!!!!!
කරුණාකර අභිධර්මයට ගරහන්න එපා.
හිතාදර මිතුර,
ඔබ මේ පිළිතුර දුන්නේ මෙහි දිගක් පළලක් නොදැන බව පැහැදිළි ය.
අභිධර්මය නමින් පවතින ප්‍රකරණ ග්‍රන්ථ කිසිවක ඔබ ඔය පවසන දේ සදහන් වන්නේ නැත.
ත්‍රිපිටකයට අඩංගු වන්නේ අභිධර්මප්‍රකරණයන් ය. අභිධර්මප්‍රකරණයන් හි නොමැති ඉහත
ප්‍රකාශයෙන් ඔබ පවසන්නේ, රහතන් වහන්සේලා මාර්ග අංගයක් වූ ධර්මදේශනාව සහ බුද්ධ
පූජාවක් වූ ආගමික උත්සව ප්‍රතික්ෂේප කරන බවකි.
බුදු රදුන් වැඩ සිටි සමයේ ආනන්ද හිමියන්ට ධර්මය දේශනා කිරීමට අවස්ථාව ලබා දීමෙන්
උන්වහන්සේ 'සේඛ' සූත්‍රය දේශනා කරන ලදී. රහතුන් අනුමත නොකළ වැලි සෙල්ලම්
බුදු රදුන් අනුමත කළේ කෙසේ ද? රන්වැලි සෑ ධාතු නිධානොත්සවයට කෝටි ගණනින් රහතන්
වහන්සේලා වැඩම කොට ඇත. මෙවන් තවත් බොහෝ කරුණු කාරණා තිබිය දී, අභිධර්ම පිටකයේ
නොමැති දෙයක් 'අභිධර්ම මාර්ගය' නම් වූ මෑත කාලීන කෘතිය සම්පාදනය කළ රචකයාණන් වහන්සේ
සිදු කොට ඇත්තේ බරපතල ධර්ම විරෝධී ක්‍රියාවකි. එය ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කරන
විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් ද, එය ප්‍රායෝගිකව යොදවන යෝගාවචරයන් වහන්සේලාගෙන්
බොහොමයක් ද ඒකමතික ව දරන අදහසකි. අභිධර්මයට පමණක් නොව සූත්‍ර විනය දෙකට ද
හානි දායක වන මෙවැනි ප්‍රකාශ උපුටා දැමීමට ප්‍රථම සිය දහස් වාර ගණනක් සිතා බලන්න.
නොඑසේ වී නම්, අභිධර්මය නොදන්නා කෙනෙකු එම ප්‍රකාශය සත්‍ය යැයි දරා ගත හැකි ය.
එය ඔහුට සසරට ම බලපාන්නා වූ හානිදායී තත්වයකි.
පින්වත් මිතුර ඕබේ දැනගැනීම පිණිස කරුණාවෙන් පැවසූ දෙයකි...
තෙරුවන් සරණයි.

අභිධර්ම මාර්ගය පොතේ තියෙන්නේ ධර්ම දේශනා , ආගමික උත්සව වගේ දේ රහතුන්ට පේන්නේ කුඩා දරුවන්ගේ වැලි සෙල්ලම් වගේලු. අනුන් එතෙර කරන්න ගිහින් තමන්ගේ නිවන පමා කරගන් නෑලු.
කරුණාකර අභිධර්මයට ගරහන්න එපා.
හිතාදර මිතුර,
ඔබ මේ පිළිතුර දුන්නේ මෙහි දිගක් පළලක් නොදැන බව පැහැදිළි ය.
අභිධර්මය නමින් පවතින ප්‍රකරණ ග්‍රන්ථ කිසිවක ඔබ ඔය පවසන දේ සදහන් වන්නේ නැත.
ත්‍රිපිටකයට අඩංගු වන්නේ අභිධර්මප්‍රකරණයන් ය. අභිධර්මප්‍රකරණයන් හි නොමැති ඉහත
ප්‍රකාශයෙන් ඔබ පවසන්නේ, රහතන් වහන්සේලා මාර්ග අංගයක් වූ ධර්මදේශනාව සහ බුද්ධ
පූජාවක් වූ ආගමික උත්සව ප්‍රතික්ෂේප කරන බවකි.
බුදු රදුන් වැඩ සිටි සමයේ ආනන්ද හිමියන්ට ධර්මය දේශනා කිරීමට අවස්ථාව ලබා දීමෙන්
උන්වහන්සේ 'සේඛ' සූත්‍රය දේශනා කරන ලදී. රහතුන් අනුමත නොකළ වැලි සෙල්ලම්
බුදු රදුන් අනුමත කළේ කෙසේ ද? රන්වැලි සෑ ධාතු නිධානොත්සවයට කෝටි ගණනින් රහතන්
වහන්සේලා වැඩම කොට ඇත. මෙවන් තවත් බොහෝ කරුණු කාරණා තිබිය දී, අභිධර්ම පිටකයේ
නොමැති දෙයක් 'අභිධර්ම මාර්ගය' නම් වූ මෑත කාලීන කෘතිය සම්පාදනය කළ රචකයාණන් වහන්සේ
සිදු කොට ඇත්තේ බරපතල ධර්ම විරෝධී ක්‍රියාවකි. එය ත්‍රිපිටක ධර්මය අධ්‍යයනය කරන
විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් ද, එය ප්‍රායෝගිකව යොදවන යෝගාවචරයන් වහන්සේලාගෙන්
බොහොමයක් ද ඒකමතික ව දරන අදහසකි. අභිධර්මයට පමණක් නොව සූත්‍ර විනය දෙකට ද
හානි දායක වන මෙවැනි ප්‍රකාශ උපුටා දැමීමට ප්‍රථම සිය දහස් වාර ගණනක් සිතා බලන්න.
නොඑසේ වී නම්, අභිධර්මය නොදන්නා කෙනෙකු එම ප්‍රකාශය සත්‍ය යැයි දරා ගත හැකි ය.
එය ඔහුට සසරට ම බලපාන්නා වූ හානිදායී තත්වයකි.
පින්වත් මිතුර ඕබේ දැනගැනීම පිණිස කරුණාවෙන් පැවසූ දෙයකි...

තෙරුවන් සරණයි.

....ඒක තමයි නියම බෞද්ධයෙකු අඳුන ගන්න පුලුවන් ක්‍රමය.