හදට සෝ ගිනි කුසට සාගිනි ඉණට වැරහැලි කැබලි එල්ලා
සතුට සැනසුම අහිමි කරලූ අඳුර දිනු කාලය ගිහිල්ලා
නොසිට මැරි මැරි සතුරු පා යට වකුටු වී අතපය අකුල්ලා
නැගිටපල්ලා නැගිටපල්ලා නුඹලගේ වාරය ඇවිල්ලා..."
ජෙප්පො හැමදාම මිනිස්සුන්ට කෙලියෙ ඔයවගේ ලොමුදැහැගැන්වෙන සටන් පාඨ කියල තමයි....මොකද දැන් මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි තත්වයක් උදාවෙලා
තියනවද?නැති දේවල් මවල මිනිස්සුන්ව මුලා කරනව...
ඊට පස්සෙ මිනිස්සුන්ව පාරවල් දිගේ බඩගින්නෙ බඩගාවනව...අර කොටිය ඇවිල්ල බෝම්බ පුපුරවන කොට අහිංසක මිනිස්සුන්ව කපල කොටල මරන කොට ඇටි කෙහෙල් කාපු උගුඩුවො වගේ දත කට පූට්ටු කරගෙන ඉඳල දැන් මිනිස්සු නිදහසේ හුස්ම ගන්න හදන කොට අයිත් හෙනගෙඩියක් පාත් කරන්න හදනව...ඔය කාලකණ්නි නිසා කීදාහක් අනාථ වෙලා තියනවද?රාජ්ය දේපල කොච්චර නාස්ති වෙලා තියනවද?කොල්ලො කීදෙනෙක් උපාධිය නතුව ලතවෙනවද?රට කන්නම ඉපදිච්ච යක්කු...