යෝෂිත හොදම CEO වෙලා ඉන්නවා දැක්කම මම ලියපු පරණ කතාවක් මතක් වුණා. නිවාඩුපාඩුවේ කියවන්න. ඔබට පිළිතුරු නැත්නම් එකම දේ කොපි පේස්ට් කර කර පෝස්ට් කිරීමට, සේව් කරන් සිටින පෝස්ට් ටිකක් දාගෙන දාගෙන යෑමට හැකි නමුත්, ලිපියෙන් මතු කරන සාධනීය කරුණු කියවන්නාගේ සිතට ඒත්තු යෑම වළකින්නේ නැති බව සළකන්න.
ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතාගේ කුලුදුල් දරුවා වෙනුවෙන් ඒ මහතා ගායනා කරන ලද ගීතයක් ජාතික රූපවාහිනී සේවයේ විකාශය වී ඇති අතර එය ප්‍රතිවාදී දේශපාලන ක්‍රියාකාරීන්ගේ දැඩි දෝශ දර්ශණයට ලක්ව තිබේ. ආචාර්ය රෝහිත රාජපක්ෂ මහතාගේ කුඩා පුත්‍රයා රටේ අනෙකුත් ඕනෑම කුඩා දරුවකු සේම ඉතා හුරුබුහුටි, සුන්දර දරුවකු වන අතර රෝහිතද රටේ සෑම පියෙකු සේම සිය පුත්‍රයා වෙත අසීමාන්තික ආදරයකින් පසුවන බව මට හැගී යයි. රෝහිතත්, රෝහිතගේ පුත්‍රයාත් ඒ දෙදෙනාටම උපත ලබාදුන් දේශපාලන පවුලේ හීන මානයේ ගොදුරක් බවට පත්වී රටේ ජනතාවගෙන් බැනුම් අහන තැනට පත්වීම පිළිබඳව මට ඇත්තේ දුකකි.
2005 න් ඇරඹී සහ 2010න් පසුව උත්සන්න වූ රාජපක්ෂ පවුලේ "රෝයල් ෆැමිලි" මානසිකත්වය සහ ඒ මානසිකත්වය අපරානුමත කිරීම උදෙසා ශ්‍රී ලාංකීය ජනමනස හැඩගැසුනු ආකාරය පිළිබඳව යම් විමර්ශණයක් සිදුකිරීම වර්තමාන දේශපාලනය පිළිබඳව තේරුම් ගැනීමට ඉවහල් වනු ඇත. ඒ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් රචනා කිරීමට මට කම්මැලි වන බැවින් සරළ කරුණු කිහිපයකින් මගේ මතය ඉදිරිපත් කරමි. එය පිළිගැනීම හෝ නොගැනීම, විවාද කිරීම ඔබ සතු කරුණකි.
රාජපක්ෂවරුන්ගේ "රෝයල් ෆැමිලි" මානසිකත්වය හා සසැදීමේදී ඒ හා සමානම මානසික ව්‍යාධියකින් පෙළුනු පවුලක් ලෙස ප්‍රේමදාස පවුල හැදින්විය හැකිය. හදිසි අභාවයකින් ආර්. ප්‍රේමදාස මිය නොයන්නට අද වනවිට ඒ ව්‍යාධිය ඛේදවාචකයක් දක්වා වර්ධනය විය හැකිව පැවතිනි. මේ මොහොතේදී ප්‍රේමදාසලාගේ "රෝයල් ෆැමිලි" ව්‍යාධිය ගැන කතා කිරීම මගේ "සමගි ජනබල" මිත්‍රයින්ට ප්‍රශ්ණයක් විය හැකි සේම, ඊටත් වඩා "අන්න චම්පිකගේ එවුන් සජිත්ට ගහනවා" වැනි මුග්ධ ප්‍රකාශයන් හරහා චම්පික රණවකට විය හැකි දේශපාලනික හානියද විශාලය. ඒ නිසා මගේ වාසියට මම ප්‍රේමදාසලා අතහරිමි.
ව්‍යාධියේ ප්‍රභවය
මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලනයේ මුල් අවදීන් වලදී ඔහුට කටයුතු කරන්නට සිදුවූයේ කොළඹ කේන්ද්‍රීය ප්‍රභල රදළ පවුලක් වූ බණ්ඩාරනායක වරුන් සහ රත්වත්තේ වරුන් සමඟ වන අතර ඔහු හා සමකාලීනව ඉදිරියට ආ බොහෝ දෙනෙකු 1830 -40 ගනන් වලින් පසුව නැගී සිටින ලද ශ්‍රී ලංකාවේ නව ධනේෂවර පැලැන්තියේ දෙවන තුන්වන පරම්පරාවල උගත් ධනවත් කණ්ඩායම සමගය. ඒ අතරින් මහින්ද රාජපක්ෂගේ සිත් ගත් කුමාරයා වූයේ අනුර බණ්ඩාරනායකයි. මහින්ද රාජපක්ෂ මහතාගේ තරුණ සමයේදී ඔහු ඇසුරු කල අනුර බණ්ඩාරනායක ඇතුලු බණ්ඩාරනායක පවුල යනු රදළ මහා මාන්නයේ කේන්ද්‍රීය පවුල ලෙස හැදින්විය හැක. බණ්ඩාරනායක - රත්වත්තේ පවුල් කාටලය හමුවේ සාමාන්‍ය ජනයාගේ සිට ප්‍රභල දේශපාලන පදනමක් සහිත ජනනායකයින් පවා බල්ලන් පූසන් සේ හැසිරෙමින් දෙපතුල් ලඟ වැදවැටෙන ආකාරය දුටු මහින්ද රාජපක්ෂ මහතාට ගිරුවා පත්තුවේ සරළ ගැමි ගෙදරක ඉපද දහසක් ආර්ථික ගැටලු මැද දේශපාලනයක යෙදුනු, නිසි පිළිගැනීමක් නොතිබුනු සිය ජීවන මට්ටම සහ ඥාති වර්ගයා පිළිබඳව පැවතියේ බරපතළ කනස්සල්ලක් බව අනුමාන කල හැක. බලය ඇතත් නැතත් අත්තනගල්ල බණ්ඩාරනායක වලව්ව ඉදිරියේදී කැහැපට ගැසූ සරම නැවත ලෙහන මිනිසුන්ද, බණ්ඩාරනායක සමාධිය දකිද්දී හඬා වැටෙමින් ඊට පුශ්පෝහාර දක්වන මිනිසුන්ද දකින මහින්ද රාජපක්ෂට එස්.ඩබ්ලිව්.ආර්.ඩී සමගම පක්ෂ මාරු කල සිය පියා කිසිවෙකුගේත් ගරු බුහුමනකින් තොරව මැදමූල ග්‍රාමයේ පොළව යට නිසොල්මන්ව වැතිර සිටීම කෙසේ දරා ගන්නේ දැයි මා ඔබට අමුතුවෙන් පැහැදිලි කල යුතු නැත. මේ අයුරින් බොහෝ කරුණු පැවසිය යුතුව තිබුනද ලිපිය තවත් දිගු කිරීම සුදුසු නොවේ.
ඉදින්, මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිධූරයට පත්වූ දා සිටම ඔහු විසින් ඔහුගේ පවුලේ නාමය වන "රාජපක්ෂ" යන්න මෙරට ප්‍රධාන පෙළේ රදළ පවුල් නාමයක් බවට පත් කිරීමට ඉතා දැඩි වෙහෙසක් ගන්නා ලදි. තමන්ගේ හීන මානය සංසිදුවීම සදහා හඬින් "අපේ රජතුමා" යැයි කියන උන්ටත්, බිම පෙරළි පෙරළි වදින උන්ටත්, වඩ වඩා වරප්‍රසාද ලබාදෙමින් එසේ නොකරන එවුන් වෙතොත් උන්ද එසේ වන්දවන තත්වයට පත්කල අතර එසේ නොවැද සිටි චම්පික රණවක වැනි සිය දක්ෂතා පිළිබද දැඩි ආත්ම විශ්වාසයකින් අධි මාන්නයකින් සිටින පිරිස් පාගා දැමීමටද කටයුතු කරන ලදි.
සිය දෙමව්පියන් වෙනුවෙන් දානමාන පිංකම් සිදුකිරීමෙන් නොනැවති බණ්ඩාරනායක සමාධියට නොදෙවනිව මැදමූලන රාජපක්ෂ සමාධියක් ඉදිකිරීමට ක්‍රියා කිරීමද රාජපක්ෂවරුන්ගේ හීනමානයේ තරම ප්‍රදර්ශණය කරයි.
උක්ත කරුණු වලින් මට සරළවම කිව යුතුව ඇත්තේ, රාජපක්ෂවරුන්ගේ මේ රදළ මානසිකත්වයට වගකිව යුත්තේ බණ්ඩාරනායකවරුන් බවයි. ඔවුන් විසින් නඩත්තු කල මහේශාක්‍යභාවය තමන්ට නොමැති වීමෙන් ඇතිවූ හිස් බව රාජපක්ෂලාව මෙහෙයවමින් සිටින බවයි.
බණ්ඩාරනායකවරුන් හැරුනුකොට රාජපක්ෂලාට ගණුදෙනු කිරීමට සිදුවූ අනිකුත් පාර්ශවයන් වනුයේ නව ධනේෂවරයෙන් සහ නිදහස් අධ්‍යාපනයෙන් ඉදිරියට ආ උගත් බුද්ධිමත් සමාජයයි. ඒ සමාජය සමඟ වූ ගැටීම විසදා ගැනීමට ලංකාවේ ඉහළම ලකුණුලාභී නීතිඥවරයාත්, ඉහළම ලකුණු ලාභී කැඩට් නිලධාරියාත්, ගණිතය පිළිබඳ මහාචාර්‍ය වරයෙකුත් බිහිකිරීම හරහා රාජපක්ෂවරු හත්පොලේ ගාගත් බව ඔබට අමතක නැතැයි සිතමි.
"රෝයල් ෆැමිලි"
සිංහල උලු සෙවිලි කල මැදමූලන කුඩා ගැමි ගෙදරක් මහේශාක්‍ය රදළ මන්දිරයක් බවට පත්වන වේගයට වඩා වේගයකින් රාජපක්ෂ පවුලේ සාමාජිකයින්ට තමන් සතුවූ බලය පරවේණිගත උරුමයක් බවට ලෝකයට පෙන්වීමට තිබූ ප්‍රදර්ශණාත්මක ව්‍යාධිය දරුණු විය. එයින් තරමක් හෝ මිදුනු , සක්‍රීය දේශපාලනයේ අපි දකින අය අතර ගෝඨාභය රාජපක්ෂ සහ බැසිල් රාජපක්ෂ ප්‍රමුඛ වේ. එයට හේතුව නම් ඔවුන් දීර්ඝ කාලයක් තිස්සේ බටහිර රටවල ජීවත්වීම නිසා පෙරකී මානසික ව්‍යාධිමය ස්වරූපය යම් තරමක් සුවවී තිබීමයි. සිය පියා රටේ ජනාධිපතිවුවද, ඇමරිකාවටම වී සිය සුන්දර බිරිඳ සමඟ නිදහසේ සිටීමට ගෝඨාභයගේ පුත්‍රයා තීරණය කිරීම පෙරකී ව්‍යාධිය සම්පූර්ණයෙන්ම සුවවී ඇති බවට වන ලක්ෂණයක් බව මාගේ පෞද්ගලික හැගීමයි. දකුණු ආසියාවේ හිඟන රටක රජ පවුලේ සාමාජිකයෙකු ලෙස දිදුලීමට වඩා ඇමරිකාවේ කරන රස්සාව තමන්ට වටින බව පෙන්වීමම ඔවුන්ගේ පරම්පරාව විසින් අත්කරගනු ඇතැයි සිතිය නොහැකි මට්ටමේ දියුණුවක් බව මම විශ්වාස කරමි.
එය එසේ වුවද දින හතේ රජකීය විවාහ, රාජකීය පදවි ප්‍රාප්ති, රාජකීය කුමාරෝප්පත්ති, රාජකීය පංචායුධ පැළදවීම්, රාජකීය අවුරුදු චාරිත්‍ර සිදුකිරීම් හරහා රාජපක්ෂ පවුල විසින් මේ සමාජයට දෙන පණිවිඩය පුන්නක්කු අනුභව නොකරන ඕනෑම අයෙකුට තේරුම්ගත හැකිය.
අද, ජාතික රූපවාහිනියේ ගුවන් කාලය භාවිතා කරමින් රාජපක්ෂ ලෙගසිය වඩා වර්ධනය කිරීම සදහා අලුත් වටයකින් දරනු ලබන උත්සාහය අප තේරුම්ගත යුත්තේ පෙරදී මා සදහන් කල තත්වයන් හි දිගුවක් ලෙස මිස හුදකලා සිදුවීමක් ලෙස නොවේ.
ජනතාවගේ අනුගත වීම.
ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකු දාර්ශණික සහ තාර්කිකමය දුගීභාවයකින් පෙළෙති. මේ රටේ 99%ක්ම බොරු දේශප්‍රේමයක සහ බොරු ආගමික ශ්‍රද්ධාවක සාඩම්බර ඔටස්කරුවන් බවට පත්ව සිටියි. දූපත් රාජ්‍යයක වෙසෙන සිය බේබදු, කම්මැලි ජාතියේ පරිහානියේ වරද ඔවුන් කා පිටහෝ පටවති. ඔවුන් එය සුද්දන්ට, දෙමළුන්ට සහ තම්බින්ට පටවා ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන්, දෙමලුන්ගෙන් සහ තම්බින්ගෙන් ඔවුන්ව ගලවා ගැනීමට එන රජෙකු ගැන සිහින මවති. වසර ගණනාවක් දූපතක සිටීම හේතුකොටගෙන ඔවුන් ලෝකයට බොහෝ බියය. මුලු ලෝකයම ඔවුන්ව යටත් කරගැනීමට සහ රුවන්වැලි සෑය, සීගිරිය, දළදාව, බුද්ධාගම සහ සංස්කෘතිය පැහැරගැනීමේ විශාල කුමන්ත්‍රණයක සිරවී සිටින බවට ඔවුන් දැඩිව විශ්වාස කරති. ඔවුන්ව මෙහෙයවන්නේ ඒ බියයි. ඒ බිය හදුනාගන්නා තැනැත්තා ඒ බියට පිළියම ලෙස තමාව පෙන්වන අතර පෙරකී බිය නිසාම ජනතාව ඔහුව දේවත්වයෙන් වැළඳගනී. රාජපක්ෂ " රෝයල් ෆැමිලි" මානසිකත්වය හමුවේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ අනුගතවීම පසුපස ඇති සත්‍ය ස්වරූපය එයයි. මේ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් සිදුකල හැකි වුවද එය තාර්කිකව අවබෝධ කරගත හැකි පිරිස මේ වනවිටත් එය අවබෝධ කරගෙන ඇති බැවින් එය ලිවීමෙන් පලක් නැත.
ඉදින් රූපවාහිනී නාලිකාවල, කටවුට් වල සේම නම මාධ්‍ය වලද රාජපක්ෂවරුන්ගේ ලෙගසිය පෙන්වීම එදත් අදත් හෙටත් කිසිදු බාධාවකින් තොරව සිදුවනු ඇත. ඒවා නතර කිරීමට මහජනතාව පෙළගැසීම හරහා සිදුවනුයේ ඔවුන් ඔවුන්ගේ හීනමානයේ මානසික අසහනයෙන් තව තවත් පීඩාවට පත්වීමයි. එම නිසා අංශු මාත්‍රයක් හෝ නිරෝගීව රාජ්‍ය කරගෙන යාමට නම් අපි හැකිතාක් රාජපක්ෂවරුන්ට සිය පාරම්පරික රාජ්‍ය උරුමය පෙන්වීමට සහ ඔවුන්ගේ දේශපාලනික බලවන්තභාවය පෙන්වීමට ඉඩ ලබාදිය යුතුය. එවිට ඔවුන් අවම පීඩනයකින් යුතුව රාජ්‍යය කරගෙන යනු ඇති බව මගේ විශ්වාසයයි.
අනෙක් අතර මල්ලි ජනාධිපති, අයියා අගමැති සහ පවුලේ සාමාජිකයින් දේශපාලනයේ ප්‍රමුඛ ආයතන ගණනාවක සිටින කල්හි, පවුලේ ප්‍රදර්ශණාත්මකභාවයෙන් තොරවූ රාජ්‍ය පාලනයක් ගැන කතා කිරීම යනු මරදානේ ගණිකාවකගෙන් කන්‍යාභාවය බලාපොරොත්තු වීම වැනි දෙයකි. මරදානේ ගණිකාවන් ගැන කතා කිරීම නිෂ්පල වන්නේ යම්සේද, රාජපක්ෂවරුන්ගේ ප්‍රදර්ශණාත්මකභාවය ගැන කතා කිරීමද එතරම්ම නිශ්පලය.
(මෙම ලිපිය බලය සහ පවුල් දේශපාලනය පිළිබදව සරළ විග්‍රහයකි. එය මගේ දීර්ඝකාලීන කියවීම් සහ ස්ව අධ්‍යනයන් මත පදනම්ව තිබේ. මහින්ද රාජපක්ෂ මහතා හෝ රාජපක්ෂ පවුල කෙරෙහි ද්වේශ සහගතව අපහාස කිරීමේ අරමුණින් මෙම ලිපියේ කිසිදු කොටසක් මා ලියා නැත. එමනිසා කරුණාකර මගේ මතය ප්‍රකාශ කිරීමට ඇති අයිතියට හානි නොකරන ලෙස ඉල්ලා සිටිමි.)