රාජපක්ෂලා දැනගෙන සිටියා..! ‌

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රාජපක්ෂලා දැනගෙන සිටියා..! ‌

ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බ පිපිරීම රාජපක්ෂලා දැනගෙන සිටියා..! ‌මෙන්න සාක්කි..!!


1-Malaka-Chandradasa-J.jpg



පාස්කු ඉරිදා ෂැන්ග්‍රිලා හෝටලයේ දී මරාගෙන මැරෙන ප්‍රහාර 2 ක් සිදුවීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂගේ සහ නාමල් රාජපක්ෂගේ සම්බන්ධයක් පවතින බවට සහ අඩුම ගණනේ ඔවුන් ‌ඒ ගැන දැන සිටි බවට බරපතල සැක පහළ වී තිබේ. සැකයට හේතු කාරණා වන අත්හල නොහැකි සාක්කි මෙසේ ය.
පසුබිම...
ෂැන්ග්‍රිලා හෝටල් ව්‍යාපාර ජාලයේ ශ්‍රී ලංකාවේ ප්‍රධානියා වන්නේ සජාත් අහමඩ් මවුජුන් නමැත්තෙකි. තමන්ට කොළඹ මධ්‍යයේ වටිනා ඉඩමක් සින්නකරව ලබා දීම සම්බන්ධයෙන් සජාත් රාජපක්ෂ පවුල සමග පැවැත්වූයේ දැඩි මිත්‍ර සම්බන්ධයකි. හෝටලය විවෘත කිරීමේ උත්සවය දා රාත්‍රී රාජපක්ෂලා වෙනුවෙන් පමණක් වෙනම රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පැවැත්වූ අතර එහි සුඛෝපභෝගී ‘ස්වීට්’ අංගන දෙකක් රාජපක්ෂලා වෙනුවෙන්ම නොමිලේ වෙන්කර තිබේ.
ෂැන්ග්‍රිලා ආරක්ෂාව බාරව උන් හෙන්දාවිතාරණ සහ මාලක චන්ද්‍රදාස කව්ද?
ෂැන්ග්‍රිලා හෝටල් ජාලය සහ ඊට අනුබද්ධ නිවාස ව්‍යාපෘතිද ඇතුළු සියළු ව්‍යාපාර ජාලයේ ආරක්ෂක උපදේශකත්වය බාර වන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ ඔහුගේ ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රධාන උපදේශකයා වූ විශ්‍රාමික මේජර් ජෙනරාල් කපිල හෙන්දාවිතාරණට ය. ෂැන්ග්‍රිලා හෝටල් වල ආරක්ෂක අධ්‍යක්ෂක ධූරය බාර වන්නේ මහින්ද රාජපක්ෂගේ නැගණිය ප්‍රීති රාජපක්ෂගේ (දොස්තර ලලිත් ප්‍රියලාල් චන්ද්‍රදාස සමග විවාහ වී සිටින) ගේ පුත් හිටපු නාවික හමුදා නිලධාරී මාලක චන්ද්‍රදාසට ය. රාජපක්ෂ යුගයේ දී ප්‍රීතිගේ ස්වාමියා රජයේ ආයතන 9 ක ප්‍රධාන ධූර හෙබැවූ අතර පුත්‍රයා මාලක චන්ද්‍රදාස ගෝඨාභයගේ ආරක්ෂාව බාරව සිටියේ ය.
ෂැනග්‍රිලා හෝටල් සමූහයේ ආරක්ෂක උපදේශක ධූරයට කපිල හෙන්දාවිතාරණත් ආරක්ෂක අධ්‍යක්ෂක ධූරයට මාලක චන්ද්‍රදාසත් ඉදිරිපත් කරන්නේ ගෝඨාභය රාජපක්ෂයි.
‘අවිධිමත් යුද්ධ’ සහ ‘පුපුරුවා හැරීම්’ පිලිබඳ විශේෂඥයා...
මෙකී මාලක චන්ද්‍රදාස 2017 දී ෂැන්ග්‍රිලා හෝටලයේ ආරක්ෂාව බාර අධ්‍යක්ෂක ලෙස පත්වීමට පෙර ඔහු රැකියාව කෙළේ සිංගප්පූරුවේ බෙත් එල් (ආසියා අප්‍රිකා) පුද්ගලික සමාගමේ ආරක්ෂාව සහ ‘පුපුරුවා හැරීම්’ පිලිබඳ උපදේශකයෙකු ලෙස වීම සැළකිය යුතුය. එමෙන්ම ඔහු නාවික පශ්චාත් උපාධි පාඨමාලාවට උගෙන ඇත්තේ ‘අවිධිමත් යුද්ධ’ සහ විශේෂ මෙහෙයුම් පිලිබඳව වීම ද එමෙන්ම සැළකිය යුතුය.
එනම් මාලක චන්ද්‍රදාස ‘අවිධිමත් යුද්ධ’ පිළිබඳවත් ‘පුපුරුවා හැරීම්’ පිළිබඳවත් විශේෂඥයෙකි. එවැනි විශේෂඥයෙකු ෂැන්ග්‍රිලා හෝටලේ ආරක්ෂක අධ්‍යක්ෂක ලෙස රාජකාරි කරද්දී ෂැන්ග්‍රිලා හෝටලයේ පමණක් මරාගෙන මැරෙන බෝම්බ දෙකක්ම පුපුරා ගියේ කෙසේද? එය ඔහු දැනුවත්ව සිදුවූවක්ද? මෙය බරපතල සැක උපදවන කාරණයකි. ඒ සැකය තහවුරු කෙරෙන කාරණා ද වෙති.

ෂැන්ග්‍රිලා බෝම්බ පුපුරද්දී ආරක්ෂක අධ්‍යක්ෂ මාලක චන්ද්‍රදාස සිටියේ පිලිපීනයේ ය. නමුත් ඔහුගේ ට්විටර් ගිණුමේ ඒ පිළිබඳ කිසිදු සටහනක් යොදන්නේ නැත. කිසිදු ශෝකය පළ කිරීමක් යොදන්නේ නැත. ඒ වෙනුවට ඔහු අප්‍රේල් 21 බෝම්බ පුපුරා ගිය දා සටහන් කරන්නේ වෙනත් කතාවකි. එනම් එදින ඇමැති හරීන් ප්‍රනාන්දු කී කතාවට ප්‍රතිචාරයකි. “අඩු ගණනේ දැන් අපි දන්නවා වැලිකඩ සිර ගෙදරට බෝම්බ ගැහුවේ නැත්තේ ඇයි කියා. මන්ද අපේ හොඳම බුද්ධි අංශ නිලධාරීන් එහි සිටින නිසා එය ආරක්ෂා වුනා” යි ඔහු සටහන් කර තිබේ. එනම් ඒ ප්‍රකාශයෙන් එළියට පනින අනෙක් මතය නම් ෂැන්ග්‍රිලා හෝටලයට බෝම්බ ගැහුවේ තමන් හොඳ ආරක්ෂක අධ්‍යක්ෂක වරයෙක් නොවන නිසාද? නැතිනම් තමන් ඒ ගැන දැන සිටියා කියා ද?
කෙසේ වෙතත් ‘මා සිටියා නම් මෙලෙස වන්නේ නැතැ’යි ගෝඨාභය රාජපක්ෂ බෝම්බ පුපුරනවාත් සමග ප්‍රසිද්ධියේ කියද්දී ෂැන්‍ග්‍රිලා වල බෝම්බ දෙකක්ම පුපුරා ගියේ තමන් යෝජනා කිරීමෙන් පත් කළ ආරක්ෂක උපදේශක හෙන්දාවිතාරණ සහ තම ඥාති පුත් ආරක්ෂක අධ්‍යක්ෂක මාලකත් ෂැන්ග්‍රිලාවේ ආරක්ෂාව බාරව සිටියදී බව සැඟවූයේ ය.
නාමල්ගේ කළු සල්ලි ආයෝජනය කළ රිෂාඩ්ගේ සැක සහිත මරණය
ෂැන්ග්‍රිලා බෝම්බ පිපිරීමට රාජපක්ෂලාගේ සම්බන්ධයක් පවතින බවට බරපතල සැක පහළ වීමට තවත් හේතුවක් තිබේ. ඒනම් නාමල් රාජපක්ෂගේ කළු සල්ලි ආයෝජනය කර තිබෙන ‘එක්සෝටික් කාර්’ පුද්ගලික සමාගම අයිතිකාර රිෂාඩ් හමීඩ් ගේ මරණයයි. ඔහු එදින ෂැන්ග්‍රිලා බෝම්බයට බිළිවන්නේ ය. රිෂාඩ් හමීඩ් අතේ සතේ නැතිව කොළඹ පැමිණ නාමල්ගේ කළු සල්ලි ආයෝජනයෙන් ප්‍රකෝටිපතියකු වන්නේ ය. නාමල්ලාගේ ලැම්බෝගිනි මෙන්ම අද දිනයේ ද ප්‍රසිද්ධ පුද්ගලයන්ට අවශ්‍ය සුපිරි රථ ගෙන්වා දෙන්නේ ඔහුය. රිෂාඩ් හමීඩ් සහ බිරිඳ පසුගියදා පැවැති චිචීගේ මංගල්‍යයටද ආරාධනා ලැබූ රාජපක්ෂලාගේ ලඟ හිතවතෙකි. ඔහුගේ බිරිඳ ‘ජිහාන් හමීඩ්’ නාමල් සමග පවතින්නේ සාමාන්‍ය ඉක්මවූ සම්බන්ධයකි. ඇය පොහොට්ටුවේ නාගරික මන්ත්‍රීවරියක් ද වන්නීය. කෙසේ වෙතත් මෑත කාලයේ දී තම බිරිඳ නාමල් සමග පත්වන අසාමාන්‍ය සම්බන්ධය හේතුවෙන් රිෂාඩ් නාමල් සමග ආරෝවක සිටියේ ය. බෝම්බය පුපුරා ගිය දිනයේ, ඒ අවස්ථාවේ රිෂාඩ් ෂැන්ග්‍රිලා රෙස්ටෝරන්ට් එකට යන්නේ තුන්වැන්නෙකුගේ දුරකථන ඇමැතුමක් අනුව ය. ‘ඒ වෙලාවට රෙස්ටොරන්ට් එකට එන්නැයි, මාත් එතැනට එනවා” යයි රිෂාඩ්ට ලැබුණු දුරකථන ඇමැතුම අනුව රිෂාඩ් එහි යන නමුත් තුන් වැන්නා එහි සිටියේ නැත. බෝම්බය පුපුරා ගියේ ය. රිෂාඩ් මිය ගියේ ය. රිෂාඩ් මිය ගිය බව පවා ඔහුගේ බිරිඳ 27 වෙනිදා දක්වා ලෝකයාගෙන් වසන් කරන්නීය. පසුව ඒ බව ප්‍රසිද්ධ කරන්නේ ඇය නාමල් සමග කරන ලද සාකච්ඡාවකින් පසු නාමල් දුන් උපදෙස් අනුව ය.
ඉහත කී රිෂාඩ් යනු තජුඩීන් ඝාතනය සිදුකළ කණ්ඩායමට එදින රාත්‍රී භෝජනය දුන් පුද්ගලයා බව හෙළි වී තිබේ. ඔහු තජුඩීන් ඝාතනයේ දී නාමල්ලාට එරෙහි සාක්කියකි. එපමණක් නොව රිෂාඩ් යනු කින්ස්බරි හෝටලයේ දී සහ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී මරාගෙන මැරුණු ‌කෝටිපති ඊබ්‍රාහිම් සොහොයුරන්ගේ ද මිතුරෙකි.

රිෂාඩ් ඝාතනයට අවශ්‍යව සිටියේ කව්ද? ෂැන්ග්‍රිලා හිදී ඔහු බිල්ලට දුන් තුන්වැන්නා කව්දැයි සොයා ගැනීමෙන් මේ සම්බන්ධයෙන් රාජපක්ෂලාගේ ඇති සම්බන්ධයට තවත් ශක්තිමත් සාක්කියක් එකතු වනු නිසැක ය.
රිෂාඩ් හමීඩ් ගේ ඝාතනය ගැන තව වැඩිදුර විස්තරයක් වෙනත් ලිපියකින් ගෙන එන්නෙමු..!
සහ්රාන් හෂීම් ෂැන්ග්‍රිලාවේ මිය ගියා යැයි ‌බොරුවක් රාජපක්ෂලා ප්‍රචාරය ‌කෙළේ ඇයි?
ෂැන්ග්‍රිලා හෝටලයේ බෝම්බයෙන් තවුහිද් ජමාද් නායකයෙකු වූ සහ්රාන් හෂීම් මිය ගිය බවට මේ දක්වා නිශ්චිත සාක්කි වලින් තහවුරු වී නැත. එසේ නමුත් බෝම්බ පිපිරීමත් සමගම ඔහුගේ මුහුණ මරාගෙන මැරුණු බෝම්බ කරුවෙකුගේ මුහුණට සමාන කරමින් එවැනි මතයක් සමාජ ජාලාවලට එක් කෙළේය. එය කල්තියා සකස් කරන ලද සේයාරුවකි. ඒවා ප්‍රචාරය කෙළේ රාජපක්ෂලාගේ මාධ්‍ය නඩයයි. ඒ මදිවාට මරාගෙන මැරුණු බෝම්බ කරුගේ ඩීඑන්ඒ සහ්රාන්ගේ ඩීඑන්ඒ සමග ගැලපුනු බවටද විශාල ප්‍රචාරයක් ගෙන ගියේ ය. එය ප්‍රවෘත්තියක් ලෙස ලංකා ඊ නිව්ස්හි පළකරවා ගැනීමට රාජපක්ෂලාගේ ඔත්තු කරුවෝ මහත් වෙහෙසක් ගත්හ. ලංකා ඊ නිව්ස් ඊට නොරැවටුනද ඒ ප්‍රචාරයන් වෙනත් මාධ්‍ය හරහා ගෙන ගියේ රාජපක්ෂ මාධ්‍ය නඩයයි. එය අමූලික අසත්‍යයකි. සහ්රාන්ගේ ඩීඑන්ඒ සමග ෂැන්ග්‍රිලා බෝම්බ කරුවන්ගේ ඩීඑන්ඒ ගැලපී නැත.
සත්‍ය එසේ තිබියදී රාජපක්ෂලාට සහ්රාන් මිය ගිය බව ඒත්තු ගැන්විය යුත්තේ ඇයි? එය රාජපක්ෂලාම බිහිකළ තවුහිද් ජමාද් සංවිධානයේ අවශ්‍යතාවය බව පෙනී යයි. සහ්රාන් වැනි වශීකෘත දේශකයෙකු පළමු වටය‌ේදීම මරා ගැනීමට කිසිදු ත්‍රස්ත සංවිධානයකට අවශ්‍ය වන්නේ නැත. මරාගෙන මැරෙන ප්‍රහාර වලට පෙර දිව්රුම් දීමක් යැයි ඔවුන් ප්‍රසිද්ධ කළ වීඩියෝවේ මුහුණ පෙන්වාගෙන ඉන්නේ සහ්රාන් පමණි. ඒ ඇයි..? ඔහු මිය ගිය බව ලෝකයාට තහවුරු කිරීමට ය. එසේ තහවුරු කිරීමෙන් පසු සත්‍ය සහ්රාන් හෂීම්ට සැඟවී ජීවත්වීමට අවශ්‍ය වාතාවරණය සැකසෙන්නේ ය. ත්‍රස්ත සංවිධානයේ අවශ්‍යතාවය රාජපක්ෂලාගේ ද අවශ්‍යතාවයක් වූයේ කවර නම් අරුමයකින් ද? එය අහම්බයක්ද ?

මෙකී පරීක්ෂණ දේශද්‍රෝහී සිරිසේන යටතේ සිදුකරන්නේ නම් ඉහත කී ප්‍රශ්න වලට සැබෑ පිළිතුරු ලබා ගැනීමට නොහැකිය. දේශද්‍රෝහියා ඉන්නේ සියළු වැරදි තම තරහාකාරයන් මත පටවමින් තම මිතුරන් වූ රාජපක්ෂලා ආරක්ෂා කිරීමට ය. මෙවැනි අංක එකේ දේශද්‍රෝහියෙකු සමග එක්ව ලෝක ත්‍රස්තවාදයක් සමග සම්බන්ධව සිටින ලාංකීය නව ත්‍රස්තවාදය විනාශ කිරීමට තැටමීම අමු විහිළුවක් කියාද, සැබෑ දේශප්‍රේමීන්ට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවන භයානක සෙල්ලමක් කියාද, මේ ලියුම්කරු පළමු වටයේ දීම අනතුරු ඇඟවූයේ එබැවිනි...!
 
  • Like
Reactions: Xi Jinping

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සාදර අනුග්‍රහය lankaenews...
    එළකිරි සඳහා අනුග්‍රහය - lankaenews හි boston සාමාජික


    ගියපාර ලැම්බොගිනි, රත්තරන් අස්සයො, ඩොලර් බිලියන 18, සහගහන කොමිස් කතන්දර වලට රැවටුන අය තමා මේ කතා වලට තවමත් රැවටෙමින් අනිත් අයවත් රවට්ටන්නෙ.


    57426227_2328995127356689_7772350982674972672_n.png
     

    LAkmalRusira

    Active member
  • Jun 12, 2015
    858
    103
    43

    ගියපාර ලැම්බොගිනි, රත්තරන් අස්සයො, ඩොලර් බිලියන 18, සහගහන කොමිස් කතන්දර වලට රැවටුන අය තමා මේ කතා වලට තවමත් රැවටෙමින් අනිත් අයවත් රවට්ටන්නෙ.


    57426227_2328995127356689_7772350982674972672_n.png

    Sira bn gotabaya pitin gahala .kes eka yata yawanta yanne. Thambi tika eliye :angry:
     
    Last edited:

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    වෙන කියන්නම දෙයක් නෑ මේ කාලකන්නින්ට පව් ගූ එන් පී කාරයො.
    ගෝඨා මහින්දට කිව්වෙත් නෑ තව බෝම්බ වෑන් එකක් පාර්ක් කරල තියෙනව පැයෙන් පුපුරන්න කොච්චිකඩේ පැත්තට යන්න එපා කියල, ඌ මෝඩය වගේ ගියා. කැරි වැඩ.
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,586
    2,978
    113
    Sri Lanka
    වෙන කියන්නම දෙයක් නෑ මේ කාලකන්නින්ට පව් ගූ එන් පී කාරයො.
    ගෝඨා මහින්දට කිව්වෙත් නෑ තව බෝම්බ වෑන් එකක් පාර්ක් කරල තියෙනව පැයෙන් පුපුරන්න කොච්චිකඩේ පැත්තට යන්න එපා කියල, ඌ මෝඩය වගේ ගියා. කැරි වැඩ.

    :rolleyes::rolleyes::rolleyes:
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    මචන් කුරාණය ලියල තියෙන්නෙත් රාජපක්ෂලාලු නේද? අපෝ ඕකුන් නං :baffled:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    වෙන කියන්නම දෙයක් නෑ මේ කාලකන්නින්ට පව් ගූ එන් පී කාරයො.
    ගෝඨා මහින්දට කිව්වෙත් නෑ තව බෝම්බ වෑන් එකක් පාර්ක් කරල තියෙනව පැයෙන් පුපුරන්න කොච්චිකඩේ පැත්තට යන්න එපා කියල, ඌ මෝඩය වගේ ගියා. කැරි වැඩ.

    **රි වැඩම තමා :yes:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    විශ්වාස කටයුතු ලෙස දැනගත් පරිදි ශිරන්ති මහත්මිය , උදේ පූජාවට ඇවිත් ගියාළු. මම නම් හිතන්නේ නෑ, ඔය ගැන දන්නවා නම් ඔතෙන්ඩ යයි කියලා.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මචන් කුරාණය ලියල තියෙන්නෙත් රාජපක්ෂලාලු නේද? අපෝ ඕකුන් නං :baffled:

    ඔව් ඇයි උබ අදද දන්නේ? ඩේසි ආච්චිගේ මැණික් මල්ල විකුණලා තමා මක්කම හැදුවෙත්