රී ලංකාවේ බොහෝ දෙනෙකු දාර්ශණික සහ තාර්කිකමය දුගීභාවයකින් පෙළෙති. මේ රටේ 99%ක්ම බොරු දේශප්‍රේමයක සහ බොරු ආගමික ශ්‍රද්ධාවක සාඩම්බර ඔටස්කරුවන් බවට පත්ව සිටියි. දූපත් රාජ්‍යයක වෙසෙන සිය බේබදු, කම්මැලි ජාතියේ පරිහානියේ වරද ඔවුන් කා පිටහෝ පටවති. ඔවුන් එය සුද්දන්ට, දෙමළුන්ට සහ තම්බින්ට පටවා ඒ සුදු අධිරාජ්‍යවාදීන්ගෙන්, දෙමලුන්ගෙන් සහ තම්බින්ගෙන් ඔවුන්ව ගලවා ගැනීමට එන රජෙකු ගැන සිහින මවති. වසර ගණනාවක් දූපතක සිටීම හේතුකොටගෙන ඔවුන් ලෝකයට බොහෝ බියය. මුලු ලෝකයම ඔවුන්ව යටත් කරගැනීමට සහ රුවන්වැලි සෑය, සීගිරිය, දළදාව, බුද්ධාගම සහ සංස්කෘතිය පැහැරගැනීමේ විශාල කුමන්ත්‍රණයක සිරවී සිටින බවට ඔවුන් දැඩිව විශ්වාස කරති. ඔවුන්ව මෙහෙයවන්නේ ඒ බියයි. ඒ බිය හදුනාගන්නා තැනැත්තා ඒ බියට පිළියම ලෙස තමාව පෙන්වන අතර පෙරකී බිය නිසාම ජනතාව ඔහුව දේවත්වයෙන් වැළඳගනී. රාජපක්ෂ " රෝයල් ෆැමිලි" මානසිකත්වය හමුවේ ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ අනුගතවීම පසුපස ඇති සත්‍ය ස්වරූපය එයයි. මේ පිළිබඳව දීර්ඝ විග්‍රහයක් සිදුකල හැකි වුවද එය තාර්කිකව අවබෝධ කරගත හැකි පිරිස මේ වනවිටත් එය අවබෝධ කරගෙන ඇති බැවින් එය ලිවීමෙන් පලක් නැත.
fatta atta katawa!