එහෙනම් ලේසියි.
#1 ක්‍රමය:
රාග සිතක් ඇති වුණ ගමන්ම තමන්ගෙ හිත දිහා හොඳට බලන්න. "මේ ඇති වුණ සිත රාග සහිත සිතක්" කියන එක තේරුම් ගන්න.
එතකොට සුටුස් ගාලා රාගය නැති වෙලා ගිහින් තමන්ගේ සිත කෙරෙහි අරමුණ පිහිටනවා.
(මහා සතිපට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සානාව ඇසුරෙනි)
#2 ක්‍රමය
රාග සිත හටගත්තේ කොතනින්ද කියන එක සිහි කිරීම. ඒක පිළිවෙලට සිහි කරගෙන යනකොටත් රාග සිත යටපත් වෙලා යනවා.
#3 ක්‍රමය
මේක පියවර වශයෙන් තියෙන්නෙ
- ජාතිය සිහි කිරීම ("මම බුදුරජාණන් වහන්සේ සරණ ගිය ශ්‍රාවකයෙක්. මේ විදිහෙ ජරා සිතුවිලි මං වගේ කෙනෙකුට ගැළපෙන්නෙ නෑ" කියලා හිතන්න.)
- වයස ප්රත්යවේක්ෂා කිරීම ("මගේ වයස මේච්චරක් වෙනවා. ඉතිං මට මේ දේ සුදුසුද?" කියලා හිතන්න.) වයසට නොගැළපෙන වැඩ කරන අයට විශේෂයි.
- තමන්ගේ ශූර භාවය ප්රත්යවේක්ෂා කිරීම ("මම අකුසල් දුරු කරගන්න බැරි තරම් දුබලයෙක් නෙවේ" කියලා හිතන්න.)
- බහුශ්‍රැත බව ප්රත්යවේක්ෂා කිරීම ("මම ධර්මය දන්නවා, මට මේ දේ සුදුසුද කියලා මම දන්නවා" කියලා හිතන්න)
- "අන් අයගේ සිත් දැකිය හැකි ඉර්ධිමතුන්, දෙවියන් හට මාගේ සිතද දැකිය හැකියි" කියලා හිතලා සංවර වෙන්න.
- ශාස්තෘන් වහන්සේගේ ගුණ සිහි කිරීම ("මා සරණ ගිය ඒ භාග්‍යවතුන් වහන්සේ රාගය සම්පූර්ණයෙන්ම දුරු කළ සේක" ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේගේ ගුණ තමන්ට තේරෙන භාෂාවෙන් සිහි කිරීම)
ඔය විදිහට හිතන කොට අකුසල් සිත බැහැර වෙනවා.
#4 ක්‍රමය
ද්වේශයේ ප්‍රතිවිරුද්ධ එක තමයි මෛත්‍රිය.
රාගයේ ප්‍රතිවිරුද්ධ එක තමයි අසුභය.
ඒ ගැන දැනගන්න මේක බලන්න.
https://elakiri.com/threads/තරුණ-අයට-රාගයෙන්-පීඩා-විඳින-අයට-nofap-කැමති-අයට-අසහනයට-පිළියම්-හොයන-අයට-විතරක්-නෙවේ-නිවන-කැමති-අයටත්-සුදුසුම-භාවනාවක්.2056876/