රාජ්‍ය මාධ්‍ය ජනාධිපති යටතට පවරා ගැනීමට ය
රාජ්‍ය මාධ්‍ය ජනාධිපති යටතට පවරා ගැනීමට යයි..! ‘කොලේ ඉරාගෙන, ඇඟේ හලාගෙන අඬන්න එපා‘ යි තර්ජනයේ ක්‍රියාව එළියට (ලංකා ඊ නිව්ස් -2017.නොවැ.25, ප.ව.6.30) නුදුරු දිනයකදී රාජ්‍ය මාධ්‍ය සියල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යටතට පවරා ගැනීමට මෛත්‍රී-මහාරාජා කල්ලිය විසින් කුමන්ත්‍රණය කර ඇතැයි ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය අනාවරණය කරයි.
23 දා රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිලේ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු ජනාධිපතිවරයා තම අපාය සහාය ලේකම් ශිරාල් ලක්තිලක සහ මහාරාජා අධිපති කිලී මහාරාජා සමග කරන ලද රහසිගත සාකච්ඡාවකදී මේ සැලසුම පිලිබඳ සාකච්ඡා කර තිබේ.
මධ්‍යම කාරක සභා රැස්වීමෙන් පසු සියලු දෙනා පැජට් පාරේ නිවසින් පිටත්ව යෑමෙන් අනතුරුව විනාඩි 15 කින් අංක AA /017/C දරණ අධි සුඛෝපභෝගී බෙන්ස් රථයෙන් කිලී මහාරාජා පැජට් පාරේ ජනාධිපති නිවසට පැමිණියේ ය. මෙම බෙන්ස් රථයේ පිටුපස වීදුරුව පවා අඳුරු කර තිබූ අතර ඩබල් සයිලන්සර් සහිත එකක් විය.
කිලී මෛත්‍රී ශිරාල් සාකච්ඡාවේ දී එජාපය හුදකලා කොට පහර දීමේ ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයේ දී ප්‍රථමයෙන්ම ජාතික රූපවාහිනිය, අයිටීඑන් රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව සහ ලේක් හවුස් ආයතනය විධායක බලතල ප්‍රකාරව ජනාධිපතිවරයා යටතට පවරා ගත යුතු යැයි යෝජනා කෙරී ඇති අතර ජනාධිපතිවරයා ඊට එකඟතාවය පළ කර තිබේ.
ඊයේ නිකවැරටියේ දී ‘කොලේ ඉරාගෙන, ඇඟේ හලාගෙන අඬන්න එපා‘ යි ජනාධිපතිවරයා තර්ජනය කෙළේ මෙකී ඉදිරි සැලසුම් ප්‍රකාරව ය.
මේ අතර ලංකා ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරු සේවය වැඩි දුරටත් වාර්තා කරන්නේ ජනාධිපතිවරයා පසුගිය 23 දා රාත්‍රී ශ්‍රීලනිප මෛත්‍රී පිලේ මධ්‍යම කාරක සභාව රැස්වෙද්දී ඊට සමගාමීව මහින්ද රාජපක්ෂගේ දේශපාලන තීන්දු ගන්නා කණ්ඩායමද රැස්වූ බවත් දෙපාර්ශවයේ තීන්දු තීරණ ගැන අදහස් හුවමාරු වූ බවත්ය. එහිදී මෛත්‍රී පිල ඉදිරි මැතිවරණයේ දී රාජපක්ෂගේ කණ්ඩායම සමග එක්ව තරඟ කිරීමට තීරණය කිරීමත් එය ක්‍රියාත්මක කිරීමේ දී රාජපක්ෂ පාර්ශවයෙන් ඉදිරිපත් වී ඇති කොන්දේසියක් වන සම්මුති ආණ්ඩුවෙන් ඉවත් වීම පිලිබඳ ජනාධිපති වරයා තීන්දුවක් ගැනීමට සති දෙකක කාලයක් අවශ්‍ය යැයි කෙරුණු සාකච්ඡාවට රාජපක්ෂ පාර්ශවය විසින් සති දෙකක කාලයක් ජනාධිපතිට ලබා දීමටත් එකඟ වී තිබේ.
කෙසේ වෙතත් ඉදිරි සති දෙකේ දී දෙපාර්ශවයේ කොන්දේසි වලට එකිනෙකා නතු කර ගැනීමේ අරමුණින් රාජපක්ෂ පිලේ අය අත් අඩංගුවට ගැනීමත්, අත් අඩංගුවට නොගැනීමත් දෙකම සිදුවිය හැකි අතර විශ්වාස භංග යෝජනා ගෙන ඒමත් ඒවා ඉල්ලා අස්කර ගැනීමත් දෙකම සිදුවිය හැකිය.
මේ අනුව මෛත්‍රී-මහාරාජා-රාජපක්ෂ කල්ලියේ පොදු සැලසුම අනෙකක් නොව ප්‍රථම වටයේ දී මෛත්‍රී පිල ආණ්ඩුවෙන් ඉවත්ව රාජපක්ෂගේ ඒකාබද්ධය සමග එක්ව පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකත්වය ලබාගැනීම ය. රාජපක්ෂලා විපක්ෂය මෙහෙයවද්දී මෛත්‍රීපාල සිරිසේන විපක්ෂයේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරමින් එජාප බහුතරය සහිත ආණ්ඩුව ජනතාව අතර අප්‍රසාදයට ලක් කර එය බිඳ දමා යලි තනි ශ්‍රීලනිප ආණ්ඩුවක් හැදීම මොවුන්ගේ සැලසුමය. හොරුන්ට ආණ්ඩු බලයක් නොමැති වීම යනු මාලුවාට වතුර නොමැති වීම වැනිය. සිරිසේන දන්නා යහපාලයකුත් නැත අවශ්‍ය යහපාලනයකුත් නැත. පොදු විපක්ෂයේ කරපිටින් ජනාධිපති වූ දිනට පසුදා සිටම සිරිසේන සිහිනය නම් තනි ශ්‍රීලනිප ආණ්ඩුවක ජනාධිපති වීම ය. නැතිනම් ජනාධිපති වීමෙන් පසු නිර්පාක්ෂික වනවා යයි කී මිනිහා ශ්‍රීලනිප ව්‍යවස්ථාවටත් පටහැනිව ශ්‍රීලනිප නායකත්වය ගන්නේ නැත. (ශ්‍රීලනිප ව්‍යවස්ථාවේ පවතින්නේ ශ්‍රීලනිපයේ අයෙකු ජනාධිපති වුවහොත් ඔහු පක්ෂයේ නායකයා විය යුතු බවයි. නමුත් සිරිසේන ජනාධිපතිවරයා වූයේ ශ්‍රීලනිපයේ අයෙකු ලෙස නොවේ. ශ්රීලනිපය සම්බන්ධ පෙරමුණකින්ද නොවේ. එවිට ඔහු ශ්‍රීලනිපයෙන් නෙරපා හරින ලද පුද්ගලයෙකි. ඒ අනුව ඔහු ජනාධිපති වූවා කියා ශ්‍රීලනිප නායකයා වීම එම පක්ෂයේ ව්‍යවස්ථාවට පවා පටහැනිය. නමුත් කෑදරයෙකු වූ සිරිසේන රාජපක්ෂ දුන් ලණුව තෙල් නොගාම ගිලිමින් ශ්රීලනිපය පාවා දුන් පුද්ගලයා ලෙස සකල විධ ශ්‍රීලනිප සාමාජිකයාගේ වෛරයට පාත්රව සිටියදී එහි නායක කම ලබා ගත්තේ ය. ශ්‍රීලනිපයේ පරාජිත හොරුන් මිනීමරුවන් පසුපස නීචයෙකු මෙන් අද දිනයේ ද සිරිසේනට බඩගාන්නට සිදුව ඇත්තේ තවම දිරවා ගැනීමට නොහැකිවූ එකී රාජපක්ෂ ලණුව නිසා ය. දේශපාලන ගොබ්බයෙකු වූ සිරිසේන තමා ගිල්ල ලණුව දිරවා ගැනීමට ජනවාරි 8 ලක්ෂ 62 කගේ ජනමතයට පයින් ගසා තිබේ.
එජාප-ශ්‍රීලනිප සම්මුති ආණ්ඩු ගිවිසුම වසර 2 කට පමණක් අත්සන් කර ඇති අතර එය වසර 5 ක් දක්වා දිගුකරන බව දෙපාර්ශවය විසින්ම කටින් ප්‍රකාශ කළද ඊට අදාලව ගිවිසුම දිගු කිරීමක් ලිඛිතව අත්සන් කර නැතැයි දැන ගන්නට තිබේ.
කෙසේ වෙතත් සියළු කුමන්ත්‍රණ හමුවේ ඉන්දීය සංචාරයක යෙදුනු අගමැතිවරයාට ඉන්දීය අගමැති මෝදි සහ සෝනියා ගාන්ධි දෙදෙනාගේම සහාය පළ කරන බව ඔවුන් දෙදෙනාම අගමැති වරයා වෙත ප්‍රකාශ කරන ලදැයි අගමැතිවරයාට සම්බන්ධ ආරංචි මාර්ග පවසයි. ඉන්දීය නායකයන් මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සමග ද අදහස් හුවමාරු කරගෙන ඇතැයි දැන ගන්නට තිබේ.