රාජපක්ෂ බලුම වෙලා ගියා

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
46503720_2176347815979051_331931341970997248_n.jpg
 

athal eka

Member
Oct 29, 2018
418
32
0
රාජපක්ෂවරුන්ට විධායකයේ හා ව්‍යවස්ථාදායකයේ පුර්ණ බලතල ලැබුනොත් රට පාලනය කරන ආකාරය පිලිබඳව පොඩි ඉඟියක් ලැබුනා...
 

athal eka

Member
Oct 29, 2018
418
32
0
තමා සමඟ සිටින, හිවලුන් හා සුනඛයන් පාලනය කර ගත නොහැකි ලොම් හැලුනු සිංහයකුගෙන් ඇති ඵලය කිම.....
 

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    හොර අගමැති මහින්දට සහ හොර ඇමැති හැතිකරයට තනතුරු දැරීම තහනම්..! අභියාචනාධිකරණයෙන් නියෝග..!!

    මරා-සිරා ජුන්ටාව හඳපානේ කළ රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණය අනුව හොර අගමැති ලෙස පත් කළ මහින්ද රාජපක්ෂට සහ එහි ඇමැතිවරුන් යයි කියා ගත් හොර කැබිනට්ටුවට සහ එහි නියෝජ්‍ය, රාජ්‍ය ඇමැතිවරුන්ට තව දුරටත් සිය ධූර වල කටයුතු කිරීමට නීත්‍යාණුකූල අයිතියක් නැතැයි අතුරු තහනම් නියෝගයක් අද සවස අභියාචනාධිකරණය විසින් නිකුත් කළ බව යුක්තිප්‍රේම ජනතාව වෙත දැනුම් දෙනු ලැබේ.

    පාර්ලිමේන්තුවේ දී දෙවරකදීම විශ්වාස භංග යෝජනාවලින් පරාජය වී සිටින හොර අගමැති සහ හොර ආණ්ඩුවේ ඇමැතිවරු එම ධූර දරන්නේ බලහත්කාරයෙන් බැවින් ඔවුන්ගේ පත්වීම් බලරහිත කරමින් ක්වෝවොරන්ට් රිට් ආඥාවක් ඉල්ලා මන්ත්‍රීවරුන් 122 කගේ අත්සනින් ගොනු කරන ලද පෙත්සම අද දෙවන දිනයේ ද විභාගයට ගත් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරු මඬුල්ල විසින් මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළහ.

    ඉහත කී රිට් පෙත්සම අසා නිම වනතුරු මේ අතුරු තහනම ක්‍රියාත්මක වන අතර ලබන 12 වෙනිදා අධිකරණයේ පෙනී සිටිමින් තමන්ට මේ ධූර දැරීමට ඇති අයිතියක් තිබේ නම් ඔප්පු කරන ලෙස වග උත්තරකාර මහින්ද රාජපක්ෂ ඇතුළු ඇමැතිවරුන් යයි කියා ගත් අයට නොතීසි නිකුත් කරන ලෙසද අභියාචනාධිකරණය වැඩි දුරටත් නියෝග කෙළේය.

    මරා-සිරා ජුන්ටාව ඔක් 26 දා කළ කුමන්ත්‍රණය මීට ප්‍රථම ශ්‍රේෂ්ඨාධිකරණයේ දී වරක් පරාජය වී පාර්ලිමේන්තුව විසිරුවා හැරීම වළක්වන ලදී. ඉන් නොකියා කීවේ පාර්ලිමේන්තුවට ගොස් 113 පෙන්වන ලෙසයි. පසුව පාර්ලිමේන්තුව තුල තමන්ට 113 ක බහුතරයක් ඇතැයි පෙන්වීමට දිගින් දිගටම අහොහොසත් වූ ජුන්ටාව පාර්ලිමේන්තු කැන්ටිමට පමණක් සීමා වෙමින් බලහත්කාරයෙන් තනතුරු වල කටයුතු කළහ. ඉන්පසුව පාර්ලිමේන්තුව විසින් ඔවුන්ගේ වියදම් කපා හරින ලද නමුත් තනතුරු වල රැඳී සිටියේ මංකොල්ල කාරයින් පිරිසක් සේය. දැන් එකී බලහත්කාරී ක්‍රියාවද අධිකරණය විසින් අත්හිටුවා තිබේ.


    47384128_2161646187233868_6710072203049697280_n.jpg


    - https://www.facebook.com/lankaenews/photos/a.219828384749001/2161646183900535/?type=3&theater
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    වනේ වන සතුරෙක්ටවත් සිද්ධ වෙන්න එපා.
    මට නම් හිතෙන්නෙ මෛත්‍රී ආයෙත් මහින්දව
    යි, Erozanනුයි කූජීත කලා කියලමයි. :lol:
     
    • Haha
    Reactions: Cypress

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,927
    3,288
    113
    Malabe
    ඕක මෙතනට අදාළ වෙන විදිය පැහැදිලි කරපන්. මිනිහෙක්ගේ පෞද්ගලික ජිවිතේ දිහා බලල උබලා චන්දෙ දීලා ගෙනාපු උන් නටන නැටුම් දැක්කම මේ යකා අද ජෙන්ටල් පොරක් කියලා උබලගේ උන්ම ඔප්පු කළා...


    :yes::yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    113 නැතිනම් බලෙන් ඉන්නේ ඇයි - වෙල්ගම ප්‍රශ්න කරයි


    113 නැතිව බලෙන් ආණ්ඩුවේ ඉන්නේ ඇයිද යන්න ප්‍රශ්න සහගත යැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පැවසීය.

    ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ සභා ගැබේ සිට පිටව යමිනි.

    ‘‘ අපිට 113 නැතිනම් අපි යන්න ඕනා. අපිට ආණ්ඩු පක්ෂයත් පුරුදයි, විපක්ෂයත් පුරුදයි. අපිට 113 නැතිනම් ඇයි බලහත්කාරයෙන් ඉන්නේ. අද ජ්‍යෙෂ්ඨයෝ කියන දේවල් පිළිගන්නේ නෑ. මං දැක්කා උඩ ඉන්නවා තානාපතිවරුත්. මේවා ඔක්කොම පිටරරට යනවා.

    අපේ රටට අත්වෙන ඉරණම මොකක්ද? පාර්ලිමේන්තුවේ වාඩිවුණාට පස්සේ ප්‍රශ්නයක් තියෙනවා නම් එය කියලා විසඳගන්න පුලුවන්. අපි කිව්වට අහන්නෙත් නෑ. අපිට කියන්න කිට්ටුවටවත් යන්න බෑ. මෙය මහින්ද රාජපක්ෂ වගේ කෘතහස්ථ දේශපාලකයෙක් අනුමත කරයි කියලා මං හිතන්නේ නෑ. මේ ගෝලබාලයන්ගේ වැඩ එතුමන්ටත් හොඳ නෑ. ‘‘


    - http://www.lankadeepa.lk/latest_news/113-නැතිනම්-බලෙන්-ඉන්නේ-ඇයි---වෙල්ගම-ප්‍රශ්න-කරයි/1-540497

    ගැලරියේ අයත් සභාවට ගැහුවා! විසඳුම ජනපති අතේ! අගමැතිතුමනි 113 නැත්නම් විපක්ෂයට යමු

    2018-11-16


    ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ ගැලරියේ සිටි අයද අතේ තිබුණු දෑ වලින් සභා ගැබට පහරදුන් කනගාටුදායක අවස්ථාව මෙය බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. තමා පාර්ලිමේන්තුව නියෝජනය කරන වසර 25 තුළත් කිසිදු දවසක මෙතරම් අශෝබන ලෙස කිසිවකු හැසිරී නැතැයිද ඔහු පවසනවා.

    මේ තත්ත්වයට විසඳුම ජනාධිපතිවරයා සතුබවත්, මහින්ද රාජපක්ෂ මහතාට මන්ත්‍රීවරු 113කගේ සහාය නැත්නම් විපක්ෂයේ වාඩිවියයුතු බවත් කුමාර වෙල්ගම පවසනවා.


    - http://nethnews.lk/article/60456


    විශ්වාසභංග යෝජනාව සම්මතයි : දාරගත නොහැකිවූ රාජපක්ෂලා පාර්ලිමේන්තුව වනසයි !

    කුමන්ත්‍රණ ආණ්ඩුවේ අගමැති මහින්ද රාජපක්ෂට එරෙහිව පසුගිය (14) වනදා ඉදිරිපත් කර සම්මත කරවූ විශ්වාසභංග යෝජනාව ඊයේ (15) ජනාධිපතිවරයා ඉල්ලා සිටි ආකාරයට අද (16) පාර්ලිමේන්තුවේදී නැවත සම්මත කර ඇත.

    ඊයේ (15) ජනාධිපතිවරයා සමඟ විශ්වාසභංග යෝජනාවට සහය දැක්වූ පක්ෂ නායකයන් සාකච්ඡා කළ අතර එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කල අදාළ යෝජනාවේ පළමු වගන්තිය ඉවත්කර සම්මතකර පෙන්වන ලෙසය.

    ඒ අනුව අද (16) පාර්ලිමේන්තුවට පැමිණි කතානායකවරයා පක්ෂ නායක හමුවක් කැඳවා ඇති නමුත් එහිදී කුමන්ත්‍රණ ආණ්ඩුවේ මහින්ද පාර්ශවය එම අවස්ථාව කඩාකප්පල් කර ඇත.

    පක්ෂනායක රැස්වීමෙන් පසුව පාර්ලිමේන්තුව යළි කැඳවූ අවස්ථාවේ කුමන්ත්‍රණ අගමැති මහින්දට සහය දක්වන පිරිස් පාර්ලිමේන්තුවේ කතානායක අසුන අල්ලාගෙන සිටි අතර අරුන්දික ප්‍රනාන්දු නම් අපකීර්තිමත් මන්ත්‍රීවරයා සිය චණ්ඩ නොහික්මුණු සහ නොසන්ඩාල හැසිරීම ප්‍රදර්ශනය කලේ කතානායක අසුනේ අසුන් ගනිමින්ය.

    එසේම කතානයකවරයට පාර්ලිමේන්තුවට එන්නට සිදුවුයේ පාර්ලිමේන්තු පොලිසියේ ආරක්ෂාව යටතේය. එහිදී ජොන්ස්ටන් ප්‍රනාන්දු, අරුන්දික ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණවීර, ඇතුළු මන්ත්‍රීවරුන් රැසක් කතානායකවරයා එන දෙසට පුටු, කසල බඳුන්, සෙරප්පු ආදියෙන් පහරදෙන්නට විය.

    එහෙත් සෙංකෝලය සමඟ පොලිස් ආරක්ෂාව යටතේ පැමිණි කතානායකවරයා "ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි මහින්ද රාජපක්ෂ අගමැතිට එරෙහිව ඉදිරිපත් කල විශ්වාසභංග යෝජනාවේ පළමු වගන්තිය ඉවත්කර යළි ඊට ජන්ද විමසීමක් සිදුකරන" බව නිවේදනය කර සිටියේය. එහිදී කතානයකවරයට තම අසුනේ අසුන් ගන්නට නොහැකිවූ අතර ඒ එම අසුන රාජපක්ෂ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු ඔසවාගෙන දිවගිය නිසාය.

    එසේම කතානායක මේසය මත තිබූ සියලු දේපල ද රාජපක්ෂ හිතවාදී පිරිස් විනාශ කර දමනු ලැබිණ.

    අවසානයේ යෝජනාව සම්මත වුයේ අත් ඔසවා ඊට මන්ත්‍රීවරුන් සහය පළකිරීම හරහාය.



    - https://newstube.lk/news/4459-no-confidence-motion-against-mahinda-rajapaksa-passed-in-parliament
    :yes:
    හිටන්ට වඩා රනිල් හොදයි කියලා දැන්නම් බයියෙක් විදිහට මටත් හිතෙනවා..:yes:මොකද රනිල් මහත්තයා දෙකටම නැති වැඩ කොරන් නෑ හිටන් වගේ .. :angry:හිටන් මේ රට අපායක් කරන්නයි යන්නේ


    images



    ආසියාවේ මොළය-රනිල් :yes:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

    - 12 12 2018 - 15:03

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ නොකර සිටියේය.

    - http://www.ada.lk/breaking_news/රනිල්ට-විශ්වාසය-පළ-කිරීමේ-යෝජනාව-ඡන්ද-117කින්-සම්මතයි/11-343321
     

    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    රනිල්ට විශ්වාසය පළ කිරීමේ යෝජනාව ඡන්ද 117කින් සම්මතයි

    - 12 12 2018 - 15:03

    එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට විශ්වාසය පළ කිරිමේ යෝජනාවට පක්ෂව ඡන්ද 117 ලැබුණ අතර විපක්ෂව ඡන්ද කිසිවක් නොලැබුණි. ජනතා විමුක්ති පෙරමුණ ඡන්දය ප්‍රකාශ නොකර සිටියේය.

    - http://www.ada.lk/breaking_news/රනිල්ට-විශ්වාසය-පළ-කිරීමේ-යෝජනාව-ඡන්ද-117කින්-සම්මතයි/11-343321




    225 ma kiwwath Ranil wa PM karanne na.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    මහින්දගේ අගමැති වැඩ තහනම හා ඇමති මණ්ඩල තහනම 2019 ජනවාරි 18 තෙක් දීර්ඝ කෙරේ