged "Don't you try to do it, please"
    No doubt this Rasputin had lots of hidden charms
    Though he was a brute they just fell into his arms
    Then one night some men of higher standing
    Set a trap, they're not to blame
    "Come to visit us" they kept demanding
    And he really came

    RA RA RASPUTIN
    Lover of the Russian queen
    They put some poison into his wine
    RA RA RASPUTIN
    Russia's greatest love machine
    He drank it all and he said "I feel fine"

    RA RA RASPUTIN
    Lover of the Russian queen
    They didn't quit, they wanted his head
    RA RA RASPUTIN
    Russia's greatest love machine
    And so they shot him till he was dead