නාවික හමුදා කණ්ඩායම යනු මෙරට රග්බි ක්රීඩාවේ ඔටුන්න දැරූ 'මහනුවර යුගය' අවසන් කළ කණ්ඩායමයි. මහනුවර කණ්ඩායම යනු එක්සත් ජාතික පක්ෂ ප්රබලයකු වන මලික් සමරවික්රමගේ කණ්ඩායමයි. නාවික හමුදා කණ්ඩායම යනු රාජපක්ෂ පුතුන් විසින් ජවගැන්වූ කණ්ඩායමයි. මේ පසුපස ඇත්තේ විටෙක දේශපාලන සටනක් නමුත්, දේශපාලනය තුළින් වේවා, ඒකාධිකාරයක් වෙනුවට තරගකාරීත්වයක් පැමිණීම ක්රීඩාව දෙසින් වටින්නේය. නමුත් රාජපක්ෂලාව රග්බි ක්රීඩාවෙන් පිටුවහල් කොට තනි අශ්වයකුගේ සටනකට මග පාදාගන්නට යමෙක් උත්සාහ කරන්නේ නම් ක්රීඩාවේ නාමයෙන් එය 'මෙලෝ රහක් නැති ' වැඩක් බව අපි නොබියව පවසන්නෙමු.
මහනුවර ඒකාධිකාරය ක්රීඩාවෙන් නෙවෙයිනේ බන් නැති කරේ? උන්ට ගහල, බය කරල, බලන්න ආපු උන්ට ගහල, ටීම් එක කඩල ටිකක් නාවලපිටියට අරන්...
ඒ විතරද, නුවර තියන්න තිබ්බ තරඟ බලෙන් කොළඹ ගෙනාව. ඒ කරලත් පැරදුනා. අන්තිමේදී බලෙන් නායකත්වය ගත්ත ජාතික කණ්ඩායමේ.
මහනුවර කණ්ඩායම අයිති කාට උනත් උන් දිනුවේ ක්රීඩා කරලා. එළියේ කේස් දාල මිනිස්සු පන්නල නෙවෙයි. ඕකුන්ව ප්රසිද්ධියේ දනගස්සල තියන්න ඕන රගර් වලට කරපු අපරාදෙට. හිරේ දාන්න ඕන.




