රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

maheshmat

Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    රාජපක්ෂ පුත්තරයාගේ රගර් සොමිය

    Uputa ganeemaki.....

    පසුගිය සෙනසුරාදා කාල්ටන් සුපර් සෙවන් රගර් ක්‍රීඩාවලිය අවසන් විය. සිරි ලංකාවේ දරුවන්ගෙන් සියයට 30 ක් මන්ද පෝෂණයෙන් පෙළෙන බවට රජයේ සංඛ්‍යාලේඛනම පවසද්දී එය සියයට දශමයකින් හෝ අඩු කර ගැනීම සඳහා ගැසූ රගර් තරඟයක්ද? නැත. සිරි ලංකාවේ සෑම 6 දෙනෙකුගෙන්ම එකෙක් අන්ත දිලින්දෙක් බව රජයේ සංඛ්‍යාලේඛනම පවසද්දී ඉන් එකෙක් හෝ ගොඩ දැමීමට ගැසූ රගර් මැච් එකක්ද? නැත.

    රාජපක්ෂලාගේ එක පුතයෙකුට 'මට කාර් රේස් ඕනෑ' යි විට මුළු කොළඹම වසා දමා රාත්‍රියේ කාර් රේස් දුවවයි. තවත් පුතයෙකුට 'මට රගර් ගහන්න ඕනෑ, හැබැයි, මම රගර් ගහනවා බලන්න ඉන්දියන් නිළියනුත් ඕනෑ. මට රගර් ගහලා පරද්දන්න සුද්දොත් ඕනෑ' යි කී විට කාල්ටන් සුපර් සෙවන් නමින් රගර් තරඟයක්ද පවත්වයි. ඉන්දියාවෙන් නිලියනුත් ගෙන්වයි. තරඟ කර පරද්දන්න සුද්දන්වත් ගෙන්වයි. දේශප්‍රේමය නම් එයයි.


    හැබැයි මේ කිසිවෙක් නිකන් එන්නේ නැත. ඔවුන්ට මිලියන් ගණන් ගෙවා, ගෙන්වා පුත්තරයාගේ මන දොල සපුරවයි. අවසානයේ දී රජා යැයි සිතා සිටින තාත්තා ද පැමිණ පුතාගේ සොමිය බලා තමනුත් සොමියක් රැගෙන යයි.


    මේ සියල්ලටම දේශප්‍රෙමී බලශක්ති ඇමති පොලිස් ක්‍රීඩා පිටියට මහා රාත්තිරියේ කිලෝ වොට් දහසේ ලයිට් දමා ඒකාලෝක කර දෙයි. මුලූ දවස පුරාම පට්ට අව්ව තිඛෙන රටක රෑට ලයිට් දමාගෙන රගර් ගසයි. නමුත් ගමේ ගොඩේ දරුවන්ට ගෙදර තියෙන ලයිට් එක නිවා 'කණ කොකා' වී, ගෙදර බලශක්ති ඇමැති වෙන්නයි කියා දේසනාද පවත්වයි. ලයිට් නිවනවාට තෑගිද දෙයි.


    මෙහෙම රගර් ගැහිල්ලක් මෙසිරි ලංකාවේ කවදාවත් තිබුනේ නැත. මෙහි සෙල්ලම් කළ ක්‍රීඩා සමාජ මේ ලංකාවේ ඒවා නොවේ. ඒවා මැදමූලනේ නිෂ්පාදනයන්ය. අපි නම් දන්නා කාලයේ සිට 'ජැෆ්නා වොරියර්ස්' නමින් රගර් ක්‍රීඩා සමාජයක් තිබුනේ නැත. යාපනයේ රගර් ගැහුවේද නැත. නමුත් දැන් තිබේ. එහි නායකයා වන්නේ රාජපක්ෂ පුත්තරයා ය. ඒ ජැෆ්නා වොරියර්ස්ලාට යාපනයෙන් කවුරුත් නැත. නමුත් පිටරටින් තිදෙනෙක් ඇත. ඒ මදිවාට ජැෆ්නා වොරියර්ස්ලා තරඟාවලියක්ද සම සේ දිනයි. තෑගිත් ගනියි. සංවිධායකයෝත් ඔවුන්මයි. ලාඛෙත් ඔවුන්ටමයි. මළ කෙලියයි. මේ අස්සේ ජාතික රගර් කණ්ඩායමේ නායකයෙක්ව සිටි ක්‍රීඩකයෙක් කාර් රථය තාප්පයක හැපුනු සැනින් රථය පිටින් ගිනිගෙන එතුල රෝස් වී මිය යයි.


    රගර් ක්‍රීඩා සමාජ හදා ක්‍රීඩකයන් පිටරටින් ආනයනය කරයි. ඒ මදිය, නරඹන්නට නිළියන් ද ආනයනය කරයි. ඒ මදිය, තරඟ කරන විට හුරේ දමන්නට ලස්සන කෙල්ලන්ද ආනයනය කරයි. ඒත් මදිය, නවසීලන්ත රගර් ක්‍රීඩකයන්ගේ සම්ප්‍රදායක් වන 'හකා' නම් මඕරි ගෝත්‍රික නැටුමද ආනයනය කරයි.


    ඒත් මදිය, රාජපක්ෂලා මේ රටේ පිස්සු කෙළියා තව මදිය..

     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,448
    5,561
    113
    totally lol ya...chande dunnu unta ohoma wela madiya...meti harak ayeth muntama chande denawaya...
     

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    කියන්න දෙයක් නෑ මුලු පවුලම රගර් .පොලිස් පාර්ක් ගරවුන්ඩ් එකට ලයිට් ටවර් පවා හයි කරලා තිබුනා මේවට කීයක් වියදම් ද .ඉන්දියන් නලු නිලියකට එක් අයෙකුට මිලියන 102 විතර ගිහන්ලු.එ මදිවට විදෙස් ක්‍රිඩකයන්ට මේවට ගෙවන්නේ රැපියල් වලින් ද නෑ ඩොලර් වලින් කවුරැ වියදම් කලත් මේව විදේශ විනිමය .ඩොලර් එකක් 130 ආසන්න ව මිල යන වෙලාවක මේ වගේ දේවල් රාඡ්‍ය මට්ටමන් කරන එක නම් මහ අපරාදයක්.ලංකාවේ මිනිස්සු දහදුක් විදලා ලංකාවට එවන ඩොලර් වලින් මුන් ෆුල් ෆන් ගන්නවා අනේ මේ කවුද රවට්ටන්නේ කියලා මට නම් හිතා ගන්න බෑ මේ තරගවලට එක විදේශ ආයෝඡකයෙක් වත් ආයෝඡනය කලාද සේරම දේශිය සමාගම් වල මුදල් .ලංකාවේ ඉගෙන ගන්න විදියක් නැති කොල්ලෝ කෙල්ලෝ කී දාහක් ඉන්නවද .උන්ටවත් මේ සල්ලී වලින් උදව් වක් කලානම් එතකොට තමයි තාරැණ්‍යට හෙටක් කියන වචනයට හරි සදාරනයක් වෙන්නේ.:(
     
    • Like
    Reactions: urajdrlk

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මෙව්චර කාලයක් අපේ රටේ සිද්ධවුනේ රට කරවන එකාලා රටට පොඩ්ඩක් කරල කරපුවට වැඩියෙන් කාලා දාපු එක නේද?
     

    chamarams

    Well-known member
  • Nov 22, 2008
    1,908
    344
    83
    inside you hart :D
    වැට හේන් නැ

    ඔය උනා නෙමය් තව ආරම්බයක් පමනය්
    නියම ඉඩ්අමීන කව්ද කියල දැන් කාටත් වැට හුනද ?
    ලංකාවේ ඉන්න අයට බලෙන් රගර් අගට දාන්න
    මාර අසාර්ථක වියදමක් කරන්නේ ඔන්න ඔය වගේ තමා අනිත් ඒවත්
    බොරුවට visual හදල tv add දාල සල්ලි කාල
    මොනවද මේ කරන බොරු වැඩ
    නැ නැ තවම ලංකා වේ ඉන්න සමහරක් අයට
    වැට හේන් නැ වැට හේන් නැ වැට හේන් නැ ....:yes: