ආදරෙන් රස්සාව කළාට , රස්සාවට ආදරේ කරන්න එපා.....
මම දන්න කිහිප දෙනෙක් ඉන්නවා එයාල තමන්ගෙ රස්සාවට කොච්චර ඇබ්බැහි වෙලාද කියන්නේ ,එයාලට හරි කාලේදී කසාද බඳින්නත් අමතක වෙලා.
එයාලත් නොදැන එයාල වයසට ගිහිං,
තවත් සමහරු සහෝදරයාගේ මගුලට ගිහිං නැහැ, ආච්චිගේ මලගෙදර ගිහිං නැහැ, මැරෙන්න වැටිච්ච යාළුව බලන්න ඉස්පිරිතාලෙට ගිහිං නැහැ, එකම ළමයාගේ කොන්සට් එක බලන්න ගිහින් නැහැ,
කොටින්ම කිව්වොත් ජීවිතේ ආයෙත් නොඑන කිසිම අවස්ථාවකට සහභාහි වෙලා නැහැ , රස්සාව නිසා..
මිනිස්සු උනහම ජීවත් වෙන්න සල්ලි හම්බකරන්න ඕනෙ, ඒ හම්බකරන සල්ලි වලින් ජීවිතේ විඳින්න ඕනෙ.. ඒකයි ක්‍රමය..
අපිට අමතක උනාට, අවසානයේ අපි මේ හැමදේම කරන්නේ සතුටින් ජීවත් වෙන්න.රස්සාව නිසා අපේ සතුට සැනසීම නැතිවෙනවානම් ඒක රස්සාවක් නෙමෙයි කරුමයක්.ඒ කරුමය නිසා ඔබ විතරක් නෙමේ ඔබේ ආදරණීයයන් පවා දුක් විඳිනවා.
මිනිස්සු මේක කොච්චර පටලවගෙනද කිව්වොත්,
ජීවත් වෙන්න රස්සාවක් කරනවා වෙනුවට රස්සාව කරන්නම ජීවත් වෙන මිනිස්සුත් අපි අතරඉන්නවා,
ජීවිතෙන් බාගයක් විතර මහන්සි වෙලා කැප වෙලා ඉගනගෙන ජීවත් වෙන්න මාර්ගයක් විදිහට රස්සාවක් හොයාගෙන
ඊට පස්සේවත් ජීවත් වෙන්නේ නැතුව මුළු ජීවිතේම රස්සාව කරගෙන ඔහේ මැරිලා යන ඒ වගේ මිනිස්සු, ඕන තරම් අපි අතරෙ ඉන්නවා .
අනික ,ඔබ කොතරම් රැකියවෙන් සාර්ථක වුවත් ඔබගේ නිවැසියන් ඉන්නේ ඔබ නිසා පීඩාවෙන් නම් ඔගේ උගත්කමෙන් වත් ,රැකියාවෙන් වත් ,මිල මුදල් වලින් වත්, ඇති වැඩක් නැහැ .
ඒ නිසා ,
වැඩ කරන කාලය තුල ,පෞද්ගලික වැඩ කිරීම නවතා දමන්න.
රැකියා ආයතනය තුල කේලම් කීම, කේලම් වලට සවන්දීම ඔපදුප කියවීම නවතා දමන්න.
රැකියාවේ සහ තනතුරේ වගකීම අවබෝධ කරගන්න .ඔබේ වගකීම් එකිනෙකාගේ පිට පැටවීමට නොගොස් ඔබේ රාජකාරි විසින්ම සිදු කරන්න.
ආයතනයේ මිතුරන් සමග ඉතා තද සහ කිට්ටු සම්බන්ධත පැවැත්වීම අවම කරගන්න
පෞද්ගලික ජීවිතයේ තොරතුරු ප්‍රශ්න රැකියා ආයතනයේ කතා කිරීම සීමා කරන්න.
මුළු පඩියම වියදම් කරමින් රැකියාවට යන්න ඇඳුම් පැළදුම් සපත්තු බෑග් වෙනුවෙන් වැය කිරීම නවත්වා ගන්න
ආයතනයේ ඉහල නිලදාරීන් සමග රැකියාවෙන් ඔබ්බට සම්බන්ධතා පැවැත්වීම අවම කරන්න.
ඔබ කුමන ආයතනයේ කුමන තනතුර දරුවත් , වැඩිදුර අධ්‍යාපනය , හෝ ඉහලට යාමේ සිහින දැකීම අත නොහරින්න .
එකම ආයතනයක අනාගතය පැහැදිලි නැති විටක රැකියාව වෙනස් කිරීමසඳහා ඕනෑම වෙලාවක සුදානමින් සිටින්න.
රැකියාව ඔබේ රාජකාරී කාලය තුලට පමණක් සීමා කරන්න.
රැකියාවේ ප්‍රශ්න එතැන තබා ගෙදර එන්න. ඔබගේ රැකියාවේ පීඩනය, ඔබේ දරුවාට හෝ නිවසේ තනිවී සිටින බිරිඳට තවත් පීඩනයක් නොකිරීමට වග බලා ගන්න.
ඔබ නිවසට පැමිණි විට ඔබේ පුර්ණ අයිතිය, ඔබේ ආදරණීයන්ට සහ ඔබේ පවුලට දෙන්න. ඔවුන්ගේ සතුට වෙනුවෙන් ඔබගේ කාලය වැය කරන්න.
ඔබේ රැකියාව ,ඔබේ කාලරාමුවට දරාගැනීමට නොහැකි තරම් නම් කරුණාකර රස්සාව මාරු කරන්න උත්සාහ කරන්න .
ආදරෙන් රස්සාව කරනවා මිසක් රස්සාවට ආදරේ කරන්න එපා ,මොකද ඔයාට රස්සාව මුළු ජීවිතේම උනාට ආයතනයට ඔබ තවත් එකම එක සේවකයෙක් විතරයි .
පෞද්ගලික ජීවිතය උස්සන් වැඩට යාමත් රස්සාව උස්සන් ගෙදර ඒමත් දෙකම නවතා දමා ,
රස්සාවක් කිරීමට ජීවත් වන මිනිසෙකු නොවී ජීවත් වීමට පමණක් රස්සාවක් කරන්න..
මොකද, රස්සාව නැති උනොත් ටික කාලෙකින් තව එකක් හම්බෙයි,
හැබැයි ඔබට ඒ වෙනුවෙන් මගහරෙන්නේ ජීවිතේ වටිනාම තත්පර නම් ,අන්න ඒ ජීවිත තත්පර ආයෙ කවදාවත් හම්බෙන්නේ නැහැ .
උපුටාගැනීමක්...