රහස් ඔත්තු සේවයන් භාවිතා කරන උග්‍ර විෂ වර&#353

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    රහස් ඔත්තු සේවයන් භාවිතා කරන උග්‍ර විෂ වර&#353

    yRNsLIk2fbwLXsSB_cover.jpg

    2018 මාර්තු 4 වන දා, හිටපු රුසියානු හමුදා නිලධාරී සෙර්ගේයි ස්ක්‍රිපාල් සහ ඔහුගේ දියණියට විෂ ශරීරගත කෙරුණේ එංගලන්තයේ සෝල්ස්බරිහි දී යි.

    මේ සඳහා A-234 නම් නොවිචොක් ස්නායු විෂ භාවිත කර තිබුණු බව පසු ව සොයාගැනුණා. මේ ලැයිස්තුවෙන් බුද්ධි අංශ විසින් භාවිතා කෙරෙන එවැනි විෂ වර්ග කීපයක් හඳුන්වා දෙනවා.​

    01. තැලියම්

    1954 දී KGB රහස් ඒජන්ත නිකොලායි කොක්ලොව් ජර්මනියට යැවුණේ ප්‍රබල සෝවියට් විරෝධියෙකු වූ ජෝර්ජි ඔර්ලොවිච් ඝාතනයට යි.

    නමුත් ජර්මනියේ දී ඔර්ලොවිච්ට අනතුරු හඟවා සිය මෙහෙයුම අත්හල කොක්ලොව්, පසු ව එක්සත් ජනපද ආරක්ෂක අංශයන් වෙත බාර වී, සෝවියට් සංගමයේ රහස් ‍රැසක් ඔවුනට හෙළි කළා. මෙයට දඬුවමක් ලෙස 1957 දී KGB විසින් කොක්ලොව්ට විකිරණශීලී තැලියම් ශරීරගත කරන්නට යෙදුණා.​

    sUGtaQtMMzc0yz8u_thalliumpoisonrat.png

    තැලියම් අඩංගු පලිබෝධනාශකයක දැන්වීමක් (BuzzFeed)

    තැලියම්, අවර්ණ, රසක් නැති, ජලයේ දියවෙන, සම හරහා අවශෝෂණය වන බැර ලෝහයක්.

    ශරීරගත වන මාත්‍රාව හා අදාල තැනැත්තාගේ වයස අනුව තැලියම් විෂ වීමේ ලක්ෂණ පෙන්නුම් කරනවා. දරුණු අතුරුඵල දෙමින් සෙමින් ක්‍රියාකරන තැලියම් සුළු මාත්‍රාවලින් දින 20 - 30ක් අතර රෝග ලක්ෂණ පෙන්වන අතර, මාරාන්තික මාත්‍රාව වන 10-15 mg/kg ශරීරගත වූ විට පැය හෝ දින කීපයක් තුළ මරණයට පත්කරනවා.

    පළිබෝධනාශක වැනි තැලියම් අඩංගු ඇතැම් නිෂ්පාදන ඇතැම් රටවල වෙළඳපොළවලින් අදටත් මිලට ගත හැකියි.

    02. පොලෝනියම් 210

    අලෙක්සාන්දර් ලිට්විනෙන්කෝගේ සිදුවීම පොලෝනියම් 210 විෂවීම පිළිබඳ ප්‍රසිද්ධ උදාහරණයක්. 1990 ගණන්වල රුසියාවේ SFB බුද්ධි අංශයේ සේවය කර 1998 දී එයින් ඉල්ලා අස්වුණු ලිට්විනෙන්කෝ එංගලන්තයේ වාසයට ගියා.

    එහි දී පුටින්ගේ ප්‍රබල විවේචකයෙකු බවට පත්වුණු ඔහු රුසියාවට හිසරදයක් බවට පත්වුණා. 2006 නොවැම්බර් 1 වන දා ඔහු හා SFBහි සේවය කළ පැරණි මිතුරන් දෙදෙනෙකු හමුවීමෙන් අනතුරුව ලිට්විනෙන්කෝ රෝගීව රෝහලකට ඇතුළත් කෙරුණා

    . වෛද්‍යවරුන් මෙය තැලියම් විෂවීම බව අනුමාන කළත්, එය නිවැරදි වූයේ නෑ. ශරීරයේ පද්ධතීන් එකින් එක අකර්මණ්‍ය වූ අතර ලිට්විනෙන්කෝ සති තුනකට පසු ව මියගියා. සති කීපයකට පසු බ්‍රිතාන්‍යයේ පරමාණු ආයුධ ආයතනය මෙය පොලෝනියම් 210 විෂවීම බව සොයාගත්තා.

    eMQVHLL0IStVSUAv_litvinenko.jpg

    ලිට්විනෙන්කෝ රෝහලේ දී (IBT)

    පොලෝනියම් 210 ඉතා දුර්ලභ, ඉතා විෂ සහිත විකිරණශීලී ද්‍රව්‍යයක්. මෙය න්‍යෂ්ටික ප්‍රතික්‍රියකවල අතුරුඵලයක් ලෙස නිපදවෙනවා.

    අර්ධ ආයුකාලය දින 138ක් වන මෙය වෙළඳපොළෙන් මිලට ගැනීමට බැහැ. එනිසා පොලෝනියම් සතු වන්නේ න්‍යෂ්ටික බලය භාවිත කරන රටවල් සතු ව පමණයි. මෙහි මාරාන්තික මාත්‍රාව නැනෝග්‍රෑම් 100ක්.

    පොලෝනියම් ශරීරගත වූ විට මාරාන්තික නමුත්, එය පරිහරණය එතරම් අන්තරාදායක නැහැ. එහි විකිරණයන්ට කඩදාසියක් පවා විනිවිදින්නට බැහැ.

    03. රයිසින්

    ලොව ඉතාමත්ම භයානක විෂ වර්ග අතරේ රයිසින් ඉහළ තැනක තිබෙන්නක්. මෙහි මිලිග්‍රෑම් කීපයක් පවා ශරීරගත වීම (එන්නත්, ආහාර, හෝ ශ්වසනය මඟින්) මරණය කැඳවන්නක්.

    රයිසින් විෂ වූ විට සිරුරේ අත්‍යවශ්‍ය ප්‍රෝටීන නිපදවීම අඩාල වන අතර මධ්‍යම ස්නායු පද්ධතිය, වකුගඩු, අක්මාව, සහ අනෙකුත් පද්ධතීන් අකර්මණ්‍ය වෙනවා. එයින් හෝ හෘදයාබාධයක් හරහා හෝ රයිසින් ශරීරගත වීමෙන් දින කීපයක් තුළ මරණය සිදුකරනවා.

    WqHGi2aJAsQ1Wt5t_ricinusseed.jpg

    එඬරු ඇට (Science News)

    1978 ජෝර්ජි මාර්කෝෆ්ගේ සිදුවීම රයිසින් යොදා කළ සාර්ථක ඝාතනයකට උදාහරණයක්. බල්ගේරියාවෙන් පලාවිත් එංගලන්තයේ වාසය කළ මාර්කෝෆ්ගේ කකුලට ඉතා කුඩා මූණිස්සමක් හරහා විෂ ඇතුළු කෙරුණු ලදු ව දින තුනකින් මියගියා.

    රයිසින්, එඬරු කුලයේ Ricinus communis ශාකයේ බීජවලින් සංකීර්ණ ක්‍රමයක් හරහා නිස්සාරණය කරගත හැකියි.

    04. VX

    මේ කෘත්‍රිම ව නිපදවනු ලබන රසායනය ඉතාම විෂ සහිත තයෝෆොස්ෆොනේටයක්. මෙය සොයාගනු ලැබුවේ 1950 ගණන්වල බ්‍රිතාන්‍ය සමාගමක් ඕගැනොෆොස්ෆේට හා සම්බන්ධ ව සිදුකළ පර්යේෂණයන් හරහා යි.

    VX යනු Venomous Agent X යන්නට ඔවුන් භාවිතා කළ කෙටි නම යි. මෙය ස්නායු පද්ධතිය මත ක්‍රියාකරන ඉතාම දරුණු ගණයේ විෂක් වන අතර, මිලිග්‍රෑම් 0.4ක ප්‍රමාණයක් වැඩිහිටියෙකු මරා දැමීමට ප්‍රමාණවත්. සීතල යුධය සමයේ දී එක්සත් ජනපදය මෙම රසායනය තොග වශයෙන් නිෂ්පාදනය කළා.

    myn5wB577nR990LG_VXtherock.jpg

    1996 දී 'The Rock' චිත්‍රපටයේ VX වායුව රූපණය කෙරුණේ මෙසේ යි.​

    2017 දී, කිම් ජොං උන්ගේ සුළු සොහොයුරු කිම් ජොං නම් ඝාතනය කිරීමට භාවිතා කෙරුණේ VX. ක්වාලා ලම්පූර් ජාත්‍යන්තර ගුවන්තො‍ටුපොළේ දී කාන්තාවන් දෙදෙනෙකු විසින් මෙය ඔහුගේ මුහුණට ඉස තිබුණා. එම ඝාතනය පි‍ටුපස කිම් ජොං උන් සිටින්නට ඇතැ යි සැලකෙනවා.

    1997 දී රසායනික ආයුධ සමුළුව විසින් VX තහනම් කරන්නට යෙදුණා. කෙසේ නමුත් උතුරු කොරියාව මෙම සම්මුතියට අත්සන් කළේ නැහැ.​

    05. බොටියුලිනම් විෂ

    මේ විෂ පිළිබඳව බොහෝ දෙනා අසා ඇති. Clostridium botulinum නම් නිර්වායු බැක්ටීරියාව නිෂ්පාදනය කරන බොටියුලිනම් විෂ රූපලාවන්‍ය කටයුතු සඳහා බහුල ව භාවිතා කෙරෙනවා.

    o55WbuuHcJVJl4Lx_Botulinum-Toxin.jpeg
    Botox වෙළඳ නාමය යටතේ එන බොටියුලිනම් විෂ (drlakatosh.com)​

    බොටියුලිනම් විෂ ස්නායු පද්ධතිය මත ක්‍රියාකරන ප්‍රෝටීනයක්. මෙයින් මයික්‍රොග්‍රෑම් 0.3ක ප්‍රමාණයක් වුවත් වැඩිහිටියෙකුට මාරාන්තික විය හැකියි.

    1960 දී CIA ආයතනය විසින් කියුබානු සුරුට්‍ටුවලට මෙම විෂ ඇතුළත් කර කියුබානු නායක ‍ෆිදෙල් කැස්ත්‍රෝව ඝාතනය කිරීමට උත්සාහ කළත්, එය සාර්ථක වූයේ නැහැ.

    මෙතෙක් ලොව වටා විවිධ රහස් ඔත්තු සේවයන් විසින් භාවිතා කරන්නට යෙදුණු රසායන වර්ගයන් බොහොමයි. ඉහත සඳහන් වන්නේ එයින් කීපයක් පමණයි. ඊට අමතර ව ප්‍රසීක් අම්ලය, කැඩ්මියම්, පැරතියොන්, සහ පෙන්තනිල් ආදියත්, තවත් නොදන්නා බොහෝ රසායනයනුත් මේ අතර වෙනවා.

    කතෘ Amanda Abeysooriya

    ගත්තේ මෙතනින්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    එඩරු ඇට වලින් රයිසින් ගන්න එක ඒ තරම් සංකීර්ණ නැහැ, සරලව කියනවා නම් ගෙදරදි උනත් කරන්න පුලුවන්, හැබැයි පොඩ්ඩ එහා මෙහෙ උනොත් හදන එකා මැරෙන්න පුලුවන්

    මේකෙ කියලා තියන සිදුවීමෙදි කරේ ඉතා කුඩා ලෝහ බෝලයක(මතක විදියට මිලිමීටර් 2 ටත් අඩු ඩයමීටර් එකක් තිවුනෙ) සිදුරු දෙකක් විදලා ඒ සිදුරු දෙකෙ රයිසින් පුරලවා තිවුනෙ
    ඒ ලොහ බෝලෙ අරූ ට්‍රේන් එකෙන් බහිද්දි කුඩේකින් ඇනලා කකුල ඇතුල දැම්ම(මේක ට්‍රේන් එකෙන් බහිද්දි අහම්බෙන් උනු දෙයක් විදයට ප්ලෑන් කරලා උනේ)
    කුඩේ විශේශයෙන් හදලා තිවුනා ඔය වැඩෙට
     
    • Like
    Reactions: s.a.s

    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    එඩරු ඇට වලින් රයිසින් ගන්න එක ඒ තරම් සංකීර්ණ නැහැ, සරලව කියනවා නම් ගෙදරදි උනත් කරන්න පුලුවන්, හැබැයි පොඩ්ඩ එහා මෙහෙ උනොත් හදන එකා මැරෙන්න පුලුවන්

    මේකෙ කියලා තියන සිදුවීමෙදි කරේ ඉතා කුඩා ලෝහ බෝලයක(මතක විදියට මිලිමීටර් 2 ටත් අඩු ඩයමීටර් එකක් තිවුනෙ) සිදුරු දෙකක් විදලා ඒ සිදුරු දෙකෙ රයිසින් පුරලවා තිවුනෙ
    ඒ ලොහ බෝලෙ අරූ ට්‍රේන් එකෙන් බහිද්දි කුඩේකින් ඇනලා කකුල ඇතුල දැම්ම(මේක ට්‍රේන් එකෙන් බහිද්දි අහම්බෙන් උනු දෙයක් විදයට ප්ලෑන් කරලා උනේ)
    කුඩේ විශේශයෙන් හදලා තිවුනා ඔය වැඩෙට
    :shocked:
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,412
    2,400

    තව විස්තර කියපන් ..හදන විදිය කියපන් දෙය්යෝ :eek:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එඩරු ඇට වලින් රයිසින් ගන්න එක ඒ තරම් සංකීර්ණ නැහැ, සරලව කියනවා නම් ගෙදරදි උනත් කරන්න පුලුවන්, හැබැයි පොඩ්ඩ එහා මෙහෙ උනොත් හදන එකා මැරෙන්න පුලුවන්

    මේකෙ කියලා තියන සිදුවීමෙදි කරේ ඉතා කුඩා ලෝහ බෝලයක(මතක විදියට මිලිමීටර් 2 ටත් අඩු ඩයමීටර් එකක් තිවුනෙ) සිදුරු දෙකක් විදලා ඒ සිදුරු දෙකෙ රයිසින් පුරලවා තිවුනෙ
    ඒ ලොහ බෝලෙ අරූ ට්‍රේන් එකෙන් බහිද්දි කුඩේකින් ඇනලා කකුල ඇතුල දැම්ම(මේක ට්‍රේන් එකෙන් බහිද්දි අහම්බෙන් උනු දෙයක් විදයට ප්ලෑන් කරලා උනේ)
    කුඩේ විශේශයෙන් හදලා තිවුනා ඔය වැඩෙට

    hadana widiya kiyapanko
     
    හදන විදිය දාන්න එපා..ස්තුතියි විස්තරයට

    +17