‘වෙන්ඩ රජා‘ සිහිනය බිඳ වැටීම හෙවත් හොර පෙරක
හත් හවුල් ආණ්ඩුව හෙවත් 1965 - 1970 ඩඩ්ලි සේනානායක අගමැති වූ වකවානුවේ මහජන බැංකු ලිපිකරු පත්වීමක් සඳහා වන්නිනායක නම් තරුණයෙක් ඉල්ලුම් පතක් යොමුකෙළේය. පත්වීම සඳහා අවශ්‍ය සුදුසුකම් සපුරා තිබූ ඔහුට සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමක් ලැබිණ. සම්මුඛ සාකච්ඡාව සඳහා සහභාගී වූ වන්නිනායක තරුණයාගෙන් මූලික ප්‍රශ්න ඇසූ බැංකු ප්‍රධානීහු ඔහුගේ පවුලේ විස්තර විමසන්නට වූහ. ගොවි ජනතාව බහුල කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වූ මෙම තරුණයාගේ පියාගේ ජීවන වෘත්තිය ගැන කරුණු විමසන විට ඔහු කියා සිටියේ තම පියා රටේ මුදල් ඇමැති බවයි. මෙම පිළිතුරෙන් කළබලයට පත් වූ සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය තරුණයාගේ ප්‍රකාශය තහවුරු කර ගැනීමට ප්‍රශ්න කිහිපයක් අසා පුදුමයට පත්වූයේ එවකට මුදල් ඇමැති යූ.බී. වන්නිනායක මහතාගේ පුත්‍රයා බැංකු ලිපිකරු පත්වීමකට ඉල්ලුම් පත්‍රයක් යොමුකර ඇති බව හෝ කිසිවෙකු නොදැන සිටි බැවිනි. කුරුණෑගල ප්‍රදේශයේ වන්නිනායක වාසගම සහිත බොහෝ දෙනෙකු සිටින බැවින් කිසිවෙකු මෙම තරුණයා මුදල් ඇමැතිවරයාගේ පුත්‍රයා යැයි සැක කෙළේ නැත.
අදාළ සුදුසුකම් සපුරා තිබූ තරුණයාට බැංකු ලිපිකාර පත්වීමක් ලැබුණු අතර තම පුත්‍රයාගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් යූ.බී. වන්නිනායක යුවළ මව්පියන් වශයෙන් අපමණ සතුටට පත්වූහ. එහෙත් වන්නිනායක තරුණයාට පළමු පත්වීම ලැබුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතාම දුෂ්කර ප්‍රදේශයක පිහිටා තිබූ බැංකු ශාඛාවකට ය. වන්නිනායක තරුණයා සිට පියාට ඉතා කනස්සලු ස්වරූපයෙන් තම පත්වීම පිලිබඳ කරුණු හෙළි කෙළේය.
මුදල් ඇමැති පියා කියා සිටියේ අනුරාධපුරයේ අපේ උරුමයද දැක බලාගෙන එම ප්‍රදේශයේ ජීවත් වන අසරණ ජනතාවට අවංකව සේවය කරන ලෙසය. මුදල් ඇමැති මෙන්ම යාපහුව පාර්ලිමේන්තු මන්ත්‍රී යූ.බී. වන්නිනායක මහතා සැබෑ පියෙකු වශයෙන් සිය දරුවන්ට මග පෙන්වූ ආකාරය පිලිබඳ මෙය එක් උදාහරණයකි. දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකළ යුතු බව ඔහු තම පුතාට පෙන්වා දුන්නේය.
යූ.බී. වන්නිනායක වූ එම පියා, ආදර්ශයෙන්ද ඒ බව සිය දරුවන්ට පෙන්වා දුන්නේය. එජාප යාපහුව මන්ත්‍රීවරයා වශයෙන් ඔහු දුම්රියේ පාර්ලිමේන්තු ගියේ ය. අගමැතිවරයාට පසුව වඩාත්ම බලවත් මුදල් ඇමැති ධූරය දරණ අවධියේත් ඔහු සුපුරුදු ලෙස දුම්රියෙන් කොටුවට පැමිණ එතැන් සිට සිය නිල රථයෙන් අමාත්‍යාංශයට ගියේ ය. ආර්ථික විශේෂඥයෙකු හෝ ගණකාධිකාරීවරයෙකු නොවූ වන්නිනායක මුදල් ඇමැතිවරයා හත් හවුල් ආණ්ඩුව වෙනුවෙන් සාර්ථක අය වැය 4 ක් ඉදිරිපත් කෙළේය. අද මෙන් දුසිම් ගණන් අය වැය යෝජනා සංශෝධනය කෙළේ නැත. ඔහු අය වැය ඉදිරිපත් කෙළේ අදට වඩා සංකීර්ණ ජාත්‍යන්තර සහ දේශීය දේශපාලන බලවේගයන් සමග පොර බඳිමිනි. එවැනි ජ්‍යෙෂ්ඨ, ප්‍රබල දේශපාලනඥයෙකු වූ යූ.බී. වන්නිනායක මහතා කොළඹ මහ රෝහලේ සාමාන්‍ය වාට්ටුවක මිය ගියේ ය. ඔහුගේ සැප දුක බැලීමට පැමිණි ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා පෞද්ගලික රෝහලකට ඇතුළු වන ලෙසත් සියළු වියදම් තමන් බලාගන්නා බවත් පැවසීය. එහෙත් එම යෝජනාව කාරුණිකව ප්‍රතික්ෂේප කළ වන්නිනායක මහතා කියා සිටියේ තමන් සාමාන්‍ය ජනතාව සමග රජයේ රෝහලක ප්‍රතිකාර ගැනීමට කැමැති බවයි. එවැනි ආදර්ශමත් පියෙකුගේ දරුවෝ කිසි දිනෙක සිය දේශපාලන බලය අයුතු ලෙස භාවිතා නොකළහ.
බණ්ඩාරනායකවරු
සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය අගමැති ධූරය දරණ වකවානුවේ සිය දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා එක් පෞද්ගලික මෝටර් රථයක් වෙන් කළාය. දරුවන් තිදෙනෙක් සිටින බැවින් ඇතැම් අවස්ථාවන්හි එක් මෝටර් රථයක් ප්‍රමාණවත් නොවීය. එවැනි දිනෙක චන්ද්‍රිකා බණ්ඩාරනායක දියණිය මවගේ ප්‍රයෝජනයට වෙන් කර තිබූ නිල රථයක් සිය මිතුරියකගේ නිවසකට යෑමට ගත්තාය. තම නිල රථයක් චන්ද්‍රිකා භාවිතයට ගෙන ඇති බව දැනගත් අගමැතිනිය පරළ වූවා ය. යළි නිවසට පැමිණි දියණියට හොඳටම දෙහි කැපූ අගමැතිනිය රජයේ දේපොල අයුතු ලෙස භාවිතා නොකළ යුතු බවට සිය දියණියට දැඩි ලෙස අවවාද කළාය. සිය මව එදා තමාට දුන් අවවාද තම දරුවන් දෙදෙනාට තදින් ක්‍රියාත්මක කළ බව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය පසුව හෙළි කළාය. තම දරුවන් දෙදෙනාට සිය සංචිතයේ තිබූ වාහන අයුතු ලෙස භාවිතා කිරීමට කිසි දිනෙක ඉඩ නොදුන් බව ඇය කියා සිටියා ය. එසේම සිය දේශපාලන බලය භාවිතා කිරීමට ද ඔවුනට ඉඩ නොදුන්නා ය.
චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය ජනාධිපති ධූරය දරණ අවධියේ යසෝධරා සහ විමුක්ති ජීවත් වූවාද යැයි රට්ටු දැන සිටියේ නැත. ඉතා නිවුනු තරුණයෙකු වූ විමුක්ති රාත්‍රී සමාජ ශාලාවන්හි හෝ තරු පහේ හෝටල් වල සාද වල දක්නට නොලැබුණු චරිතයකි. ඔහු සිය මූලික අවධානය අධ්‍යාපනයට යොමු කළ තරුණයෙකු විය.
යුද්දයක් පැවැති වකවානුවක වුව විමුක්ති කුමාරතුංග ජනාධිපති ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිවරාගෙන ගමන් බිමන් ගියේ, පිස්සු නැටුවේ නැත. මත්පැන් පානය කර ගුටි කෙළි වලට පැටලුනේ නැත. ඔහු සිය මවගේ හෝ පියාගේ මුහුණේ දැලි ගෑවේ නැත. (අවාසනාවකට චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය විනාශ කෙළේ සනත් ගුණතිලක වැනි පිං ගොනුන් ය.)
යූ. බී. වන්නිනායක මුදල් ඇමැතිවරයාට සිය ධූරයේ බලය භාවිතා කරමින් සිය දරුවන්ට ධනය අත් පත් කර ගැනීමේ ව්‍යාපාරික මාර්ග පාදා දීමට ඕනෑ තරම් අවස්ථා තිබිණ. ආණ්ඩුවේ කොන්ත්‍රාත් ලබා ගැනීම හෝ ආණ්ඩුවට භාණ්ඩ සහ සේවා සැපයීමේ ව්‍යාපාර ආරම්භ කර එම දරුවන්ට කෝටිපතියන් වීමට ඉඩ තිබූ බව රහසක් නොවේ. එසේ නොමැති නම් ‘‘ඩීල් කරුවන්‘‘ වශයෙන් ගාන කපා ගැනීමට හැකියාව තිබිණ. එහෙත් වන්නිනායක මුදල් ඇමැතිවරයා එවැනි මාර්ග පිලිබඳව තුන් සිතකින් වත් සිතුවේ නැත. ඔහු සිය දරුවන් එවැනි වැරදි මාර්ගයන්ට යොමු නොකළ බැවින් ඔහුගේ අභාවයෙන් පසුව ද එම දරුවෝ රටට සමාජයට ආදර්ශමත් ලෙස ජීවත් වෙති.
දෙවරක් පූර්ණ බලැති අගමැතිනිය වශයෙන් රට පාලනය කළ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ද කිසි විටෙක තම දරුවන්ට ව්‍යාපාර ආරම්භ කිරීමට හෝ රජයට භාණ්ඩ හා සේවා සැපයීම හරහා කෝටිපතියන් වීමට මග නොපෙන්වූවා ය. ඒ වෙනුවට දරුවන්ට උසස් අධ්‍යාපනයේ ඉහළම ප්‍රතිලාභ ලබා දීමට මවක වශයෙන් උනන්දු වූවා ය. එබැවින් එම දරුවන් අඩු වයසින්ම කෙසේ හෝ මුදල් ඒකරාශී කර ගැනීමේ අරමුණු ඉලක්ක වෙත නිරාවරණය නොවීය. මව අගමැති වූ පමණින් එම දරුවෝ මුදල් ගංගා වල පිනුම් නොගැසූහ. ඊට හොඳම උදාහරණයක් වන්නේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිනිය වීමෙන් පසුව නිල නිවසකට හිමිකම් ලැබීමෙන් පසු තම පුද්ගලික වියදම් පියවා ගැනීම සඳහා විජය සහ ඇය එකතු වී හදන ලද නිවස කුලියට දීමට සිදුවීමය.
චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිනියව සිටි වසර 10 ක කාලය පුරා අනුගමනය කෙළේ ද සිය මව ඇයට ලබා දුන් ආදර්ශයයි. සිය දරුවන් දෙදෙනාට උසස් අධ්‍යාපනය ලබාදීමට උනන්දු වූ ඇය කිසි විටෙක ඔවුන් සිය ආණ්ඩුව සමග ගණුදෙනු කරන ඩීල් කරුවන්, කොමිස් කරුවන් හෝ සිය ජනාධිපති බලතල වලට ආවරණය වී මතුවන ව්‍යාපාරිකයන් බවට පත් කිරීමට උදව් නොදුන්නා ය.
විමුක්තිගේ ‘පොකට් මනි‘
විමුක්ති කුමාරතුංග යනු සිය පියා මෙන්ම ඉතා සංවේදී චරිතයකි. ඔහු ඉතා ආදරයෙන් ඇති දැඩි කළ බල්ලන්ට යම් අසනීපයක් වැළඳුනු විට බොහෝ සෙයින් කළබල වන විමුක්ති ඔවුන් බම්බලපිටිය ප්‍රදේශයේ ප්‍රසිද්ධ පශු වෛද්‍යවරයෙකු ලඟට ගෙන ඒම පුරුද්දක් කරගෙන සිටියේය . තමන් ඉතා ආදරයෙන් ඇති දැඩි කරන බල්ලන් සමග පශු වෛද්‍ය සායනයට පැමිණෙන විමුක්ති, පශු වෛද්‍යවරයා සහ ඔහුගේ සහායකයන්ට තම සුරතල් බල්ලන්ගේ රෝගී තත්ත්වයන් විස්තර කරයි. ඉන්පසුව බල්ලන්ට සිදුකරන ප්‍රතිකාර සැළැස්ම වෛද්‍යවරයා හෙළිකළ විට විමුක්ති නගන පළමු ප්‍රශ්නය වන්නේ “ ඩොක්ටර් ට්‍රීට්මන්ට් වලට කීයක් විතර යනවාද?“ යන්නයි. එම ප්‍රකට පශු වෛද්‍යවරයා ලඟට සුරතල් සතුන් රැගෙන එන ඉහළ මධ්‍යම පන්තික ගණුදෙනු කරුවන්ගෙන් බහුතරයක් කිසිදු විටෙක මෙම ප්‍රශ්නය මතු නොකරන තත්ත්වයක් යටතේ රටේ විධායක ජනාධිපතිනියගේ එකම පුත්‍රයා, ප්‍රතිකාර ගාස්තු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම එම පශු වෛද්‍යවරයාට මුලදී විශාල ප්‍රහේලිකාවක් විය. අදාල වෛද්‍යවරයාගේ මුහුණින් මෙම ප්‍රහේලිකාව හඳුනාගත් විමුක්ති “මේවාට අම්මා සල්ලි දෙන්නේ නෑ. මගෙයි, අක්කගෙයි පොකට් මනි වලින් තමයි මේවා කරන්නේ. බිල ගෙවන්න මගේ ලඟ තියෙන සල්ලි ඇති වෙයිද කියලා බලන්න එපැයි..“ සිනහසෙමින් පැවසීය.
චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය සිය පුතා සන්නද්ධ කෙළේ මිල මුදලින් නොව අධ්‍යාපනයෙනි. (එහෙත් රොකට් රෝහිතලා පැළඳුවේ රුපියල් ලක්ෂ දෙක තුනේ පාවහන් ය.)
විමුක්ති බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය විද්‍යාව හැදෑරූ අතර වසර 2005 දී පශු වෛද්‍යවරයෙකු වශයෙන් බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල් ප්‍රදේශයේ සේවය කිරීම ආරම්භ කෙළේය. යුරෝපයේ මෙන්ම ඇමරිකාවේත් පශු වෛද්‍ය විද්‍යාව හැදෑරීම සාමාන්‍ය වෛද්‍ය විද්‍යාව හැදෑරීමට වඩා දුෂ්කරය. ඒ සඳහා ඉහළම අධ්‍යාපන සුදුසුකම් තිබිය යුතුය. ලංකාවේ ජනාධිපති පුත්‍රයෙකු වීම බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයට ඇතුලු වීමට සුදුසුකමක් නොවේ. ශ්‍රී ලංකාවේ නීති විද්‍යාලයේ විභාග වලට පිළිතුරු ලියනවා සේ බ්‍රිස්ටල් විශ්ව විද්‍යාලයේ විභාග වලට පිළිතුරු ලිවිය නොහැකිය. ඉතා කැපවීමෙන් අධ්‍යාපන කටයුතු වල නිරත වූ විමුක්ති එහි ප්‍රතිලාභ භුක්ති විඳිමින් සිටී. ඔහු වසර 2011 සිට බ්‍රිස්ටල් හි Highcroft Veterinary Group නම් පශු වෛද්‍ය සේවා ආයතනයක පශු වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කරයි. විමුක්තිට සිය මව ධනය රැස් කර නැත. ඔහුගේ මිත්තණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය විමුක්තිට රොස්මිඩ් පෙදෙසින් හෝ අත්තනගල්ලෙන් ඉඩම් අක්කර ගණනින් මිලදී ගෙන නැත. ( මිත්තණිය ඉඩම් මිලදී ගැනීම කෙසේ වුවද තමන්ට උරුම වූ ඉඩම්ද ජනතාවට පැවරුවාය) විමුක්ති සිය මවගේ පාලන සමයේ ඩීල් දමා ධනය ඒකරාශී කරගෙන නැත. විමුක්තිගේ ධනය “ සොර සතුරන් ගත නොහැකි“ යැයි කියූ අධ්‍යාපනය යි.
යූ.බී. වන්නිනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, චන්ද්‍රිකා කුමාරතුංග යන දේශපාලනඥයන් ආදර්ශමත්ව සිය දරුවන්ට නිසි මග පෙන්වූ බැවින් ඔව්හු ලෝකයට වැඩ දායක ආදර්ශමත් පුරවැසියන් ලෙස ජීවත් වෙති. අප රටේ වෙනස් යුග දෙකක දේශපාලන බලය සමග ගණුදෙනු කළ චරිත 3 ක් සම්බන්ධ කරගෙන මෙම පූර්විකාව ලිවීමට සිත් වූයේ පසුගිය පොසොන් පොහොය දා හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ‘උපාසක මහතා‘ සිල් සමාදන් වූ අයුරු දැක්වෙන ඡායාරූපත් පසුගිය පාද යාත්‍රාවේ ඒ ‘උපාසක මහතාම‘ දඟර නැටුම් නටමින් යන ඡායාරූපත් දැකීමෙනි.
උපාසක මහතාගේ දඟර නැටුම
හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ යනු ‘වෙන්ඩ රජා‘ය. ජනවාරි 8 වෙනිදා ජනතාව විසින් පන්නා දැමූ මහ රජා මැදමූලන නමැති මුදවා නොගත් ප්‍රදේශයට පලා ගොස් එතැන් සිට යළි බැරි බැරි ගාතේ, පීච්චං වෙමින් මේ සටන් කරන්නේ ‘වෙන්ඩ රජාට‘ රටේ නායකත්වයට ඒමට පසුබිම සකස් කිරීම සඳහා ය. සිල් ගන්නේ ද පාද යාත්‍රා යන්නේද ඒ සඳහා ය. තමා දේශපාලන වේදිකාවෙන් බැස ගිය හොත් ශ්‍රීලනිප අවශේෂ නායකයන් ‘වෙන්ඩ රජාව‘ පරසක්වල ගහන බව මහින්ද රාජපක්ෂ හොඳින් දනී.
දැන් රටේ දේශපාලන ‘අනාගතය‘ සඳහා උරුම කම් කියන්නේ තරුණ වියේදීම බොරුව, ආත්ම වංචාව, සහ මවා පෑම ආත්මය කර ගත් මෙවැනි ‘වෙන්ඩ රජා‘ ලාය. ඔවුන් ගුරු හරුකම්, ආදර්ශ මෙන්ම ප්‍රායෝගික අත්දැකීම් ලැබුවේ වනචර දශකයේදී තාත්තලා, බාප්පලා, රට මෙහෙයැවූ ආකාරය අනුව නිසා ඒ ගැන පුදුම විය යුතු නැත. දූෂනය, භීෂනය, බොරුව, මවා පෑම, සිය ආත්මය කර ගත් දෙමව්පියන්ට සිය දරුවන්ට යහපත් පුරවැසියන් වීමට ආදර්ශ ලබා දිය නොහැක. ලබන වෙසක් පෝයට හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ තමන් ‘රහත්‘ වූ බවට නිවේදනය කළහොත් ඒ ගැන අපි පුදුම නොවෙමු. ගහේ කටු උල් කරන්නට අවශ්‍ය නැත.
මෛත්‍රීපාල සිරිසේනගේ සහ රනිල් වික්‍රමසිංහගේ නෝන්ජල් දේශපාලන කෙරුවාව නොවන්නට නාමල්ලා සිටිය යුත්තේ පසුගිය පොසොන් පෝයට වැලිකඩ කූරු ගණන් කරමිනි. එසේ වී නම් අම්මලා, තාත්තලා, බාප්පලා සහ දරුවන් සියලු දෙනාට සිල් සමාදන් වන්නට වන්නේ වැලිකඩ බුදු මැදුරේ ය. එහෙත් රටේ අවාසනාවට තවමත් එය යථාර්ථයක් වී නොමැත. ඔවුහු පාරේ ඩෙඟා නටමින් තම පක්ෂ මූලස්ථානයටද හූ කියමින් යාත්‍රා කරති.
පිලිපීනයේ මාකෝස් එළැවීමෙන් පසුව හෝ ඉන්දුනීසියාවේ සුහර්තෝ එළැවීමෙන් පසුව හෝ බුරුමයේ හමුදා ජුන්ටාව එළැවීමෙන් පසුව හෝ ඒ කිසිදු රටක ජනතාවක් ඒ එළැවූ ඒකාධිපතියා ඉල්ලා පාරේ පෙළපාලි ගියේ නැත. නමුත් ලංකාවේ ඒකාධිපතියා සහ හොර පවුල පසුපස යම් පිරිසක් පෙළපාලි යන්නේ උන්ගේ ඇති දක්ෂතාවයක් නිසා නොව උන්ව එළවා ජනතාව බලය ලබා දුන් නායකයන්ගේ ඇති දුර්වලතාවය නිසා ය.
රාජපක්ෂ පවුල බේරා ගැනීමේ ඩීල් එක
අධිකරණ ඇමැති වශයෙන් පෙනී සිටින විජේදාස රාජපක්ෂ වැනි ද්‍රෝහීන් රාජපක්ෂ පවුල ආරක්ෂා කර ගැනීමට දිවි නොතකා සටන් කරමින් සිටින බව රහසක් නොවේ. සියලු ආරක්ෂක ආවරණ යටතේ පසුගිය වසර එක හමාරක කාලය පුරා රාජපක්ෂ පවුල සහ හොර පොල් විපක්ෂය ක්‍රියාත්මක වෙමින් සිටිති. ජනවාරි 8 වෙනිදා මැදමූලනට පළා ගිය මහින්ද රාජපක්ෂගේ හැසිරීම සළකා බලමු. ඔහු පළමු දින හතර පහ සිටියේ අන්දුන් කුන්දුන් වූවෙක් මෙනි. තමාව ජනාධිපතිවරණයට දැක්ක වූ බැසිල් ඇමරිකාවට පළා යෑමත් සමග අසරණ වූ මහින්ද රාජපක්ෂ මැද මූලන කල් ගෙවූයේ නන්නත්තාර වූවෙකු මෙනි. ඔහුගේ දුක සැප විමසීමට පළමු දින කිහිපය තුළ දුරකථන පණිවුඩයක් හෝ ලබා දුන්නේ ඔහුගේ අතිජාත ‘කලු කෝපි‘ මිතුරා වූ රනිල් වික්‍රමසිංහ පමණි. අල්ලස්, දූෂන, මිනීමැරුම්, ඝාතන, පැහැරගෙන යෑම් ඇතුළු අනේක විධ චෝදනා වලට තමා ඇතුළු පවුලේ සාමාජිකයන් වැරදිකරුවන් වන බව දැන සිටි මහින්ද රාජපක්ෂ තම පවුල බේරා ගන්නා ලෙස ‘කලු කෝපි‘ මිතුරාට ආයාචනා කෙළේය. මෙම ආයාචනය ඉදිරියේ ‘කලු කෝපි‘ මිතුරාගේ හිත බටර් කෑල්ලක් මෙන් උණු වී ගියේ ය. ඒ අනුව මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ සමග දේශපාලන ඩීල් එකක් දමා ගත්තේය. දිය රෙද්දෙන් බෙල්ල කපන ජාතියේ කපටි කෛරාටිකයෙකු වූ මහින්ද රාජපක්ෂට, රනිල් වික්‍රමසිංහ සමග ඩීල් දැමීමෙන් පමණක් සිය පවුල ආරක්ෂා කර ගත නොහැකි බව පැහැදිලි විය. මෛත්‍රීපාල සිරිසේන සමග ද තම පවුල ආරක්ෂා කර ගැනීමේ ඩීල් එකක් දමා ගැනීම අත්‍යාවශ්‍යම සාධකයන් බව ඔහු අවබෝධ කර ගත්තේ ය. ඒ සඳහා ‘පක්ෂ නායකත්වය‘ නම් කටු ඔටුන්න මෛත්‍රීපාල සිරිසේනට දන් දීමට කැමැති බව ඔහු සිය නියෝජිතයන් හරහා දන්වා සිටියේ ය. ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිප ඡන්ද පදනමින් සියයට එකක් වත් ලබා ගැනීමට නොහැකි වූ මෛත්‍රීපාල සිරිසේන, නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වන බවට ජනතාවට ලබා දුන් පොරොන්දුව බල්ලාට දමා ‘පක්ෂ නායක‘ කටු ඔටුන්න ඉතාමත් අභිමානයෙන් පැළැඳ ගත්තේය. එදා සිට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට සිදුවූ වින්නැහිය කණගාටුදායක ය. දැන් තම පක්ෂ කාර්යාලය ඉදිරියෙන් මහින්ද රාජපක්ෂ ‘ආප්පයා ගේ ආප්ප කඩේ‘ යයි කියමින් හූ කියන විටත් විධායක බලතල අතේ තිබෙන ‘පක්ෂ නායකයාට‘ බිල්ලා සේ ගොලුවී සිටීමට සිදුව තිබේ. ශ්‍රීලනිප නායකත්වය ලබා ගැනීමෙන් පසු ඔහුට සිදුවූයේ ‘කොහොල්ලෑ බබා‘ ට සිදුවූ ඉරණම ය.
ජනාධිපති අගමැති අධිකරණ ඇමැති වැන්නෝ තරගයට මෙන් රාජපක්ෂ පවුල ආරක්ෂා කරද්දී පසුගිය වසර එක හමාරක පමණ කාලය පුරා රාජපක්ෂ පවුල සහ හොරපොල් විපක්ෂය සංවිධානාත්මකව එක් ප්‍රධාන කරුණක් සමාජ ගත කරමින් සිටිති. එනම් රාජපක්ෂ පවුල හෝ රාජපක්ෂ රෙජීමය කිසිදු දූෂනයකට, මිනීමැරුමකට හෝ අබමල් රේණුවක විෂමාචාරයකට සම්බන්ධ නොමැති බවත් සියල්ල පලිගැනීම සඳහා ගොතන අවලාද බවත්ය.
වනචර දශකයේ ශ්‍රී ලංකාවේ ගොබෙල්ස් වූ ඩලස් අලහප්පෙරුම නමැති මෙරට අංක එකේ දේශපාලන ගණිකාව තොල් පිට පෙරළමින් පසුගිය වසර එකහමාරක් පුරා මෙම ගොබෙල්ස් න්‍යාය සමාජ ගත කරමින් සිටින්නේය. ඩලස් අලහප්පෙරුම යනු රාජපක්ෂලාටම ගැලපෙන දේශපාලන බොරුකාරයෙකි.
(මහත්මා දේශපාලනයේ සළු පැළැඳ සිටින කපටි කෛරාටික වෘකයෙකු වන ඩලස් අලහප්පෙරුම ගේ ඉතිහාසය භූගෝලය ගැන පසු ලිපියකින් හෙලිකරන්නෙමු)
“ලැජ්ජයි..! කැතයි..! ගඳයි..!“ මායාකාරයාගේ කතා
මෙම නූතන ගොබෙල්ස් ට අත්වැල් සහයෝගය ලබා දීම සඳහා තවත් සුප්‍රකට දේශපාලන ගණිකාවන් වන විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, ජී.ඇල් පීරිස් ආදීහු ඉදිරිපත්ව සිටිති. මහින්ද රාජපක්ෂට එරෙහිව පරීක්ෂණ පැවැත්වීමට එරෙහිව පාර්ලිමේන්තුවේ යකා නැටූ මොවුහු ගෝඨාභය රාජපක්ෂට සහයෝගය සඳහා වීදි බැස උද්ඝෝෂන කළහ. මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය නීති විරෝධී කියමින් එය වසා දමන ලෙසට බල කරති. මේ සියල්ලටම ඉහළින් පසුගිය වනචර දශකය තුල කිසිදු වරදක් සිදු නොවූ බව පුන පුනා ප්‍රකාශ කරති. මෙම ගොබෙල්ස් න්‍යාය අනුව සියළු පරීක්ෂණ දේශපාලන පලිගැනීම් ය. යහපාලන රජයේ දේශපාලන නොහැකියාව වසා ගැනීමට සිදුකරන මාධ්‍ය සංදර්ශනය. උදය ගම්මන්පිල නමැති ජාත්‍යන්තර හොරා රුපියල් මිලියන 110 ක මූල්‍ය වංචාවක් සඳහා සැකපිට අත් අඩංගුවට ගත් අවස්ථාවේදී ඩලස් අලහප්පෙරුම නම් මායාකාරයා යහපාලන රජයට ඇඟිල්ල දිගු කරමින් “ලැජ්ජයි..! කැතයි..! ගඳයි..!“ යැයි කියා සිටියේ ය. මේ වචන තුන ඩලස් අලහප්පෙරුම තම මුහුණ කණ්නාඩියෙන් බලන සෑම අවස්ථාවකදීම පැවසිය යුත්තකි.
ඩලස් ප්‍රමුඛ දේශපාලන ගණිකාවන්ට අමතරව රාජපක්ෂ පවුල සහ රෙජීමය වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටින්නේ මහින්ද රාජපක්ෂ සහ හොර පෙරකදෝරු නාමල් ය. තමන් මහජන මුදල් වංචාකර ඇති බව ඔප්පු කළ හැකි නම් සිය දිවි නසා ගන්නා බවත්, බෙල්ල කපා ගන්නා බවත් උගුර දණ්ඩ කපා ගන්නා බවත් මහින්ද රාජපක්ෂ දිගින් දිගටම ප්‍රකාශ කරයි. මූල්‍ය අපරාධ පරීක්ෂණ අංශයට සාක්කි දීමට සතිපතා පැමිණෙන හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ තමන්ට මයික් දිගු කරන ගොලු මාධ්‍යවේදීන්ට කියා සිටින්නේ මේ සියළු පරීක්ෂණ දේශපාලන පලිගැනීම් බවත් තම පවුලේ සාමාජිකයන් රහසින් වත් පව් නොකළ පිරිසක් බවයි. මූල්‍ය පරීක්ෂණ මෙන්ම අධිකරණ ක්‍රියාදාමයට අපහාස කිරීමට ඔහු එය නිරන්තරයෙන් අවස්ථාවක් කර ගනී. හොරු ඇල්ලීමට පොරොන්දු දී බලයට පත් වූ යහාපාලන ආණ්ඩුව පසුගිය වසර එක හමාරක කාලය පුරා හොරු සමග හෙළුවෙන් පෙනී සිටීම හේතුවෙන් ඔවුන් පිළිබඳ ජනතා විශ්වාසය ක්‍රම ක්‍රමයෙන් ගිලිහෙමින් පවතී. එම රික්තය පිරැවීමට ඉදිරියට පැමිණ ඇත්තේ ඩලස්ලාගේ ගොබෙල්ස් න්‍යායයි. ඔව්හු ක්‍රමානුකූලව සැලසුම් සහගතව පසුගිය වසර එක හමාර පුරා රාජපක්ෂ පවුලට සහ රෙජීමයට එරෙහි චෝදනා සහ පරීක්ෂණ ප්‍රෝඩාවක් බව සමාජ ගත කරමින් සිටිති.
‘වෙන්ඩ රජා‘ හෙවත් හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂගේ පොසොන් පෝදා සන්දර්ශනයෙන් පසුව මහ බැංකු අධිපති එළැවීමේ නාට්‍යය පසුගියදා රඟ දැක්වීය. දූෂණ විරෝධියෙකු වශයෙන් කළු ඇඳුමින් සැරසුණු ‘වෙන්ඩ රජා‘ අර්ජුන් මහේන්ද්‍රන් එළවන ලෙසට ගිරිය යටින් කෑ ගසමින් යහපාලන ආණ්ඩුවට චෝදනා කෙළේය. සිය පවුලට වඩා යහපාලන ආණ්ඩුව දූෂිත යැයි පැවසූ ඔහු “ඇඟිලි හයේ“ න්‍යායද ඉදිරිපත් කිරීමට අමතක නොකෙළේය. අර්ජුන් මහේන්ද්‍රන් ගේ දූෂණ ගැන කථා කිරීමට ඊටත් වඩා කම්බ හොරෙකු ඉදිරිපත් වීම තරම් තවමත් විහිළුවක් ලොව තිබිය නොහැකිය.
“මුගේ කට කෑවත් මදිය“
පිලිපීනයේ නව ජනාධිපති ‘රොද්‍රිගෝ ඩුටේට්‘ රජයේ දේශපාලනඥයන්ගේ වියදම් කපා දැමීම සඳහා නව යෝජනා ගණනාවක් ඉදිරිපත් කෙළේය. පිලිපීන ජනාධිපති සඳහා වෙන්කර තිබූ නිල සුඛෝපභෝගී බෝට්ටුව විකුණා දැමීමට මෙන්ම එතෙක් ජනාධිපතිට වෙන්කර තිබූ නිල ගුවන් යානා, ගුවන් ගිලන් රථ බවට පරිවර්ථනය කිරීමටත් ඔහු තීරණය කර ඇත. ඔහු ඉදිරිපත් කර තිබෙන වඩාත් වැදගත් යෝජනාව වන්නේ පිලිපීන කැබිනට් මණ්ඩලය සඳහා අධික වටිනාකමකින් යුතු සුඛෝපභෝගී වාහන වෙනුවට අඩු වියදම් වාහනයක් හඳුන්වා දීම ය. Toyota Avanza MPV නම් රථය ඔහු සිය කැබිනට් මණ්ඩලයට හඳුන්වා දී ඇති අතර මෙම රථය ඉඩකඩ සහිත බැවින් ඇමැතිවරුන්ට මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකුට එහි ගමන් කළ හැකි බව ඔහුගේ අදහසයි. මෙම Toyota Avanza MPV නව රථයක් පිලිපීන පේසෝ 6,75,000 කට පිලිපීනයේ දී මිලදී ගත හැකි අතර එම රථයේ ඇමරිකානු ඩොලර් වටිනාකම 14,600 කි. අදාල මිල ශ්‍රී ලංකා රුපියල් සඳහා පරිවර්තනය කළ අගය රුපියල් ලක්ෂ 21 කි. නැව් ගාස්තු ඇතුළු අනෙකුත් වියදම් එකතු කළ විට බදු රහිතව රුපියල් ලක්ෂ 30 කට පමණ ශ්‍රී ලංකාවට ආනයනය කළ හැකිය. යහපාලන රජයේ මැති ඇමැති වරුන්ට රුපියල් ලක්ෂ 300, 500, 700 විටිනාකමින් යුතු අධි සුඛෝපභෝගී වාහන සඳහා මුදල් වෙන් කිරීම සඳහා පරිපූර්ණ ඇස්මේන්තු ඉදිරිපත් වූ පසුගිය වකවානුවේ පිලිපීන නව ජනාධිපතිවරයාගේ වියදම් අවම කිරීමේ යෝජනා වැඩි අවධානයකට ලක්විය. ඉඩ කඩ සහිත Toyota Avanza MPV රථය මෙරට ඇමැතිවරුන්ට ප්‍රයෝජනයට ගත නොහැක්කේ මන්ද යන්න සමාජ මාධ්‍යයන්හි මෙන්ම ඇතැම් මාධ්‍ය දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කරනු ලැබීය. සැබැවින්ම එය ශ්‍රී ලංකාවට සුදුසු යෝජනාවකි. එහෙත් ඒ පිලිබඳව යහපාලන රජය තවම නිල ප්‍රතිචාරයක් දක්වා නැත. ඒ පිලිබඳ වඩාත්ම කළබල විය යුත්තේ ජනවාරි 8 වෙනිදා දේදුනු විප්ලවයට උර දුන් යහපාලනප්‍රේමීන්ය. එහෙත් ඒ පිලිබඳව වඩාත් කලබලයට පත්ව සිටින්නේ හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ ය. මෙය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙන්ම රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා උපහාසයට ලක් කිරීමට අවස්ථාවක් කර ගන්නා හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ, පිලිපීන ජනාධිපතිවරයාගේ ක්‍රියාමාර්ගයට යහපාලන රජය දක්වන ප්‍රතිචාරය තමන් දැන ගැනීමට කැමැති යයි අසමින් යහපාලන රජය ඔලොක්කුවට ලක් කරයි.
වනචර දශකයේදී ලැම්බෝගිනි, ඇස්ටන් මාටින්, පෝෂේ වැනි රුපියල් මිලියන ගණන් වටිනා වාහන භාවිතා කළ හොර පෙරකදෝරු නාමල් රාජපක්ෂ මෙසේ ඔලොක්කු දමන විට “මුගේ කට කෑවත් මදිය“ යි ගමේ භාෂාවෙන් පැවසිය යුතුය.
දළදා මාලිගය වටා පවා මෙම අශීලාචාර කුමාරවරු මිලියන ගණන් වටිනා කාර් වලින් රේස් පැද්දේ මහනායක හිමිවරුන්ගේ විරෝධතාවය තුට්ටුවකට මායිම් නොකරමිනි. වනචර දශකයේ “රථ ගාය“ ගැන දිය හැකි හොඳම උදාහරණය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන සංචිතයේ වාහන වලට සිදුවූ සන්තෑසියයි. වාහන සිය ගණනක් අදටත් සොයා ගැනීමට පවා නොහැකිව තිබේ. ජනවාරි 8 වෙනිදා මැදමූලන නමැති මුදවා නොගත් ප්‍රදේශයට පලා ගිය මහින්ද රාජපක්ෂ එතෙක් තමා භාවිතා කළ රජයට අයත් වෙඩි නොවදින සුඛෝපභෝගී වාහන ඇතුළුව ජනාධිපති වාහන සංචිතයේ තිබූ වාහන සිය ගණනක් බලහත්කාරයෙන් පැහැර ගත්තේය. නීතිය සහ සාමය ඇමැති සාගල රත්නායක මේ බව මෑතකදී යළි තහවුරු කෙළේය. මහරජාට සහ අසීලාචාර කුමාරවරුන්ට තිබූ තරම් “රථ ගායක්“ මෙරට ඉතිහාසයේ කිසිවෙකුට තිබී නැත.
.