රාජපක්ෂ, නොරොච්චෝලේ බලාගාරය හා කොමිස්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ජල විදුලි බලාගාර හැදුවෙ කවුද බන්?

    රටකට ජනාධිපති කෙනෙක් පත් කරගන්නෙ ඕව කොරන්න තමා. නැතුව කපු කටින්න නෙමේ. කරන විදිය අනුවයි ජානාධිපති වෙනස් වෙන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113


    රටකට ජනාධිපති කෙනෙක් පත් කරගන්නෙ ඕව කොරන්න තමා. නැතුව කපු කටින්න නෙමේ.

    ඒක ඇත්ත, නමුත් රනිල් සැටලයිට් දෙන්නම හිඟන්නා ගෙ තුවාලෙ වගෙ ඕව මොකුත් නොකර පුද්ගලික බලාගාර කාරයන්ගෙන් කොමිස් කකා හිටපු එව්වට මොකුත් නොකිය ඉන්න උන් අන්තිමේ හදපු එකා කොමිස් ගන්න මේක කරේ කියල නේ කිව්වෙ, එහෙම උන්ට දැනගන්න දැම්මෙ :yes:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,988
    1
    9,810
    113
    Gampaha
    ඒක ඇත්ත, නමුත් රනිල් සැටලයිට් දෙන්නම හිඟන්නා ගෙ තුවාලෙ වගෙ ඕව මොකුත් නොකර පුද්ගලික බලාගාර කාරයන්ගෙන් කොමිස් කකා හිටපු එව්වට මොකුත් නොකිය ඉන්න උන් අන්තිමේ හදපු එකා කොමිස් ගන්න මේක කරේ කියල නේ කිව්වෙ, එහෙම උන්ට දැනගන්න දැම්මෙ :yes:
    ජල විදුලි බලාගාර හැදුවෙ කවුද බන්? :rofl::rofl: උත්තර නැද්ද.. මහින්ද වාදියො වෙන්න එපා බන්..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ජල විදුලි බලාගාර හැදුවෙ කවුද බන්? :rofl::rofl: උත්තර නැද්ද.. මහින්ද වාදියො වෙන්න එපා බන්..

    රනිල්ද චන්ද්‍රිකා ද ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ජල විදුලි බලාගාර හැදුවෙ කවුද බන්? :rofl::rofl: උත්තර නැද්ද.. මහින්ද වාදියො වෙන්න එපා බන්..

    රනිල්ද චන්ද්‍රිකා ද ?

    රනිල්ගෙ කාලෙ හදපුවා මොනාද චන්ද්‍රිකා ගෙ කාලෙ හදපුවා මොනාද?
    Bump
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජල විදුලි බලාගාර හැදුවෙ කවුද බන්? :rofl::rofl: උත්තර නැද්ද.. මහින්ද වාදියො වෙන්න එපා බන්..

    ඉතින් මොකක්ද කියන්නෙ? යූඇන්පීය හැදුවේ?
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,255
    2,452
    113
    37
    වැඩක් නෑ ඕයි , මේවා ඒ දවස්වල ප්‍රස්ද්ධ කරන්න ඕනා ඒවා , දැන් ඉතින් අවුරුදු 4 වලක් ඉහන් කන්න තමයි අපිට වෙන්නේ
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ජල විදුලි බලාගාර හැදුවෙ කවුද බන්? :rofl::rofl: උත්තර නැද්ද.. මහින්ද වාදියො වෙන්න එපා බන්..

    මහවැලිය පටන් ගත්තේ කවුද
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ජල විදුලි බලාගාර හැදුවෙ කවුද බන්? :rofl::rofl: උත්තර නැද්ද.. මහින්ද වාදියො වෙන්න එපා බන්..

    රනිල්ගෙ කාලෙ හදපුවා මොනාද චන්ද්‍රිකා ගෙ කාලෙ හදපුවා මොනාද?
    Bump

    Bump
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    ජල විදුලි බලාගාර හැදුවෙ කවුද බන්? :rofl::rofl: උත්තර නැද්ද.. මහින්ද වාදියො වෙන්න එපා බන්..

    රනිල්ද චන්ද්‍රිකා ද ?

    රනිල්ගෙ කාලෙ හදපුවා මොනාද චන්ද්‍රිකා ගෙ කාලෙ හදපුවා මොනාද?

    Bump
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    නොරොච්චෝලේ ඉදිවුන ගල් අගුරු විදුලි බලාගාරයේ සාර්ථකත්වය නිසා

    • තෙල් දහනයෙන් විදුලිය නිපදවන විදුලි බලාගාර 3ක් විශ්‍රාම යැවීමට හැකිවීම
    • තාප විදුලි බලාගාර මගින් විදුලිය නිපදවීම සදහා ආනයනය කල ඛනීජ තෙල් ප්‍රමාණය සැලකිය යුතු ප්‍රමාණයකින් අඩුඅඩුවීම
    • පුද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට ගිය වියදම් අඩුවීම
    • විදුලිය කප්පාදුවලින් තොරව පැය 24 ම විදුලිය ලබාදීමට සමත් වූ අග්නිදිග ආසියාවේ එකම රට බවට ශ්‍රී ලංකාව පත්වීම

    මෙවැනි ජාතික ජයග්‍රහන රැසක් උදාකරගත හැකිවුයේ දින සියයේ වැඩ පිලිවෙල හෝ චම්පික රණවක ගේ මැජික් බලයෙන් නොවේ. රවි කරුණානායකගේ මැජික් බලයෙන් නොවේ.

    ඊනියා පරිසරවේදීන් ගේ සහ තෙල් මාපියාවේ විරෝධතාවයන් හමුවේ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකිරීම අත්හැර දැමූ චන්ද්‍රිකා හා රනිල් නිසා නොවේ.

    මෙවැනි ජාතික ජයග්‍රහන රැසක් උදාකරගත හැකිවුනේ විරෝධතාවයන් හමුවේ නොසැලී අභීතව මුහුන දී කළ යුතුදේ කළ, ගල් අගුරු විදුලි බලාගාර ඉදිකිරීමේ ජාතික ප්‍රතිපත්තිය ඇතිකර නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකිරීම ආරම්භ කර අදියර දෙකකින් එය නිමකොට ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් නවසියයක් එක්කළ මහින්ද රාජපක්ෂ ගේ දූරදර්ශී වැඩ පිලිවෙල නිසාවෙනි.

    මේ දත්ත විශ්ලේෂනය දෙස බලන්න.

    ඔබගේ අපගේ නිවසේ භාවිතා වන විදුලි ඒකකයක් යනු කිලෝ වොට් පැය එකකි.

    කිලෝ වොට් එකක උපකරනයක් පැය එකක් භාවිතා කලවිට කිලෝ වොට් පැය එකක විදුලි බල ශක්තිය වැයවේ.

    කිලෝ වොට් එකක ජෙනරේටරයක් පැය එකක් වැඩ කලවිට කිලෝ වොට් පැය එකක විදුලි බල ශක්තිය නිපදවේ.

    නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරයේ පළමු අදියරේදී ධාරිතාව මෙගාවොට් තුන් සියයක් වු ජෙනරේටරයක් සවිකරඇත.

    මෙගාවොට් එකකට කිලෝ වොට් දහසකි. මෙගාවොට් 1 = කිලෝ වොට් 1000
    ඒ අනුව පළමු අදියරේ ධාරිතාව කිලෝ වොට් තුන් ලක්ෂයකි. මේ ජෙනරේටරය පැයක් වැඩකළ විට කිලෝ වොට් පැය ලක්ෂ තුනක් එනම් විදුලි ඒකක ලක්ෂ තුනක් නිපදවේ.

    මෙගාවොට් 300 = කිලෝ වොට් 300 X 1000 = කිලෝ වොට් 300,000
    මේ ජෙනරේටරය දවසක් වැඩකළ විට විදුලි ඒකක ලක්ෂ හැත්තෑ දෙකක් නිපදවේ. එනම් විදුලි ඒකක මිලියන 7.2 කි.

    (කිලෝ වොට් 300,000 X පැය 24 = කිලෝ වොට් පැය 7,200,000 = කිලෝ වොට් පැය මිලියන 7.2)

    ඛනීජ තෙල් දහනයෙන් විදුලිය නිපදවන විට විදුලි ඒකකයක් සදහා අවම රුපියල් 24/- ක් වැයවේ. ගල් අගුරු විදුලි බලාගාරයෙන් විදුලිය නිපදවන විට විදුලි ඒකකයක් සදහා වැයවන්නේ රුපියල් 9/- කටත් අඩු මුදලකි.. ඒ අනුව ගල් අගුරු විදුලි බලාගාරයෙන් විදුලිය නිපදවන විට විදුලි ඒකකයක් වෙනුවෙන් රුපියල් 15/- ක් අවම වශයෙන් ඉතිරිවේ.

    (කිලෝ වොට් පැය මිලියන 7.2 X කිලෝ වොට් පැය කට රුපියල් 15/- = රුපියල් මිලියන 108)

    එනම් ගල් අගුරු විදුලි බලාගාරයේ පළමු අදියර යටතේ ජෙනරේටරය දවසක් වැඩකළ විට රුපියල් මිලියන 108 ක් ඉතිරි කර ගතහැක.

    අදියර 2 යටතේ මෙගාවොට් 300 ජෙනරේටර දෙකක් සවි කරඇත. එනම් මෙගාවොට් 600 කි. ඒ අනුව අදියර දෙකම ඇති කල පසු ලංකා විදුලි බල මංඩලයට එහෙම නැත්නම් මහා භාංඩාගාරයට දවසකට රුපියල් මිලියන 324 ක් ඉතිරි කර ගතහැකි වෙනවා.

    රුපියල් මිලියන 108 X 3 = රුපියල් මිලියන 324

    ඔක්කොම ජෙනරේටර් අවුරුද්දකට මාසයක් වහල දවස් 335 ක් වැඩ කලත් රුපියල් මිලියන 100,000 ක්, එනම් රුපියල් මිලියන ලක්ෂයක් , රුපියල් බිලියන 100 ක් රජයට ඉතිරි කර ගතහැකි වෙනවා..

    දින 335 X දිනකට රුපියල් මිලියන 324 = රුපියල් මිලියන 108,540 = රුපියල් බිලියන 108

    ------------------------------------------------------------------------------
    ඒ අනුව අපේ රටේ විදුලි බල ශක්තියේ අවශ්‍යතාව හදුනාගෙන නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකිරීම නිසා දැන් වසරකට රුපියල් බිලියන 100 ක් මහා භාංඩාගාරයට ඉතුරු කර ගත හැක.
    -------------------------------------------------------------------------------

    නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදි නොකලේ නම් ප්‍රෙට්ල් ඩීසල් මිළ පහත හෙලීම සිතාගැනීමටත් නොහැක. ඒ මක් නිසාද යත් අතීතයේ ඛනීජ තෙල් ආනයනයෙන් වැඩි කොටසක් වැයකලේ විදුලිය නිපදවීමටය.

    නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය අදියර 1 (1x300 මෙගාවොට්) ඉදිකිරීමට වැය කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 450 ක් සහ රුපියල් මිලියන 5300 කි. එනම් රුපියල් මිලියන 63,800 කි. අදියර 1 යටතේ මහා භාංඩාගාරයට ඉතිරිය වසරකට අවම රුපියල් මිලියන 33,000 කි.

    නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදි නොකර පුද්ගලික තාප බලාගාර වලින් මෙම විදුලි ප්‍රමානය මිලදී ගැනීමට දිනකට පමනක් රුපියල් මිලියන 172.8 වැයවේ. දින 370 කට රුපියල් මිලියන 63,936 කි.

    (කිලෝ වොට් පැය මිලියන 7.2 X කිලෝ වොට් පැය කට රුපියල් 24/- = රුපියල් මිලියන 172.8

    රුපියල් මිලියන 172.8 X දින 370 = රුපියල් මිලියන 63,936)

    වෙනත් ආංඩු තෙල් මාපියාවට දින 370 කට ගෙවූ මුදලින් නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය අදියර 1 නිමකර මහා භාංඩාගාරයට වසරකට රුපියල් මිලියන 33,000 ක් ඉතිරිකර දුන් මහින්දට කොමිස්කාරයෙක් යැයි කිවහැකිද ?.



    නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය අදියර 2 ( 2x300 මෙගාවොට්) ඉදිකිරීමට වැය කර ඇත්තේ අමෙරිකානු ඩොලර් මිලියන 890 ක් සහ රුපියල් මිලියන 11,000 කි. එනම් රුපියල් මිලියන 126,700 කි. අදියර 2 යටතේ මහා භාංඩාගාරයට ඉතිරිය වසරකට අවම රුපියල් මිලියන 66,000 කි. නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදි නොකර පුද්ගලික තාප බලාගාර වලින් මෙම විදුලි ප්‍රමානය මිලදී ගැනීමට දිනකට පමනක් රුපියල් මිලියන 345.6ක් වැයවේ. දින 367 කට රුපියල් මිලියන 126,835 කි.

    (කිලෝ වොට් පැය මිලියන 14.4 X කිලෝ වොට් පැය කට රුපියල් 24/- = රුපියල් මිලියන 345.6
    රුපියල් මිලියන 345.6 X දින 367 = රුපියල් මිලියන 126,835)

    එහෙනම් වෙනත් ආංඩු තෙල් මාපියාවට දින 367 කට ගෙවූ මුදලින් නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය අදියර 2 නිමකර මහා භාංඩාගාරයට වසරකට රුපියල් මිලියන 66,000 ක් ඉතිරිකර දුන් මහින්දට කොමිස්කාරයෙක් යැයි කිවහැකිද ?.


    සාරාංශය

    ගල් අගුරු විදුලි බලාගාරය සදහා මුලු වියදම = රුපියල් බිලියන 190.5

    මෙය නොහැදුවානම් තාප බලාගාර වලට වසරකට ගෙවිය යුතු මුදල = රුපියල් බිලියන 170

    මෙය සැදූ නිසා මහා භාංඩාගාරයට වසරකට ඉතිරිවන මුදල = රුපියල් බිලියන 100

    මෙමගින් පෙන්නුම් කරන විශේෂ කරුණ වන්නේ නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදි නොකලේ නම් අවුරුදු 2ක් තුල මහා භාංඩාගාරයට දැරිය යුතු අමතර වියදමට වඩා අඩු මුදලකට නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකර ඇති බව නේද. රනිල් ගේ චන්ද්‍රිකා ගේ ආංඩු විදුලිය වෙනුවෙන් තෙල් මාපියාවට දින 370 කට ගෙවූ මුදලින් නොරොච්චෝලේ ගල් අගුරු විදුලි බලාගාරය ඉදිකර ඇති බව නේද ?.

    ලංකා විදුලි බල මංඩලය 1980 වසරේ දී ත්‍රීකුනාමලයේ සාදා නිමකිරීමට සැලසුම්කල ගල් අගුරු විදුලි බලාගාරය, ජේ. ආර් ජයවර්ධනලට ආර්. ප්‍රේමදාසලට චන්ද්‍රිකාලට රනිල්ලට හදාගන්න බැරි වුනා. ත්‍රීකුනාමලයෙන් මාවැල්ලට එතනින් නොරොච්චෝලේට ගියා.

    ඒකත් අපේ රටේ තිබුන යුද්ධයට බොහොම සමානයි වගේ. උන් එක්කොම ඒක වවාගෙන කෑවා. ගිනි ගනන්වලට පුද්ගලික තාප විදුලි බලාගාර ගෙනාවා. විදුලි බල මංඩලය බංකොලොත් වුනා.

    කැඩි කැඩී දුවන්න හරි මහින්ද රාජපක්ෂ 2011 දි මේ ගල් අගුරු විදුලි බලාගාරය හැදුවේ නැත්නම් අපට අදුරු යුගයක් අත්වෙනවා නියතයි. පැය 12 කට වැඩි විදුලිය කැපිම් අත්විදිනවා නියතයි. පලමු ජෙනරේටරයේ කන්ඩෙන්සරයේ සුලු සුලු අඩුපාඩු නිසා කිහිප වතාවක් බලාගාරය වසා දැම්මා. ඒක හරියට වාහනයක හොද එංජිමක රේඩියේටරයේ සුලු අඩුපාඩුවක් වගේ. දෙවෙනි අදියරේ දි ඒ අඩුපාඩු නොවෙන්න වග බලා ගත්ත.

    අර වෙලාවේ අපේ ජන මාධ්‍ය නඩයයි විරුද්ධ පක්ෂයයි මහින්දට කොච්චර බොරු චෝදනා කළාද ? කොමිස් ගහල පාවිච්චි කරපු බාල මැෂින් හයි කලා කිව්ව. දවසකට විදුලි බල මංඩලයට පාඩුව මිලියන 200 යි කිව්ව. කරපු හොද වැඩේ තරම දැක්කේ නැහැ. සුලු අඩුපාඩුව අල්ලගෙන කෑ මොර දුන්න. බොහෝ දෙනෙක් ඒව විශ්වාස කලා. කළ ගුන අමතක කලා.

    අප රටේ ආර්ථිකයට කල මෙම සේවය දෙවෙනි වන්නේ මහින්ද රාජපක්ෂ මේ ලක්බිමට කල අද්විතීය සේවය වන 80 දශකයේ සිට පැවති යුද්ධය නිමාකොට අපට ජීවත්වන්නට සාමකාමී රටක් බිහිකිරීමට පමණයි.


    - Dewage Wijesinghe
    Central Engineering Consultancy Bureau

    ane mahinda hora..... :D:D