රාජපක්ෂ රෙජීමය පරාජයට හිත හදා ගනී

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,227
    12,247
    113
    Ohio, USA
    රාජපක්ෂ රෙජීමය පරාජයට හිත හදා ගනී

    දකුණු ආසියාවේ රටක් යටත් කර ගෙන 9 වසරක් සිටි දූෂිතම සහ මිනීමරු පවුල වූ මැදමූලන රාජපක්ෂ පවුල මේ වන විට තම පරාජය පිළිගෙන ඊට සූදානම් වන බව ‘ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය‘ තහවුරු කරයි.

    මේ අනුව ඊයේ වන විට තම පුතුන් තිදෙනා සතුව තිබූ කෝටි ගණනක් වටිනා රේසිං කාර් 6 ක් නොදන්නා රටකට ඉතා රහසිගතව නැව් මගින් පටවා යවා තිබේ. මේ සම්බන්ධ කිසිදු වරාය සටහනක් යොදා නැත. ඒ හා සමගම තමන් සතුව ඇති වටිනා බඩු භාණ්ඩ ද රට පැටවීමට සියල්ල සූදානම් කර ඇති බව වාර්තා වේ. මෙම රට කුමක්දැයි මෙතෙක් හෙළි වී නැති අතර මේ සියල්ල සිංගප්පූරුවේ සිට මෙහෙයවන්නේ රාජපක්ෂ දූෂිත පවුලේ හිතවතා වන සජින් වාස් ගුණවර්ධනය. සජින් වාස් ගුණවර්ධන 26 වෙනිදා රටින් පලා ගිය අතර ඊයේ(29) වන විට සජින් වාස් ගේ පවුලේ සාමාජිකයන්ද රටින් පලා ගොස් සජින් වාස් සමග එක් වී ඇත.
    පරාජයට හිත හදා ගැනීමත් සමග අරලියගහ මන්දිරයේ තිබෙන සුඛෝපභෝගී නාන තටාක දෙකේ වතුර ශුද්ධ කිරීම පවා අත් හැර තිබේ. රාජපක්ෂලාගේ පවුලේ භාවිතාවට අරලියගහ මැදුරේ නාන තටාක දෙකක් ඇති අතර එක් තටාකයක සාමාන්‍ය වතුර තිබෙන අතර අනෙක් තටාකයේ ඇත්තේ මුහුදු වතුරය. මේවා මේන්ටේන් කිරීම මේ වන විට අඩාල වී තිබේ.


    පොලිසියේ තත්ත්වය

    මේ අතර තැපැල් ඡන්දයෙන් පසු දිනයක පොලිස්පතිවරයාද ඇතුළු පොලිසියේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් තෝරාගත් පිරිසක් කැඳවා ඇති ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ රටේ මැතිවරණ තත්ත්වය පිලිබඳ විමසා තිබේ. එහිදී සියළු නිලධාරීන් පවසා ඇත්තේ රටේ තත්ත්වය ආණ්ඩුවට කිසිසේත්ම හොඳ නැති බවයි. දිනපතාම විපක්ෂය බලවත් වන බව පවසද්දී ගෝඨාභය පිළිතුරු දෙමින් ‘‘එහෙම වෙන්න දෙන්න එපා.. ඔබලා ඉන්නේ තමන්ගේ පළාතේ ජනතාවගේ මතය වෙනස් කිරීමටයි.. සේනාධිනායකයා බේරා ගැනීමට ඔබලා කැප වී සිටිනවා“ යි පවසා ඇත. එවිට මෙතෙක් දිනයක් නිහඬව ගෝඨා කියන දේ අසා සිටි පොලිස්පතිවරයා පවසා ඇත්තේ ‘‘පොලිසියට මහජනතාවගේ මතය වෙනස් කිරීමට නොහැකියි. එය අපගේ රාජකාරිය නොවේ‘‘ කියා ය. ගෝඨා පොලිස්පතිවරයාගේ මතයට විරුද්ධව කතා කරද්දී යලිත් වතාවක් පොලිස්පතිවරයා ගෝඨාභයගේ මතයට එරෙහිව “පොලිසියට එවැනි දේ කළ නොහැකියි. අනාගතයේදී අපගේ නිලධාරීන්ට බරපතල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේවි. එදාට ඔබතුමා ඉන්න එකක් නෑ“ යි පවසද්දී ගෝඨාභය කෙදිනක හෝ නොමැති ආකාරයෙන් නිහඬ වී තිබේ. මහින්ද රාජපක්ෂ වැඩිපුර කතා කර නැති අතර වෙහෙසකර ලීලාවකින් සහ පරාජිත ස්වරූපයකින් හැසිරී තිබේ. පොලිස්පතිවරයාද මේ ආකාරයෙන් රෙජීමයේ මතයට විරුද්ධව කතා කර ඇත්තේ ඊට පෙර පැවැති තැපැල් ඡන්දයේ දී පොලිසියේ සියයට 65-70 ක් අතර පිරිසක් තම තැපැල් ඡන්දය පොදු අපේක්ෂකයාට ලබා දී ඇති බව ඔහුට වාර්තා වී තිබූ බැවිනි.


    හමුදාවේ තත්ත්වය

    මේ අතර හමුදා තොරතුරු අනුව හමුදාවේද වැඩ පිරිසක් ඡන්දය දී ඇත්තේ රාජපක්ෂ රෙජීමයට එරෙහිවය. සමහර කඳවුරු වල සෙබලුන් ප්‍රසිද්ධියේ හංසයාට ඡන්දය දී තිබේ.


    එසේ නමුත් නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා හෙළුවෙන්ම බිඳ වැටෙන රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කඩේ යමින් සිටී. හමුදා බුද්ධි අංශය බාරව සිටින මංජුල රත්නායකද රෙජීමයට කඩේ යයි. මෙම දෙදෙනා පොළොන්නරුව එජනිස මන්ත්‍රී රොෂාන් රණසිංහ සමග එක්ව හිටපු නැගෙනහිර එල්ටීටීඊ නායකයා වන සීලන් හෙවත් භාරතී සමග ඡන්දය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් පිලිබඳ සාකච්ඡා පවත්වා තිබේ. මේ පිලිබඳ තොරතුරු අප වෙත ඇති නමුත් දැන්ම හෙලි නොකරමු.
    මෙම කුමන්ත්‍රණයේ ප්‍රධානියා වන නැගෙනහිර ආඥාපති ලාල් පෙරේරා යනු රාජපක්ෂ රෙජීමයේ ඥාතීයෙකි. වත්මන් නාවික හමුදාපති ජයන්ත පෙරේරාගේ සොයුරා වන ලාල් පෙරේරා සහ රාජපක්ෂ ලේ ඥාතියෙක් වන වන ඇමරිකානු තානාපතිව සිටි ජාලිය වික්‍රමසිංහ විවාහ වී සිටින්නේ අක්කා සහ නංගී සමගය. ඒ අනුව ලාල් පෙරේරා ජයන්ත පෙරේරා සොයුරන් දෙදෙනාද බිඳ වැටෙන රාජපක්ෂ පවුල රැක ගැනීමට රාජකාරියට එහා ගිය නීච ක්‍රියා සඳහා පෙළැඹී ඇත.
    රත්නපුර පැල්මඩුල්ල ආදී ප්‍රදේශ වල හමුදා ප්‍රධානීන් මහින්ද රාජපක්ෂගේ අත් පත්‍රිකා බෙදීම සිදුකර ඇත.


    අනේ අපි නොදන්න ගෝඨා..!

    කෙසේ වෙතත් ආරක්ෂ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රකට මාධ්‍ය වේදියෙක් පවත්වාගෙන යන වෙබ් අඩවියක ඡන්දය දා එය අහවර වීමෙන් පසුව පැන්ෂන් ගිය හමුදා ලොක්කන් යොදවා කොළඹ වට කරන සැලැස්මක් ප්‍රසිද්ධ කර තිබින. එහි කිසියම් සත්‍යයක් පවතින බව පෙනී යන්නේ ලංකා ඊ නිව්ස් පෙර කීවා සේ මෝදර රොක් හවුස් කඳවුරට සහ නාරාහේන්පිට හමුදා කඳවුරටද අනවශ්‍ය අන්දමින් හමුදා භටයන් ගාල් කරවීම නිසා ය. ඔවුන් සියළු දෙනා ගෝඨාගේ රෙජිමේන්තුව වන ගජබා රෙජිමේන්තුවේ පිරිස් ය. ඔහුන්ට සිවිල් ඇඳුමින් කඳවුරු වලට වාර්තා කරන්නැයි ගෝඨා උපදෙස් දී ඇත්තේ නිල ඇඳුමින් විශාල පිරිසක් ගැවසෙද්දී මහජනතාව සැක කරන බැවිනි. කෙසේ වෙතත් ගෝඨාභය සිදුකරන්නට ගිය එම කුමන්ත්‍රණයේ බොහෝ දේ පෙර කී මාධ්‍යවේදියා විසින් හෙලි කර ඇත. ඒ අනුව රාජපක්ෂලා එම සැලසුම අකුලා ගත යුතුය නැතිනම් වෙනස් කළ යුතුය.


    මෑතක් වන තුරුම ආණ්ඩුවේ සිට විපක්ෂයට පැමිණි ප්‍රබලයෙකුගෙන් ලංකා ඊ නිව්ස් මෙම හමුදා සෙල්ලම ගැන විමසා සිටි කල ඔහු අපූරු කතාවක් කීවේය. ‘‘අනේ අපි නොදන්න ගෝඨා..! පක්ෂ ලේකම් යනකම් දන්නේ නැතිවා පමණක් නොවෙයි අමීර් අලි ඇවිල්ලා ආයිත් යනවා කියලවත් නොදන්න ගෝඨා නේ.. මිනිහා මේ තරම් දැවැන්ත මහජන බලවේගයක් නවත්තන්න හමුදාව යොදවන්න හදනවා නම් අපි එයාට ඇමරිකාවේදි ඉගෙන ගත්තේ නැති පාඩමක් උගන්වනවා‘‘ යි පැවසීය.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    E නිව්ස් බොරුනේ බන්. ඕවගේ තාර බර ඇරලා ගන්න ඕනි. මහින්දව පරද්දන්න ඕනි බව ඇත්ත. එත් එතින් ඔය බොරු ප්‍රච්රවලින් කාටවත් හොදක් වෙන්නේ නැහැ. ඇත්ත පොඩඩ්කට බොරු ගොදාක දානවා
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,247
    113
    Ohio, USA
    E නිව්ස් බොරුනේ බන්. ඕවගේ තාර බර ඇරලා ගන්න ඕනි. මහින්දව පරද්දන්න ඕනි බව ඇත්ත. එත් එතින් ඔය බොරු ප්‍රච්රවලින් කාටවත් හොදක් වෙන්නේ නැහැ. ඇත්ත පොඩඩ්කට බොරු ගොදාක දානවා

    මොනවද මචන් ඊ නිවුස් කාරයෝ කියපු බොරු? උන් විතරයි මම දන්න තරමට රෙජීමයට අමුවෙන්ම කියන්න ඕනදේ කෙලින්ම කියන්නේ.. ඊනිවුස් එක බොරු කාරයෝ කොටියෝ වගේ ලේබල් වදින්නට හේතුව මීට මාස ගානකට කලින් ලංකාවේ "බොදු පුනරුදයක් ඇතිකරනවා" කියාගෙන ආපු අය වැරදියට සිවුර පාවිච්චි කරද්දි ඒ අයට කලින්ම "මේ නියම හාමදුරුවරුන් නෙවෙයි" කියන එක තේරුම් අරගෙන කල්තියාම ඒ ගැන මිනිස්සුන්ව දැනුවත් කරපු එක ...
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10426747_10152872871001763_8451997963513426500_n.jpg
     

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොනවද මචන් ඊ නිවුස් කාරයෝ කියපු බොරු? උන් විතරයි මම දන්න තරමට රෙජීමයට අමුවෙන්ම කියන්න ඕනදේ කෙලින්ම කියන්නේ.. ඊනිවුස් එක බොරු කාරයෝ කොටියෝ වගේ ලේබල් වදින්නට හේතුව මීට මාස ගානකට කලින් ලංකාවේ "බොදු පුනරුදයක් ඇතිකරනවා" කියාගෙන ආපු අය වැරදියට සිවුර පාවිච්චි කරද්දි ඒ අයට කලින්ම "මේ නියම හාමදුරුවරුන් නෙවෙයි" කියන එක තේරුම් අරගෙන කල්තියාම ඒ ගැන මිනිස්සුන්ව දැනුවත් කරපු එක ...

    අනිවා...
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මොනවද මචන් ඊ නිවුස් කාරයෝ කියපු බොරු? උන් විතරයි මම දන්න තරමට රෙජීමයට අමුවෙන්ම කියන්න ඕනදේ කෙලින්ම කියන්නේ.. ඊනිවුස් එක බොරු කාරයෝ කොටියෝ වගේ ලේබල් වදින්නට හේතුව මීට මාස ගානකට කලින් ලංකාවේ "බොදු පුනරුදයක් ඇතිකරනවා" කියාගෙන ආපු අය වැරදියට සිවුර පාවිච්චි කරද්දි ඒ අයට කලින්ම "මේ නියම හාමදුරුවරුන් නෙවෙයි" කියන එක තේරුම් අරගෙන කල්තියාම ඒ ගැන මිනිස්සුන්ව දැනුවත් කරපු එක ...

    e නිවුස් කොටින්ට වික්රමබාහුලට සපෝට් බන්. උන් ඉන්නේ පෙද්රල් මතයක් හොදයි කියන තැන. උන් රෙජින්\ම එකට ගහන බව ඇත්ත, ර්ජිම් එකට ගහපු පලියට හැමෝම හොද වෙන්නේ නැහැ. උන් ගොඩක් වෙලාවට පෙනී ඉන්නේ බෙදීම් වාදය වෙනුවෙන්. උබලත් මේකන් වෙනම රටක් බලාපොරොත්තුවෙන එකේ උබලා එකට කමතිවීම් පුදුමයක් නෙමයි.
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,227
    12,247
    113
    Ohio, USA
    උබලත් මේකන් වෙනම රටක් බලාපොරොත්තුවෙන එකේ උබලා එකට කමතිවීම් පුදුමයක් නෙමයි.

    කවුද එහෙම කිව්වේ මචන්... ඔහොම උබ හිතන දේ මම හීනෙන්වත් නොහිතපු දෙයක්..
    :baffled:
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    අමීර් අලි ඇවිල්ලා ආයිත් යනවා කියලවත් නොදන්න ගෝඨා ... අපොයි ජරා කට් එක
     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    අපේ පැත්තෙ army කොල්ලො ඔක්කොම වගේ මෛත්‍රීට ඡන්දෙ දාල තියෙන්නෙ
     

    Similar threads