රාජකීය වන උද්‍යානය - උඩවත්ත කැලේ , මහනුවර ( Royal Forest Park - Udawattakele )

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    රාජකීය වන උද්‍යානය - උඩවත්ත කැලේ , මහනුවර - Your Choice Way
    අද අපි කතා කරන්නේ නුවර Travel කරන ගොඩක් අයට අමතක වෙන මගහැරෙන කැලෑවක් ගැන...

    මහනුවර- කැලෑවක් 🤔 ඔව් ඔව්... ඒ තමා උඩවත්ත කැලේ රාජකීය උයන..උඩවත්තකැලේ රාජකීය වන උයන පිහිටා ඇත්තේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පිටුපසිනි.

    1856 දී රක්ෂිතයක් ලෙස නම් කරන ලද මෙම වන උයන 1938 වසරේදී අභය භූමියක් ලෙසද නම් කරන ලදී.

    ජෛව විවිධත්වය අතින් ඉහළ මෙම වනය තුළ ශාක විශේෂ 405ක් පමණ තියෙනවා. එයින් ශාක විශේෂ 100ක් පමණ අප රටට ආවේණික ශාක වීම විශේෂත්වයක්..

    මේ කැලයේ තියෙන ඉතිහාස කතාව තමා..අක්කර 250ක් පමණ විශාලත්වයෙන් යුතු මෙම වන පියස අතීතයේ මහනුවර රාජධානියේ රජකම් කළ රජවරු විවේක සුවයෙන් සිටි ස්ථානක් ලෙසයි ප්‍රචලිත වී තිබුනේ..

    මේ නිසා මුල් කාලයේ මෙම ප්‍රදේශයට උඩ වාසල වත්ත ලෙස හදුන්වා පසුව උඩ වත්ත බවට පත්ව ඇත..

    එකල මාලිගාවේ සිටි අලි ඇතුන් සඳහා ආහාර සම්පාදනය කිරීම සඳහා මෙම වන අරණ යොදාගත් බව පුරාවෘර්තවල සඳහන් වෙනවා..


    ඒ වගේම ගම්පොල රජ කළ සේනාසම්මත වික්‍රමබාහු රජතුමා මේ කැලේ 'උඩ වාසල' නමින් මාලිගාවක් තනාගෙන එහි වාසය කළ බවටද මතයක් තිබෙන බව අවට පැරණි ගම්වාසීහු පවසනවා..

    මෙම වන අරණට පිවිස වැඩිදුරක් යන්නට මත්තෙන් හමුවන "රජ පොකුණ" අතීතයේ සෙංකඩගල පුරවරයේ රජකළ රජවරුන්ගේ සහ බිසෝවරුන්ගේ දිය කෙළින ජල තටාකය ලෙස හැඳින්වෙනවා..

    මෙහි උසම ස්ථානය ලෙස සැලකෙන්නේ කොඩිමලේ නම් ස්ථානයි. මුහුදු මට්ටමේ සිට අඩි 1800ක උසින් පිහිටි මෙම ස්ථානයට මුළු මහනුවර නගරයම දිස්වේ.

    ඔබ කුරුල්ලන් නරඹන්න ප්‍රිය කරන කෙනෙක් නම් ඔබට ගැලපෙනම තැන තමයි උඩවත්ත කැලේ අභයභූමිය.

    නුවර නගරයෙන් කිලෝමීටර් 1.5 පමණ දුරින් පිහිටා තිබෙන මේ උඩවත්ත කැලේ පුරා විහිදී ඇති අඩිපාරවල් දිගේ නිහඬව ගමන් කලොත් ඔබට පුළුවන් කුරුල්ලන් රැසක් දැකගන්න.

    හැබැයි උදේ 07:00 ත් හවස 06:00 අතර කාලය තමා උඩවත්ත කැලේ අභයභූමිය සංචාරකයන් සඳහා විවෘතව පවතින්නේ... ඒ වගේම මතක තියාගෙන යන්න හවස 04:30 න් පසුවට මේ තුලට පිවිසීමට අවසරපත් නිකුත් කිරීම නවත්වනවා.

    සැළකිලිමත් වන්න.මෙම වන අරණ තුළ පිහිටි විහාර තුළ දෙස-විදෙස් ආරණ්‍යවාසී භික්ෂූන් වහන්සේලා තවුස්දම් පුරණ හෙයින් අධික ශබ්දයෙන් කෑ නොගසා සංවරව හැසිරිය යුතුය.

    මෙවැනි සංචාරක ස්ථානවල තොරතුරු දිනපතා ලබා ගැනීමට wishmitha lokaya app එක google එකෙන් අදම install කරගන්න

    Original Article Click Here
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    E
    api school kale godak giya eploration hike walata :D
    එක හොදයි මෙවැනි සංචාරක ස්ථානවල තොරතුරු දිනපතා ලබා ගැනීමට wishmitha lokaya app එක google එකෙන් අදම install කරගන්න
     

    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    නුවර ඉඳලා තාම ඕකට ගිහින් නෑ :(
    ගිහින් බලන්න... මෙවැනි සංචාරක ස්ථානවල තොරතුරු දිනපතා ලබා ගැනීමට wishmitha lokaya app එක google එකෙන් අදම install කරගන්න
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ai dan couples yanna barida bn
    හරියට දන්දනේ නැහැ බන්.කාලෙකට කලින්නම් තහනම් කරා .ඉස්සර තපොවනේ පන්සලට යද්දී couples ඉන්නවා පාර දිගේ..හුගක් කාලෙකින්නම් එහෙ පැත්තේ ගියේ නැහැ බන්