රාජපක්ෂගේ_ඉක්කාව

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ක්කාව

frontdoor_logo.jpg
 
Last edited:

ndp.mymail

Junior member
  • Jan 14, 2009
    49
    2
    8
    අටවන ශ්‍රේණියවත් පාස් නැති ගොබ්බයෙක් රජ කරගන්නට තරම් මොලයක් තියන මුං නව වන ශ්‍රේණියේ ගැත්තන් ගැන කතා කිරීම අපමණ විහිලුවකි. ගොබ්බ හැත්ත.
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඉට්කා නම් පට්ට අවුල්. තිත්ත වුනත් ඇත්ත කියන්න එපායැ. ඉන්දියන් සක්කිලි මෙහෙට ඇවිල්ලා රටම විනාස කරයි
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,053
    113
    ඉට්කා නම් පට්ට අවුල්. තිත්ත වුනත් ඇත්ත කියන්න එපායැ. ඉන්දියන් සක්කිලි මෙහෙට ඇවිල්ලා රටම විනාස කරයි

    :yes:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,053
    113
    මේ ආණ්ඩුව ඔක්කොම දේවල් කරන්නේ නැහැ කියලා තමා කරන්නේ.බලාගෙන හිටු.:P
     

    upCountry

    Member
    Nov 12, 2014
    484
    86
    0
    රාජපක්ෂගේ විදුලි පුටුව කරේ තියාගත් ගැත්තන්ගේ ‘ඉට්කා‘ ඉක්කාව



    Wimals_Modaka_Sihina_J.jpg




    පාර්ලිමේන්තු විපක්ෂය යනු ප්‍රධාන ‘විකල්ප පක්ෂය‘ වශයෙන් ගැනීමේ පුරුද්දක් අපට නැත, අපේ චිරාත්කාලීන සම්ප්‍රදාය වන්නේ, විපක්ෂය ‘විරුද්ධ පක්ෂය‘ වශයෙන් ගැනීමයි. විකල්පයක් තුළ අඩංගු වන්නේ, ප්‍රගතිගාමී වෙනසක් සඳහා වන සාධනීය විවේචනයකි. එහෙත්, විපක්ෂය යනු විරුද්ධ වීමේ පක්ෂය වශයෙන් ගත් විට, අර කියන යහපත් ලක්ෂණ එයින් බැහැර වෙයි. ඉතිරි වන්නේ, විරෝධයේ නාමයෙන් විරෝධය පෑමම පමණි. 2015 ජනවාරි 8 වැනි දායින් පසු මුළු පාර්ලිමේන්තුවම, ආණ්ඩු පක්ෂය සහ විරුද්ධ පක්ෂය වශයෙන් වෙනුවට, ඒකාබද්ධ ජාතික ආණ්ඩුවක් වශයෙන් සළකා කටයුතු කිරීමේ නව සම්ප්‍රදායක් කල් තියාම යෝජනා කොට තිබුණේ අපේ හුරුපුරුදු සම්ප්‍රදායට වෙනස් භාවිතාවක්, අඩු වශයෙන් කෙටි කලකට හෝ අත්හදා බැලීමටයි. මෙය විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහගේ සිහිනයක් සේ ඉදිරිපත් වූ අදහසකි. එදා පැවති ප්‍රායෝගික අවශ්‍යතා මත, උදාහරණයක් වශයෙන්, කිසි පක්ෂයක නායකත්වයක් නියෝජනය නොකළ මෛත්‍රීපාල සිරිසේන කෙනෙකු රටේ ප්‍රධාන පුරවැසියා බවට පත්වීම සහ බලයට පත්වීමෙන් පසු එම ‘නිර්පාක්ෂික‘ ප්‍රධාන පුරවැසියා, විවිධ හේතු මත, ප්‍රධාන පක්ෂයක නායකත්වය භාර ගැනීම තුළ, අර කී සිහිනය සැබෑවක් කර ගත හැකි වෙතැයි පෙනෙන ප්‍රායෝගික පසුබිමක් නිර්මාණය වුණි. එහි ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රධාන විරුද්ධ පක්ෂය බවට පත්වුණේ, ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක් වෙනුවට, තුන්වැනි පක්ෂයකි. එය එක්තරා ආකාරයකින් අසම්මත විපක්ෂයක් විය. එම විපක්ෂය, ගිරිය කඩාගෙන කෑ ගසන්නේ නැත. පාර්ලිමේන්තුවේ සෙංකෝලය පැහැරගෙන යන්නේ නැත. රෑ එළි වෙනකල් පාර්ලිමේන්තුවේ වාඩි ලා ගෙන ජෝගි නටන්නේ නැත.
    ආණ්ඩුවක් ඇතොත්, හැරෙන හැරෙන පැත්තට ආණ්ඩුවට විරුද්ධ වෙන විරුද්ධ පක්ෂයක්ද තිබිය යුතුය යන හණමිටි සම්ප්‍රදායට, ඉහත කී අලුත් විපක්ෂය ඉතා නීරස සහ ඇල්මැරුණු දර්ශනයක් සේ පෙනී ගියාට සැක නැත. ආණ්ඩුවට විකල්පයක් වශයෙන් ගොඩනැගෙනවා වෙනුවට, මුල් දවසේ සිටම ආණ්ඩුව පෙරලා දැමීම අරමුණු කර ගන්නා ‘විරුද්ධ පක්ෂයක‘ ඉෂ්ටාර්ථය එවැනි සම්ප්‍රදායක් තුළ මස්තකප්‍රාප්ත කර ගත නොහේ. ඉතිං, ‘ඒකාබද්ධ ආණ්ඩුවකට‘ ප්‍රතිපක්ෂව, ‘ඒකාබද්ධ විපක්ෂයකුත්‘ පිහිටුවා ගැනුණි.

    මීට බොහෝ දුරට සමාන තත්වයක්, පක්ෂවලට එළියෙන් සිටින සිවිල් සමාජයේත් දක්නට ලැබේ. ශිෂ්‍ය සහ වෘත්තීය ප්‍රජාවට අමතරව, තවත් අනේක දෘෂ්ටිවාදී පෙළගැසීම් එහිදී අපට හමු වෙයි. විමුක්තිය ඇත්තේ මාක්ස්වාදී සමාජවාදයක යැයි විශ්වාස කරන විවිධ කණ්ඩායම්වල සිට, සිංහල-බෞද්ධ දේශයකින් මෙහා වෙනත් විසඳුමක් නැතැයි තරයේ අදහන අන්තවාදී කල්ලි දක්වා ඒ පරාසය විහිදෙයි.
    ඉන්දියාව සමග ලංකාවේ ආණ්ඩුව දැනට සාකච්ඡා කෙරෙමින් පවතින, ‘ඉට්කා‘ යනුවෙන් හැඳින්වෙන, ‘ආර්ථීක සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම‘ පසුබිමේ ගොඩනැගෙමින් පවතින ඉන්දීය විරෝධය, ඉහතින් කී කෝකටත් තෛලය විරෝධයේ නවතම ආලේපයයි. ඉන්දියාව සමග විටින් විට යුද්ධ කරගෙන තිඛෙන චීනය සහ පාකිස්ථානය හැරුණු කොට, ඉන්දීය විරෝධයක් සාමාන්‍ය ජනයා අතරේ ජනප්‍රිය සහ පහසු භාවිතාවක් වන තවත් රටවල් දෙකක් වන්නේ නේපාලය සහ ශ්‍රී ලංකාවයි.

    ඉන්දියාව සම්බන්ධයෙන් ලංකාවේ පවතින්නේ, බොහෝ විට, ‘ආලය සහ වෛරය‘ මිශ්‍ර ආකල්පයකි. ලංකාවේ දෙමළ ජනතාව තම ‘අනෙකා‘ වශයෙන් ගන්නා මහ ජාතිය, එම ‘අනෙකාව‘ ඉතා පහසුවෙන් අනන්‍ය කරන්නේ ඉන්දියාවත් සමගයි. (සමහර විට, දෙමළ ජනතාව තුළත් ඇතැම් අවස්ථාවන්හිදී එම අදහසම ඇති වීමට ඉඩ තිබේ) අනිත් අතට, අපේ සෑම සංස්කෘතික සහ ආගමික අංගයක්ම ඉන්දියාවට නෑකම් කියන නිසා එම රට ගැන ‘සහෝදර‘ හැඳිනීමක්ද අප තුළ තිබේ. බුදුන්ගේ දහම හරහා එය වඩාත් ඔප් නැංවෙයි. මේ ‘සහෝදර‘ හැඟීම වඩාත් පැහැදිළිව පෙනෙන්නේ, බටහිර රටක වෙසෙන ලාංකිකයන් සහ ඉන්දියානුවන් අතර ඇති විය හැකි ගනුදෙනුවේදී ය. එහෙත් ලංකාවට පැමිණි පසු ඒ ඉන්දීය ‘සහෝදරත්වය‘ සිංහලයාගෙන් බොහෝ විට වියැකී යයි.
    ලංකාවේ මාක්ස්වාදී ව්‍යාපාරයෙන්ද ඉන්දීය විරෝධයක් පෝෂණය කෙරුණි. චීන කොමියුනිස්ට් පක්ෂය සහ මාවෝවාදී දේශපාලනය තුළ ඉන්දියාව සැළකුණේ එක්තරා හතුරෙකු වශයෙනි. ෂන්මුගදාසන්ගේ චීන කොමියුනිස්ට් පක්ෂය තුළ හැදුණු වැඩුණු රෝහණ විෙජ්වීරගේ ‘ඉන්දියානු ව්‍යාප්තවාදය‘ නැමැති ළාමක පංතිය බිහි වුණේ ඒ අමුද්‍රව්‍යවලිනි. කලක් ඔහුගේ අනුගාමිකයෙකු සේ විසීමට මහත් ප්‍රයත්නයක් ගත් නමුත් පසුව එය අතහැර කොණ්ඩයේ ජෙල් ගෑමට පටන් ගත් විමල් වීරවංශ දැන් ඒ අංශයෙන් විෙජ්වීරවත් අභිබවා සිටී. ඔහුට අනුව, ඉන්දීය ගිලන් රථ සේවාවක් මේ රට තුළ ඇති කළොත් සිදුවන්නේ ඉන්දීය ඔත්තු සේවාවේ ඒජන්තයන් විසින් ලංකාව ගිල ගැනීමක්ලු
    මේ ආටකනාටක කෙසේ වෙතත්, ඉන්දියාවෙන් පුරාතනයේදී ලංකාවට එල්ල වූ ආක්‍රමණත්, ඉන්දියාව ගැන යම් කුකුසකින් බැලීමේ පුරුද්දක් ලංකාවේ දකුණුදිග ප්‍රජාව තුළ ඇති කොට තිබේ. එළාර පිළිබඳ මහාවංශ කතාව පාසලේ පටන්ම සිංහලයා තුළ ඇති කරන්නේ ඉන්දීය තර්ජන පිළිබඳ භීතිකාවකි. ඊළඟට, නූතනයේදී ලංකා ආණ්ඩුවට එරෙහිව ඊලාම්වාදීන් පුහුණු කැරැවීමට ඉන්දියාව යම් අවස්ථාවකදී කටයුතු කිරීම මෙන්ම, 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉන්දියාව කරන ලද මැදිහත් වීමත්, බොහෝ සිංහලයන්ගේ සතුටට හේතු නොවේ. ඒ පසුබිම තුළ, ඉන්දු-ශ්‍රී ලංකා ‘ආර්ථීක සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුමක්‘ ගැන කතා කරන විට, ලංකාව වැනි රටක අනාගත සංවර්ධනය සඳහා එවැනි ද්වි-පාර්ශ්වීය වෙළඳ ගිවිසුම්වල ඇති අතිශය වැදගත්කම නොසළකා, හුදු ඉන්දීය-විරෝධයක් ඉස්මත්තට ගැනීමට බොහෝ දෙනා පෙළඹෙති.
    විමල් වීරවංශ වැනි අගතිගාමී දේශපාලඥයන් අවස්ථාවාදී වීම සහ ඒ අනුව රට නොමග යවන කතා පැතිරවීම අපට තේරුම් ගත හැකිය. එහෙත් වෛද්‍යවරුන් වැනි විද්වත්, වැදගත් පිරිසක් මේ ගැන සැබෑ තතු පරීක්ෂා කර නොබලා, අවස්ථාවාදී දේශපාලඥයන් සේ වගකීම් විරහිත කතා කියන්නේ මන්දැයි ප්‍රශ්නයකි. මෙවැනි ද්වි-පාර්ශ්වීය ගිවිසුමක් අත්සන් කළ පසු එය අවලංගු කර ගැනීම සඳහා ජාත්‍යන්තර අධිකරණය ඉදිරියට යා යුතු යැයි කීම, වෛද්‍යවරයෙකුගෙන් බලාපොරොත්තු විය හැකි ප්‍රකාශයක් නොවේ. වැඩිදුරටත් ඒ ගැන අදහස් දක්වන පුද්ගලයෙක්, හෙජින් ගිවිසුම සම්බන්ධයෙන් එවැනි අධිකරණ ඉදිරියට යාමට සිදුවූ බවත්, ඒ සඳහා අපේ මුදල් කෝටි ගණනින් වැය කිරීමට සිදු වූ බවත් පෙන්වා දෙයි. හෙජින් ගනුදෙනුව යනු රක්ෂණය සඳහා කරන ලද එක්තරා ආකාරයක පරදු වැඩපිළිවෙලකි. එය වනාහී, ආරක්ෂණයක් ලබාගෙන අවසානයේදී ඒ සඳහා වන ගාස්තුව නොගෙවා පැහැර හැරීමක් නිසා, අදාළ වින්දිත පාර්ශව විසින් ජාත්‍යන්තර අධිකරණ හමුවේ නඩු පැවරීය. එය සමාන වන්නේ, ‘ස්වාභාවික විපත්‘ සඳහා රක්ෂණය කොට තිබූ රථයක් වෙනුවෙන්, අවුරුද්ද අවසානයේ එවැනි ස්වාභාවික විපතක් සිදු නොවීය යන තර්කය මත පිහිටා ඊට අදාළ වාරික මුදල ගෙවීම ප්‍රතික්ෂේප කිරීමකටයි. එහෙත් අප දැන් කතා කරන ‘ආර්ථීක සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම‘ තුළ අප ගිවිස ගන්නේ රටවල් දෙක අතරේ යම් යම් සේවාවන් හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙලකි. රටවල් දෙකක් අතර ඇති කරගන්නා ඕනෑම ද්වි-පාර්ශ්වික ගිවිසුමක රටවල් දෙකේම අවශ්‍යතා නියෝජනය වීම ස්වභාවික ය. යම් හෙයකින් රටවල් දෙකේ අවශ්‍යතා මෙවැනි ගිවිසුමක් යටතේ සමබර මට්ටමකින් නියෝජනය නොවන බවක් යම් විටෙක අවබෝධ වන්නේ නම්, එම ගිවිසුම අදාළ ඕනෑම පාර්ශ්වයක් විසින් මාස හයකට කලින් දැනුම් දීමෙන් අවලංගු කළ හැකිය. 2000 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන ‘ඉන්දු ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම‘ තුළ එය පැහැදිළිවම ලියා තිබේ. දැන් අප කතා කරන ‘ආර්ථීක සහ තාක්ෂණික සහයෝගීතා ගිවිසුම‘ තවම කෙටුම්පත් කොට නැත. එහෙත්, ඒ සඳහා වන ‘මූලාවයව ලියවිල්ලක්‘ සකස් කොට තිබේ. එම ලියවිල්ල තුළ මේ කාරණය ඉතා පැහැදිළිව සඳහන්ව ඇත. ඉතිං, එසේ තිබියදී, ජාත්‍යන්තර අධිකරණයකින් මෙහා මෙවැනි ගිවිසුමක් අවලංගු කර ගැනීමට නොහැකි වෙතැයි කිව හැක්කේ, මහින්ද රාජපක්ෂගේ විදුලි පුටුව කරේ තියාගත් ගැත්තෙකුට මිස වෙන කිසිවෙකුට නොවේ.

    Old

    :lol::lol::lol::lol: