රාජපක්ෂ රෙජීමය පරාජයට හිත හදා ගනී
දකුණු ආසියාවේ රටක් යටත් කර ගෙන 9 වසරක් සිටි දූෂිතම සහ මිනීමරු පවුල වූ මැදමූලන රාජපක්ෂ පවුල මේ වන විට තම පරාජය පිළිගෙන ඊට සූදානම් වන බව ‘ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය‘ තහවුරු කරයි.
මේ අනුව ඊයේ වන විට තම පුතුන් තිදෙනා සතුව තිබූ කෝටි ගණනක් වටිනා රේසිං කාර් 6 ක් නොදන්නා රටකට ඉතා රහසිගතව නැව් මගින් පටවා යවා තිබේ. මේ සම්බන්ධ කිසිදු වරාය සටහනක් යොදා නැත. ඒ හා සමගම තමන් සතුව ඇති වටිනා බඩු භාණ්ඩ ද රට පැටවීමට සියල්ල සූදානම් කර ඇති බව වාර්තා වේ. මෙම රට කුමක්දැයි මෙතෙක් හෙළි වී නැති අතර මේ සියල්ල සිංගප්පූරුවේ සිට මෙහෙයවන්නේ රාජපක්ෂ දූෂිත පවුලේ හිතවතා වන සජින් වාස් ගුණවර්ධනය. සජින් වාස් ගුණවර්ධන 26 වෙනිදා රටින් පලා ගිය අතර ඊයේ(29) වන විට සජින් වාස් ගේ පවුලේ සාමාජිකයන්ද රටින් පලා ගොස් සජින් වාස් සමග එක් වී ඇත.
පරාජයට හිත හදා ගැනීමත් සමග අරලියගහ මන්දිරයේ තිබෙන සුඛෝපභෝගී නාන තටාක දෙකේ වතුර ශුද්ධ කිරීම පවා අත් හැර තිබේ. රාජපක්ෂලාගේ පවුලේ භාවිතාවට අරලියගහ මැදුරේ නාන තටාක දෙකක් ඇති අතර එක් තටාකයක සාමාන්‍ය වතුර තිබෙන අතර අනෙක් තටාකයේ ඇත්තේ මුහුදු වතුරය. මේවා මේන්ටේන් කිරීම මේ වන විට අඩාල වී තිබේ.
පොලිසියේ තත්ත්වය
මේ අතර තැපැල් ඡන්දයෙන් පසු දිනයක පොලිස්පතිවරයාද ඇතුළු පොලිසියේ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගෙන් තෝරාගත් පිරිසක් කැඳවා ඇති ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ රටේ මැතිවරණ තත්ත්වය පිලිබඳ විමසා තිබේ. එහිදී සියළු නිලධාරීන් පවසා ඇත්තේ රටේ තත්ත්වය ආණ්ඩුවට කිසිසේත්ම හොඳ නැති බවයි. දිනපතාම විපක්ෂය බලවත් වන බව පවසද්දී ගෝඨාභය පිළිතුරු දෙමින් ‘‘එහෙම වෙන්න දෙන්න එපා.. ඔබලා ඉන්නේ තමන්ගේ පළාතේ ජනතාවගේ මතය වෙනස් කිරීමටයි.. සේනාධිනායකයා බේරා ගැනීමට ඔබලා කැප වී සිටිනවා“ යි පවසා ඇත. එවිට මෙතෙක් දිනයක් නිහඬව ගෝඨා කියන දේ අසා සිටි පොලිස්පතිවරයා පවසා ඇත්තේ ‘‘පොලිසියට මහජනතාවගේ මතය වෙනස් කිරීමට නොහැකියි. එය අපගේ රාජකාරිය නොවේ‘‘ කියා ය. ගෝඨා පොලිස්පතිවරයාගේ මතයට විරුද්ධව කතා කරද්දී යලිත් වතාවක් පොලිස්පතිවරයා ගෝඨාභයගේ මතයට එරෙහිව “පොලිසියට එවැනි දේ කළ නොහැකියි. අනාගතයේදී අපගේ නිලධාරීන්ට බරපතල ප්‍රශ්න වලට මුහුණ දීමට සිදුවේවි. එදාට ඔබතුමා ඉන්න එකක් නෑ“ යි පවසද්දී ගෝඨාභය කෙදිනක හෝ නොමැති ආකාරයෙන් නිහඬ වී තිබේ. මහින්ද රාජපක්ෂ වැඩිපුර කතා කර නැති අතර වෙහෙසකර ලීලාවකින් සහ පරාජිත ස්වරූපයකින් හැසිරී තිබේ. පොලිස්පතිවරයාද මේ ආකාරයෙන් රෙජීමයේ මතයට විරුද්ධව කතා කර ඇත්තේ ඊට පෙර පැවැති තැපැල් ඡන්දයේ දී පොලිසියේ සියයට 65-70 ක් අතර පිරිසක් තම තැපැල් ඡන්දය පොදු අපේක්ෂකයාට ලබා දී ඇති බව ඔහුට වාර්තා වී තිබූ බැවිනි.
හමුදාවේ තත්ත්වය
මේ අතර හමුදා තොරතුරු අනුව හමුදාවේද වැඩ පිරිසක් ඡන්දය දී ඇත්තේ රාජපක්ෂ රෙජීමයට එරෙහිවය. සමහර කඳවුරු වල සෙබලුන් ප්‍රසිද්ධියේ හංසයාට ඡන්දය දී තිබේ.
එසේ නමුත් නැගෙනහිර ආඥාපති මේජර් ජෙනරාල් ලාල් පෙරේරා හෙළුවෙන්ම බිඳ වැටෙන රාජපක්ෂ රෙජීමය වෙනුවෙන් කඩේ යමින් සිටී. හමුදා බුද්ධි අංශය බාරව සිටින මංජුල රත්නායකද රෙජීමයට කඩේ යයි. මෙම දෙදෙනා පොළොන්නරුව එජනිස මන්ත්‍රී රොෂාන් රණසිංහ සමග එක්ව හිටපු නැගෙනහිර එල්ටීටීඊ නායකයා වන සීලන් හෙවත් භාරතී සමග ඡන්දය කඩාකප්පල් කිරීමේ කුමන්ත්‍රණයක් පිලිබඳ සාකච්ඡා පවත්වා තිබේ. මේ පිලිබඳ තොරතුරු අප වෙත ඇති නමුත් දැන්ම හෙලි නොකරමු.
මෙම කුමන්ත්රණයේ ප්‍රධානියා වන නැගෙනහිර ආඥාපති ලාල් පෙරේරා යනු රාජපක්ෂ රෙජීමයේ ඥාතීයෙකි. වත්මන් නාවික හමුදාපති ජයන්ත පෙරේරාගේ සොයුරා වන ලාල් පෙරේරා සහ රාජපක්ෂ ලේ ඥාතියෙක් වන වන ඇමරිකානු තානාපතිව සිටි ජාලිය වික්‍රමසිංහ විවාහ වී සිටින්නේ අක්කා සහ නංගී සමගය. ඒ අනුව ලාල් පෙරේරා ජයන්ත පෙරේරා සොයුරන් දෙදෙනාද බිඳ වැටෙන රාජපක්ෂ පවුල රැක ගැනීමට රාජකාරියට එහා ගිය නීච ක්‍රියා සඳහා පෙළැඹී ඇත.
රත්නපුර පැල්මඩුල්ල ආදී ප්‍රදේශ වල හමුදා ප්‍රධානීන් මහින්ද රාජපක්ෂගේ අත් පත්‍රිකා බෙදීම සිදුකර ඇත.
අනේ අපි නොදන්න ගෝඨා..!
කෙසේ වෙතත් ආරක්ෂ තොරතුරු වාර්තා කිරීම සම්බන්ධයෙන් ප්‍රකට මාධ්‍ය වේදියෙක් පවත්වාගෙන යන වෙබ් අඩවියක ඡන්දය දා එය අහවර වීමෙන් පසුව පැන්ෂන් ගිය හමුදා ලොක්කන් යොදවා කොළඹ වට කරන සැලැස්මක් ප්‍රසිද්ධ කර තිබින. එහි කිසියම් සත්‍යයක් පවතින බව පෙනී යන්නේ ලංකා ඊ නිව්ස් පෙර කීවා සේ මෝදර රොක් හවුස් කඳවුරට සහ නාරාහේන්පිට හමුදා කඳවුරටද අනවශ්‍ය අන්දමින් හමුදා භටයන් ගාල් කරවීම නිසා ය. ඔවුන් සියළු දෙනා ගෝඨාගේ රෙජිමේන්තුව වන ගජබා රෙජිමේන්තුවේ පිරිස් ය. ඔහුන්ට සිවිල් ඇඳුමින් කඳවුරු වලට වාර්තා කරන්නැයි ගෝඨා උපදෙස් දී ඇත්තේ නිල ඇඳුමින් විශාල පිරිසක් ගැවසෙද්දී මහජනතාව සැක කරන බැවිනි. කෙසේ වෙතත් ගෝඨාභය සිදුකරන්නට ගිය එම කුමන්ත්රණයේ බොහෝ දේ පෙර කී මාධ්‍යවේදියා විසින් හෙලි කර ඇත. ඒ අනුව රාජපක්ෂලා එම සැලසුම අකුලා ගත යුතුය නැතිනම් වෙනස් කළ යුතුය.
මෑතක් වන තුරුම ආණ්ඩුවේ සිට විපක්ෂයට පැමිණි ප්රබලයෙකුගෙන් ලංකා ඊ නිව්ස් මෙම හමුදා සෙල්ලම ගැන විමසා සිටි කල ඔහු අපූරු කතාවක් කීවේය. ‘‘අනේ අපි නොදන්න ගෝඨා..! පක්ෂ ලේකම් යනකම් දන්නේ නැතිවා පමණක් නොවෙයි අමීර් අලි ඇවිල්ලා ආයිත් යනවා කියලවත් නොදන්න ගෝඨා නේ.. මිනිහා මේ තරම් දැවැන්ත මහජන බලවේගයක් නවත්තන්න හමුදාව යොදවන්න හදනවා නම් අපි එයාට ඇමරිකාවේදි ඉගෙන ගත්තේ නැති පාඩමක් උගන්වනවා‘‘ යි පැවසීය.

enews 
ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය 