රාජපක්ෂ බලුම වෙලා ගියා
113 නැතිනම් බලෙන් ඉන්නේ ඇයි - වෙල්ගම ප්‍රශ්න කරයි
113 නැතිව බලෙන් ආණ්ඩුවේ ඉන්නේ ඇයිද යන්න ප්‍රශ්න සහගත යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.
ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිට පිටව යමිනි.
‘‘ අපිට 113 නැතිනම් අපි යන්න ඕනා. අපිට ආණ්ඩු පක්ෂයත් පුරුදයි, විපක්ෂයත් පුරුදයි. අපිට 113 නැතිනම් ඇයි බලහත්කාරයෙන් ඉන්නේ. අද ජ්‍යෙෂ්ඨයෝ කියන දේවල් පිළිගන්නේ නෑ. මං දැක්කා උඩ ඉන්නවා තානාපතිවරුත්. මේවා ඔක්කොම පිටරරට යනවා.
අපේ රටට අත්වෙන ඉරණම මොකක්ද? පාර්ලිමේන්තුවේ වාඩිවුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් එය කියලා විසඳගන්න පුලුවන්. අපි කිව්වට අහන්නෙත් නෑ. අපිට කියන්න කිට්ටුවටවත් යන්න බෑ. මෙය මහින්ද රාජපක්ෂ වගේ කෘතහස්ථ දේශපාලකයෙක් අනුමත කරයි කියලා මං හිතන්නේ නෑ. මේ ගෝලබාලයන්ගේ වැඩ එතුමන්ටත් හොඳ නෑ. ‘‘
- http://www.lankadeepa.lk/latest_news/113-නැතිනම්-බලෙන්-ඉන්නේ-ඇයි---වෙල්ගම-ප්‍රශ්න-කරයි/1-540497
ගැලරියේ අයත් සභාවට ගැහුවා! විසඳුම ජනපති අතේ! අගමැතිතුමනි 113 නැත්නම් විපක්ෂයට යමු
2018-11-16
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ගැලරියේ සිටි අයද අතේ තිබුණු දෑ වලින් සභා ගැබට පහරදුන් කනගාටුදායක අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන වසර 25 තුළත් කිසිදු දවසක මෙතරම් අශෝබන ලෙස කිසිවකු හැසිරී නැතැයිද ඔහු පවසනවා.
මේ තත්ත්වයට විසඳුම ජනාධිපතිවරයා සතුබවත්, මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරු 113කගේ සහාය නැත්නම් විපක්ෂයේ වාඩිවියයුතු බවත් කුමාර වෙල්ගම පවසනවා.
- http://nethnews.lk/article/60456
විශ්වාසභංග යෝජනාව සම්මතයි : දාරගත නොහැකිවූ රාජපක්ෂලා පාර්ලිමේන්තුව වනසයි !
කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව පසුගිය (14) වනදා ඉදිරිපත් කර සම්මත කරවූ විශ්වාසභංග යෝජනාව ඊයේ (15) ජනාධිපතිවරයා ඉල්ලා සිටි ආකාරයට අද (16) පාර්ලිමේන්තුවේදී නැවත සම්මත කර ඇත.
ඊයේ (15) ජනාධිපතිවරයා සමඟ විශ්වාසභංග යෝජනාවට සහය දැක්වූ පක්ෂ නායකයන් සාකච්ඡා කළ අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කල අදාළ යෝජනාවේ පළමු වගන්තිය ඉවත්කර සම්මතකර පෙන්වන ලෙසය.
ඒ අනුව අද (16) පාර්ලිමේන්තුවට පැමිණි කතානායකවරයා පක්ෂ නායක හමුවක් කැඳවා ඇති නමුත් එහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවේ මහින්ද පාර්ශවය එම අවස්ථාව කඩාකප්පල් කර ඇත.
පක්ෂනායක රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව යළි කැඳවූ අවස්ථාවේ කුමන්ත්‍රණ අගමැති මහින්දට සහය දක්වන පිරිස් පාර්ලිමේන්තුවේ කතානායක අසුන අල්ලාගෙන සිටි අතර අරුන්දික ප්‍රනාන්දු නම් අපකීර්තිමත් මන්ත්‍රීවරයා සිය චණ්ඩ නොහික්මුණු සහ නොසන්ඩාල හැසිරීම ප්‍රදර්ශනය කලේ කතානායක අසුනේ අසුන් ගනිමින්ය.
එසේම කතානයකවරයට පාර්ලිමේන්තුවට එන්නට සිදුවුයේ පාර්ලිමේන්තු පොලිසියේ ආරක්ෂාව යටතේය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණවීර, ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා එන දෙසට පුටු, කසල බඳුන්, සෙරප්පු ආදියෙන් පහරදෙන්නට විය.
එහෙත් සෙංකෝලය සමඟ පොලිස් ආරක්ෂාව යටතේ පැමිණි කතානායකවරයා "ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මහින්ද රාජපක්ෂ අගමැතිට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත්කර යළි ඊට ජන්ද විමසීමක් සිදුකරන" බව නිවේදනය කර සිටියේය. එහිදී කතානයකවරයට තම අසුනේ අසුන් ගන්නට නොහැකිවූ අතර ඒ එම අසුන රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු ඔසවාගෙන දිවගිය නිසාය.
එසේම කතානායක මේසය මත තිබූ සියලු දේපල ද රාජපක්ෂ හිතවාදී පිරිස් විනාශ කර දමනු ලැබිණ.
අවසානයේ යෝජනාව සම්මත වුයේ අත් ඔසවා ඊට මන්ත්‍රීවරුන් සහය පළකිරීම හරහාය.
- https://newstube.lk/news/4459-no-confidence-motion-against-mahinda-rajapaksa-passed-in-parliament

Last edited: