අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක බරපතළ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ සැකකාර හිටපු යුද හමුදා සෙබළා හඳුනාගැනීමේ පෙරෙට්ටුව ඊයේ (17දා).
පැවැත්වීමට නියමිතව තිබුණද එය මේ මස 24දා දක්වා කල්තැබීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.
ඊයේ (17දා) දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා පැමිණිලිකාර වෛද්‍යවරිය අධිකරණය හමුවේ පෙනී නොසිටීම පෙරෙට්ටුව මෙලෙස යළි කල් දැමීමට හේතු විය.
මේ අතර මෙම අපරාධය සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු යුද හමුදා සෙබළා මේ මස 24 වැනි දින දක්වා යළි රිමාන්ඩ් භාරයට පත්කරන ලෙස නියෝග කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා එදිනට සැකකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා යළි ඉදිරිපත් කරන ලෙසටද අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට තවදුරටත් නියෝග කරනු ලැබීය.
මේ අතර පැමිණිලිකාර වෛද්‍යවරිය එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා කැඳවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට තවදුරටත් නියෝග කෙරිණි.
මෙසේ යළි රිමාන්ඞ් භාරයට පත්කළේ ගල්නෑව නව නගරය, ඩී තුන, ඇළ පාර ලිපිනයේ පදිංචි නිලන්ත මදුරංග රත්නායක නමැති හිටපු යුද හමුදා සෙබළකු මෙන්ම චීවරධාරියකි.
ඊයේ (17දා) මෙම නඩුව යළි කැඳවූ අවස්ථාවේදී වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවැසුවේ, හඳුනාගැනීමේ පෙරෙට්ටු සඳහා පෙනී සිටින ලෙසට පැමිණිලිකාර වෛද්‍යවරියට දැනුම්දී ඇතත් ඇය අද දින අධිකරණයේ පෙනී නොසිටි බවයි.
ඒ අනුව ඊළඟ නඩු දිනයේදී පැමිණිලිකාර වෛද්‍යවරිය හඳුනාගැනීමේ පෙරෙට්ටුව සඳහා සහභාගි කිරීමට පියවර ගන්නා බවද අධිකරණයට දැනුම්දුන් පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුකරන බවද කීවේය.
පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි නිශානි සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද සහ සැරයන් රංජිත් යන මහත්වරුන් පෙනී සිටියහ. හිටපු යුද හමුදා සෙබළා වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.
අනුරාධපුර – උපාලි ආනන්ද
Mawbima.lk