රසායන_ද්‍රව්‍යයකට_පිලිස්සුන_විට_කළයුතු_ප
රසායන ද්‍රව්‍යයකට පිලිස්සුන විට කළ යුතු ප්‍රතිකාර
රසායන ද්‍රව්‍ය ආදියකට පළිස්සීම සාමාන්‍ය පිලිස්සීමක් නොවන බව ඔබ ප්‍රථමයෙන්ම මතකයේ තබා ගන්න. ඒ නිසා ඒ සඳහා ප්‍රතිකාර කළ යුත්තේ් වෙනත් ආකාරයකට යි.
ඔබ රෝගියා රෝහලට ගෙනයාමට ප්‍රථම අනිවාර්යයෙන්ම කළ යුතු වන්නේ “ජල ප්‍රතිකාරය” කිරීමයි. මේ සඳහා භාවිත කළ යුතු වන්නේ ගලායන ජලයයි.
එනම් රෝගියා නාවන ජලය නැවත රෝගියා නෑවීමට භාවිත නොකළ යුතුයි. මක්නිසාද රෝගියා පිළිස්සීමට ලක්වූ රසායන ද්‍රව්‍යය ජලයේ දියවී නැවත නැවතත් රෝගියාව පිළිස්සීමට ඉඩ තිබෙන නිසායි. මෙය පැයක් පමණ කළ යුතු යි. ඒ අතර රෝගියා අසාධ්‍ය තත්ත්වයට පත්වේනම් හෝ කම්පනයට පත්වේ නම්, ඒ පිළිබඳ ඔබ සැලකිලිමත් විය යුතුයි.
රෝගියාගේ හුස්ම ගැනීම නැවතීමක් වැනි දෙයක් සිදුවුණොත්, එය ඉතා බරපතළ තත්ත්වයක් බව හිතන්න. ඒ නිසා ඔබ ජල ප්‍රතිකාරය කරන අතර රෝගියාගේ තත්ත්වය පිළිබඳ හොඳින් විමසිලිමත් වීමට බගබලා ගන්න.
එමෙන් ම ඔබ ජල ප්‍රතිකාරය කරන අතරතුර කළ යුතු තවත් වැදගත් කාර්යයක් තිබෙනවා. ඇතැම්විට අනතුරට පත්වී සිටින්නේ ඔබේ ළඟම හිතෛෂී අයෙක් විය හැකියි.
එබඳු අවස්ථාවක ඔබ වඩාත් සංවේදී වී කලබල වීමක් හෝ ඇඩීමක්, ඉක්මන් වීමක් සිදුකරන්නේ නම්, ඒ නිසා රෝගියාට කරන ප්‍රතිකාරවලට අඩු ලුහුඩුවක් ඇතිවීමට පිළිවන්. ඊටත් වඩා රෝගියා ද මානසික වශයෙන් දුර්වල වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන්ම ජල ප්‍රතිකාරය කරන අතරතුර, රෝගියා මානසික වශයෙන් අස්වැසීමකට පත්කළ යුතුයි. එය ඔබේ ප්‍රතිකාරයට මහත් සහයක් වනු ඇත.
ජල ප්‍රතිකාරයෙන් පසු රෝගියාට කිසිවක් ගල්වන්න එපා. ඇතැමුන් පිලිස්සුන ස්ථානවලට කුකුල් තෙල් ආදී විවිධ බෙහෙත් තෙල් වර්ග ආලේප කරනවා. ඇතැමුන් බිත්තර සුදුමද ආලේප කරනවා. මේ කිසිවක් කරන්න යන්න එපා.
එසේ නොවීමට ඔබ වගබලා ගන්න. එය වෛද්‍ය ප්‍රතිකාර සඳහා බාධාවක්. එමෙන් ම රෝගියා රෝහලට ගෙන ගොස් වෛද්‍ය උපදෙස් ලබාගන්නා තුරු, රෝගියාට කිසිවක් කෑමට හෝ බීමට නොදිය යුතුයි. ජල ප්‍රතිකාරයෙන් පසු පිරිසුදු රෙදිකඩකින් පිලිස්සීමට ලක්වූ තැන් ඔතා රෝහලට ගෙනයාම කළ යුතුයි.
රෝගියා රෝහල්ගත කරනවිට වෛද්‍යවරයා වෙත රෝගියා අනතුරට පත්වූ වේලාව, අදාළ රසායනය, ප්‍රතිකාර කරන අතරතුර අසාධ්‍ය තත්ත්වයට පත්වූවාද? නැද්ද? යන වග, වෙනත් රෝගාබාධ තිබේද යනවග, ඔබ කළ ප්‍රථමාධාරය ආදිය පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කිරීමට ඔබට හැකිනම්, එය රෝගියාට ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සහයක් වෙනවා. එයද සෘජුවම රෝගියාගේ ජීවිත අවදානම වළකා ගැනීමට හේතුවක් වනු නොඅනුමානයි.
පුශ්පා රම්යානි සොයිසා ගෙ ලිපියක් උපුටා ගැනිමකි. සියලු හිමිකම් එම මහ්ත්මිය සතුය