රාජ්‍ය සේවකයා

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83


    රාජ්‍ය සේවකයාට මුලින්ම හිනාවෙන්න පුරුදු කරන්න ඕනෑ – විගණකාධිපති ගාමිණී විජේසිංහ

    රාජ්‍ය සේවයේ පහළොස් ලක්ෂයක් පමණ වන සේවකයන් සියල්ලෝම කොන්ද කෙළින් තබාගෙන වැඩ කරන්නේ නම් රට කණපිට පෙරළීමට වුවද හැකියාව පවතින බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි.

    ඉහළ නිලධාරියකුට හෝ කිසිදු අයකුගේ ‘සුරතලූන් ලෙස’ කටයුතු නොකොට හෘද සාක්ෂියට එකඟව නිවැරදිව රාජකරිය ඉටුකරන ලෙසත් විගණකාධිපතිවරයා කියා සිටියේ බදු ගෙවන ජනතාවට වගවීම සඳහා මුල්‍ය ප‍්‍රකාශන ඉදිරිපත් කිරීමේ වැදගත්කම පිළිබඳ රජයේ විගණන නිලධාරින් වෙත කරුණු දැක්වීම සඳහා කොළඹ දී ඊයේ (06* පැවැත්වූ හමුවේදී ය.

    එහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් මෙසේ අදහස් පළකළේ ය.
    ”රාජ්‍ය සේවකයාට පළමුවෙන්ම හිනාවෙන්න පුරුදු කළ යුතුයි. සේවාලාභියාව දකින්නේ හරියට වෛරක්කාරයෙක් වගේ. නගර සභාවල විශේෂ ලක්ෂණයක් හැටියට මම දකිනවා ‘මොකටද ආවේ? ඇයි?’ වගේ ප‍්‍රශ්න අහනවා. මේ වගේ ආකල්ප රාජ්‍ය සේවකයාගෙන් ගිලිහෙන හැටි දැක්කම ඇතිවෙන්නේ කනගාටුවක්. රාජ්‍ය සේවයට වඩා ක‍්‍රමවේදයේ දුර්වලතා වැඩියි. අපි ගිණුම්වලින් කතා කරන්නේ වියදම් වෙන දේවල් ගැන. නමුත් වියදම් නොවී කරන්න පුළුවන් දේ බොහෝයි. නමුත් අපි විසින් එ්වා ඉවත් කරගෙන. රාජ්‍ය සේවය ශක්තිමත් කරන්න නම් පළමුවෙන්ම කළ යුත්තේ රාජ්‍ය සේවකයන්ගේ ආකල්ප වෙනස් කිරීමයි.

    කොළඹ මහ නගර සභාව කියන්නේ නගර සභාවලින් ලොකුම මහ නගර සභාවයි. මෙම සභාවේත් ප‍්‍රශ්න ගොඩක් තිබෙනවා. අඩුපාඩුවලට සමාවදීමෙන් රාජ්‍ය සේවය ගොඩගන්න පුළුවන් කියලා මම විශ්වාස කරන්නේ නෑ. නමුත් තම ආයතවල යම් යම් මුල්‍ය අඩුපාඩු ආදිය සිදුවෙලා තියෙනවා නම්, එ් වැරදිවලට අපි අපිටම යම් යම් හේතු දීලා සමාව දීගන්න හිතනවා නම් රාජ්‍ය සේවය ගොඩගන්න බෑ. ලංකාවේ නගර සභා පද්ධතිය දිහා බැලූවම අපි දකිනවා අඩුපාඩු දේශපාලන අධිකාරියට දීලා වැරදි වහගන්න හදනවා. මම කියන්නේ රාජ්‍ය සේවයේ 15,00,000ක් කොන්ද කෙළින් තියාගෙන වැඩ කරනවා නම් මේ රට අනිත් පැත්ත හරවන්න පුළුවන්. ලබන ආත්මෙත් මනුෂ්‍ය ආත්මයක් ලබාගන්න ඕනෙ නම් රාජ්‍ය සේවයේ මේ ගතකරන කාලය හොඳ සේවයක් සලසලා පිං කරගන්න. තමන් හෘද සාක්ෂියට අනුව වැඩ කරනවා නම් බයවෙන්න කිසිම හේතුවක් නෑ. ලොකු නිලධාරියෙක් යම් අවස්ථාවකදී මට කිව්වා විගණකාධිපතිතුමා, ‘මේ රටේ රාජ්‍ය සේවය ඔළුවට ගන්නවා නම් විගණකාධිපතිවරයෙක් අපි ගැන පරිස්සමෙන් බලන් ඉන්නවා. මේ රටේ අධිකරණ පද්ධතියක් තියෙනවා. කවදහරි අපිට අධිකරණය පස්සේ යන්න වෙයි කියලා. තමන්ට හෘද සාක්ෂියක් කියලා එකක් තියෙනවා. එ්කට අනුව වැඩ කරනවා නම් කාටවත් බය වෙන්න ඕනේ නෑ’ කියලා.

    මමත් එ්ක එ් ආකාරයෙන්ම පිළිගන්නවා. අපි වටු කුරුලූ ?නක් වගේ තම ආයතනය ගොඩගන්න ඕනේ කියලා හිතනවා නම් ඔබට (රාජ්‍ය විගණන නිලධාරීන්* විගණකාධිපතිවරයාගෙන් හොඳම මතයක් ලබාගන්න පුළුවන්. විගණකාධිපති දෙපාර්තමේන්තුව රට තුළ යහපාලනය ගොඩනගා ගැනීම සඳහා සම්පූර්ණයෙන්ම නියැළී ඉන්නවා. එ් වගේම එ් සඳහා නියමිත ක‍්‍රමවේදයට ආයතන තල්ලූ කිරීමේ නියැළී ඉන්නවා.

    ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 19 සංශෝධනයෙන් විගණාධිපතිවරයා සම්බන්ධ කොටසේ සුළු වෙනසක් කරලා තිබෙනවා. නමුත් මේ සුළු වෙනස විශාල ලෙස බලපානවා. මීට කලින් ව්‍යවස්ථා මගින් සලසා තිබුණේ විගණකාධිපතිවරයාට ගිණුම් පරීක්ෂා කිරීමේ බලය පමණයි. ගිණුම් ඇතුළුව ආයතන පරීක්ෂා කිරීමට බලය ලබාදීම මගින් ආරක්ෂක පද්ධතිය පවා විගණකාධිපති යටතට දාන්න පුළුවන්කම තිබෙනවා. මේ වෙනස තමයි අද මේ ආන්දෝලනයට භාජනය වෙලා තියෙන්නේ.

    පුද්ගලයකුට එක්වරක් වරදක් වුණා කියන්න පුළුවන්. නමුත් දෙවරක් වන්නේ නම් එය ඔහුගේ තෝරාගැනීමයි. අපිට පඩි මදි එ් නිසා පොඩි පොඩි වැරදි කරනවා කියලා කියයි.

    එ්ක හොඳ දෙයක් නෙවෙයි. රාජ්‍ය සේවකයා එහෙම හිතුවොත් කිසිම රජයකට මේ රට සුඛිත මුදිත කරන්න බැරිවෙනවා. අපි ආනයනය කරලා කාලා ජීවත්වෙන ජාතියක්.

    ආනයනය කරන එ්වා ඔක්කොම එන්නෙත් කොළඹ නගරය හරහා. එ් ආනයනය කරන දේවල්වලින් කොළඹ නගර සභාවත් ප‍්‍රතිලාභ ගන්නවා අපි දන්නවා. කොළඹ නගර සභාව මුළු රටටම අදාළ කොටසක් නිසා තමයි සිංහයෙක් වගේ වැජඹිලා ඉන්නේ.

    ආයතනවල වත්කම් කියන්නේ වගකීමක්. එ් වගකීම ප‍්‍රවේශම් කරලා ඊළඟ පරම්පරාවට භාරදෙන්න රාජ්‍ය සේවකයා හිතට ගත යුතුයි. කොළඹ මහ නගර සභාවෙත් වත්කම් තියෙනවා කිසිම ආදායමක් නැති. එ්වා ආදායම් ලබන තත්ත්වයකට පත්කරන්න.

    කොළඹ පරිසරය ලස්සනට තියාගන්න නැතිනම් මීළඟ සැරේ විගණන වාර්තාව හොඳ නැති වේවි. මොකද පරිසර සංරක්ෂණය ගැන කොටසක් නගර සභා විගණන වාර්තාවට ඇතුළත් වෙලා තියෙනවා. අපේ ඇතැම් අයිතිවාසිකම් අවුරුදු සිය ගණනක් පැරැුණියි.

    අර ඡුන්දෙ දෙන්න අස්සයා පිටින්ද පැමිණිය හැක කියලා තියෙනවා. දැන් අස්සයෝ තියා පෝනියෙක් හොයාගන්නත් පුදුම අමාරුයි. එ් අවුරුදු සිය ගාණක් තිස්සේ වෙනස් නොකර අද කාලයට ගැළපෙන්න යාවත්කාලීන නොකිරීමේ විපාක. අපි හැමදාම අඳුරට බැණ බැණ ඉන්නවා පහනක් පත්තු කරන්න උත්සහ කරන්නේ නැතුව.

    පහුගිය දවසක අපි දැනගත්තා එක් නගර සභාවක් මස් කඬේකින් කාලයක් තිස්සේ වරිපනම් අයකරගෙන නෑ. අපි කිව්වා ගන්න කියලා. පස්සේ සභාපතිවරයා එක්ක කතාකරද්දී මට තේරුණා මස් කඩෙන් මුදල් එකතු කරගෙන. නමුත් එ්ක තියෙන්නේ සභාපතිගේ සාක්කුවේ කියලා. මම කිව්වා කොහොමහරි සල්ලි ටික එකතු කරලා දෙන්න නැත්නම් මම විගණන සටහනක් යවනවා ඔබට. ඊළඟ සැරේ නාමයෝජනා ලැබෙන එකක් නෑ මොකද අනිත් පැත්තේ කට්ටිය ඔබට විරුද්ධව පෝස්ටර් ගහවි කියලා. කිව්ව දවසටත් කලින් සල්ලි ටික දාලා තිබුණා. අපිට දැනගන්න ලැබුණා පස්සේ සල්ලි දැම්මේ සභාපතිමයි කියලා.

    රාජ්‍ය සේවයේ 95%ක්ම හොඳයි. ටිකදෙනෙක් ඉන්නවා දුෂිත නිලධාරීන්. එ් අය තමයි රාජ්‍ය සේවය විනාශ කරන්නේ. නීතිය තියෙන්නේ මිනිසුන්ට සේවය කරන්න මිස හිංසා කරන්න නෙවෙයි. නෑ බෑ කියන්න නෙවෙයි. සමහරු ඉහළ නිලධාරීන්ගේ සුරතල්ලූ වෙනවා. රාජ්‍ය සේවකයන් කරුණාකරලා කාගේවත් සුරතල්ලූ වෙන්න එපා. එහෙම කරන්න ගිහින් තමයි රාජ්‍ය සේවය බල්ලට ගිහින් තියෙන්නේ. කවුරුහරි නීතිය ඉක්මවා යනවා නම් බයනැතුව කතා කරන්න. වැඩිම වුණොත් මාරු කරයි. මාරු කළාම එතැනට ගිහින් වැඩ කරන්න. රාජ්‍ය සේවකයන් කොන්ද කෙළින් තියාගෙන වැඩකරන්න. මම බය නැතුව කතා කරනවා. මොකද මම කරන්නේ යහපාලනයේ මූලධර්ම රැුකීමයි.

    තොරතුරු දැනගැනීමේ පනත කි‍්‍රයාත්මකයි. මම මගේ වෙබ් අඩවිය හොඳට හදාගත්තා වාර්තා ඉක්මනින් ජනතාවට දැනගන්න පුළුවන් පරිදි මුදාහරින්න. කිසිම වාර්තාවක් රහස් වෙන්න බෑ. ජනතාවට දැනගන්නයි එ් පනත ගෙනත් තියෙන්නේ. විගණකාධිපති කොහොමද රහස් තියාගෙන යහපාලනේ කරන්නේ. විගණකාධිපති හැටියට මම කාටවත් හොර ලියුම් ලියන්නේ නෑ. හැමදේම විනිවිදභාවයකින් කරනවා.

    මම දැක්කා එක පුද්ගලයෙක් කියලා තියෙනවා මම මීඩියාවල ඩාලිං වෙලා කියලා. මගේ බිරිඳට හැර මම නම් කාගෙවත් ඩාලිං වෙලා නෑ. මම මීඩියාවල ඉන්න එකත් අද ප‍්‍රශ්නයක් වෙලා.” යැයි විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා කියා සිටියේ ය.

    රාජ්‍ය සේවකයන් සැබැවින්ම සේවය කරනුයේ පැය 4ක් පමණක් බව විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පවසයි. එම කාලය පැය 5ක් දක්වා වැඩිකළහොත් රාජ්‍ය සේවය ගොඩගන්නට හැකි බව හෙතෙම පැවසුවේ කොළඹ නගරාධිපති නිල නිවසේදී ඊයේ (06) රාජ්‍ය සේවා විගණන නිලධාරීන් වෙත zබදු ගෙවන ජනතාවට වගවීම සඳහා මුල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීමේ වැදගත්කම පිළිබඳ කරුණු දැක්වීම සඳහා පැවැති හමුවේ දී ය.

    එහිදී විගණකාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොළඹ මහ නගර සභාවේ සේවකයන් 1000කට වැඩි පිරිසක් නිකම් පඩිගන්නා බවයි.

    එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ විගණකාධිපතිවරයා, —රාජ්‍ය සේවකයන් වැඩකරන්නේ පැය 4යි. හැබැයි පොතේ තියෙනවා උදේට ඇවිත් අත්සන් තැබූ බව. රාජ්‍ය සේවකයන් පැය 5ක් වැඩ කරලා බලන්න. රාජ්‍ය සේවය ගොඩගන්න පුළුවන්.

    සමහර මිනිස්සු රුපියල් 10 වාසියට රටට කෝටියක් අහිමි කරනවා. ඕක තමයි යථාර්ථය. කොළඹ මහනගර සභාවෙත් ඉන්නවා 1000ක් විතර නිකම් පඩිගන්න අය. නැද්ද? නිකම් කියන්නේ පොත්වල අත්සන් කරලා යනවා. මේවා අවුරුදු ගාණක් ආපු සිස්ටම්නේ. අපි මේවා අඩුකරගන්න ඕනේ. නගර සභාවටත් කුණු බිස්නස් එකක් වෙලා. නෑ කියනවද. නෑ කියනවා නම් ඔප්පු කරලා පෙන්වන්න.

    නගර සභා විසින් තම තමන්ගේ කුණු ප්‍රශ්නේ විසඳා නොගත්තොත් තම තමන්ගේ කුණු එළියට එවි.˜

    මේ අතර වසර 43කට පසුව කොළඹ මහ නගර සභාව සම්බන්ධයෙන් විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් යහපත් විගණන මතයක් ඉදිරිපත් කොට ඇතැයි කොළඹ නාගරික කොමසාරිස් වී.කේ. අනුර මහතා පැවැසීය.

    මෙවැනි යහපත් විගණන මතයක් කොළඹ මහ නගර සභාවට අවසන් වරට ලැබී තිබුණේ 1974 දී ය.

    කොළඹ මහනගර සභාවේ ආදායම් උපයාගැනීම, වියදම් කිරීම නිසි කලට වේලාවට ඉටුකිරීම සම්බන්ධයෙන් මෙම තත්වාගණන විගණන මතයක් ප්‍රකාශයට පත්කර ඇත. මෙම අවස්ථාවට සහභාගි වූ සහකාර විගණකාධිපතිනි ඩී.ප්‍රේමලතා මහත්මිය පැවසුවේ කොළඹ මහ නගර සභාව 50%ක පමණ ප්‍රගතියක් පමණක් අත්කරගෙන ඇති බවයි.

    විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සෑම වසරකම සෑම රාජ්‍ය ආයතනයක් සම්බන්ධයෙන් විගණන මතයක් ප්‍රකාශයට පත්කරන අතර මීට පෙර කොළඹ මහ නගර සභාවට ලැබී තිබුණේ ඉතාම අයහපත් සහ මතයක් ප්‍රකාශ කළ නොහැකි මට්ටමේ ප්‍රතිචාරයක් බව නාගරික කොමසාරිස්වරයා පෙන්වා දුන්නේ ය.
    ශ්‍රී ලංකාවේ විශාලතම මහ නගර සභාව වන කොළඹ මහ නගර සභාව 2015 වර්ෂයේ දී කරන ලද පරිපාලන වෙනස්කම් හා කළමනාකරණ වෙනස්කම් මීට හේතුවන්නට ඇතැයි ඔහු කියා සිටියේය.

    මේ අතර මාස 2ක් තුළ කොළොන්නාව කසළ කන්ද පිළිබඳ අර්බුදය විසඳීමට කටයුතු කරන බවත් ඊට දිගුකාලීන විසඳුමක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය ද ලැබී ඇති බවත් නාගරික කොමසාරිස්වරයා ප්‍රකාශ කළේ ය.

    ආයතන 16කින් සමන්විත සේවකයන් 8500ක්, බදු ගෙවිය යුතු ආයතන 1,50,490ක් අයත් වන කොළඹ මහ නගර සභාව කොළඹ සිටින 5,50,000ක ජනතාව හා පිටතින් කොළඹට පැමිණෙන 6,50,000ක් වන ජනතාවට පහසුකම් සැලසීම සඳහා බැඳී සිටියි.

    මෙහි පරිපාලන නිලධාරීන් 32 සිටිය යුතු වුවත් 4 දෙනකු පමණක් සේවය කරන බවත් විගණන නිලධාරීන් 32ක් සිටිය යුතු වුවත් 19 දෙනකු පමණක් සේවය කරන බවත් මෙහිදී අනාවරණය විය.


    ප්‍රබෝධා හෙට්ටිආරච්චි
    උපුටා ගැනීම -රිවිර 2017-02-07
     

    green-007

    Member
    May 2, 2016
    58
    18
    0
    rajayaswaya

    රාජ්‍ය සේවයේ මසක වියදම = 30000X 1500000=45000000000

    රුපියල් ලක්ෂවලින් ( මාසයකට ) = 450,000 ( මේක වැටුප් වියදම විතරයි , අනෙකුත් වියදම එකටුකොරොත් මීට වැඩියි )

    බැදුම්කර පාඩුව මෙච්චර නැ බන් , ලංකාව දියුණු වෙයි කියලා කවුරුහරි විශ්වාස කරනවද ?
     

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    රාජ්‍ය සේවයේ මසක වියදම = 30000X 1500000=45000000000

    රුපියල් ලක්ෂවලින් ( මාසයකට ) = 450,000 ( මේක වැටුප් වියදම විතරයි , අනෙකුත් වියදම එකටුකොරොත් මීට වැඩියි )

    බැදුම්කර පාඩුව මෙච්චර නැ බන් , ලංකාව දියුණු වෙයි කියලා කවුරුහරි විශ්වාස කරනවද ?
    :yes::yes:
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,120
    113
    කුනු ගැන කියලා තියන දේ ඇත්ත, කුනු වලින් කොම්පොස්ට් හදන නගර සභා වලට පොහොර ඉල්ලුමට දෙන්න බැරි වෙලා තියනවා. එචචරට ඩිමාන්ඩ් එකක් තියනවා. තව ටික දවසකින් පිටරට කොම්පනියක් ඇවිත් කුනු ටික නොමිලේ අරගෙන ඒවයින් පොහොර හදලා අපිටම විකුනයි.
     

    BANXSU

    Member
    Jan 29, 2017
    254
    10
    0
    රාජ්‍ය සේවයේ මසක වියදම = 30000X 1500000=45000000000

    රුපියල් ලක්ෂවලින් ( මාසයකට ) = 450,000 ( මේක වැටුප් වියදම විතරයි , අනෙකුත් වියදම එකටුකොරොත් මීට වැඩියි )

    බැදුම්කර පාඩුව මෙච්චර නැ බන් , ලංකාව දියුණු වෙයි කියලා කවුරුහරි විශ්වාස කරනවද ?

    තනි ice කාරයෝ ටික ඕකුන්
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    SL Cricket Coach vacancy එක අපි උදාහරණයකට අරං බලමු.ලංකාවේ දක්ෂ අපේ senior එවුන් කොච්චර ඒකට දැම්මත් අපේ එවුන්ව හදන්න බෑ.සුද්දෙක් කිව්වොත් ඔන්න එක පාරින් කරනවා.සුද්දෙක් ආවොත් වගේ විතරයි අපේ උන් අහන්නේ.ඒ අපේ සමහර උන්ගේ ජන්ම ගති.

    රාජ්‍ය ආයතන වුනත් ගොඩ ගන්න නම් මට පේන්නේ අඩු තරමේ කාලයක් යනකල් වත් පිටරටින් සුද්දෝවත් ගෙනල්ලා රාජ්‍ය ආයතනවල ලොකු පුටුවලට දාන්න වෙයි.අපේ ඉන්න උපාධිධාරී පප්පලාට ඕක කරන්න ඕනෑකම තිබ්බත් අපේ ඉන්න ඇම්බැට්ටයන්ගේ තියෙන attitude හින්දා හදන්න බෑ.පෞද්ගලිකරණය කරන එක එකක් Foreign Management එකක් යටතේ පාලනය කරන එක තව එකක්.ක්‍රිකට් සහ රාජ්‍ය පාලනය කියන්නේ දෙකක්.නමුත් කොන්සෙප්ට් එක සමානයි.