දූෂිත රාජ්‍ය නිලධාරීන් සම්බන්ධ පැමිණිලි අදාළ ආයතන වල ඉහළට පැමිණිලි කළ විට සිදුවන්නේ, පහළ ඉන්න නිලධාරීන්ට දුරකථනයෙන් කතා කොට කරුණු වසං කිරීමට ඉහළ දැනුවත් කිරීමකි. මෙය මෙසේ දිගින් දිගට සිදු කරන්නන්ට දඬුවම් දෙන්නේ කවදාද? මොවුන්ගේ අන්තර් සම්බන්ධතා පවත්වා ගන්නේ ඔවුන්ගේ අක්‍රමිකතා ඔවුන් ඔවුන්ම යටගසා ගැනීමට උපක්‍රම ලිඛිතව සටහන්ද යොදාමිනි. මෙවන් දූෂිත ක්‍රමයක් හරිගස්සන්න අවංකත්වයක් නොමැති මෙවන්නනන්ට කෙදිනකවත් නොහැක. වරදාන, වරප්‍රසාද බලාපොරොත්තුවෙන් තම පරිපාලන සේවයේම සිටින්නාගේ දූෂණ, අක්‍රමිකතා හෙළිදරව් නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් කවුරුන් හෝ අද හෙටම කඩිනමින් ක්‍රියාත්මක විය යුතුයි. ඇතමුන් ස්ථාන මාරුවීම් ද ලබා ගන්නේ පැරණි අක්‍රමිකතා වසා ගැනීමට උපක්‍රමයක් ලෙසිනි. තවද එසේ මාරුවීමට පෙර නව අසුනට පත්ව එන්නන්ට, ආපසු යටගැසිය යුතු කරුණු පිලිබඳ පෙර දැනුවත් කිරීමද සිදු කරනවාද විය හැක. අක්‍රමිකතා සම්බන්ධයෙන් ඇත්තෙන්ම නිලධාරීන්ගේ දූෂණ, වංචා වලට මිනිසුන්ගේ ලිඛිත/වාචික හඬ නැගීමට කන් නොදෙන මෙවැනි ඉහළට සිටි පහළට සිටින නිලධාරී වළලු වලට එකී වංචා සම්බන්ධ දැනුවත් කිරීම් "බීරි අලින්ට වීනා වැයීමක්" පමණි.
ආණ්ඩුවේ අවංක සිත් ඇත්තන්ගේ අවධානයට!
ආණ්ඩුවේ අවංක සිත් ඇත්තන්ගේ අවධානයට!