රාජසිංහ රජුට අන්තිමට මොකද වුණේ ? 1 කොටස
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා
ලංකාවේ රාජාවලියේ අන්තිම රජතුමා එහෙමත් නැත්නම් කන්ද උඩරට තිබුණු ලංකාවේ අන්තිම රාජධානියේ අන්තිම රජතුමා වුණේ නායක්කර් වංශික ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. රජතුමාගේ පසුබිම සම්බන්ධව කෙටියෙන් කතා කළොත් රජතුමාගේ මුල් නම වුණේ කන්නසාමි. මේ කුමාරයාගේ මව රාජාධිරාජසිංහ රජතුමාගේ නායක්කර් බිසවකගේ සහෝදරියක් වුණු සිරියම්මාලු. පියා වුණේ රජ වාසළ දූතයෙක් විදිහට සේවයේ නියැලුණු වෙන්කඩ පෙරුමාල් ස්වාමි.
කෙසේ නමුත් තමන්ගේ ස්වාමියා මිය ගියාට පස්සේ කන්නසාමිගේ මව රාජාධි රාජසිංහ රජු සමඟත් ඒ වගේම රජතුමාගේ පල්ලේ ගම්පහ අදිකාරම් හෙවත් පළමුවෙනි අදිකාරම්වරයා වුණු පිළිමතලාවේ සමඟත් අනියම් සබඳතාවක් පැවැත්වූ බවයි කියවෙන්නේ. මේ සම්බන්ධයෙන් උපන් දරුවා වුණේ කන්නසාමි.

පිළිමතලාවේ අදිකාරම්
රාජාධිරාජසිංහ රජතුමා මේ දරුවා තමන්ගේ බව සිතුවත් සැබවින්ම මේ දරුවාගේ පියා වුණේ පිළිමතලාවේ අදිකාරම් බවයි කියවෙන්නේ. කෙසේ නමුත් පසුව සිදුවුනු කුමන්ත්‍රණයක් මත රාජාධිරාජසිංහ රජතුමා මියයන අතරම පිළිමතලාවේ අදිකාරම්වරයා උපායශීලීව ඒ වනවිට රාජ්‍යත්වයට උරුමකම් කීමට සිටි අග බිසවගේ සහ තවත් බිසෝවරුන් දෙදෙනෙකුගේම සොයුරා වුණු මුත්තුසාමි පලවා හැර කන්නසාමිට රජකම ලබාදීමට සමත් වෙනවා.
ඒ අනුව වයස අවුරුදු 18 ක් වුණු කන්නසාමි ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් 1798 දී රාජ්‍යත්වයට පත් වෙනවා.
කෙසේ නමුත් වසර 17 ක් පමණ කාලයක් පාලනය ගෙන ගිය ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ සමය තුළ රජතුමාගේ කෲරත්වය ඉස්මතු වෙන ක්‍රියාකාරකම් කීපයක්ම සිදුවුණා. ඒ අතරින් සුවිශේෂී සිද්ධිය වෙන්නේ ඇහැළේපොළ මහ නිළමේතුමාගේ පවුලේ අයව ඝාතනය කළ සිදුවීම.
ශ්‍රී වික්‍රම රාජසිංහ රජු සහ රදළ නායකයන්
ඒ සිදුවීම් හැරුනාම වරින් වර එල්ල වුණු ඉංග්‍රීසි ආක්‍රමණයන් කීපයකුත් මේ කාලේ සිද්ධ වුණා. එක් අවස්ථාවක ඉංග්රීසින්ගේ උදව් ලබාගත්තු මුත්තුසාමි කුමාරයා 1803 මාර්තු මාසයේ සෙංකඩගල අල්ලාගෙන සිහසුනට පත් වුණත් ටික කලකින් නැවත වරක් පසු බසින්න සිද්ධ වුණා. මේ විදිහට ගෙවුණු ශ්‍රී වික්‍රම රාජසිංහ යුගය අවසන් වෙන්නේ 1814 දී ඉංග්‍රීසින් දියත් කළ උඩරට ඇල්ලීමේ සංග්‍රාමය හරහා
මීට පෙර උඩරට ඇල්ලීමට ගිය පෘතුගීසි, ලන්දේසි වගේම ඉංග්‍රීසි සේනාවන්ට නොතිබුණු වාසි සහගත තත්ව රැසක්ම මෙවර හිමිවෙලා තිබුණා. විශේෂයෙන්ම උඩරට රජතුමා කෙරෙහි තිබුණු රදළ සහ මහජන පක්ෂපාතීත්වය ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගෙන් ගිලිහිලා තිබුනේ. රජතුමාගේ අදිකාරම්වරු දෙදෙනෙක් වුණු ඇහැළේපොළ සහ මොල්ලිගොඩ අදිකාරම්වරු මේ යුධ ප්‍රයාණයට සම්බන්ධ වුනා වගේම සියලුම යුධ රහස් ඉංග්‍රීසින්ට ලබාදෙන්න කටයුතු කරලා තිබුණේ.
මෙවන් වූ තත්වයක් හමුවේ ලේ වැගිරීම් හැකිතාක් අඩුවෙන් සිදු කරමින් 1815 පෙබරවාරි මාසය වෙද්දී ඉංග්‍රීසින් සෙංකඩගල ආසන්නයටම පැමිණිලා හිටියේ. පෙබරවාරි 11 රජතුමා සෙංකඩගල අතහැර පලා ගියා කියන ආරංචිය ඉංග්‍රීසීන්ට ලැබීමත් එක්කම තමන්ගේ කටයුතු ඔවුන් ඉක්මන් කරනවා. ඒ අනුව 1815 පෙබරවාරි 14 වෙනිදා මේජර් මොෆට් යටතේ පැමිණි ඉංග්‍රීසීන්ගේ දෙවෙනි බල ඇණිය වැසියන් අත් හැර දමා ගොස් පාළු වී තිබුණු කන්ද උඩරට රාජධානියේ අගනුවර වුනු සෙංකඩගල නගරය අල්ලා ගන්න සමත් වෙනවා.
සෙංකඩගල රජ මාළිගය
කෙසේ නමුත් රජතුමාව අල්ලා ගන්නා තෙක් සටන අවසන් නොවන නිසා ඉංග්‍රීසින් ඒ ගැන අවදානය යොමු කරනවා. ඒ යටතේ රජතුමා ඌවට පලායෑම වළක්වන්න කටයුතු යොදන ගමන්ම රජතුමා ඉන්නවා කියලා සැක කරපු දුම්බර ප්‍රදේශයට ජෝන් ඩොයිලි සහ ඇහැළේපොල මහ නිළමේගේ මූලිකත්වයෙන් භට කණ්ඩායම් පෙබරවාරි 16 වෙනිදා පිටත් කරන්න ඉංග්‍රීසින් කටයුතු කරනවා.
ඉංග්‍රීසීන්ගේ උඩරට ආක්‍රමණය ආරංචී වීමත් එක්කම ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රාජ කකුධ භාණ්ඩ, සිංහාසනය ඇතුළු වටිනා භාණ්ඩ දුම්බර පොද්දල්ගොඩ කඩතුරා ලෙනේ වගේම තවත් ආරක්ෂිත ස්ථානවලට පිටත් කරනවා.
ඊට පස්සේ බිසෝවරුන් සහ හිතවත් සේවකයන් පිරිසක් එක්ක උඩු දුම්බර තිබෙන ආපදා අවස්ථාවලදී රජවරුන් භාවිතා කරන ගල් ලෙනකට පිටත් වෙනවා. මේ ලෙන අද හුන්නස්ගිරි නගරාසන්නයේ තියෙන ගලේ නුවර කන්දේ තිබෙනවා කියලයි කියන්නේ.
කොහොම නමුත් මේ අවස්ථාවේ රජතුමා ගල් ගුහාව අසළට ගිහින් තල් අත්ත ඇල්ලුවත් පලක් වෙන්නේ නැහැ. රජතුමා ඇහැලේපොළ පවුල ඝාතනය කිරීම නිසා දේව කෝපයෙන් වතුර පහර සැර වැඩිවුනු බවයි කියවෙන්නේ. ඒ නිසා රජතුමා තීරණය කරනවා මහවැලි ගඟෙන් එගොඩ දියතලා කඳු පංතියේ තිබුණු ගල උඩ බලකොටුවට යන්න. ඒත් රෑ බෝවීම වගේම වර්ෂාවක් ඇතිවීම නිසා බෝමුරේ ගල්ලැහැවත්තේ උඩුපිටියේ ආරච්චිලගේ නිවෙසට රජතුමා පැමිණෙනවා.
රජතුමා භාවිතා කළ තුවක්කුවක්

රජතුමා ඇතුළු පිරිසව ගෞරවයෙන් පිළිගන්න උඩුපිටියේ ආරච්චිල රජතුමා ඇතුළු පිරිසට හැකි පමණින් සත්කාර කරනවා. පසුවදා උදෑසන රජතුමා ගල උඩ බලකොටුවට යන්න සූදානම් වුණත් ඉංග්‍රීසින් මේ ප්‍රදේශයට පැමිණි ආරංචිය දැනගත්තු උඩුපිටියේ ආරච්චිල රජතුමාව ඒ බව දැනුම් දීමත් එක්ක රජතුමා ඒ දවසෙත් බෝමුරේ නතර වෙන්න තීරණය කරනවා.
රජතුමා සොයාගෙන බෝමුරේට ආපු එක්නැලිගොඩ නිළමේ ඇතුළු පිරිසට දකින්න හම්බවෙන්නේ පාලුවට ගිය බෝමුරේ ගම. ගමේ මිනිස්සු ආරක්ෂාවට කැළෑ හැංගිලා ඉන්නේ. මේ වෙලාවේ කැළෑවේ හැංගෙන්න යමින් හිටිය කොලු ගැටයෙක් මේ පිරිස දැකලා පැනලා දුවද්දී අල්ලා ගන්න එක්නැලිගොඩගේ කණ්ඩායම සමත් වෙනවා. ඒ කොලු ගැටයා බයට පත් වෙලා කියනවා
"අනේ හාමුදුරුවනේ, මා මරන්න එපා, දෙවියන් වහන්සේ සැඟවී සිටින ස්ථානය මම පෙන්වන්නම්" කියලා
තමන් ආපු කාර්යය සාර්ථකයි කියලා වටහා ගත්තු එක්නැලිගොඩ සතුටට පත්වෙලා ලණුවකින් කොලු ගැටයාගේ ඉණ බැඳලා අරගෙන යනවා "හා ඉතින් දෙවියන් වහනසේ ඉන්නා තැන පෙන්නාපිය" කියලා
කොලුවා උඩුපිටියේ ආරච්චිලගේ ගේ ගාවට ඇවිත් "මෙන්න මේ ගෙයි ඇතුළේ දෙවියන් වහන්සේ ඉන්නවාය" කියලා කියනවා.
කොලුවාට යන්න හරින එක්නැලිගොඩ ගේ වටේට රැකවල් දාලා ගේ ගාවට යද්දී දකිනවා උඩුපිටියේ ආරච්චිල හෙල්ලක් අතේ තියන් දොර අබියස මුර කරනවා.
එක්නැලිගොඩ දැක්ක උඩුපිටියේ ආරච්චිල උපහසාත්මකව අහනවා "එක්නැලිගොඩ නිළමේ කාලෙකින් මේ පැත්තේ මොකදැ" කියලා.
"ඔහේලාගේ සැප දුක් බලාගෙන යන්න ආවා නොවැ" කියලා උපහාසාත්මකව පිළිතුරු දීපු එක්නැලිගොඩ තවත් ඉස්සරහට යද්දී රාජපාක්ෂික භාවය නිසා උඩුපිටියේ රජතුමාව ගලවා ගන්නා අදහසින් එක්නැලිගොඩට හෙල්ලෙන් අනිනවා.
ඒත් එක්නැලිගොඩ පස්සට ගිහින් බේරෙනවා. අවසානයේදී හේවායෙක්ගේ කඩු පහරින් උඩුපිටියේ ආරච්චිල රජතුමා වෙනුවෙන් ජීවිතේ පූජා කරනවා.
තවත් තැනක සඳහන් වෙන්නේ දොරටුව අබියස සැතපෙන ගෙයි අප්පුහාමි කෙනෙක් සිටිය බවත් එයා එක්නැලිගොඩට හෙල්ලෙන් ඇන්නත් ඒක අසාර්ථක වෙන නිසා ඊට පස්සේ ඒ අප්පුහාමිව අල්ලා ගන්නවා කියලා.
පස්සේ දොර අරින්න කියලා එක්නැලිගොඩ නියම කළත් දොර රජතුමා අරින්නේ නැහැ. ඒත් රජතුමා ජනේලයකින් රිදී ආලේපිත තුවක්කු තුනකුත්, කිණිසි දෙකකුත් පිටතට දානවා. ඒත් රාජ්‍ය සංකේතය වුණු රන් කඩුව දෙන්නේ නැහැ.

ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමාගේ කඩු කස්ථාන
ඒක නිසා එක්නැලිගොඩගේ නියමයෙන් වංගෙඩියක් ආධාරයෙන් දොර කඩා දැම්ම මේ පිරිස ගේ ඇතුලට කඩා පනිනවා. ඇතුළේ ස්වර්ණාභරයෙන් සැරසුණු රජතුමා, අග බිසව සහ තවත් එක් බිසවක් ඉන්නවා.
තමන් අල්ලන්න එන පිරිස දැක්කාම රජතුමා රාජ තේජසින් කියනවා "තොපගේ රජ්ජුරුවන්ගේ ඇඟට අත නොතබවු" කියලා
රාජකීය සිරිත් විරිත් අනුව රජතුමාගේ ඇඟට අත තියෙන්න හැමෝටම පුලුවන්කමක් නැහැ. දියවඩන නිළමේ සහ සළුවඩන නිළමේ, රාජකීය වෛද්‍යවරයා වගේ කීප දෙනෙක්ට විතරයි රජතුමාගේ ඇඟට අත තියන්න පුලුවන්. දැන් අහන්න එපා අග බිසවටයි අනෙක් බිසෝවරුන්ටයිත් රජතුමාගේ ඇඟට අත තියන්න බැරිද කියලා
රජතුමාගේ අවසරයක් නැතුව රජතුමාගේ ඇඟට අත තැබීම වරදක් විදිහට සැලකුණා වගේම සමහර වෙලාවට ඒ නිසා මරණීය දණ්ඩනය පවා හිමිවුණු මිනිස්සු ඉන්නවා. අහලා ඇතිනේ II රාජසිංහ රජතුමා ගැන කතාව
ආයි කතාවට ආවොත් රජතුමාගේ මේ කතාවෙන් භය වුණු පිරිස පස්සට ගියත් පස්සේ එක්නැලිගොඩගේ අණින් මේ පිරිස ඉස්සරහට යනවා. පළමුවෙන්ම ගිය වැලි අංගා කියන මනුස්සයාගේ කතාව මම කලින් කතාවෙන් කිව්වනේ.
රජතුමා ඇතුළු පිරිසගේ ඇඳුම් ඉරා දමලා ස්වර්ණාභරණ ගලවාගන්න මේ පිරිස කටයුතු කරනවා. මේ විදිහට වස්ත්රාභරණ ගලවා ගනිද්දී රජතුමාගේ සහ අග බිසව වුණු වෙන්කත රංගම්මාල් බිසවගේ ලේ තැවරුනු වස්ත්‍ර ගන්න කිරිපෝරුවේ මොහොට්ටාල ඒවා තමන්ගේ නිවසේ පෙට්ටගමක ප්‍රවේශමට තබනවා. පසු කාලීනව ඒ පරපුරේ සාමාජිකයන් ඒවා 1941 දී කොළඹ ජාතික කෞතුකාගාරයට භාර දෙන්න කටයුතු කරනවා.

දැනට කොළඹ සහ මහනුවර ජාතික කෞතුකාගාරවල තබා ඇති රජතුමාගේ වස්ත්‍ර කීපයක්
රජතුමා සහ පිරිස පත්වෙලා හිටිය තත්වය විස්තර කරන ඉංග්රීසින්ගේ ප්‍රධාන භාෂා පරිවර්තකයා වුණු දොන් විලියම් ඒඩ්‍රියන් ඩයස් බණ්ඩාරනායක මුදලි කියන්නේ තමන් ගෙයි ඇතුළේ හිටිය බිසෝවරුන්ට "අම්මාවරුන්" ලෙස ගෞරවයෙන් කතා කරලා පිටතට කැඳවා ගත්තා කියලා.
ඇඳුම් ඉරා දමලා කන් පෙති ඉරලා කර්ණාභරණ ගලවා ගත්තු නිසා කන් පෙතිවලින් ලේ ගලමින් හිටිය බිසෝවරුන් "අනේ අප බේරගන්න" කියමින් එළියට ඇවිත් තියෙනවා. ඔවුන් හිටිය ආකාරය ඩයස් මුදලි දක්වන්නේ "හරියට ගෙල කඩා දමන ලද කිකිළියන් වගේ" කියලා.
මේ තුවාලවලට ඖෂධ කොළ වර්ගයක් තියලා ඉඹුලන්වල ආරච්චි ලවා ප්‍රතිකාර කරන්න ඩයස් මුදලි කටයුතු කරනවා. වස්ත්රාභරණ කොල්ල කාපු පිරිස රජතුමා ඇතුළු පිරිසට විලි වසාගන්න වියතක් පමණ වුණු රෙදි කැබලි දීලා තිබුණේ
රජතුමා බිම පෙරළා ගෙන හිටිය සිංහල සෙබළු රජතුමාට පහර දෙමින් කෙළ ගසමින් අපහාස කරමින් සිටියා කියල තමා කියවෙන්නේ. මේ අවස්ථාවේදී එක්නැලිගොඩ තමන්ගේ මිනිස්සුන්ට අණ කරනවා "වැල් පටක් කඩාගෙන ඇවිත් මේ ඌරා බැඳ ඇඳ ගෙනයව්" කියලා.
ඒ වගේම නොයෙක් විදිහට රජතුමාට අපහාස කරන්න ඔහු පටන් ගන්නවා.
මේ තත්වය ඉවසා ගත නොහැකි වුණු ඩයස් මුදලි කියනවා "අවසාන පැය දක්වා ඔබේ මිනිසුන් මේ රජුට පියෙකුට මෙන්, දෙවි කෙනෙකුට මෙන් ගරු බුහුමන් දැක්වූවා. අපේ වර්ගයා නම් බොහෝ කලකට පෙර විදේශ ආධිපත්‍යයට යටත් වූ නිසා අපි රජුට එවන් ගෞරවයක් පෙන්වූයේ නැහැ"
කියලා තමන්ගේ විරෝධය දක්වලා ඊට පස්සේ කියනවා
"දැන් රජතුමා අත් අඩංගුවට අරගෙන තිබෙන නිසා අවශ්‍ය වෙන්නේ ඔහුට අපහාස කිරීම නෙවෙයි, ආරක්ෂා සහිතව රැගෙන යාමයි. ඇයි මේ වැල් පටින් බැඳ රජුට අවමාන කරන්නේ" කියලා
පස්සේ රජතුමාට විළි වසාගන්න තමන්ගේ සළුව ඩයස් මුදලි විසින් ලබාදෙනවා. ඒත් එක්නැලිගොඩ ඩයස්ටත් කෝපයෙන් බැණ වැදිලා කියන්නේ තමන්ට කාගේවත් උපදෙස් අනවශ්‍ය බවයි. පස්සේ එක්නැලිගොඩගේ අණින් රජතුමාව වැල් පටින් බැඳ දාලා රජතුමාට ඇවිදගෙන යන්න අපහසු වුණු නිසා බිම දිගේ ඇදගෙන යනවා.

රජු අත් අඩංගුවට ගත් බෝමුරේ පිහිටුවා ඇති ස්මාරකය
මේ ශෝචනීය තත්වය ඉවසාගන්න බැරිවුණු ඩයස් මුදලි ජෝන් ඩොයිලිට හදිසි පණිඩියක් යවමින් දෝළාවක් සහ ඇඳුම් පැළඳුම් අරගෙන වහාම එන්න කියලා ඉල්ලා සිටිනවා. පැයකුත් විනාඩි 20 ක් ඇතුළත හමුදා භටයන් පිරිසක් මේජර් හාඩි සහ හූක්ගේ නායකත්වයෙන් පැමිණෙනවා.
හිස්වැසුම් ගලවලා රජතුමාට ආචාර කරන මේජර්වරුන් දෙදෙනාගේ නියෝගයෙන් ඉංග්‍රීසි සොල්දාදුවන් රජතුමාව බැඳලා තිබුණු බැමිවලින් නිදහස් කරනවා වගේම රජතුමාට පහර දෙන්න ආපු සබරගමුවේ ජනතාව කස පාවිච්චි කරමින් හසුරුවන්නත් කටයුතු කරනවා.
ඩයස් මුදලි කියන විදිහට අඩි 6 ක් පමණ උස දර්ශනීය රූප සොබාවයක් තිබුණු රජතුමාගේ දේහය හැම තැනම තුවාල වෙලා ලේ ගලමින් තිබුණු අතර රජතුමා ඒ අවස්ථාවේ අහනවා "රජෙකුට සැලකිය යුත්තේ මෙසේද?" කියලා.
රජතුමාට ඒ අවස්ථාවේ පිපාසයක් තිබුණු නිසා මිදි යුෂ සහ ජලය මිශ්‍ර කරලා ලබාදෙනවා. බිසෝවරුන්ට රතු වයින් සහ ජලය මිශ්‍ර කරලා ලබාදෙනවා.
පසුව දෝලාකරුවන් පැමිණිය නිසා හදිසියේ එකතු කරගත්තු සුදු ඇඳුම්වලින් රජතුමා ඇතුළු පිරිස සරසවලා සෙංකඩගලට පිටත් කරනවා. රජතුමා දෝලාවට නඟින්න කලින් ඩයස් මුදලිට කියනවා "පුතා, සුද්දන් විසින් නිසැකවම මට මරණීය දණ්ඩනය දෙනු ඇත. එහෙත් බිසෝවරුන්ට අභය දානය දෙනු ඇත. මා නුඹෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට රැකවරණයත්, ආරක්ෂාවත් ලබාදෙනු ලෙසයි" කියලා.
ඒ වෙද්දි හංවැල්ලේ හිටිය රජතුමාගේ මව සහ තවත් බිසෝවරුන් දෙන්නෙක් දෝලා යවලා රජතුමා සිටිය තෙල්දෙණියට කැඳවා ගන්නත් ඉංග්‍රීසින් කටයුතු කරනවා.
මේ ආකාරයෙන් උඩරට අවසන් රජතුමා 1815 පෙබරවාරි 18 වෙනිදා ඉංග්‍රීසීන්ගේ අත් අඩංගුවට පත්වෙනවා.
මේ කතාව තව සෑහෙන දිගයි වගේම රසවත් බලමු අපේ අයගේ ප්‍රතිචාර අනුව දෙවැනි කොටසත් දාන්නම්

උපුටා ගැනීමකි
HTML:
http://aagiyakatha.blogspot.com/2010/07/blog-post_8096.html