රහස්10ක්

sooppuwa

Well-known member
  • Jan 31, 2016
    782
    465
    63
    උඩ තට්ටුවෙ
    සාර්ථක ව්‍යාපාරික රහස් 10ක්

    74806_4-3.jpg


    (1) සංවිධානය කරන්න.
    සාර්ථක ව්‍යාපාරයක් සඳහා සංවිධානය කිරීම අත්‍යවශ්‍යයි. දිනයට අවශ්‍ය සියල්ල සැලැසුම් කර තබා ගැනීම ඔබේ කටයුතු පහසු කරනවා.

    (2) තොරතුරු ගබඩා කරගන්න.
    ඔබට අවශ්‍ය තොරතුරු සියල්ල ගබඩා කරගන්න. බොහෝ විට කාර්යබහුල වූ විට සියල්ලම වුවත් අමතක වීමට ඉඩ තිබෙනවා. ඒ නිසා දත්ත සියල්ලම ගබඩා කර ගැනීම ඉතාම වැදගත්.

    (3) සියල්ල විග්‍රහ කරන්න.
    හොඳ ප්‍රතිඵල සඳහා සියල්ල විග්‍රහ කරන්න. එමෙන්ම ඔබට තිබෙන තරගකාරී අවස්ථා පිළිබඳවත් අවධානය යොමුකළ යුතුයි.

    (4) අභියෝග හා අවදානම තේරුම් ගන්න.
    ඔබට තිබෙන අවදානම සහ අභියෝග පිළිබඳ තේරුම් ගන්න. ඒවා හඳුනා ගැනීම සහ අවධානයෙන් සිටීමත් ඉතාම වැදගත්.

    (5) නිර්මාණශීලී වන්න.
    සෑමවිටම නිර්මාණශීලී වන්න. අලුත් අදහස්, තීරණ ඔබට සාර්ථක ව්‍යාපාරයක් සඳහා ඉවහල් වනවා.

    (6) කේන්ද්‍රය වෙත එල්ල කරන්න.
    “රෝමය නිර්මාණය කළේ එක් දිනකින් නොවේ” යනුවෙන් පැරැණි කියමනක් තිබෙනවා. කිසිදු ව්‍යාපාරයක් එක් රැයකින් සාර්ථකත්වයට පත්වී නැහැ.

    (7) අනෙක් අය වෙනුවෙන් කාලය වෙන් කරන්න.
    ව්‍යාපාරයක නිරත වීම අභියෝගාත්මකයි. නමුත් ඉන් ඔබේ සමාජ සබඳතා නැවැත්විය යුතු යැයි අදහස් වන්නේ නැහැ.

    (8) හොඳ සේවයක් ලබා දෙන්න.
    ව්‍යාපාරයක් සාර්ථක වීමට පාරිභෝගිකයා වෙත ලබාදෙන සේවාව ඉතාම වැදගත් වනවා. එම නිසා සේව්‍යා හෝ පාරිභෝගිකයා තෘප්තිමත් වන අන්දමට සේවයක් ලබාදීමට සැලකිලිමත් වන්න.

    (9) සෘජු තීරණ ගන්න.
    සෑමවිටම ව්‍යාපාරිකමය වශයෙන් සෘජු තීන්දු තීරණ ගන්න. එවිට ඔබට අවස්ථා මඟහැරී යෑමක් සිදු නොවන අතර සාර්ථකත්වයට පත්විය හැකියි.

    (10) ස්ථාවර වන්න.
    ව්‍යාපාරික වශයෙන් ස්ථාවර වන්න. ස්ථාවර තීන්දු තීරණ ඔබව ශක්තිමත් කරනවා.
     
    • Like
    Reactions: Wild-EYE and sat_12