රාජ්‍ය පුපුරා යන කල!?

xcorat

Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    රාජ්‍ය පුපුරා යන කල!?

    රාජ්‍ය පුපුරා යන කල!?
    සාලාව හමුදා අවි ගබඩාව පුපුරා ගිනිබත් වුණේ කොහොමද කියල තවම හරියටම කියන්න බැහැ, ඒ ගැන දැන් පරීක්ෂණ පැවැත් වෙනව ලු! සමහරවිට ඔය පරීක්ෂණ වලින් පස්සෙත් ඒ ගැන මොකුත්ම හොයාගන්න බැරි වේවි, එහෙම අභිරහස් කොච්චර නං මේ රටේ තියෙනවද? කොහොම වුණත් මේ තත්වය ඉතාම සංකීර්ණ වට පිටාවකට අදාළයි.
    අපි කැමති වුණත් අකමැති වුණත් අපි පවතින්නෙ 'රාජ්‍ය' ක කොටස් විදිහට, මානව ශිෂ්ටාචාරයම මේ මොහොත වෙනකොට ආකෘතිගත වෙලා තියෙන්නෙ රාජ්‍යයන් විදිහට, විද්‍යාත්මක සමාජවාදී සංවාදය ඇතුළෙ මීට වඩා වෙනස් පාලන ආකෘතියක් ගැන ඉඟි පහළ වුණත් ඒවා ප්‍රායෝගිකව අත්හදා බලන්න විදිහක් නැහැ. එතකොට ලෝකයෙ හැම රටක්ම තම තමන්ගෙ 'රාජ්‍ය' ශක්තිමත්ව පවත්වාගන්න අරගල කරනවා විතරක් නෙවෙයි අනෙක් රාජ්‍යයන් දුර්වල කරල තමන්ට නතු කර ගන්නත් මාන බලනව. වෙළෙඳ පොළ පුළුල් කර ගැනීම සහ සම්පත් කොල්ල කෑම තමයි මෙතැන දි ප්‍රධාන වෙන්නෙ.
    ඔය අතර සමහර රාජ්‍යයන්, අනෙක් සමහර රාජ්‍යයන් බිඳල තවත් රාජ්‍යයන් හදල තමන්ගෙ දේශපාලන අරමුණු ඉටුකරගන්න සැලසුම් දියත් කරනව. අන්න ඒ වගෙ ක්‍රියාන්විතයකට තමයි ලංකාවත් මේ වෙනකොට ගොදුරු වෙමින් තියෙන්නෙ.
    මෙතැනදි, රාජ්‍යයක ශක්තිය මැන බලන ප්‍රධාන පරාමිතිය බවට පත්වෙන්නෙ හමුදා ශක්තිය. පාබළ, නාවුක සහ ගුවන්. ලෝකය හොල්ලමින් එක එක කලාප තෝරගෙන ඔය ප්‍රබලයි කියන රටවල් යුද අභ්‍යාස සංදර්ශන පවත්වන්නෙ ඒ නිසාමයි. මේ සංදර්භයට අදාළව, යුද ශක්තියෙන් අතිශය ප්‍රබල බව කියැවුණු එල්.ටී.ටී.ඊ සංවිධානය යුදමය වශයෙන් පරාජය කෙරෙන මොහොතෙ ලංකා රාජ්‍ය ගැන ලෝකයෙ විශේෂ අවධානයක් යොමු වෙනව. විශේෂයෙන්ම ඉන්දියාව කලබල වෙනව. ලෝක ත්‍රස්තවාදය පවත්වාගෙන යන්න උදව් කරන ඇමෙරිකාව සහ තවත් යුරෝපා රටවල් කලබල වෙනව. රාජපක්ෂ පාලනයට එරෙහි Regime Change ක්‍රියාන්විතය දියත් වෙන්නෙ ඒ නිසයි, හැබැයි රාජපක්ෂලා මේ ගැන තවමත් දන්නෙ නැහැ!
    කොහොම හරි මේ මොහොත වෙනකොට ලංකා රාජ්‍ය බෙදුම්වාදී ව්‍යවස්ථා වෙනස්වීමකට සුදානම් වෙනව. රාජ්‍ය බලය හෙවත් හමුදා බලය දුර්වල කෙරෙමින් සහ හෑල්ලු කෙරෙමින් තියෙනව. ලංකා රාජ්‍යයෙ සිංහල බෞද්ධ ව්‍යවස්ථාමය පදනම බිඳින්න හදන්නෙත් ඒ ථේරවාදී බුදු දහම විවිධ ක්‍රමවලට දියකර දාන්න වැඩ සිද්ධ වෙන්නෙත් මේ දේශපාලන ක්‍රියාන්විතයට අදාළවම යි. මෙහි ප්‍රධාන ඒජන්තවරු වෙන්නෙ විවිධ නම් වලින් පෙනී සිටින රාජ්‍ය නොවන සංවිධාන.
    ඉතිං ලංකා රාජ්‍යයට අයත් ප්‍රධාන අවි ගබඩාවක් මෙහෙම හදිසියෙ පුපුරා යන එක සාමාන්‍ය සිද්ධියක් හැටියට ගන්න අමාරුයි, සිදුවන මේ සියල්ල අතර අන්තර් සම්බන්ධයක් තියෙනවද කියන ප්‍රශ්නය මේ මොහොතට අතිශය අදාළ නිසාම ඊට විද්‍යාත්මක පිළිතුරු හොයා ගන්න අපි හැමෝටම ඉතිහාසය බල කරනව!
    CHAPA
     
    • Like
    Reactions: Thoppi_Chaminda

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මහින්දගෙ කාලෙ වගේ ඕනෙ ඕනෙ එකාට වැරැද්ද පටවන්න බෑනෙ, හරියට පරීක්ෂණයක් තියල තීරණය කරයි.
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    13327347_1210999995610766_2286705104159533134_n.jpg
     

    xcorat

    Well-known member
  • Nov 2, 2015
    1,345
    1,238
    113
    Столбовой
    යකඩ වලින්ප් සිමෙන්ති වලින් කරන සoවර්ධනයෙන් කිසි වැඩක් නැහලු . ඒවයින් තැලුනු සිත් හද න්නත් බැරිලු සoහිදීයාව ඒ හරහා ගොඩ නැගෙනනේ නැහලු මේක තමයි අපේ ජනාධිපති තුමා නිතර කියන්නේ ,ඒක නිස සිමෙන්ති, යකඩ මිල පුලුවන් තරම් මිල ඉහල දැමිය යුතුයි , යහපාලන ආන්ඩුව වැඩ නොකරන්න වැඩපිළිවෙළක් හොයනවා එකට දැන් ලෙහෙසිම වචන සෙට් එක තමා දුම්වැටි විරෝධි වැඩපිළිවෙ,පරිසර ආරක්ෂා කිරිම හා වකුගඩු පස්නය වගේ දේවල්,
    එදා D S සේනානායක අගමැතිතුමා ගල්ඔය වියාපරය පොලොන්නරු ගොවිජනපද බිහිකිරීමට මුල් උනා, දීවoගත ගාමිණී දීසානායක මැතිතුමා මහවැලි සoවර්ධන්ය කලා,ලලිත් ඇතුලත්මුදලි මැතිතුමා මහපොල ඇතිකොට වරාය සoවර්ධන්ය කලා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වසර 30ක් තිබු ලෝකයේ දරුනුතම යුද්ධය ඉවරකරලා අධිවේග මාර්ග ඇතිකලා වගේම ඉහළ කොත්මලේ, නොරොච්චෝලේ කරපු නිසා අපේ රට දීයුනු වුනා,
    රට දීයුනු කරපු රටට වැඩ කරපු මිනිස්සුන්ට බැණ බැණ හිටපු නායකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට මඩ ගගා ඔහුන් සිර ගෙවල් වල දමමින් , කයිවාරුවෙන් බොරුවෙන් ලොකු වචන සෙට් එකක් කිය කිය ඔහේ නිකන් සිටිම තමයි යහපාලන ප්‍රථ්පත්තිය ,, හැබැයි දැන් මිනිස්සු ටිකක් ගොනාට අන්දන්න බැරි බව හැම දේනාම තේරුම් ගත්තොත් හොඳයි