සෑහෙන්න කාලෙකින් ට්‍රැවල් රිපෝර්ට් එකක් ගෙන්න බැරි උන නිසා පරණ මතකයක් අලුත් කරන්න හිතුනා ... ගොඩක් අමාරු එකක් නෙවෙන නිසා විස්තරය පොඩියට දාලා පොටෝ වලට වැඩි ඉඩක් දෙන්න තීරණය කලා
හරියටම කිව්වොත් ගිය අවුරුද්දෙ පාස්කු ප්‍රහාරයෙන් ටික කාලෙකට පස්සේ ගියපු එකක මතකාවර්ජනයක් රාක්ශ ගල. මේකට නම් නම් හැටහුටාමාරක් කියනවා රාස්සගල, කිනිහිර ගල, වන්ගෙඩි මෝල්ගස් ගල, පත්තිනි අම්මා කන්ද ඔය ඔක්කොම නම් වලින් හැදින්වෙන්නෙ මීටර් 1438 කින් උසින් යුක්ත දොලොස්බාගේ රේන්ජ් එකේ දෙවෙනියට උසම කන්ද.
රාවණයන්ගේ යකඩ කම්මල තිබුනු මේකන්ද එය ගිනිගැනීමෙන් පස්සේ මේ පිහිටීමට පත් උනා කියලා තමා ජනප්‍රවාද වල සදහන් වෙන්නේ. අමාරු හයික් එකක් නොවුනත් ලස්සනම හයික් එකක් කියලා කියන්න පුලුවන් ගමනක්. හදිස්සියේ අපි තුන්දෙනා ප්ලෑන් කරලා ගියපු ගමනක් කිව්වොත් හරි. ඉර උදාවත් එක්කම වගේ ට්‍රේන් එකේ නුවරට ආපු අපි නුවරින් ගම්පොල බස් එකක ගියේ ගම්පොලින් දොලොස්බාගේ බස් එක අල්ල ගන්න. ගම්පොල ටවුමෙන් උදේ ආහාරයත් අරගෙන දොලොස්බාගේ බස් එකට ගොඩ උනේ රාක්ශාව හන්දියෙන් බහින්න බලාගෙන. රාක්ශාව හන්දියෙන් බැහලා කන්ද උඩට තියෙන පාරෙ 2km විතර ගියාම රාක්ශාව තේ ෆැක්ට්‍රිය හම්බෙනවා. පුද්ගලික වාහනයක එනවානම් ඉතින් මෙතනටම කිසි ප්‍රශ්නයක් නැතුව එන්න පුලුවන්. කාපට් පාර තියෙනවා. (පාස්කු අවුල් නිසා ෆැක්ට්‍රිය වැඩ කරපු කෙනෙක් අපි ගැන පොඩ්ඩක් විස්තර ඇහුවා. )
රාක්ශාව හන්දියේ සිට තේ ෆැක්ට්‍රිය ට යන අතරමග
මෙතනින් තමා ගමන පටන් ගන්නේ. තේ වත්ත මැද්දෙන් යන අතරමග පොඩි වතුරපාරක් තියෙනවා. එතනින් වතුරත් පුරවගෙන අපි හෙමින් හෙමින් ඉස්සරහට ගියා. අතර මගදි අඩිපාර තේවත්තෙන් ලස්සන කැලෑව වැල් ගොමුවක් මැදට වෙන් වෙනවා. පාර බෙදෙන තැනින් තමා ඇත්තටම හයික් එක පටන් ගන්නෙ. ස්භාවධර්මය අපූර්වතම ලස්සන ඒ වන ලැහැබ පහු කරාම තරමක් විශාල තැන්නකට එනවා වම් අත පැත්තෙන් කබරගල පේන්න තියෙනවා(මේ මාර්ගයේම කබරගලට යා හැකි උනත් පැහැදිලි මාර්ගයක් නෑ. කබරගල රිපෝට් එක පස්සේ ලියන්නම් )
දකුනු පසට දිවෙන මාර්ගයේ මද දුරක් ගියාම පැහැදිලිවම අඩිපාර පේන්න තියෙනවා මෙතැන් සිට රාක්ශගල මුදුනටම අඩිපාර සැලකිය යුතු මට්ටමේ හොදට තියෙනවා. ගමේ මිනිස්සු පත්තිනි දෙයියන්නට පූජා පවත්වන්න නිරතුරුව මේ ගලට නගින බව ට සාක්ශි මග දියට අතර මග තියෙන පුංචි පුංචි කෝවිල් වලින් තහවුරු වෙනවා. තුරු වදුල් අස්සෙන් හිමින්ම මුදුනට ලං උනා. ක්ශනයෙන් වෙනස් වෙන කාලගුනය පොද වැස්සකුත් එක්ක මීදුමකින් අපිට සංග්‍රහ කරන්නත් අමතක කලේ නෑ. සුප්‍රකට රාක්ශාව ගල් දෙබොක්කාව මැද හුළං මුවාවේ කෑම්ප් කරන්න පුලුවන්. කෑම්ප් කරනවානම් අරන් ගිය ඔක්කොම අරන් එන්න අමතක කරන්න එපා අද ඔබ විදින ලස්සන හෙට අපේ පොඩි උන්ට විදින්නත් ඉතිරි කරලා එන්න. වැඩි විස්තර පොටෝ වලට බාර දෙන්නම්. තවත් රිපෝට් එකකින් පස්සේ හමුවෙමු
රාක්ශාව තේ කර්මාන්තශාලාව
අතීතයේ තේ ප්‍රවාහනය කල කේබල් කාර්
දොළ පාරෙන් පිපාසය සංසිදුවා ගනිමින්
ගමන් මග
තුරු ගොමු අතරින්
ගැමි ඇදහිලි
රාක්සාවේ සිට

Last edited: