රහස්‍ය පදය නොදන්නා ZIP ෆයිල් එකක් විවෘත කරගන&a

blogshan

Junior member
  • Mar 16, 2011
    36
    30
    18
    රහස්‍ය පදය නොදන්නා ZIP ෆයිල් එකක් විවෘත කරගන&a

    sirkinaa.jpg

    අන්තර්ජාල ලෝකය ඉතා සීඝ්‍රයෙන් විනාශ මුඛයට ඇඳී යන කාලයකි මේ. අංකනය කිරීමට අපහසු තරමේ හැකර් වරු සහ ස්පෑම් කරුවන් දිනෙන් දින ඉහළ යනු ලබනවා. වෙබ් අඩවි කරන බොහෝමයක් අයට අවශ්‍ය කරන්නේ ඔවුන්ගේ වෙබ් අඩවිය ප්‍රසිද්ධ කර ගැනීමටයි. මේ හේතුන් නිසා ඔවුන් කරනුයේ, බොරු බාගත කරගැනීම් ලබාදී, රහස්‍ය පදය ලෙස survey නමින් හඳුන්වන දැන්වීම් විශේෂයක යොදා ඔබට බාගත කරගැනීමට ලබාදීමයි. එවිට ඔබ අදාල මෘදුකාංගය බාගත කරගනු ලැබුවත්, රහස්‍ය කේතය ලබාගැනීමට ඔබට survey සම්පූර්ණ කරන්නට සිඳුවේ. ලංකාව වැනි රටක මෙය කිරීම ඉතාම අසීරුයි. එමෙන්ම මේවාගෙන් සත්‍ය වනුයේ 1%ක් පමණි. මෙම ලිපියෙන් ඔබට ZIP ගොනුවක ඇති රහස්‍ය පදය නොමැතිව විවෘත කරගන්නා අයුරු කියා දෙනු ලැබේ.
    å
    මෙම ලිපියට සමගාමී වෙනත් ලිපි:-
    • රහස්‍ය පදය නොදන්නා RAR ගොනුවක් විවෘත කරගන්නා අයුරු.
    • Survey එකක් කිසිදු ගැටළුවකින් තොරව පසුකරන අයුරු. (ENG)

    මෙම ZIP ගොනුවක් විවෘත කරගැනීම පිළිබඳව විස්තරයක් පියවරනේ පියවර පහතින් දක්වා ඇත. පහත සඳහන් කර ඇති අයුරින්ම ක්‍රියා කිරීම මඟින් ඔබ සතුව ඇති රහස්‍ය පදයක් යොදා ඇති ZIP ගොනුවද විවෘත කරගත හැකි වනු ඇත.

    1. ලිපියේ පහතින් ලබා දී ඇති Nullsoft Scriptable Install System (NSIS) මෘදුකාංගය බාගත කරගන්න.
    Capture.PNG


    2. ඔබගේ පරිගණකයට එම බාගත කරගනු ලැබූ මෘදුකාංගය ස්ථාපනය කරගන්න.

    3. ඉන්පසු NSIS මෘදුකාංගය විවෘත කර Installer based on ZIP Files යන්න මත ක්ලික් කරන්න.
    Capture.PNG


    4. පසුව ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එයින් Open යන්න මත ක්ලික් කර ඔබට විවෘත කරගැනීමට අවශ්‍ය කරන ZIP ගොනුව තෝරා දෙන්න.
    Capture.PNG


    5. ඉන්පසු Generate යන්න මත ක්ලික් කරන්න.

    6. මොහොතකින් ඔබට තවත් ඩයලොග් බොක්ස් එකක් ලැබෙන අතර, එහි Close යන්න ක්ලික් කරන්න.
    Capture.PNG


    7. ඉන්පසු ඔබගේ ZIP ගොනුව ඇති තැනට යන්න. එවිට ඔබට ඔබගේ ZIP ගොනුවේ නමට EXE ගොනුවක් තිබෙනවා දැකගත හැකියි.
    Capture.PNG


    8. ඒ මත ක්ලික් කර, Install යන්න මත ක්ලික් කරන්න.
    Capture.PNG


    9. දැන් එම ගොනුවෙහි තිබූ දෑ ඔබ extract කරනු ලැබූ තැන තිබෙනවා දැකගත හැකියි.


    විශේෂ සටහන්:-
    • මෙම රහස්‍ය කේතය නොදත් ZIP ගොනුවක් විවෘත කරගැනීමේ දෙවනි ලිපියක් ඇත. ඒ වෙනත් මෘදුකාංගයක් භාවිතා කරගනිමිනි. මෙම මෘදුකාංගය නිසියාකාරව ක්‍රියානොකරයිනම් කරුණාකර ලිපියේ පහත ඇති කමෙන්ට් තීරුව භාවිතා කර ඒ පිළිබඳව දැනුම් දෙන්න. එවිට මා හට හැකි ඉක්මනින් නියමිත දවසට ප්‍රථම ඔබට දෙවනි ලිපියද ලබා දිය හැක.


    Download from http://nsis.sourceforge.net

    source - www.sirkinaa.blogspot.com
     

    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,712
    1,512
    113
    එල වැඩක් මචන්:D
    එත් මම 2-3ක් TRY කරලා බැලුව වැඩ කලේ නෑ මචන් :baffled::baffled:
     
    Last edited:

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    Password එකේ Complexity එක වැඩි නම් ඒක break කරන්න ලේසි නෑ.