රහස් ඔත්තුසේවා සඳහා නිමැවුනු ස්මාර්ට් ෆෝ

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රහස් ඔත්තුසේවා සඳහා නිමැවුනු ස්මාර්ට් ෆෝ

    Boeing Black: අමෙරිකානු රහස් ඔත්තුසේවා සඳහා නිමැවුනු ස්මාර්ට් ෆෝනය

    black-640x489.jpg

    ඔබත් රට වෙනුවෙන් රහසේ ක්‍රියාත්මක වන ඔත්තුක‍රුවෙකු, නැතිනම් විශේෂ ආරක්ෂක ඒජන්සියකට අනුයුක්ත නියෝජිතයෙකු යැයි සිතමු. සාමාන්‍යයෙන් ජේම්ස් බොන්ඩ් වර්ගයේ චිත්‍රපටයකදී නම් ඔබට සන්නිවේදනය සඳහා අතිනවීන මෙවලම් භාවිත කිරීමට ලැබුණත්, සැබෑ ජීවිතයේදී එය එලෙසින්ම සිදුනොවේ. කෙසේ වුවත් ඉහත සඳහන් කළ ආකාරයේ වෘත්තියක පසුවන ඔබට සාමාන්‍ය ආකාරයේ ස්මාට්ෆෝනයකින් ඔබගේ වෘත්තියට අදාළ සංවේදී තොරතු‍රු, දත්ත හුවමා‍රු කරගැනීමට, සන්නිවේදන කටයුතුවල යෙදීමට නොහැකි බවද අමුතුවෙන් කිවයුතු නොවේ. මෙම හඳුන්වාදෙන Boeing Black ස්මාට්ෆෝනය පැමිණෙන්නේ එම ගැටලුවට විසඳුමක් ලෙසටයි.

    අමෙරිකාවේ බෝයිං සමාගම මගින් නිර්මිත මෙය දළ ආකෘතියේ සිටම සංවේදී දත්ත ආරක්ෂා කිරීම සහ ආරක්ෂිත සන්නිවේදන හැකියාවන් තහවු‍රු කිරීම මූලික අවශ්‍යතාව ලෙස සලකමින් නිර්මාණය වී ඇත. මෙම Boeing Black ස්මාට්ෆෝනය සෑමවිටම ඒ හරහා පසුවන දත්ත කේතනය කරන අතර, එහි දත්ත ගබඩාවන්ද විශේෂයෙන්ම කිසිවෙකුට පිවිසිය නොහැකි ලෙසින් සංකීර්ණ ඇල්ගොරිදමයන් භාවිත කරමින් ආරක්ෂා කිරීමට මූලිකත්වය ලබාදෙයි. එසේම දෘඩාංග මත පදනම් ක්‍රිප්ටෝ එන්ජින් පද්ධතියේම ස්ථාපිත ආරක්ෂණ උපක්‍රම, ආරක්ෂිත පණගැන්වීම් මෙහි පිහි‍ටුවා ඇති අතර, අතිවිශේෂිත ලෙසින් ආරක්ෂක උපක්‍රම දියුණු කළ ඇන්ඩ්‍රොයිඩ් විශේෂ සංස්කරණයක් මෙහි මෙහෙයුම් පද්ධතිය ලෙසින් ක්‍රියාත්මක වේ.

    එපමණක් නොව යමෙකු මෙම ස්මාර්ට් ෆෝනය විවෘත කොට එහි ඇති දත්ත උකහාගන්නට උත්සහ කලහොත් එම දත්ත ක්ශණයකින් විනාශවී යන ලෙස නිර්මාණය කරන ලද "self-destruct mechanism" උපක්‍රමයකින්ද ආරක්ශිතය. ඒ අනුව අස්ථානගත වන හෝ සතුරන් අතට පත්වන බෝයිං බ්ලැක් ස්මාර්ට්ෆෝනයකින් තොරතුරු ලබාගැනීමේ හැකියාව විරල බව බෝයිං පවසයි.

    මෙහි අඟල් 4.3 ක තිරයක් ඇති අතර, Dual-Core 1.2GHz ප්‍රොසෙසරයකින් බලගැන්වේ. එසේම 4G-LTE ඇතුළු වෙනත් ඕනෑම දියුණු ස්මාට්ෆෝනයක ඇති සම්මත දත්ත හුවමා‍රු තාක්ෂණයන්ද මෙහි තිබේ. ජේම්ස් බොන්ඩ් වර්ගයේ ස්මාට්ෆෝනයක් ලෙසින් සලකන විට මෙහි දෘඩාංග ශක්‍යතා මඳ බවක් ඔබට සිතෙන්නට හැකි වුවත්, සැබැවින්ම මෙම ස්මාට්ෆෝනය භාවිතයේ මුඛ්‍ය පරමාර්ථය වන්නේ ඉහළ ග්‍රැ‍ෆික් නිර්මාණ ඇති ක්‍රීඩා භාවිතය නොව ආරක්ෂිත සන්නිවේදනය හා සබැඳි යෙදුම් බව මෙහිදී සිහිපත් කළ යුතුය.

    තවද මෙහි ඩුවල් සිම් පහසුකම ඇති අතර එක් සිම් පතක් සාමාන්‍ය වාණිජ සෙලියුලර් සේවා සමග සම්බන්ධවීම සඳහා වෙන්කොට ඇති අතර අනෙක් සිම් පත අමෙරිකානු රජයේ රහස්‍ය සෙලියුලර් ජාළයට සම්බන්ධවීම සඳහා අවශ්‍ය විශේෂ සිම් පත් සඳහා වෙන්කොට ඇත. එසේම මෙහි බයෝමෙට්‍රික් සංවේදකයක් නැතිනම් චන්ද්‍රිකා සම්බන්ධක ඇන්ටෙනාවක් හෝ වෙනත් අවශ්‍ය උපාංගයක් සවිකළ හැකි දෘඩාංග විස්තීරණ පෝට් එකක්ද තිබේ.

    කෙසේ වුවත් අවසාන වශයෙන් කිවයුත්තේ මෙම Boeing Black ස්මාට්ෆෝනය මිලදීගැනීමට හැකියාව ඇත්තේ රජයේ අනුමැතිය ලත් ආරක්ෂක බුද්ධි අංශවල හෝ විශේෂ ආරක්ෂක ඒජන්සියක සේවයේ නියුතු අයෙකුට පමණක් බවයි. මෙය නිර්මාණය කරන බෝයිං සමාගමේ සේවකයිට පවා එය මිළදීගැනීමට අවසර නොලැබෙනු ඇත. බෝයිං සමාගම සිය සමස්ත සේවක ප්‍රජාව වෙනුවෙන්ම කැනඩාවේ Research In Motion (RIM) සමාගමේ බ්ලැක්බෙරි ස්මාර්ට්ෆෝන ලබාදී ඇත.

    • Android™ Operating System: Convenient smartphone for Android usage
    • Disk Encryption: Encrypted storage for sensitive data
    • Hardware Root of Trust: Ensures software authenticity
    • Hardware Crypto Engine: Protects stored and transmitted data
    • Embedded Secure Components: Enables trusted operations
    • Trusted Platform Modules: Provides secure key storage
    • Secure Boot: Maintains device image integrity
    • Hardware Modularity: Endless modularity capabilities

    bblack.png

    boeing-black-smartphone.JPG

    උපුටා ගත්තේ මෙතනින්
    Code:
    http://vidya-gaweshana.blogspot.com/2014/05/boeing-black.html

    මම තව හොයලා දැම්මා:)

    හොදනම් rep දිලා යන්න තව කාටහරි බලන්න bump එකක් දාලා යන්න:)
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,888
    6,177
    113
    ලොල් සීන් එක, ඕක රහස් ඔත්තු සේවයේ ඉන්න කෙනෙක්ට මිස කාටවත්ම ගන්න බැරිනම්, ඔය වගේ එකක් පාවිච්චි කරන කෙනෙක් අනිවා රහස් ඔත්තු සේවයේ වැඩකරන්නෙ නම් .. එහෙනම් ඉතින් අපරාධ කාරයෙක්ට ඔය වගේ ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් දැක්කොත් ඉක්මනින්ම අඳුනගන්න පුළුවන් මූ ඔත්තු කාරයෙක් තමයි කියල, එතකොට ඔත්තු කාරයාව අල්ල ගන්න ඕනෙ නම් එහෙම, නැත්තන් ඌට පේන්නැති වෙන්න හැංගිලා ඉන්න එක සිම්පල් වැඩක් :lol::lol:. "ෆෝන් එක යුස්‌ කරන කෙනා තවදුරටත් රහස් ඔත්තු සේවයේ නොව, ප්‍රසිද්ද ඔත්තු සේවයේ යෙදෙන අයෙකු ලෙස හැදින්වේ" :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,293
    4,092

    patta kathawa yako rep added :lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    ලොල් සීන් එක, ඕක රහස් ඔත්තු සේවයේ ඉන්න කෙනෙක්ට මිස කාටවත්ම ගන්න බැරිනම්, ඔය වගේ එකක් පාවිච්චි කරන කෙනෙක් අනිවා රහස් ඔත්තු සේවයේ වැඩකරන්නෙ නම් .. එහෙනම් ඉතින් අපරාධ කාරයෙක්ට ඔය වගේ ෆෝන් එකක් පාවිච්චි කරන කෙනෙක් දැක්කොත් ඉක්මනින්ම අඳුනගන්න පුළුවන් මූ ඔත්තු කාරයෙක් තමයි කියල, එතකොට ඔත්තු කාරයාව අල්ල ගන්න ඕනෙ නම් එහෙම, නැත්තන් ඌට පේන්නැති වෙන්න හැංගිලා ඉන්න එක සිම්පල් වැඩක් :lol::lol:. "ෆෝන් එක යුස්‌ කරන කෙනා තවදුරටත් රහස් ඔත්තු සේවයේ නොව, ප්‍රසිද්ද ඔත්තු සේවයේ යෙදෙන අයෙකු ලෙස හැදින්වේ" :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    un phone kane thiyan katha karanne ne ban. Bluetooth head set kane gahan inne. :rofl:
     
    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    එසේම මෙහි බයෝමෙට්‍රික් සංවේදකයක් නැතිනම් චන්ද්‍රිකා සම්බන්ධක ඇන්ටෙනාවක්.. LOL
     
    cycoxt

    Banned
  • Oct 11, 2009
    131
    8
    18
    ඕකුන් මොන හර්ඩ්වෙයාර් වැඩකෑලි දාල ඔක හැදුවත් වැඩක් නැ ..ඔකේ දුවන්නේ පජාත ඇන්රෝයිඩ් නම් ...ඔක හැක් කරන ඒක ඒහැටිකජ්ජක් නෙමේ....
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,622
    17,709
    113
    Auckland
    එසේම මෙහි බයෝමෙට්‍රික් සංවේදකයක් නැතිනම් චන්ද්‍රිකා සම්බන්ධක ඇන්ටෙනාවක්.. LOL

    :shocked::shocked::shocked::lol:

    mage smart fone eketh okak thibba nam :sorry: ... oh wait it has :D