රාජකීය සොහොනක්
ඔන්න යාලුවනේ මම අද පොස්ට් 2000 සම්පුර්ණ කළා මෙන්න ඒ වෙනුවෙන් මගෙන්
රාජකීය සොහොනක්
චන්ද්‍රයා මතුපිට සිට පෘතුවිය දෙස බලන ගගන ගාමියෙකුට පොලවේ ඇති එක වස්තුවක් හොදින්ම දැකිය හැකිය. ඒ නම් චීන මහා ප්රාකාරයයි. අඩි 40 ක් පමණ උස්වූ 25000ක් පමණ වන විශාල කුළුණු වලින් සමන්විත සැතපුම් 3700 ක් දිග මෙම චීන මහා ප්‍රාකාරය ක්‍රිස්තු පුර්ව තුන්වන සියවසයේ ජිවත් වූ ක්වින් අධිරාජ්‍යයාගේ නිර්මාණයකි. මෙම අධිරාජ්‍යයාගේ සොහොනද චීන මහා ප්‍රාකාරය මෙන්ම විස්මය දනවන සුළු නිර්මාණයක් බව පුරාවිද්‍යා ගවේෂකයෝ හෙළිකරති. ඔහු ජීවත්ව සිටි කාලයේදීම තමන්ගේ සොහොන තැනීම සදහා උපදෙස් දී ඇති අතර එය තැනා නිම කිරීම සදහා වසර 36 ක් ගතවී ඇත.
ක්වින් අධිරාජ්‍යයා
මිට වසර 36 කට පෙර ක්වින් අධිරාජ්‍යයාගේ මෙම සොහොන සොයාගනු ලැබුවේ පුර විද්‍යාත්මක කැණීමකදීය. සියවස් 22 කට පසු චීනයෙන් සොයාගන්න ලද මෙම සොහොන අඩි 150 ක් පමණ උසැති පස් කන්දක් යට සගවා තිබිනැයි වාර්තාවේ. අඩි 700 ක්පමණ දිග අඩි 200 ක් පමණ පළල වූ ක්වින් රජුගේ සොහොන ශතවර්ෂ 22 ක් ගතවනතුරුම සොයා ගැනීමට නොහැකිව සැගව තිබුණු අතර ඒ වෙත යන දොරටුවද ඉතා සුක්ෂම ලෙස සගවා තිබිණි.
ක්වින් අධිරාජ්‍යයාගේ මාලිගය පිහිට තිබී ප්‍රදේශයේ පස් යට ආරුක්කුවක හැඩයකින් යුත් වහලක් හමුව අතර එය වැඩිදුර ගවේෂණය කිරීමේදී ඔහුගේ සොහොන ලෙස සැලකෙන අහි විශාල ශාලාව හමුවී ඇත. අඩි 700 ක් දිග එම සොහොන වටා ආයුධ රැගත් සෙබළුන්ගේ අඩි 6 ක් පමණ උස මැටියෙන් තැනු රූප 600 ක් අබා ඇත. මිනිසෙකුගේ ප්‍රමාණයට මැටියෙන් අබා පුළුස්සා, රතු පහන් වර්ණ ගන්වා තනා ඇති හේවායන්ගේ රූප ක්වින් අධිරාජ්‍යයාගේ සොහොන ආරක්ෂා කරන සෙබළුන් සේ වටේට පිහිටුවා තිබිණි.
මැටි සෙබළුන්
තව දුරටත් කරන ලද කැනීම් වලදී අඩි තුනහමාරක් පමණ උස ලෝකඩ අශ්වයින් සිව් දෙනෙකුට අශ්ව කරත්ත දෙකක්ද අසරුවන් දෙදෙනෙකුගේ ලෝකඩ ප්‍රතිමාද සොයාගෙන ඇත.
කෘර පාලනයක් චීනය තුල ගෙන ගිය ක්වින් අධිරාජ්‍යයා කුමන හෝ මොහොතක තමා කිසිවෙකු අතින් මරණයට පත්වේයැයි විශ්වාසය කල නිසා දිනෙන් දින තමන් ජිවත් වූ ස්ථාන වෙනස් කරමින් තම සොහොන සාදන්න උපදෙස් දෙන්නට ඇතැයි විශ්වාස කෙරේයි. දිනෙන් දින වෙනස් ස්ථානවල ජීවත්වීම සදහා ඔහු සැතපුම් 60 ක භුමි ප්‍රමාණයක් තුල කුඩා රාජධානි 270 ක් ඉදිකර ඒවා බිම්ගෙවල් මගින් එකිනෙකට සම්බන්ද කර ඇත.
ක්වින් අධිරාජ්‍යයාට රජකම ලැබී ඇත්තේ ඔහුට වයස අවුරුදු දහතුනේදිය. ඒ ක්‍රි.පූ. 246 වසරේදීය. ඔහු චීනයේ අධිරාජ්‍යයා වන විට එහි ප්‍රාදේශීය රාජ්යයන හයක් තිබී ඇත. ඒ සියල්ල යටත් කරගත් ඔහු ඒ රටවල් සියල්ල හසුවන් සේ චීන මහා ප්‍රාකාරය බැද එක්සත් චීන අධිරාජ්‍යයා ගොඩනග ඇත. චීන මහා ප්‍රාකාරය සදු ඔහු එයට සවිශක්තිය ලබාදීම සදහා දස ලක්ෂයකට වඩා අධික කම්කරුවන් එයට යට කරවූ බව චීන ඉතිහාසයේ සදහන් වේ.
චීන මහා ප්‍රාකාරය
ක්‍රි.පූ. 210 ද ක්වින් අධිරාජ්‍යයා මියගිය පසු ඔහුගේ මාලිගය පුළුස්සා දමන ලදී. කාමර 1000 කින් සමන්විත වූ ක්වින් රජුගේ මාලිගය ලොව මෙතෙක් හමුවී ඇති මාලිගා අතුරින් ඇති විශාලතම රජ මාලිගය ලෙස සැලකිය හැකිවේ. එය සැතපුම් 1 1/2 ක් දිගාවන් අතර සැතපුම් 1/2 ක් පළලින් යුක්තය. මාලිගය තුල ති රැස්වීම් ශාලාව මිනිසුන් 10,000 කට එකවර අසුන්ගත් හැකිතරම් විශාලය.
රටවැසියන් අතර කෘර පුද්ගලයෙකු ලෙස ප්‍රකට වී සිටි මෙම අධිරාජ්‍යයා ඇත්තෙන්ම අරුම පුදුම පුද්ගලයෙකි. ඔහු කරන ලද ඉතාමත් දරුණුතම නපුරුකම වුයේ තම මියගිය පසු ඔහුත් සමග තම සතර වර්ගයේ නෑදැයින් ද වැළලීමට නියම කොට තිබීමයි.
ඉතින් මේ පොස්ට් එක වැදගත් කියල හිතෙනව නම් අදහසක් කොටල යන්න අමතක කරන්න එපා....